|
|
|
|

විසඳුම ගැන තදියම කිම !
දේශපාලන විසඳුමකින් තොරව ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කළ
නොහැකි යෑයි පාරම්බෑ නඩය, ප්‍රභාකරන් විනාශ කිරීමත් සමඟ "බලය
බෙදීමේ" වියරුවෙන් පෙළෙමින් ඉන්න බව පෙනේ. මේ නඩයට ඉන්දියානු
රෝ ඒජන්තයන්, බටහිර ෂභඨධ ඒජන්තයන්. දේශීය භඨධ කාරයන්, අවලංගු
වූ මාක්‌ස්‌වාදීන්, තවලම් ගිය නෙලුම් මල් ඉස්‌සූ නිවටයන්,
ඉංගිරිසි පුවත්පත්වලට ලියන ලිපි මගින් මේ රටේ ජනමතය වෙනස් කළ
හැකි යෑයි අදහන නිකමුන් බවට පත්වී ඇති විශ්‍රාම ගිය රජයේ
නිලධාරීන්, තානාපති ආදීත් ඇතුළු වෙයි. අවලංගු වෙමින් යන එ. ජා.
ප. යද මොවුන් පිටුපසින් ඇත.
"ඔන්න මම අහවල් දිනයේ 13 හෝ 13+ සංශෝධනය ක්‍රියාත්මක කරනවා"
යන්න මහින්ද රාජපක්‍ෂ ලවා කියවා ගන්නාතුරු මොවුන්ට නින්ද නොයන
බව පෙනේ.
මේ නින්ද නොයන වියරුව මුලින්ම එළිදක්‌වන ලද්දේ ප්‍රභාකරන්ගේ
හතුරකු වුව දෙමළ ජාතිවාදයේ හතුරෙකු නොවන දයාන් ජයතිලක
විසිනුයි. එක්‌සත් ජාතීන් හමුවේ එදා ගෙන ආ යෝජනාව මගින් මහින්ද
රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ උගුලේ සිර කිරීමට ඔහු සටකපට අයුරින්
වග බලා ගත්තේය. තවදුරටත් කට මැත දොඩවන්නට නොදී ඔහු කැඳවා ඒ
කටමැත දෙඩවීම ඉංගිරිසි පත්තරවලට සීමාකර තැබීම රජය ගත් නුවණැති
පියවරකි. ඉංගිරිසි පත්තරයේ පළවන හෑලිවලට මේ රටේ ජනමතය වෙනස්
කිරීම "අධෝ මුඛයෙන් පිටවෙන වාතයකට" වැඩි ශක්‌තියක් නොමැති බව
මේ තුප්පහියන් නොදනිති. ඉංගිරිසි පත්තරය සිය පිළිබිඹුව දෙස බලා
උජාර්වීමට හොඳ කැඩපතක් බව නම් ඇත්තකි.
මේ ජාතිෙද්‍රdaහී නඩයට සිය බෙදුම්වාදී ඉල්ලීම යළි කරළියට ගෙන
ඒමට මෑතකදී උතුරේ පැවැත්වූ ඡන්දය හොඳ තල්ලුවක් දී ඇති බව
පෙනේ. යාපනයේ ජනයාගෙන් සියයට විස්‌සක් පමණක් ඡන්දය දී
තිබීමටත්, වවුනියාවේ ටී. එන්.ඒ. පක්‍ෂය - කොටි වලිගය බලයට
ඒමටත් හේතුව මොවුන් පෙන්වා දෙන අයුරු මහින්ද රාජපක්‍ෂ නොවලහා
කට ඇර 13 සංශෝධන ක්‍රියාත්මක කරන බවට සපථ නොවීමයි. මහින්ද
රාජපක්‍ෂ එසේ කළා නම් ඒ ජනතාවගේ හද - මනස දිනාගෙන ජයග්‍රහණය
අත්පත් කර ගැනීමට ඔහුට හැකිවන්නට තිබිණි. මොවුන්ගේ තර්කය
මෙවැනි වෙයි.
රජය විසින් පසුගියදා කඩිමුඩියේ උතුරේ ඡන්ද පැවැත්වීමට තීරණය
කළේ කුමක් නිසාද යන්න අපට නම් ප්‍රහේලිකාවකි. එවැන්නක් කිසි
ලෙසකින් අවශ්‍යව තිබුණේද? ඒ අනුවන ක්‍රියාවට රජය තල්ලු කරන්නට
ඇත්තේ බැටළු හම් පොරවා ගෙන රජය ඇතුළේම සිටින අර ජාතිෙද්‍රdaහී
නඩයේම කොටස් විසින් විය හැකියි. රජය ඒ මගින් කරගත්තේ නිකරුණේ
හොස්‌ස බිම උලාගෙන අර ෙද්‍රdaහීන්ට සිය අධම ප්‍රචාරය ගෙන යැමට
අවස්‌ථාවක් ලබාදීමයි. පිටරට ජනමාධ්‍ය ඒ ෙද්‍රdaහීන්ගේ අධම
ප්‍රචාරය පුන පුනා එළිදැක්‌වූ සැටි අපි පසුගියදා දුටුවෙමු.
