|
|
|
|

අනේ මහතුනි, බලව වියතුනි
විභාගෙට වන අභාගේ !
මෙම සටහන තැබෙන්නේ මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති
පසුගියදා පැවති උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ
ප්‍රශ්න බොහොමයක් විභාගයට පෙර සීමිත සිසු පිරිසකට ලැබී ඇත යන
ප්‍රවෘත්තිය සහ ඊට විභාග කොමසාරිස්‌තුමා දක්‌වන ප්‍රතිචාරය
පිළිබඳව කෙරෙන විමර්ශනයට ඌණ පූර්ණයක් ලෙසය.
එම සිද්ධිය සැකෙවින් මෙසේය. මාතර, තංගල්ල හා අගනුවරට ආසන්න
තැන් කීපයක පූර්ණකාලීනව ජීව විද්‍යා ටියුෂන් පංති පවත්වන
උපාධිධාරියෙකු නොවන පුද්ගලයෙකු විසින් උසස් පෙළ විභාගයට පෙර
පැවති අවසාන පන්තියේදී තම සිසුන්ගෙන් ලිපිනය ලියූ ලියුම්
කවරයක් ලබාගෙන ඇත. අනතුරුව උසස් පෙළ විභාගයේ ජීවවිද්‍යා
ප්‍රශ්න පත්‍රය සඳහා නියමිත දිනට දින 2-3 කට පෙර එම ලියුම්
කවරයේ බහා "අවසාන ක්‍ෂණික පරිශීලනය ලෙසින් නම් කළ පිටු 8 කින්
යුත් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් එකී සිසුන් වෙත එවා ඇත. (මෙය
විභාගයට දින 2-3 කට පෙර අදාළ සිසුන් අතට පත් වූ බව පැහැදිලිව
සනාථ වු කරුණකි.) පරිගණකයෙන් යතුරුලියනය කොට මුද්‍රණය කර තිබූ
මෙහි පිටු 1 1/2 ක ඉඩක් සිසුන් ඇමතීම සඳහා යොදාගෙන තිබූ අතර
ඉතිරි පිටු 6 1/2 සමන්විත වූයේ ජීව විද්‍යා විෂයේ ඇතැම් කොටස්
අළලා සකස් කළ ප්‍රශ්න හා විෂය කරුණු රැසකිනි. ඉන් ඇතැම් ඒවාට
පිළිතුරු එහිම සපයා තිබූ අතර අනෙක්‌වා සඳහා තම පුනරීක්‍ෂණ
පාඨමාලාවේ නිබන්ධන අංක ඉදිරිපත් කොට ඒවා හොඳින් බලාගන්නා ලෙස
සඳහන් කර තිබිණි. මෙම විෂය කරුණු සංග්‍රහයේ සමහර කොටස් සඳහා
පමණක් "විශේෂයෙන් වැදගත්" යන්න හැඟවීම සඳහා තරු ලකුණු කීපයක්
හෝ පරිගණකයෙන් ලබාගත හැකි "සිනා මුහුණ" සංකේතය හෝ යොදා තිබිණි.
වැදගත්ම කරුණ නම් එසේ වැදගත්කම ඉස්‌මතු කොට තිබු කොටස්
අතුරින් 80% පමණ ම මෙවර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ
ඇතුළත්ව තිබීමයි. ( දින 2 තුළ පැවැත්වූ ජීව විද්‍යාව ප්‍රශ්න
පත්‍රය කොටස් 3 කින් සමන්විත විය. එනම් පැය දෙකක් තුළ
පිළිතුරු සැපයිය යුතු වූ ප්‍රශ්න 60 කින් සමන්විත බහුවරණ
ප්‍රශ්න පත්‍රය පැයක කාලයකින් පිළිතරු සැපයිය යුතු වූ ව්‍යqහගත
මාදිලියේ හෙවත් ප්‍රශ්නය සමඟහ දී ඇති හිස් ඉඩෙහි පිළිතරු
ලිවීය යුතු වූ ප්‍රශ්න 4 ක්‌ද, ප්‍රශ්න 8 කින් 4 ක් තෝරාගෙන
පැය 2 ක කාලයකින් පිළිතුරු ලිවිය යුතු වූ රචනා මාදිලියේ
ප්‍රශ්න පත්‍රයද වශයෙනි.) එසේ විභාගයට ලැබී තිබු ප්‍රශ්න අතර
රචනා මාදිලියේ ප්‍රශ්න 6 න් 5 1/2 ක්‌ම විය. ව්‍යqහගත රචනා
මාදිලියේ ප්‍රශ්න අතුරින් විශාල කොටසක්‌ද (එම කොටස දැනට තීරණය
කර ඇත්තේ විභාගයට පෙනි සිටි සිසුන් මතකයෙන් කියන තොරතුරු
වලිනි. ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු ලියා භාරදිය යුතු බැවින් එම
ප්‍රශ්න පත්‍රයේ පිටපත් සිසුන් අතර නැත) බහුවරණ ප්‍රශ්න
පත්‍රයේ 60 න් 12 කට අදාළ පිළිතුරු ද එහි තිබිණි.
