පා මැති ඇමතිකම් බලව් මහතුන් කරන විස්‌කම්!

වසර දෙකකට පෙරාතුව ජපානයේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි 62 හැවිරිදි ටොෂිකව්සු මට්‌සුඩ්කා සිය දිවි හානි කර ගත්තේය. ජපාන පාර්ලිමේන්තුවට ආසන්න ගොඩනැඟිල්ලක්‌ තුළදී ඔහු සිය දිවි තොර කර ගත්තේ මූල්‍ය වංචාවකට හසුවීම නිසාය. කුලී රහිත කාර්යාල කාමරයකට මුදල් ගෙවන ලද්දේ යෑයි ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

එම වසරේදීම මේ සිදුවීම හා එක එල්ලේම ගලපා ගත හැකි තොරතුරක්‌ ශ්‍රී ලංකාවෙන්ද වාර්තා විණි. ඒ සිය දිවි හානි කරගන්නන් අතුරින් (කොහෙත්ම සිය දිවි හානි කර නොගන්නා) අඩුවෙන්ම දිවි හානි කර ගන්නේ දේශපාලනඥයන් බවයි.

ජපානයේ ඇමැතිවරයාට සිය දිවි හානි කරගන්නට ඔහු කළ අක්‍රමිකතාවයන්a මුල් වුණාද? ඇති පදමට මඩිය තර කර ගන්නා අක්‍රමිකතා දුසිම් ගණනින් ගැවසෙන මෙරට කිසිදු ඇමැතිවරයෙක්‌ සියදිවි හානි කර ගන්නවා තබා ඒවා නීතිය ඉදිරියට ගෙන ඒමට හෝ ඉඩ තබන්නේ නැත. කුමන අර්බුදයකදී නැතත් ගසා කෑමේදී සියලු මැති ඇමැතිවරු එකඟය. එකමුතුය. පක්‌ෂ විපක්‌ෂ බේදයක්‌ නැත.

මේ සා දිගු පූර්විකාවක්‌ සටහන් කළේ රජයේ මැති ඇමැතිවරු රටේ දහසක්‌ ප්‍රශ්න මධ්‍යයේ සිය සුඛ විහරණයන් සඳහා අසීමිත ලෙස රටේ ජනතාවගේ මුදල් කාබාසීනියා කරන අන්දම සාක්‍ෂාත් කරවන තවත් එක්‌ ප්‍රවෘත්තියක්‌ පසුගිය සතියේ හෙළිදරව් වීම හේතුවෙනි.

ඒ ඇමැතිවරු 23 දෙනෙක්‌ සඳහා වාහන 207 ක්‌ කුලියට ගැනීම සඳහා කෝටි දහතුනකට ආසන්න මුදලක්‌ වැය කිරීමයි. මෙය හිමි වන්නේ අමාත්‍යවරයෙකුට නිරන්තරයෙන් හිමිවන අනෙකුත් සුපිරි වරප්‍රසාදයන් ඒ ආකාරයෙන්ම හිමිවෙද්දී වීම විශේෂත්වයකි.

අපට ලෝකයේ විශාලතම ඇමැති මණ්‌ඩලය හිමිය. මේ අමාත්‍ය මණ්‌ඩලයට ඉන්ධන, දුරකථන, නිවාස කාර්ය මණ්‌ඩලය වැටුප්, කාර්ය මණ්‌ඩල නඩත්තුව, විශ්‍රාම වැටුප්, මේ ආදී සියලු දැ සඳහා රජය නිර්ලෝභීව මුදල් වැය කරයි. පත්වූ සැණින් ඇමැති තනතුර කවරාකාර වුවද ඔහු වෙනුවෙන් ද ඕනෑම මුදලක්‌ වැය කරන්නට තරම් තත්ත්වය දියුණුය. මෑත දී අමාත්‍ය මණ්‌ඩලයට පත්වූ නව අමාත්‍යවරයෙක්‌ ගේ පවා සුපිරි මොන්ටෙරෝ රියේ මාසික කුලිය රු. 21,0440 (දෙලක්‌ෂ දස දහස්‌ හාරසිය හතළිහක්‌) බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විණි.

