නකලස්‌ රක්‌ෂිතය  කබලෙන් ලිපට වැටෙයි

අප අද මේ කතිකාව ඔස්‌සේ කතා බහ කරන්නට මුල පුරන්නේ ලංකාවේ අපට තිබෙන අග්‍රගන්‍ය ස්‌වාභාවික වන රජ දහනක්‌ මානව ක්‍රියාකාරකම් හමුවේ මුහුණ පාන පාරිසරික ව්‍යසනයක තවත් එක්‌ පැති කඩක්‌ පිළිබඳවය.

ඒ සඳහා මාගේ අවධානය යොමු වූ ස්‌වාභාවික වන රජ දහන වූ කලී නකල්ස්‌ වන රක්‌ෂිතයයි.

ගැඹුරු මහවැලි නිම්නය නිසා මධ්‍ය කඳුකරයෙන් වෙන්ව ශ්‍රී ලංකාවේ ඊසාන දිගට වන්නට පිහිටි උස්‌ කඳුකරය වසා පැතිර සිටින සුවිසල් තුරුලතා වියන අප හඳුන්වන්නේ දුම්බර වනාන්තරය කියාය. මුහුදු මට්‌ටමෙන් මීටර් 900 කට වඩා උස කඳු ශිඛර 35 ක්‌ වර්ග කිලෝ මීටර් 230 ක ප්‍රදේශයක්‌ පුරා පැතිර පවතින නිසාත්, ඒ කඳු මුදුන් හා පහත් මිටියාවත් නිරතුරුව මිහිදුම් සළු සේල වලාවන්ගෙන් වැසී පවතින නිසාත් දුම්බර වනාන්තරය යන විශේෂ නාමය මේ වන රජ දහනට ලැබුණාට සැකයක්‌ නැත....

අති මනරම් භූ දර්ශන වලින් හෙබියා වූ දුම්බර වන්නාතරය තුළ කඳුකර වනාන්තර, උප කඳුකර වනාන්තර, අර්ධ සදාහරිත වනාන්තර, පහත් බිම්, තෘණ භූමි, කුරු වනාන්තර ආදී වන දර්ශ ගණනාවක්‌ම අඩංගු නිසාත් ඒ වන වියනේ ඇති ශාඛ විශේෂ වලින් 39% ක්‌ ම ලංකාවටම ආවේනික දුර්ලභ ශාඛ විශේෂ නිසාත්, එහි ජීවත්වන ලංකාවටම ආවේනික සමනලයන්, උභය ජීවින් මත්ස්‍යයන්, උරගයන් හා පක්‌ෂීන් ගහනයේ විශාලත්වය නිසාත් ලංකාවේ අනෙක්‌ ස්‌වාභාවික වනාන්තර අතර නකල්ස්‌ වන රක්‌ෂිතයට හිමි වන්නේ ප්‍රමුඛස්‌ථානයකි.

එහෙත් මේ මහානර්ග සම්පත අද අපගේම ක්‍රියාකාරකම් හේතුවෙන් ටිකෙන් ටික මිහිමව් තුරුලෙන් ඇකිලී යන බව විශ්වාස කරන්නට ඇතැම් විට ඔබ සූදානම් නැතුවාත් ඇත.

නකල්ස්‌ වන රක්‌ෂිතයට වෛරී වූ මෙම ක්‍රියාකාරකම් අතර අද ප්‍රමුඛස්‌ථානයක්‌ ගන්නේ වසරක්‌ පාසා නොවරදවාම ජුලි අගෝස්‌තු මාසවල ගිනි තැබීම් වලින් සිදුවන වන විනාශයයි.

ලෝකයේ වෙනත් අති විශාල ස්‌වාභාවික වනාන්තරවලමෙන් ස්‌වාභාවිකව ඇතිවන ගිනි අපේ රටේ දක්‌නට ලැබෙන්නේ ඉතාමත්ම දුර්ලභවය. කණගාටුවට කාරණය වී ඇත්තේ නිරතුරුවම අප රටේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ගිනි ගැනීම්ය. මේවා ගිනි ගැනීම් නොව ගිනි තැබීම් ලෙස සෘජුවම හැඳින්වූවාට වරදක්‌ නැති බව මගේ හැඟීමය.