දැන් ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ මෙකී "ගුරුවරයා" ට එලෙස
විභාගයට ලැබී තිබු ප්‍රශ්aන විශාල සංඛ්‍යාවක් ඊට දින 2 කට පෙර
තම සිසුන් අතර ලබාදීමට හැකිවී ඇත්තේ හුදෙක් විභාගයට ලැබෙන
ප්‍රශ්න අනුමාන කිරීමට තමන් සතුව ඇති කුසලතාවය නිසාද නැතහොත්
අනියම් ක්‍රමයකින් ප්‍රශ්න පත්‍රය පිළිබඳ තොරතුරු ලබාගැනීම
නිසාද යන්නයි. පිළිතුර මෙයින් කුමක් වුවත් විභාග
දෙපාර්තමේන්තුව වෙතින් බරපතල වරදක් සිදුව ඇත. ප්‍රශ්න පත්‍රයේ
තොරතුරු විභාගයට පෙර පිට වුනි නම් ඒ සම්බන්ධයෙන් විභාග
දෙපාර්තමේන්තුව සෘජුවම වගකිවයුතු බව අමුතුවෙන් පැහැදිලි කළ
යුත්තක් නොවේ. එහෙත් හුදු අනුමාන කිරීමකින් මෙම ප්‍රශ්න
සිසුන්ට ලබාදිය හැකිව තිබේ නම් මෙතරම් සාර්ථක අනුමාන කිරීමකට
අවශ්‍ය වාතාවරණය කලක් තිස්‌සේ ගොඩනංවා තිබීමෙන් විභාග
දෙපාර්තමේන්තුව වරදක් කර ඇත. ඒ කෙසේ දැයි යන්න ඉදිරියට
විස්‌තර කෙරෙන අතර මෙය වරදක් හෙවත් සිසුනට අසාධාරණයක් වන්නේ
කෙසේ දැයි පළමුව විස්‌තර කළ යුතුය.