13 සංශෝධන ක්‍රියාත්මක කිරීම මගින් උතුරේ ජනතාවගේ හද - මනස
දිනාගෙන ඔවුන් රජයට පක්‍ෂපාතී පිරිසක් බවට පත්කර ගත හැකිය යන
මතය අප විසින් ගැඹුරින් සලකා බැලිය යුතු වෙයි.
මෙහිදී පළමුවෙන්ම කිව යුත්තේ කිසිවකුගේ හද - මනස දිනා ගැනීම
"ඇඳුම් මාරුකිරීමක්" වැනි සෙල්ලමක් නොවන බවයි. එක ඇඳුමක්
ගලවා අලුත් ඇඳුමක් ඇඟ ලා ගැනීම වැනි ලෙහෙසි පහසු කටයුත්තක්
නොවේ එය. එක මානසිකත්වයකින් තව මානසිකත්වයකට පත්වීම මානසිකව
විප්ලවයකට වඩා මානසික පරිණාමයකි. පුද්ගලයකුගේ ජීවිතයේ පවා
එවැන්නක් සිදුවන්නේ හිටි ගමන් නොව කාලයේ ඇවෑමත් සමඟයි. පෙරළි
කීපයකින් පසුවයි. සෙමෙන් ක්‍රියාත්මක වන සිද්ධි මාලාවක අවසාන
ප්‍රතිඵලයක් ලෙසයි. පුද්ගලයකුගේ හද - මනස වෙනස් වන්නේ මෙසේ
නම් සාමූහික පිරිසකගේ හද - මනස වෙනස් වන්නේ කෙසේද යන්න ගැන
අටුවා ටීකා අවශ්‍යද? ඒ සඳහා කොතරම් සිද්ධි මාලාවක් අවශ්‍ය වනු
ඇත්ද? කොතරම් කාලයක් අවශ්‍ය වනු ඇද්ද?
13 සංශෝධනය ක්‍රියාත්මක කරන බවට සඵත වීම මගින් උතුරේ ජනතාවගේ
හද - මනස දිනා ගත හැකිය යන ප්‍රලාපය මහින්ද රාජපක්‍ෂ රජයට
ඉදිරිපත් කිරීම මගින් මේ ජාතිෙද්‍රdaහී අධමයන් බලාපොරොත්තු
වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හිරකර තැබීම බව කිව මනා
නොවේ. ඉන්දියාව ද ඒ උපායම යොදවා මහින්ද රාජපක්‍ෂ හිරකර තැබීමට
කටයුතු කර තිබේ.
13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම මගින් උතුරේ ඉන්න ජනතාවගේ හද -
මනස දිනාගත හැකි වේ යෑයි මොහොතකට පිළිගනිමු. ඒත් ප්‍රශ්නය නම්
එසේ දිනා ගැනීමට හැකි හද - මනසක් උතුරේ ඉන්නා අසරණ පීඩිත
ජනතාවට ඇද්ද යන්නයි. පසුගිය කාලය තුළ ඔවුන් හැසිරුණු අයුරින්
නම් අපට පෙන්වන ලද්දේ ඔවුන් එසේ හද - මනසක් ඇති පිරිසක් නොවන
බවයි. ඔවුන් එවැනි හද - මනසක් ඇති පිරිසක් වී නම් ප්‍රභාකරන්
මිනීමරුවාට තුන් ලක්‍ෂයක් පමණ වූ ඔවුන් වර්ග කිලෝමීටර්
විස්‌සක් තුළ ගාල්කර තබාගෙන සිටීමට හැකිවනු ඇද්ද? එපමණක්
නොවේ, ප්‍රභාකරන් ඉදිකර තිබූ කටුකම්බි වැටවල් විනාශ කළ සැනින්
ඔවුන් ගව රැලක් සේ එළියට ඇදී ආ සැටි ද අපි දුටුවෙමු.
