විද්වත් හමුව

නිසි පුද්ගලයන් බඳවා ගැනීමෙන්
පොලිසියේ වැරැදි අවම කරන්න පුළුවන්

හිටපු පොලිස්‌පති චන්ද්‍ර ප්‍රනාන්දු

උතුරේ සහ නැගෙනහිර ත්‍රස්‌තවාදය නිම කිරීමෙන් පසු ත්‍රිsවිධ හමුදාව සේම පොලිසිය ද මහජනතාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ ආයතනයකි. නමුත් මේ දිනවල පොලිසියට නැගෙන මහජන විරෝධතාවලින් පෙනෙන්නේ මාලබේ හා අඟුලාන සිදුවීම් එA ගෞරවය යම් තරමකට පළුදු කිරීමට හේතුවී ඇති බවය.

පොලිසියේ ඇතැම් නිලධාරීන් එබඳු අකටයුතුකම්හි නියෑළෙන්නේ ඇයි? පොලිසිය තුළ මේවා අවම කළ හැක්‌කේ කෙසේද? හිටපු පොලිස්‌පතිවරයකු වූ චන්ද්‍රd ප්‍රනාන්දු මහතා පළ කළ අදහස්‌ කීපයකි මේ

1971 වසරේදී සහකාර පොලිස්‌ අධිකාරිවරයකු වශයෙන් පොලිසියට බැඳුණු චන්ද්‍ර ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ 29 වැනි පොලිස්‌පතිවරයායි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය සමත් වූ එ මහතා ජපානයේදී අපරාධ විද්‍යාව තුළින් නීතිය පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධිය ලබා ඇත. කීර්තිමත් පොලිස්‌ නිලධාරියකු වූ චන්ද්‍රd ප්‍රනාන්දු මහතා දැන් උතුර නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස කටයුතු කරයි.


පොලිසියේ ඉතාමත් වැදගත් අංශය ලෙස ඔබ දකින්නේ කුමක්‌ද?

ලෝකයේ ඕනෑම තැනක පොලිසිය කියන ආයතනයට දීල තියෙන්නේ නීතියේ සිවිල් බලතල. එ බලතල නීතියේ ලියනකොට සෑම අවස්‌ථාවක්‌ම නීතියේ ලියන්න බැහැ. එ නිසා නිලධාරීන්ට තියෙනව අභිමතයක්‌ පාවිච්චි කරන්න. පොලිසියට කෙනෙක්‌ ඇවිල්ල කරන පැමිණිල්ල විභාග කරනවද? නැද්ද? එක නිවැරදි පැමිණිල්ලක්‌ද, සත්‍ය පැමිණිල්ලක්‌ ද තව කෙනකු අමාරුවේ දාන්ඩ කරපු පැමිණිල්ලක්‌ ද යන්න ගැන විනිශ්චයකට භාජන කරන්න සිදුවෙනව. එ නිසා පොලිසියේ ඉතාම වැදගත් අංශය තමයි බඳවා ගැනීම්. පොලිස්‌ සේවය රැකියාවකට වඩා වෘත්තියක්‌. නමුත් අද එය රැකියාවක්‌ බවට පත්වේගෙන එනව. නමුත් තමුන් වෙත ඉදිරිපත් වෙන පැමිණිල්ල ගැන පූර්ව විනිශ්චයක්‌ කරන්නට තරම් පොලිස්‌ නිලධාරියා බුද්ධිමත් වෙන්න ඕන.

එසේම තමන් තුළ ඇති අභිමතය භාවිත කිරීම පිළිබඳ පුහුණුවකුත් බඳවා ගන්නා පොලිස්‌ නිලධාරීන්ට ලැබෙන්නට ඕන. සෑම පොලිස්‌ නිලධාරියකුම වසරකට දවස්‌ දාහතරක්‌ පොලිස්‌ විද්‍යාලයේ ගත කළ යුතුයි කියල ලෝකයේ සම්මත නීතියක්‌ තියෙනවා. උසස්‌වීමකට පස්‌සේ අඩු තරමින් මාස තුනක්‌ පොලිස්‌ විද්‍යාලයේ ගත කරන්න ඕන. එය ඊළඟ තනතුරට උසස්‌ කිරීමේදී සුදුසුකමක්‌. පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ පටි තුනක්‌ ඇන්දට සාජන් කෙනෙක්‌ වෙන්නෙ නැහැ. මිනිස්‌සු පාලනය කිරීමට ඔහුට හැකියාවක්‌ තිබෙන්න ඕන. අණ දීමට හැකියාවක්‌ තියෙන්න ඕන. එ නිසා නැවත නැවත පුහුණු කිරීමේ අවශ්‍යතාවක්‌ තිබෙනවා.

අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම ජනතාවගේ මානව හිමිකම්වලට ප්‍රධාන තැනක්‌ හිමිකර දී තිබෙනවා. නමුත් අපේ පොලිසියේ ඇතැම් නිලධාරීන් එය දන්නේ නැද්ද?

මානව හිමිකම් ගැන පොලිසිය දන්නව. මුල් කාලයෙ ඉඳන්ම පොලිසියට මේක ඉගැන්නුව. එ ඉගැන්වීම් නිසාම පොලිසියෙ අයත් තමන්ගෙ මානව හිමිකම් කඩවුණාම අධිකරණයෙන් සහන ලබාගත් අවස්‌ථා තියෙනව. කාටවත් කියන්න බෑ පොලිසිය මානව හිමිකම් ගැන දන්නෙ නෑ කියල. මානව හිමිකම් නඩුවලින් සියයට විසිපහකට තිහකට වඩා සාර්ථක වෙලා නැහැ. සමහරු පොලිසිය අධෛර්යයට පත් කරන්නත් මානව හිමිකම් නඩු අධිකරණයට ගේනව. මානව හිමිකම් රකින්න කියල අපරාධකාරයොත් කෑගහනව. මේ මානව හිමිකම් නඩු නිසා අපරාධ මර්දනය කිරීමට පොලිස්‌ නිලධාරීන් අධෛර්යවත් වූ අවස්‌ථා තියෙනවා. එය රටට භයානක තත්ත්වයක්‌.

නමුත් අපේ රටේ බොහෝ පොලිස්‌ නිලධාරීන් නිල ඇඳුම දාගත් පසු දේශපාලකයන්ට සහ රටේ යමක්‌ කමක්‌ කළ හැකි අයට හැර සාමාන්‍ය ජනතාව වෙත අධිකාරි බලයක්‌ පටවන්නට පුරුදු වී සිටිනවා. පොලිසිය තුළ මේ බලය ගොඩනැඟුණේ කොහොමද?

අධිකාරී බලයක්‌ ඕනම හමුදාවක තියෙනවා. එ අධිකාරී බලය නැත්නම් රාජකාරි කරන්න බැහැ. කෙනකුට තිබිය යුතු බලතල පහක්‌ තිබෙනවා. අධිකාරී බලය, නීත්‍යානුකූල බලය, පුද්ගලික බලය, විශේෂඥ ඥනය, හැකියාවන් නිසා ඇති කරගන්නා බලය එAවායි. නායකයකුට ඔය බලතල පහම අවශ්‍යයි. නායකයෙක්‌ සමාජයට බලපෑම් කරන්නේ මේ බලතල පාවිච්චි කරලයි. තමන්ට පහළ නිලධාරීන්ට මඟ පෙන්වන්නත් මේ බලතල පාවිච්චි කරනවා.

නමුත් නිල ඇඳුම් දාගත්ත ඇතැම් සාමාන්‍ය පොලිස්‌ නිලධාරීන් පවා දේශපාලකයන්ට සහ සමාජයේ යමක්‌ කළ හැකි අයට එක විදිහකටත් පොදු මහජනතාවට තවත් විදිහකටත් සලකන්නේ ඇයි? ඔවුන්ට එ බලය එන්නෙ කොහෙන්ද?

පොලිසියේ සියයට අසූ පහක්‌ එහෙම නැහැ. යම්කිසි සුළු ප්‍රමාණයක්‌ ඔබ කියන ඔය තත්ත්වයට පත්වෙලා ඉන්නව. නමුත් මේ සුළු ප්‍රමාණය විශාල කරල පෙන්වනව. මම ඒක වැරදියි කියන්නෙ නැහැ. පොලිසිය වැනි ආයතනයක යම්කිසි ප්‍රමාණයකට ජනතාව තුළ පාලනයක්‌ ඇති කරන්න උනන්දුවක්‌ ඇති කරන්න, තමන්ගේ සේවය ලබාගන්න එසේ කිරීමේ වරදක්‌ නැහැ. මාධ්‍යයට එහෙම කරන්න නිදහසක්‌ තියෙනව. හැබැයි එ නිදහස වල් බූරු නිදහසක්‌ නෙමෙයි.

නමුත් අද පොලිස්‌ නිලධාරීන්ගේ පවුල්වල අය පවා පොලිස්‌ නිලධාරීන්ගේ බලය අතට ගන්න තරම් දියුණුවෙලා ඉන්නවා නේද?