උසස් පෙළ විභාගයේදී විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමට සලකා බලනු
ලබන්නේ එක් එක් සිසුවා ලබාගන්නා ලකුණු නොව ඒ ඇසුරෙන් ගණනය
කරනු ලබන ඉසඩ් අගයයි. එය ගණනය කිරීමට යොදාගනු ලබන සමීකරණය අනුව
ඕනෑම ශිෂ්‍යයකුගේ ඉසෙඩ් අගය එම ශිෂ්‍යයාගේ ලකුණ මත මෙන්ම රටේ
සමස්‌ත සිසුන්ගේ ලකුණු මත ද රඳයි. උදාහරණයක් ලෙස ප්‍රශ්න
පත්‍රයට ලකුණු 60 ලබාගත් සිසුවෙකු සලකමු. සිසුවා එම ලකුණු
ලබාගෙන ඇත්තේ හැමදෙනාටම පහසු වු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු
ලිවීමෙන් නම් මෙම ලකුණු ප්‍රමාණයට ලැබෙන ඉසෙඩ් අගය අඩුවන අතර
වැඩිදෙනකුට අසීරු වූ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමෙන්
ලබාගන්නේ නම් එම ලකුණු ප්‍රමාණයටම ලැබෙන ඉසෙඩ් අගය ඉහල අගයක්
වේ. වෙනත් වචනවලින් කිවහොත් යම් සිසු පිරිසකට නියම හෝ අනියම්
ආකාරයෙන් විභාග ප්‍රශ්න දින 2 3 කට කලින් ලැබීම නිසා ඔවුන් ඒවා
සියල්ලටම නිවැරදි පිළිතුරු ලිවීම හා එමගින් වැඩි ලකුණු
ලබාගැනීම හේතු කොටගෙන, එකී වරප්‍රසාදය හිමි නොවූ සමස්‌ත ශ්‍රී
ලංකාවේම අනෙකුත් සිසුන්ගේ ඉසෙඩ් අගය පහළ යැමක් සිදුවේ. මේ
අනුව මෙය මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යා විෂයයෙන් පෙනී
සිටි සියලූම සිසුනට බලපාන ප්‍රශ්නයකි. එය සනාථ කරන උදාහරණයක්
මෙහිදී සඳහන් කිරීම වටී. පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ
ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට ඉල්ලූම් කළ සිසුන් සීමිත ගණනකගේ
ලකුණු නැවත සමීක්‍ෂණයේදී ඉහළ යැම හේතුකොට ගෙන ඔවුන්ගේ ඉසෙඩ්
අගය ඉහළ යන අතරතුර එසේ නැවත සමීක්‍ෂණයට ඉල්ලූම් නොකළ සිසුන්ගේ
ඉසෙඩ් අගයන් පහළ යැම නිසා සිසුන් රැසකගෙන් තමන්ට ලැබෙන්නට තිබූ
සරසවි වරම අහිමි වී ගොස් ඇත.
මේ අනුව බලන කල මෙවර උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට
වීමක් සිදු වුවත් නැතත් අවසාන මොහොතේ සිසුන් දහසකට වැඩි
පිරිසකට ලැබී ඇති ආන්දෝලනයට තුඩුදුන් ප්‍රශ්න පත්‍රය නිසා රටේ
අනෙකුත් සියලු සිසුන්ගේ අගය පහළ යැමේ අවදානම අප හමුවේ පවතී.
කෙසේ වුවද 2009.8.18 දින "දිවයින" පත්‍රයේ පළවූ පරිදි
ආන්දෝලනයට තුඩුදුන් මෙම ටියුෂන් ප්‍රශ්නෝත්තර සංග්‍රහය
සම්බන්ධයෙන් විභාග කොමසාරිස්‌වරයා පවසන්නේ උසස් පෙළ ජීව
විද්‍යා ප්‍රශ්න පත්‍රය වේලාසන පිටවීමක් සිදුව නැති බවයි.
එවැනි ප්‍රකාශයක් ඔහුට කළ හැක්‌කේ ප්‍රශ්න පත්‍රය සම්පාදනය කළ
මහාචාර්යවරුන්ට එය ලබාදී විභාග ප්‍රශ්න පත්‍රය සමග එය සසඳා
ඔවුන් ලබාදෙන නිර්දේශය අනුව පමණි. විභාග දෙපාර්තමේන්තුවට මෙම
ප්‍රශ්නෝත්තර සංග්‍රහය හෙවත් ලේඛනය ලැබුණේ 2009.8.17 දින සවස්
කාලයේදී යෑයි අපි සිතමු. මක්‌නිසාද මේ පිළිබඳ ආන්දෝලනය මුලින්ම
ඇතිවුණේ එදින උදෑසන නිසාය.