නකල්ස්‌ කඳුකර ප්‍රදේශය ඉතා සතුටුදායක වාර්ෂික වර්ෂාපතනයක්‌ ඇති ප්‍රදේශයක්‌ වන බැවින් අවුරුද්දේ වැඩිම කලායක්‌ පවතින්නේ කඳුකර තෙත් වනාන්තරයක්‌ ලෙසය. එහෙත් ජූලි අගෝස්‌තු මාසවල එළඹෙන අන්තර් මෝසම් වියලි දේශගුණයක්‌ ප්‍රදේශය පුරා හමා යන අධික සුළඟත් හේතුවෙන් නකල්ස්‌ වන රක්‌ෂිතයේ සිසිලස අතුරුදන් වන්නට පටන් ගනියි. සිසිල් සුවදායක බව ඒ වන පෙතින් ඈතට ඈතට ඇදෙන්නට පටන් ගනියි. ගහකොළ පුරා නෙත පිනවමින් වසරේ වැඩි කාලයක්‌ තිස්‌සේ පැවැති නිල්ල අතුරුදහන් වන්නට පටන් ගනියි.

මිනිස්‌ ක්‍රියාකාරකම් රුදුරු රකුසන් ලෙස දත කට විලිස්‌සා මේ මහ වනයට දත නියවන්නට පටන් ගන්නේ ඉන් පසුවය.

නකල්ස්‌ වන රක්‌ෂිතයේ නෙත පිනවන නිල්ලට සිත පිනවන සිසිලසට හා ගත පිනවන සුවදායක පරිසරයට වෛර කරන මිනිස්‌ ක්‍රියාකාරකම් ඇරඹෙන ආකාරය පිළිබඳ අප දැනුවත් කළේ නකල්ස්‌ වන රක්‌ෂිතයට පෙම් බඳින පරිසරවේදියෙක්‌ වූ වෛද්‍ය කාවින්ද අමරසිංහය.

"මේ නකල්ස්‌ වන රක්‌ෂිතය තමන්ගේ ජීවිතය ලෙස සුරකින ජනතාවක්‌ තමයි මේ වනාන්තරය වටේටම ඉන්නෙ. එහෙම අය මේ රක්‌ෂිතය ඇතුලේත් ගම්වල වනය සමග බොහොම සහයෝගයෙන් ජීවත් වෙනවා. ඒ හැමෝටම ඕන මේ වන රක්‌ෂිතය රැක ගන්න. මොකද එයාල දන්නවා වනය රැකුනොත් තමයි තමන්ගේ ජීවිතවල යහ පැවැත්මත් සුරක්‌ෂිත වෙන්නේ.

නමුත් ඔය අතරේ ඉතාම සුළු පිරිසක්‌ ඉන්නවා අර රන් බිජු දමන කිකිලිය ගේ බඩ පළල බිත්තර හොයන ජාතියේ අය. ඒ අයගේ ක්‍රියාකාරකම් නිසා තමයි මේ වනාන්තර වල ජූලි අගෝස්‌තු මාසවල ගිනි ඇතිවෙන්නේ.

ඇයි ඒ උදවිය වනයට ගිනි තබන්නේ.