මෙ නයින් බලන විට අපට නොකැමැත්තෙන් හෝ එළැඹිය හැකි නිගමනය නම්
උතුරේ වසන ඒ පීඩිත ජනතාව තමනට කියා හද - මනසක් නැති, තමන්ට
කියා පෞරුෂයක් මෙතෙක් හිමිකර නොගත්, අධම නායකයන් විසින්
පාගාගෙන පාලනය කිරීම නිසා මනු - සත්ව විශේෂයක් බවට පත්කර ඇති
පිරිසක් බවයි. එවැනි තිරිසන් පාලනයකට නතු කරන ලද සත්වයා ඉන්
මුදවා ගත්තද පැරැණි පුරුදු අනුව හැසිරෙන බව අපි දනිමු.
වව්නියාවේ දී ටී. එන්. ඒ. කොටි වලිගය ජයග්‍රහණය කළේ ඒ හේතුව
නිසයි. උතුරේ රජය ගෙන යන සංවර්ධනය ඔවුන්ගේ හද - මනසට තබා
සිරුරට දැනේනනට පටන් ගෙන නැති මේ මොහොතේ ඔවුන් එසේ හැසිරීම
අපගේ පුදුමයට හේතු විය යුතු නොවේ.
මෙහිලා තවත් දෙයක් ද අප විසින් දැක ගත යුතු වෙයි. එනම් උතුරේ
ඉන්නා මේ අසරණ පීඩිත ජනතාව දකුණේ ඉන්නා ජනතාවගෙන් වෙනස්
පිරිසක් බවයි. සියවස් ගණනක් උතුරේ පීඩතයන් අත්විඳින ලද කුල
පීඩනය, පීඩිතයන් ලෙසවත් ඔවුන්ට නොවැටහේ දකුණේ ඉන්න ජනතාව
කිසිවකුගේ අණසක අනුව එසේ නැටවෙන පිරිසක් නොවේ. ඔවුන්ට හද -
මනසක් තිබේ. අස්‌ම්මානයක් තිබේ. ඔවුන් සතු මේ හද - මනස
ඔවුන්ගේ ප්‍රගමනයට මෙන්ම ප්‍රතිගමනයටද ඇතැම් අවස්‌ථාවලදී හේතු
වී ඇති බව අපි දනිමු. ඒ කෙසේ වෙතත් දකුණේ ජනතාව සතු හද - මනස
උතුරේ පීඩිත ජනතාව මෙතෙක් හිමිකර ගෙන නොමැති බව අප විසින්
පිළිගත යුතුයි. දකුණේ ජනතාව ඡේවීපී ත්‍රස්‌තවාදයට මුහුණ දුන්
ආකාරය උතුරේ ජනතාව ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුහුණ දුන්
ආකාරය සමඟ සස¹ බැලීමෙන් මෙය තවදුරටත් පැහැදිලි වනු ඇත. බාගෙවිට
දකුණේ ජනතාව විසින් ඔවුන්ට ලබාදිය යුත්තක් වන්නට පුළුවන.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ ජාතිෙද්‍රdaහී නඩවල කීම්
බස්‌වලට කන්නොදී, සිය පළමු පියවර වශයෙන් උතුරේ ජනතාව සුත
මුදිත කිරීමේ නියෑළී සිටීම අතිශය ප්‍රඥසම්පන්න වෙයි. රජය
විසින් දියත් කර ඇති සංවර්ධනය අප විසින් දැකිය යුත්තේ අර
ජනතාවට හද - මනසක් දීමේදී ඉටුකළ යුතු පළමු පියවර ලෙසයි. හද -
මනස පහළ වන්නේ කුස පිරුනොත් පමණි. බුදුන්වහන්සේ ද හද - මනසට
ආමන්ත්‍රණය කළේ ගැත්තාගේ කුස පිරවීමට සැලැස්‌වීමෙන් පසුවයි.
උතුරේ ඉන්න පීඩිතයාගේ කුස පිරුණු පසු ඔහුට හද - මනස පහළ වනු
ඇත. එවිට ඔහු සමඟ සංවාදයකට එළඹීමට හැකිවනු ඇත. ඉන් අනතුරුවයි
ඔහු දේශපාලන විසඳුමක් පතන්නේද, එසේ පතන්නේ නම් එය කෙබඳු
දේශපාලන විසඳුමක් ද යන්න අපට තෝරා බේරා ගැනීමට හැකිවනු ඇත්තේ.
එසේ නොමැතිව ඔවුන් පාලනය කරන ජාතිවාදී අධම ගොපල්ලා සමඟ කරන
සංවාදයක් මගින් එය දැනගත හැකි නොවේ.