මෙම කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේ ක්‍රියාදාමයේදී ඊට ගෙවනු ලබන මුදල අති මහත්ය. ඊට අමාත්‍යවරුන් 23 දෙනෙකු අයත්ය. ඊට අමතරව ඔවුනගේ කාර්ය මණ්‌ඩලයටද එකී වරප්‍රසාදය හිමිය. ඒ අනුව පසුගිය වසරේ වාහන 207 කුලී පදනම මත ලබාගෙන ඇත්තේ අමාත්‍යවරුන් සඳහා වාහන 42 ක්‌ද, කාර්ය මණ්‌ඩලය සඳහා වාහන 165 ක්‌ද වශයෙනි.

එය වෙන් වෙන් වශයෙන් ගත්කල අමාත්‍ය මණ්‌ඩලයේ වාහන 42 සඳහා රු. දස කෝටියකට වැඩි මුදලක්‌ද කාර්ය මණ්‌ඩල ප්‍රයෝජනයට වාහන 165 ක්‌ සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්‌ද වැය කිරීමකි.

රට කරවන ඇත්තන්ට මුදල් වෙන් කිරීමේ හෝ පහසුකම් සැපයීමේ කිසිදු දොසක්‌ අපි නොදකිමු. එය එසේ විය යුතුය. එහෙත් එසේ කරන්නට රට උගසට තැබීම යුක්‌ති සහගත දැයි අසන්නට වන්නේ මෙකී අසිමිත නාස්‌තිය අත්දකින විටය.

රජයේ මෙන්ම විපක්‌ෂයේ මැති ඇමැතිවරුන්ද තීරු බදු රහිත වාහනයක්‌ ගෙන්වීමේදී පවා ඉල්ලුම් කරන්නේ අවම ලක්‌ෂ 150 - 200 කට පමණ ආසන්න හෝ අධික වටිනාකමින් යුත් ඉන්ධන ලීටරයකින් කි. මී. 7 - 8 ක්‌ අතර ප්‍රමාණයක්‌ ගමන් කළ හැකි අන්දමේ සුඛෝපභෝගී වාහනය. දේශපාලනඥයන් පිරිවරා යන වාහන තොගය දුටු විට "දුක" හිතෙන්නේ රට ගැනය.

මේ වාහන කතා සමගම පසුගිය සතියේ පළවූ තවත් එක්‌ ප්‍රවෘත්තියක්‌ කෙරෙහි ද අවධානය යොමු කිරීම වටින්නේ ඒ ද මේ මාතෘකාව හා බැඳි එකක්‌ නිසාය. ඒ ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තාව මගින් රාජ්‍ය ආයතන 20 ක සිදුවී ඇති මුල්‍ය අක්‍රමිකතා හෙළිදරවු කිරීමයි.

මීට පෙරද කෝප් වාර්තාවක්‌ ඉදිරිපත් කෙරිණි. එහිදී අමාත්‍යවරු හා නිලධාරීන් රැසකට චෝදනා එල්ල වූ නමුත් එය හමස්‌ පෙට්‌ටියට ගියා මිස එය විනිවිද භාවයෙන් රටට හෙළිදරවු කළ බවක්‌ කියෑවුණේ නැත. මේ සියල්ල දේශපාලනඥයන්ගේ එකමුතුවේ බලය විදහා පෑමකි.

මේ රටේ දූෂණ චෝදනා සඳහා දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් හිමිවීම පිළිබඳව දක්‌වන්නට නිදසුන් ඇත්තේම නැති තරම්ය. එහෙත් 2007 මැයි මාසයේ දී ආසියානු රටක සිදුවීමකින්ම ඊට නිදසුන් සැපයිය හැකිය. ඒ චීනයේ ආහාර පාන ඖෂධ පාලනාධිකාරියේ හිටපු ප්‍රධානියාට මරණ දඬුවම හිමි වීමයි. ඒ ඔහුට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙනි.