ඉන් පසුව තැන තැන විසිරී සිටි ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්‌ඩලය
(හෙලිකොප්ටර් මගින් ?) ගෙන්වා ඔවුන්ට එම ලේඛනය ලබාදී ඒ පිළිබඳ
"පූර්ණ විමර්ශනයක්" සිදු කොට එදිනට පත්‍රය මුද්‍රණයට යන්නට
පෙර අවසන් නිගමනයක් දීමට තරම් විභාග කොමසාරිස් තුමා
කාර්යක්‍ෂම වීම ජාතියේ වාසනාවකි. එහෙත් එතුමන්ගේ එම නිගමනයෙහි
විශ්වසනීයත්වය පිළිබඳ අපට සැකයක් ඇති වන්නේ එතුමන්ගේ අතීත
වැඩපිළිවෙළ මෙනෙහි කරන විටය. එතුමන් තරම් ප්‍රශ්නවලට මුහුණ
දුන්නා වූත් ඒ සියල්ල හමුවේ තම තනතුරු රැකගැනීමට සමත් වූත්
වෙනත් විභාග කොමසාරිස්‌වරයෙකු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු
ඉතිහාසයෙහි නැතැයි සිතේ. ඒ සියල්ල මෙනෙහි කිරීමට මෙහි ඉඩ නැතත්
උදාහරණයක් ලෙස එක් කරුණක් හෝ නැවත සිහිගැන්විය යුතුය. එනම්
මීට වසර 2 -3 කට පෙර උසස් පෙළ රසායන විද්‍යා බහුවරණ ප්‍රශ්න
පත්‍රයේ පිළිතුරු පත් ඇගයීම සම්බන්ධ අර්බුදයයි. එහිදී කිසිදු
දෝෂයක් සිදුව නැති බව එතුමන් පුන පුනා සඳහන් කරමින් සිටියදී
දෙමාපියන්ගේ ඉල්ලීම මත එම පිලිතුරු පත් නැවතත් පරීක්‍ෂා කරන
ලෙසට ජනාධිපති නියෝගයක් ලැබිණ. ඒ අනුව පිළිතුරු පත් නැවත
පරීක්‍ෂා කළ විට සිදුවූයේ කුමක්‌ද? සිසුන් දහස් ගණනකගේ ලකුණු
වෙනස් වී වරද නිවැරදි වීමයි. ඒ නිසා විභාග කොමසාරිස්‌ගේ
ප්‍රකාශ කෙරේ ජනතාව තුළ විශ්වාසයක් නැත. ඇතැම් මාධ්‍යවලට
විභාග කොමසාරිස්‌වරයා ප්‍රකාශ කර ඇත්තේ ආන්දෝලනයට තුඩුදුන්
පත්‍රිකාවේ ප්‍රස්‌ථාර 20 ක් පමණ ඇතත් ඉන් විභාග ප්‍රශ්න
පත්‍රයේ ඇත්තේ එකක් පමණක් බවයි. විභාග කොමසාරිස්‌තුමා සඳහන්
කරන්නේ කවර පත්‍රිකාවක් ගැන දැයි අපි නොදනිමු.
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ එකම ප්‍රස්‌ථාරයක්
වත් නැත. එහෙත් එක් පිටුවක් පිරෙන්නට කුඩා රූප සටහන් නම්
තිබිණ. එසේ ඉදිරිපත් කර ඇත්තේ අපිච්ඡද පටක, ග්‍රන්ථිමය අපිච්ඡද
පටක සම්බන්ධක පටක හා ශාක පටක යන කොටස් 4 ට අයත් රූප සටහන්
කීපයකි. එලෙස කාණ්‌ඩ 4 ක් යටතේ දී තිබූ රූපසටහන් අතුරින්
අපිච්ඡද පටක සම්බන්ධක පටක හා ශාක පටක යන පටක කාණ්‌ඩ තුනකටම
අයත් රූප සටහන් කිහිපයක් විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යqහගත රචනා
කොටසට ලැබී තිබූ බව සිසුහු පවසති. එමෙන්ම ආන්දෝලනයට තුඩුදුන්
ප්‍රශ්නෝත්තර සංග්‍රහය තුළ විෂය කරුණු පන්සියයක් පමණ ඇතැයි
සඳහන් කිරීමෙන් විභාග කොමසාරිස්‌තුමා බලාපොරොත්තු වන්නේ එවැනි
විශාල කරුණු සමුදායක් දුන් විට එයින් කොටසක් විභාගයට පැමිණීම
සාමාන්‍ය දෙයක්‌ය යන අදහස ඇති කිරීම විය හැකියි. එහෙත් සැබෑව
නම් එහි ඇති විෂය කරුණු ප්‍රමාණය පන්සියයක් වන්නේ නම්
සම්පුර්ණ විෂය නිර්දේශයේ ඇති කරුණු ප්‍රමාණය පන්දහස ඉක්‌ම
වීමයි. පිටු 30 ඉක්‌ම වූ උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශය
සහ මෙම ආන්දෝලනයට තුඩුදුන් පිට 6 1/2 ක ප්‍රශ්නෝත්තර සංග්‍රහය
යන දෙකම අතට ගෙන විෂය කරුණු සැසඳීමකින් මෙය ඕනෑම කෙනෙකුට
තහවුරු කරගත හැක.