මේ ක්‍රියාදාමයට අඩු තරමින් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක්
ගතවනු ඇත. එහෙත් දේශපාලන විසඳුම් ගැන කතා කිරීම පවා අවශ්‍ය
නොවේ. කොටින් කියතොත් දේශපාලන විසඳුම් දීමට කිසිම තදියමක්
නොමැතියි.
මේ රටේ ජනතාව විසින් අද කළ යුතුව ඇත්තේ මේ රට ත්‍රස්‌තවාදයෙන්
මුදාගත් මහින්ද රාජපක්‍ෂ රජය ආරක්‌ෂා කර ගන්නා අතරම එය
පැහැදිලි දර්ශනයක් වෙත යොමුකර අප පතන මානව හිතවාදී සමාජය -
ආර්ථික රටාව ඉටුකරන ලෙස බලකර සිටීමයි. ඒ සඳහා වෙනම රජයක්
පිහිටුවා ගැනීම අවශ්‍ය යෑයි ඇතැමෙකුට සිතුනද එවැන්නක් ඉටුකර
ගැනීමේ අවස්‌ථාවක් පේන තෙක් මානයේ දකින්නට නොමැතියි. මේ රටේ
ජනතාව ඊට කිසි ලෙසකින් සූදානම් බවක් අපට නොපෙනේ. පසුගිය කාලය
තුළ පැවැති පළාත් සභා මැතිවරණ විසින් පෙන්නුම් කරන්නේ ඒ
සත්‍යයයි. දකුණු පළාත් සභා ඡන්දයෙන් 10% එජාපයට නොලැබෙනු ඇතැයි
රුක්‌මන් සේනානායක මහතා පවසා ඇති බව දුටුවෙමු. (එතුමාට එසේ
පෙනුණේ තවමත් සේනානායක ලේ ඔහුගේ සිරුර තුළ සංසරණය වන නිසා විය
යුතුය.)
මේ රටේ ජනතාව විසින් කළ යුත්තේ එජාපය සියයට දහයට බැස්‌සීම නොව
එජාපය දේශපාලන ක්‍ෂේත්‍රයෙන් බැහැර කිරීමට කටයුතු කිරීමයි.
එජාපය පසුගිය අඩසියවස තුළ ජාතිකත්වය හළ විජාතික බලවේග වෙනුවෙන්
පෙනී සිටින පක්‍ෂයක් වූ බව ඉතා මැනවින් ඔප්පු කර තිබේ. ඒ
පක්‍ෂය තවදුරටත් සේනානායකලා බිහි කළ පක්‍ෂය නොවේ. මේ රටේ ජනතාව
වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක අයිතිය ඒ පක්‍ෂය විසින්
අහිමිකර ගෙන තිබේ. එජාපය දේශපාලන ක්‍ෂේත්‍රයෙන් බැහැර කරන ලෙස
ඉල්ලන ඉල්ලීම ජාතිය වෙනුවෙන් කළ යුතුව ඇති ඉතා සාධාරණ
ඉල්ලීමකි.
එජාපය එසේ බැහැර කිරීම මගින් කරුණු දෙකක් ඉටුකර ගැනීමට
හැකිවනු ඇත. පළමුවැන්න නම් විජාතික එජාපය වෙනුවට ජාතික ප්‍රබල
විරුද්ධ පක්‍ෂයක් රට තුළින් මතුකර ගැනීමට අවස්‌ථාව පෑදීමයි.
(එවැනි පක්‍ෂයක් අවශ්‍ය ද යන්න වෙනම සලකා බැලිය යුත්තකි)
දෙවැන්න නම් මහින්ද රාජපක්‍ෂ රජය ඔය කියන ඒකාධිපතිවාදය වෙත
යැමට සැරසෙන්නේ නම් එය වළක්‌වාලීමයි. රජයක් ඒකාධිපතිවාදය වෙත
යන්නේ ජනතා බලයෙන් පිරිහුණු විට විනා ජනතා බලය ලැබෙනවිට නොවේ.
එපමණක් නොව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හස්‌තය ශක්‌තිමත්
කිරීම මගින් අද මේ රජය තුළ නොඅඩුව ඉන්න අවස්‌ථාවාදීන්, හොර
දෙටුවන්, දූෂිතයන්, වනචරයන් පන්නා දැමීමටද හැකිවනු ඇත.
මේ එළඹ ඇති මොහොතේ නිසිඵල නෙළා ගැනීමට හැකි වනු ඇත්තේ ඉහතින්
දැක්‌වූ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් විනා ජාතිෙද්‍රdaහීන්ගේ
ඇනවුම අනුව රට බෙදන දේශපාලන විසඳුම්දීමට තදියම් වීමෙන් නොවේ.
ගුණදාස අමරසේකර
|
|
|
|