ඉන්ටනැෂනල් රිපෝටර් දැන් උතුරේ හා වවුනියාවේ නගර සභා ඡන්ද ප්‍රතිඵලවලින් පේන්aනේ ලංකාවේ ආණ්‌ඩුවට දෙමළ ජනතාවගේ හිත දිනාගැනීමට නොහැකිවෙලා තියෙන බව ද? කවුරුත් අසන ප්‍රශ්නයක් අසමින් බුෂ් ප්‍රජා සමිතිය ආරම්භ කළේය. එහෙම එකක් නන් මට පේන්නේ නෑ. මට නන් පේන්නේ දෙමළ ජනතාව තාමත් ත්‍රස්‌තවාදී චින්තනය අතෑරලා නැති බව පමණයි. චාවේස් පිළිතුරු දුන්නේය. එහෙමනන් ඉතින් තව අවුරුදු විස්‌සක්‌වත් මහින්ද චින්තනේ ම තියාගන්නවා ඇරෙන්න සිංහල ජනතාවට වෙන විකල්පයක් නෑ. පුටින් කීවේය. ත්‍රස්‌තවාදයට බැට දෙන හැටි පුටින් ද හොඳින්ම දන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ. පුටින් එසේ කිව් පසු කවුරුත් මොකවත් කීවේ නැත. ඒ නිසාම පුටින් යළිත් මෙසේ කීවේය. දැන් ඔය මහින්ද චින්තනේ බිහිවුණ හැටි ගැනත් හරි අපූරු කතාවක් තියෙනවනේ. අද ඔය මහින්ද චින්තනේ බවට පත්වෙලා තියෙන්නේ ජාතික චින්තනේලුනෙ. ජාතික චින්තනේ හැදුවේ නලිනුයි අමරසේකරයි කියනවනේ. ඒ ජාතික චින්තනේ මහින්ද චින්තනේ බවට පත්කළේ විමලේ කියනවනේ. පුටින් කේජීබී ඔත්තු සේවාව මගින් තමන්ට ලැබී තිබුණු වාර්තාවක් මගින් ලද තොරතුරු මෙසේa ජාත්‍යන්තර ප්‍රජා සමිතියට හෙළිදරව් කළේය. එය අසා සිටි නෝර්වේ අගමැතිතුමා මෙසේ කීවේය. අපි පුළුවන් තරම් උත්සාහ කළා අපේ එන්ජීඕ මගින් බෙදුම්වාදී චින්තනය ව්‍යාප්ත කරන්න. ඔය ජතික චින්තනේට මඩ ගහන්න අපි වෙනම පත්තර සඟරා පවා පටන්ගත්තා. ඒත් හරිගියේ නෑ. අන්තිමට ජාතික චින්තනේ දිනුවා. ජාතික චින්තනේ මහින්ද චින්තනේ බවට පත්වුණා. නෝර්වේ අගමැතිතුමා ඒ අනුව ඇත්ත හෙළිකළ බව පෙනේ. කෙසේ වුවත් මේ ඇත්ත ලංකාවට අදාළ වන්නේ යාපනය හා වවුනියාව පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් පෙනීයන තත්ත්වය අනුවය. ඒ අනුව ස්‌වකීය රට පිළිබඳ බර කරට ගෙන තවදුරටත් කටයුතු කිරීමට දකුණේ ජනතාවට සිදුවන බව පෙනේ. උතුරේ ජනතාව තාමත් වෙනම රටක් පිළිබඳ සිහිනය අත්හැර නැති බව පෙනේ. තමිල්නාඩුවේ ලොකුකම හිතින් අයින් කර පුංචි ලංකාව ගැන ආඩම්බර වීමට ඔවුන් තවත් ඉගෙන ගෙන නැති බව පෙනේ. ඇත්තටම නිදාගෙන සිටින අය අවදි කළ හැකිය. එහෙත් බොරුවට නිදා සිටින අය අවදි කළ නොහැකිය. ඒ අනුව ඔවුන්ගේ හිත දිනාගැනීම පිළිබඳ කතා එතරම් යථාර්ථවාදී නොවේ. ඊළාම්වාදය ඔවුන් වෙතින් ඉවත්කළ හැක්‌කේ එය කවදාවත් සිදු නොවන දෙයක්‌ය යන හැඟීම ඔවුන් තුළ ඇති කිරීමෙන් පමණි. බස්‌නාහිරෙන් ඉර පෑයුවත් ඊළමක් නම් ලංකාවේ බිහි නොවන බව ඔවුන්ට සිතීමට සැලැස්‌වීමෙන් පමණි. එය කළ හැක්‌කේ රටට ආදරය කරන ජනතාවගේ සමගියෙන් පමණි. එහිදී පක්‌ෂ දේශපාලනය කිසිදු වැදගත්කමක් නැති බවට පත්වේ. වැදගත් වන්නේ ජාතික දේශපාලනය පමණි. ජාතික චින්තනය පමණි. මහින්ද චින්තනය පමණි. ඒ අනුව උතුරේ පළාත් සභා ප්‍රතිඵලවලින් පෙනී යන වැදගත් ම කරුණ අනෙක් කිසිවක් නොව රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් මහින්ද චින්තනයේ වැදගත්කමයි. මහින්ද චින්තනය අද දකුණේ ජනතාව සමගි කරවීමට සමත් ව සිටියි. දැන් සොයාගත යුත්තේ ඒ සමගිය තවත් ශක්‌තිමත් කළ හැකි මාර්ගයන්ය. ඒ සමගිය නොකැඩී පවත්වාගෙන යා හැකි මාර්ගයන්ය. බඩ ගැන නොව රට ගැන හිතන මිනිසුන් පෙරට ගත හැකි මාර්ගයන් ගැනය. දේශප්‍රේමී සළු පැළඳි වංචනිකයන් හෙළිදරව් කළ යුතුය. කල දුටු කල වළ ඉහගන්නා පුද්ගලයන් ඉවත් කළ යුතුය. බොර දියේ මාළු බාන්නට හදන අය පිටුදැකිය යුතුය. ආණ්‌ඩුවට මුවා වී පුද්ගලික පළිගැනීම්වලට ඉදිරිපත් වන සියලුම ආකාරයේ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතුය. සාධාරණත්වය රජයන තැන සමගිය රජයයි. සාධාරණත්වය පළුදු වන තැන සමගිය ද පළුදු වීමට ඉඩ තිබේ. ප්‍රභාකරන් පරාජය කර ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ආරක්‌ෂා කරගත හැක්‌කේ එවිට පමණි. යාපනය හා වවුනියාව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් අපට පෙන්වා දෙන්නේ එම කරුණු යෑයි සිතමි. මෙවර ජාත්‍යන්තර ප්‍රජා සමිතියේ සාකච්ඡාවලට ඇහුම්කන්දීමෙන් ලද දැනුම හා තොරුතුරු ඇසුරින් ඉන්ටර්නැෂනල් රිපෝටර් විසින් ඉහත අදහස් ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව උතුරේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ බුෂ්ලා පුටින්ලා කළ කතා බහ ලංකාවේ අපට ඉතා වැදගත් යෑයි සිතමි.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v