සම්පුර්ණ විෂය නිර්දේශයෙන් එවැනි සුළු කොටසක් පමණක් ඇතුළත්
කළ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක. එයිනුත් කොටසකට පමණක් තරු ලකුණු
හා සිනාමූණු දමා වැදගත්කම ඉස්‌මතු කොට තිබියදීත්, එසේ වැදගත්කම
ඉස්‌මතු කළ කොටස් අතුරින් 30% පමණම විභාග ප්‍රශ්න පත්‍රයට
ඇතුළත් වී තිබියදීත් ඒ අතර රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6 න්
5 1/2 ක් පමණම ඊට ඇතුළත්ව තිබියදීත් විභාග කොමසාරිස්‌තුමා
සඳහන් කරන්නේ මෙය කිසිසේත් සැලකිල්ලට ගත යුතු නැති සාමාන්‍ය
දෙයක් බවද? විභාගයකදී මෙපමණ ප්‍රමාණයක් ප්‍රශ්න නිවැරදිව
අනුමාන කළ වෙනත් අවස්‌ථාවක් තිබේද? එබඳු හාස්‌කමක් කළ වෙනත්
ගුරුවරයෙකු සිටිද? උසස් පෙළ ජීව විද්‍යා විෂයට ටියුෂන් පන්ති
පවත්වන බහුතරයක් ගුරුවරු විද්‍යා උපාධිධාරීහු වෙති. ඒ අතර
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) ආචාර්ය උපාධිධාරී
කථිකාචාර්යවරයෙකුද වෙයි. ඒ කිසිවෙකුටත් කල නොහැකි වූ දේ උසස්
පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යාගත නොහැකි වූ මෙම ටියුෂන්
ගුරුවරයාට කළ හැකි වී ඇත්තේ කෙසේද? මොහු උසස් පෙළ හදාරන
අවධියේ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට තිබු තරගය අදට
සාපේක්‍ෂව ඉතා අඩුය) මෙය ටියුෂන් ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ තරු
ලකුණු හා සිනා මුහුණු මගින් හුවා දක්‌වා ඇති කොටස් හා විෂය
කරුණු කොපමණ ප්‍රමාණයක් විභාග ප්‍රශ්න පත්‍රයේ කවර තැන්වල
තිබෙන්නේ දැයි විභාග කොමසාරිස් තුමාට හෝ ප්‍රශ්න පත්‍ර
සම්පාදක මණ්‌ඩලයට හෝ මාධ්‍යයට ප්‍රකාශ ලබාදුන් ශ්‍රී
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ටියුෂන් මාස්‌ටර්ට හෝ නොපෙනේ නම්
මාතර ප්‍රධාන පාසල්වල ජීව විද්‍යා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්
කරන්න. එවිට එය ඔවුන් මනාව පෙන්වා දෙනු ඇත.
අවසන් වශයෙන් සඳහන් කළයුතු වන්නේ පෞද්ගලික පන්ති ව්‍යාපාරයේ
ප්‍රමිතිය ගුරුවරුන්ගේ සුදුසුකම්, අයකරන ගාස්‌තු, සිසුනට ලැබෙන
පහසුකම් යනාදිය පිළිබඳවද, රජයේ මැදිහත් වීමක් අවශ්‍ය බවයි.
- විෂය ප්‍රාමාණික
දෙමාපිය විවරණයකි |
|
|
|