අද ලංකාවේ දවසකට අපරාධ දාහක්‌ එක්‌දාස්‌ පන්සීයක්‌ විතර වාර්තා වෙනව. ඔය වැනි සිදුවීම් තිබෙන්නෙ එවායින් කීයක්‌ද? ක්‍රමානුකූලව බැලුවොත් ඉතාම සුළුයි. නමුත් ඒක මිනිස්‌සුන්ට බය උපදවන දෙයක්‌.

නමුත් පසුගිය කාලේ උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදය විනාශ කිරීම සම්බන්ධයෙන් හමුදාවට සහ පොලිසියට ජනතාව තුළ විශාල ගෞරවයක්‌ තිබුණා. නමුත් මාලබේ සහ අඟුලාන සිදුවීම් දෙක නිසා පොලිසිය පිළිබඳ ජනතාව තුළ තිබූ ප්‍රතිරූපය මුළුමනින්ම කණපිට හැරුණා නේද?

එ සිදුවීම් දෙක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. නමුත් එ සිදුවීම් දෙක නිසා මුළු පොලිසියම කඩාවැටුණ කියල කියන්නත් බැහැ. අපි එහෙම හිතල තීරණයකට එනව නම් ලෝකයේ වෙනත් රටවල සිදුවන සිදුවීම් ගැන මොනවද කියන්නේ? එංගලන්තය පවා මේ විදිහේ රාජකාරී පැහැර හැරීම් සම්බන්ධව පොලිස්‌ කොමිසම් කීයක්‌ පවත්වල තියෙනවද? නමුත් අපේ රටේ සංඛ්‍යාත්මකව බැලුවොත් එවැනි සිදුවීම් ඉතාම අඩුයි. සුළු ප්‍රමාණයක්‌ වුවත් මේවාට ඉඩ දෙන්න පුළුවන්කමක්‌ නැහැ.

පොලිසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයකුගේ වගකීම පොලිසියට දරන්න බැරිනම් ජනතාව පොලිසිය කෙරේ විශ්වාසයක්‌ තබන්නෙ කොහොමද?

එක සිදුවීමකින් පමණක්‌ එහෙම තීරණය කරන්න එපා. පොලිසිය පිළිබඳ ජනතාවගේ විශ්වාසයක්‌ තියෙනවා. මා පොලිස්‌පති ලෙස කටයුතු කළ අවදියේ 119 දුරකථනය තිබුණේ මගේ යටතේ. එ සඳහාම පමණක්‌ මම නිලධාරියෙක්‌ පත් කරල තිබුණ. එ පැමිණිලිවලට ගත්ත පියවර මට නැවත දන්වන්නට ඕන. එවැනි ක්‍රියාදාමයන් දැනුත් සිදුවෙනව.

නමුත් ජනතාව බලාපොරොත්තු වන හැමදෙයක්‌ම කරන්න පොලිසියට පුළුවන්කමක්‌ නැහැ. කිසියම් පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගන්න යමෙක්‌ පැමිණිල්ලක්‌ කළාට අපි එකවරම එහෙම කරන්නෙ නැහැ. සාක්‍ෂි එකතු කරලයි එවැනි ක්‍රියාදාමයකට යන්නෙ. එ ප්‍රමාදය තුළ පොලිසිය ඔහුගෙන් පගාව ගෙන ඔහු අත්අඩංගුවට නොගෙන සිටියා යෑයි චෝදනාත් එල්ල වෙන අවස්‌ථා තියෙනවා. එ නිසා මේක සංකීර්ණ ප්‍රශ්නයක්‌. මම කියන්නෙ පොලිසියේ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ කරන මෙවැනි දේ සුළුකොට තකනවා කියන එක නෙමෙයි. එයට අනිවාර්යයෙන්ම විනයානුකූලව ක්‍රියා කළ යුතුයි. එය අනික්‌ අයට ආදර්ශයක්‌ විය යුතුයි.

මේ පිළිබඳ ගන්නා විනයානුකූල ක්‍රියාමාර්ග ඉබි ගමනින් සිදුවෙන බවට පළවන වාර්තා ඇත්තද?

මේ පිළිබඳ අනුගමනය කරන ක්‍රියාමාර්ග සියල්ල එළිපිට නොකියවෙන නිසා සමහරුන්ට එහෙම හිතෙනව ඇති. එA සියල්ල හෙළි කරන්න පුළුවන්කමක්‌ නැහැ. වරායේ දූෂණ ක්‍රියා සිදුවෙනවයි කියල එතන නිලධාරීන්ට ගන්නා විනයානුකූල ක්‍රියාමාර්ග පත්තරේ දාන්න බැහැ. එහෙම කියල ඔවුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග නොගෙන ඉන්නෙත් නැහැ.