ජනාධිපතිවරයා බලයට පත් වූයේ අලුත් ශ්‍රී ලංකාවක්‌ පිළිබඳව ඉඟි ජනතාවට පළ කරමිනි. ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමත් සමගම එය යම් පමණකට හෝ ඉටු කිරීම ගැන අපට විවාදයක්‌ නැත. එහෙත් අලුත් ශ්‍රී ලංකාවේ දකින්නට ප්‍රාර්ථනා නොකෙරූ බොහෝ දැE ඇස්‌ පනාපිට සිදුවෙමින් පවතී. පැකින්වත් නොකඩපු අලුත් ශ්‍රී ලංකාවේ තවමත් සඟවා තිබෙන්නේ පරණ බඩු වීම ජනතාවට තවදුරටත් උහුලා සිටිය නොහැකි මට්‌ටමකි.

වසර දෙකකට පෙරාතුව ට්‍රාන්ස්‌ෆෙරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය වාර්තා කළ පරිදි අල්ලස්‌ හා දූෂකයන්ගෙන් ශ්‍රී ලංකාව 84 වැනි තැනට පත්ව තිබිණි. මෑතකදී එවැනි වාර්තාවක්‌ එළි නොදැක්‌විණි. එහෙයින් වත්මන් තත්ත්වයේ වර්ධනය පිළිබඳව නිසි තක්‌සේරුවක්‌ ඇතිකර ගත නොහැක.

කෝටි ගණනින් මුදල් උපයා ඇතැයි කියෑවෙන දේශපාලනඥයන් මෙන්ම දියණියගේ "පාටි" වලට ලක්‌ෂ ගණනින් මෙරට මුදල් විදෙස්‌ රටවල හෝටල් වලට වැය කරන දේශපාලනඥයන් එමටය. මේ කවරකු වුවද වසර පහක්‌ වූ මුළු කාලය තුළ පාර්ලිමේන්තුවේ ගත කොට සිය වැටුප එකතු කරගත්තද උපයා ගත නොහැකි අන්දමේ මුදල් කන්දරාවක්‌ උපයා ඇත. ඊට සමානව සුපිරි පන්නයේ නිවහන්, යාන වාහන ද උපයා ඇත. ඒ කවර "ව්‍යාපාරයකින්" දැයි දන්නේ ඔවුනොවුන්ම පමණි.

මුල කී ජපන් ඇමැතිවරයා මෙන් මේ කවරකු වුවද සිය දිවි නසා ගන්නට උත්සාහ නොදරන්නේ කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු පදමට" ඇති නිසාය.

මේ රටේ ජනතාවගේ අවාසනාවය. රටේ ජනතාවගෙන් හරි අඩක්‌ දැඩි ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන වකවානුවක ඉහළ මහත්වරුන්ගේ ඉලක්‌කමේ වි-ජා දෙස බලා සිටින්නට තරම් ජනතාව අවාසනාවන්තය. ආදායම් අඩුවීම හා ජීවන බර වැඩිවීමත් සමගම රටේ එවැනි තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බව සියල්ලන්ටම වැටහෙන කරුණකි. එහෙත් යම් පමණකට හෝ ජනතාවට සහනයක්‌ සැලසීම වෙනුවට තම "මඩි තර" කර ගැනීම අතහරින්නට සමහර වසල දේශපාලනඥයන් සූදානම් නැත. රටේ වැඩි දෙනා එසේ ආර්ථික පීඩාවන් වින්දද වරප්‍රසාද ලද දේශපාලනඥයන් දෙවියන්ට (වැරදීමකි පොලිස්‌ හා ත්‍රිවිධ හමුදාවන්ට) පින් සිදු වන්නට නොමැරී අධි සුඛෝපභෝගී ජීවිත ගත කරති.