හේතු කීපයක්‌ තියනවා. එක හේතුවක්‌ තමයි තමන්ගේ හරකුන්ට කන්න නැවුම් තණකොළ ලබා ගන්න. මේ කැලේ ගිනි ගත්තට පස්‌සේ ඊළඟට ලැබෙන වැස්‌සත් එක්‌ක තණකොළ බට ගස්‌ වගේ නැගෙන්න පටන් ගන්නවා. ඒ තණකොළ තමන්ගේ හරකුන්ට ලැබෙනවා. ඊළඟට ඒ තණකොළ කන්න මහ කැලේ ඉඳල එළියට ඇදෙන ගෝන්නු ටික වෙඩි තියා ගන්නවා. ගිනි තබන වෙලාවෙදි ගින්නට බයේ දුවන සත්තු ටිකත් වෙඩි තියා ගන්නවා. ගින්නෙන් යටි වගාව විනාශ වුනාම ලී ටික කපා ගන්නවා. අනෙක්‌ එක තමයි ගිනි තියල කැලේ විනාශ කරාම කූඩැල්ලෝ, කිනිතුල්ලෝ, උරගයෝ, මීයෝ, ඌරෝ වගේ වගාවන්ට හා සාමාන්‍ය ජන ජීවිතයට හානිකර සත්තුන්ගෙන් ආරක්‌ෂාවක්‌ ලැබෙනවා. මේ වගේ අරමුණු ටිකක්‌ නොවෙයි. ගණනාවක්‌ම තියනව. මෙම මානව චර්යාවන්ට පින්සිදු වන්නට වසරක්‌ පාසාම නකල්ස්‌ වන රක්‌ෂිතයේ තුරු වියන ටිකෙන් ටික ඇකිලී යන ආකාරය ඉතා වේදනාවෙන් යුතුව දකින අය අතර වෛද්‍ය කාවින්ද එක්‌ අයෙක්‌ පමණි. අපි නැවතත් ඔහුගෙන් පැනයක්‌ විමසුවෙමු.

මේ විනාශය ගැන ජනතාව දැනුවත් කරන්න රාජ්‍ය මට්‌ටමින් පියවරක්‌ ගෙන නැද්ද. අඩුම තරමින් පරිසර සංවිධාන මට්‌ටමෙන් වත්.

මොකද නැත්තේ. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෝ මේ සඳහා නිරතුරුව කැප වෙනවා. මේ විනාශය නිසා ජන ජීවිතයට අනාගතයේ මුහුණ දෙන්නට වන විපත ගැන කියල පෝස්‌ටර් ගහනවා. පාසල් මට්‌ටමින් ළමයි දැනුවත් කරනවා. මේ කාලවලදී ප්‍රදේශය පුරා විවිධ ප්‍රචාරක මාධ්‍ය ඔස්‌සේ උපදෙස්‌ දෙනවා. නමුත් ඔය එකකින් වත් වැඩක්‌ නැහැ. අන්තිමේ ගිනි තියපුවාම ඒවා නිවන්නත් මේ නිලධාරින් රෑ දවල් නොතකා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.

නමුත් මම දැකපු එක දෙයක්‌ තියනවා. මේ වනාන්තර වලට ජනතාව ගිනි තියන්නේ අගෝස්‌තු මාසෙ වෙනකොට කියල මාධ්‍යයත් දන්නවා. පරිසර සංවිධානත් දන්නවා. මෙබඳු ගින්නක්‌ ඇති වුන වහාම ඒ සංවිධාන වගේම ඇතැම් මාධ්‍ය ඇවිත් නිලධාරින්ට ඇඟිලි දිගු කරනවා. නමුත් කවමදාවත් අපි දැකල නැහැ. ඒ ගින්න නිවන්න වෙහෙසෙනවා. ඒක හරිම කණගාටුදායක කාරණයක්‌.

නකල්ස්‌ යනු ගිනි තබා විනාශ කළ හැකි වනයක්‌ද නොවේ. ගිනි තබා විනාශ කළ යුතු වනයක්‌ද නොවේ. එහෙත් මානව චර්යාවන් අද හුරු වෙමින් පවතින්නේ කළ නොහැකි දේ ඉටු කිරීම සඳහාය. නොකළ යුතු දේ කර හපන්කම් පෑම සඳහාය. අද බොහෝ දෙනෙක්‌ අමාරුවෙන් හුරු වන්නේ එබදු කළ නොහැකි, නොකළ යුතු දේ කිරීම සඳහා බව සැකයක්‌ නැත.

එහෙත් ඉන් විනාශ වී යන්නේ කුමක්‌ද? අපේ අනාගත පරපුර වෙනුවෙන් සොබාව දහම විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන මහ පොළොවේ මහනර්භ දායාදයන්ම නොවේද... වර්තමානය වෙනුවෙන් අනාගත පරපුරෙන් අප අද මේ ණයට ගනිමින් සිටින ස්‌වභාවික සම්පත් ම නොවේද.

බුලිත

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v