අපරාධ මර්දනය සඳහා පොලිසිය නිතරම මහජන සහයෝගය බලාපොරොත්තු වෙනවා. නමුත් මාලඹේ සහ අඟුලානේ වැනි සිදුවීම්වලින් මහජන සහයෝගය පොලිසියට නොලැබී යනවා නේද?

මහජන සහයෝගය පොලිසියට හැමදාමත් තිබුණ. එ වගේම අතීතයේත් මෙවැනි සිදුවීම් තිබුණ. මෙවැනි සිදුවීමක්‌ වූ විට කළ යුතු වන්නේ වරද කළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමයි. මෙවැනි වරදවල් කරන අනෙක්‌ අයටත් ආදර්ශයක්‌ වන පරිදි එය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි කටයුතු කිසිසේත් අනුමත කළ නොහැකියි.

පොලිසියේ ඇතැම් නිලධාරීන් මෙවැනි වැරදිවලට යොමුවන්නේ ඇයි කියන කාරණයට විසඳුමක්‌ හැටියට ඔබ යෝජනා කරන්නේ කුමක්‌ද?

පොලිසියට ආධුනිකයන් බඳවා ගැනීමේදී ඔවුන් වෙත විශේෂ අවධානයක්‌ යොමු කළ යුතු වෙනවා. පොලිසියට බඳවාගත යුත්තේ ඊට සුදුසු මානසිකත්වයක්‌ ඇති අයයි. අධ්‍යාපනික සුදුසුකම්, උස, පපුව හරියට තියෙන්න පුළුවන්. භෞතික සුදුසුකම්වලින් පමණක්‌ කෙනකු පොලිසියට සුදුසු වන්නේ නැහැ. ඔහු මානසික පරීක්‍ෂණයකටත් යොමු කළ යුතු වෙනවා.

දෙවැන්න පසුබිම් පරීක්‍ෂණයයි. බඳවා ගන්නා පුද්ගලයාගේ පවුලේ තරාතිරම ඔහුගේ සමාජ මට්‌ටමත් සොයා බැලිය යුතුයි. අපරාධයක්‌ හඳුනාගැනීමට ඇති සහජ හැකියාව පුද්ගලයකු පොලිසියට බඳවා ගැනීමට විශේෂ සුදුසුකමක්‌. අපරාධ විද්‍යාවේ දැක්‌වෙන පරිදි යම් පුද්ගලයෙක්‌ අපරාධයකට යොමුවන්නේ කරුණු කිහිපයක්‌ සම්පූර්ණ වුණොත් පමණයි. එනම් ලාභය, අවදානම, අතීත පළපුරුද්ද සහ පාරිසරික අවස්‌ථා යන කරුණු සම්පූර්ණ විය යුතුයි.

කෙනෙක්‌ ඕනෑම අපරාධයක්‌ කරන්නේ ලාභයක්‌ බලාපොරොත්තුවෙන්. එය මානසික ලාභයක්‌, මූල්‍යමය ලාභයක්‌ හෝ ගෞරවනීය ලාභයක්‌ වෙන්න පුළුවන්. එසේම අවදානම වැඩිනම් එA ලාභය ගන්න යන්නෙ නැහැ. අතීත පළපුරුද්ද යනු අපරාධ සිදුකර තමන් ලබා ඇති අත්දැකීමයි. ඔහුට අවදානම අඩුයි. පාරිසරික අවස්‌ථාවනුත් අපරාධයක්‌ සිදු කිරීමට අවශ්‍යයි. අපරාධ විද්‍යාවේ එය සමීකරණයකින් දැක්‌වෙන්නේ ඨ-R+CH+Eධ යනුවෙන්. මෙහි ඨ යනු ලාභයයි. R යනු අවදානමයි. CH යනු අතීත පළපුරුද්දයි. Eධ යනු පාරිසරික අවස්‌ථාවනුයි. අපරාධකරුවකුගේ මනස හැමවිටම ක්‍රියා කරන්නේ මේ සංකල්පයන් තුළයි. නමුත් අපරාධකරුවකු බලාපොරොත්තු වන ලාභය අඩු කිරීමට පොලිසියට පුළුවන්කමක්‌ නැහැ. අපරාධකරුවකුගේ අතීත පළපුරුද්ද නැති කිරීමටත් පොලිසියට පුළුවන්කමක්‌ නැහැ. එම නිසා අපරාධ මර්දනය කිරීමට නම් පොලිසියට කළ හැක්‌කේ අවදානම (R) වැඩි කර පාරිසරික අවස්‌ථා (Eධ) හැකිතාක්‌ අවම කිරීම පමණයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v