පංචස්‌කන්ධයත් ධනස්‌කන්ධයත් එකසේ තර කර ගනිමින් මේ දේශපාලනඥයන් ගත කරන ජීවිත වලට සාමාන්‍ය ජනතාවගේ දුක පෙනෙන්නේ නැත. ඔවුනට ඒවා සාමාන්‍ය දේවල්ය. "බඩු මිල කවදාත් වැඩි වන්නකි" එහෙත් සූරාකන ධනය රටේ සංවර්ධනයට යෙදවීමේ සිතක්‌ ඔවුනට පහළ වන්නේ නැත.

ජනපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති සී. ඒ. පී. 1/40 දරන චක්‍රලේඛයට අනුව ඔවුනට හිමි වරප්‍රසාද හා දීමනා ඉක්‌ම යන වියදම් කරන සුපිරි ජීවිත ගත කරන්නට තරම් ඔවුනගේ ආර්ථිකය ශක්‌තිමත්ය.

මේ දේශපාලනඥයන්ගේ නඩත්තුව රටට බරක්‌ වන්නේ ආණ්‌ඩුව ඔවුන් වෙනුවෙන් දරන වියදම් නිසාම පමණක්‌ නොවේ. අමතර ආදායම් සඳහා රටම විකුණන්නට ඔවුන් දරන උත්සාහය නිසාය.

දේශපාලන බලය හිමි කර ගන්නවුන් නවීන අවි ආයුධ සමග ආරක්‌ෂක බලඇණි හා පතාල සාමාජිකයන් පිරිවරා ගොස්‌ කරන රක්‌ෂිත වනයන්හි ගස්‌ කැපීම, ගංගා වැලි ගොඩ දැමීම, මැණික්‌ ගැරීම, පුරා වස්‌තු කොල්ල මෙන්ම රට පාවා දෙමින් කරන අත යට ගනුදෙනු හා ඒවායෙන් බේරීමට මං පාදා ගන්නා ජඩ දේශපාලනඥයන් හා නෑසු කන්ව සිsටින්නවුන් සිටින තාක්‌ මේ රට ගොඩගැනීම බොරුය.

මේ රටේ මුදල් යනු ජනතාවගේ මුදල්ය. ඒවා නැවත ජනතා සුබ සිද්ධියට වැය කළ යුතු වන්නේය. එහෙත් පරණ ශ්‍රී ලංකාවේ තවමත් සිදුවන්නේ ඒ මුදල් හොර නඩයකගේ සාක්‌කුවලට පොම්ප වීම පමණි.

පොදු ජන එක්‌සත් පෙරමුණ 1996 දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ අදහස්‌ නැවත ඉදිරිපත් කිරීම වටී.

දේශපාලන බලය පිළිබඳව ඇති වැදගත් මූල ධර්මයක්‌ වන්නේ එය අයිතිවාසිකමක්‌ හෝ ප්‍රදානයක්‌ නොව හුදෙක්‌ භාරකාරත්වය පමණක්‌ම යන්නය. බලය සාධාරණීකරණය කළ හැක්‌කේ එය ප්‍රජාවගේ යහපත සඳහා යොදවන්නේ නම් පමණකි. ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තුළ දේශපාලන බලය යනු ජනතාවට සේවය කිරීමේ උපකරණයකට වඩා වැඩි හෝ අඩු දෙයක්‌ නොවේ.

ඉඳින් අප කිසිවිටෙකත් දේශපාලනඥයින්ට බල කරන්නේ නැත. ජපානයේ ඇමැතිවරයා මෙන් සිය දිවි හානි කර ගන්නේ නම් ඇමැති මණ්‌ඩලයෙන් හරි අඩක්‌ ඒ ගොඩට වැටෙන බව අපි දනිමු. ඒ පාප කර්මයට හවුල්වීමට අපට බැරිය. අවම වශයෙන් දැන්වත් නාස්‌තිය අඩු කරන්න.

උදේශ සංජීව ගමගේ

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v