|
|
|
|

යුද මතක පොත
පරන්තන් ජයගැනීමට
නෙවිල් හි කළ සටන
මේජර්
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
"වන්නියේ එක බිම් අඟලක් අල්ලගන්න දෙන්නේ
නැහැ" යනුවෙන් වහසි බස් දොඩමින් සිටි ප්‍රභාකරන්ට පුනරීන් සහ
එA-32 මාර්ගය අහිමිවීමෙන් බොහෝ පාඩු සිදුවිය. එම පාඩුව යුදමය
වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද බලපා ඇති බව පැහැදිලිය.
පුනරීන් සිට පලාලි ගුවන් හමුදා කඳවුරට, සහ මුහමලේ ඉදිරි
ආරක්‍ෂක වළල්ලට මි.මී. 130 කාලතුවක්‌කු යොදාගෙන එල්ල කළ
ප්‍රහාර නතර කිරීමට සිදුවීම සහ කිලාලි කලපුව යොදාගෙන, ගෙන ගිය
ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් නතර කිරීමට සිදුවීම එබඳු
තත්ත්වයක් ඇතිවීමට හේතු පාදක විය.
නොසිතූ, නොපැතූ ලෙස පුනරීන් අහිමි වීමෙන් බිඳවැටුණු කොටින්ගේ
මානසිකත්වය යළි ගොඩනඟා ගැනීමටවත් ඉඩ නොතබා 58 වැනි සේනාංකය
පුනරීන් සිට පරන්තන් දක්‌වා මෙහෙයුම් ආරම්භ කිරීම කොටි
ත්‍රස්‌තවාදීන්ට දරා ගැනීමට නොහැකි විය. ආරක්‍ෂක හමුදා පරන්තන්
වෙත පැමිණීම කිලිනොච්චිය, අලිමංකඩ, මුහමලේ, නාගර්කෝවිල් යන
ප්‍රදේශ සියල්ල අහිමිවීමට හේතුවන බව දන්නා කොටි ත්‍රස්‌තවාදීන්
ආරක්‍ෂක හමුදාවන්ගේ ආගමනය වැළැක්‌වීම සඳහා පුනරීන්-පරන්තන්
මාර්ගයේ පිහිටි නෙවිල් ප්‍රදේශය හරහා කිලාලි කලපුවේ සිට
කිලිනොච්චිය නගරයේ දකුණු ප්‍රදේශය දක්‌වා දැවැන්ත පස්
බැම්මක් සහ එA හා සමානම දිය අගලක් ඉදි කළහ.
මෙම අභියෝගය ජය ගැනීම සඳහා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ
නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය පුනරීන් සිට පරන්තන් දෙසට
වැටී ඇති මාර්ගය ඔස්‌සේ ඉදිරියට පැමිණියේ එම මාර්ගය දෙපස වූ
ප්‍රදේශය ද සියතට ගනිමිනි. මෙලෙස ඉදිරියට පැමිණි එම සේනාංකයට
පුනරීන්-පරන්තන් මාර්ගය යොදාගෙන ඉදිකර තිබූ කොටින්ගේ ගුවන්
පථයක් සියතට ගැනීමට ද එක් අවස්‌ථාවකදී හැකි විය. කොටි
ත්‍රස්‌තවාදීන් මෙලෙස මහාමාර්ග යොදාගෙන ගුවන් පථ ඉදිකරන්නට
ඇත්තේ ගුවනේ සිට නිරීක්‍ෂණය කළත් හඳුනාගැනීමට අපහසු වීම සඳහා
විය යුතුය. වන්නි මෙහෙයුම අවසන් වන විට මෙබඳු ගුවන් පථ 7 ක්
පමණ සොයා ගැනීමට ආරක්‍ෂක හමුදා සමත්වී තිබිණි. මෙබඳු ගුවන් පථ
කිහිපයක්‌ම ආරක්‍ෂක හමුදාවන් විසින් සොයාගෙන තිබූ එක්
අවස්‌ථාවකදී එක් පුද්ගලයකු සඳහන් කර තිබුණේ විදේශීය
මැදිහත්වීමක් කර කොටි ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට සහ මෙරට
ආක්‍රමණය කිරීම සඳහා එම ගුවන් පථ ඉදිකර ඇති බවයි. නමුත් එම
පුද්ගලයා කළ බොහෝ ප්‍රකාශ මෙන්ම එම ප්‍රකාශ ද මිථ්‍යාවක් බවට
පත් විය.
එම ගුවන් පථය පිහිටි ප්‍රදේශය මුදාගනිමින් ඉදිරියට පැමිණි 58
වැනි සේනාංකයට මීළඟට ජය ගැනීමට තිබුණේ ගස්‌කොළන් වලින් තොරවූ
හිස් භූමි ප්‍රදේශයකි. කොටි ත්‍රස්‌තවාදීන් තම ආරක්‍ෂක බැම්ම
ඉදිකිරීම සඳහා නෙවිල් ප්‍රදේශය තෝරාගන්නට එක් හේතුවක් වූයේ
ආරක්‍ෂක හමුදාවන් එම මුඩු බිම් පසුකරන විට ප්‍රතිප්‍රහාර දීම
පහසු වන නිසාය. මෙම හේතුව නිසා 58 වැනි සේනාංකයට එම ප්‍රදේශය
තුළ දී මෙහෙයුම් කිරීමට සිදුවූයේ රාත්‍රි කාලයේදීය. කොටි
ත්‍රස්‌තවාදීන්ගේ දුර සිට ප්‍රහාර එල්ල කළ හැකි ස්‌නයිෆර්
ප්‍රහාරයන්ගෙන් හමුදා සෙබළුන් ආරක්‍ෂා කරගැනීමට එබඳු පියවරක්
ගැනීමට සිදුවී තිබිණි.
මෙම අවස්‌ථාව වන විට කොටි නායක ප්‍රභාකරන්ගේ බොහෝ අපේක්‍ෂාවන්
බිඳ වැටී තිබුණත්, එම අවස්‌ථාවේදී නම් එක් අපේක්‍ෂාවක් ඉටු
විය. එම අපේක්‍ෂාව නම් කොටි නායකයා අපේක්‍ෂා කළ පරිදි මෝසම්
වැසි ඇදහැලීමයි. කොටි නායකයා සහ සමහර යුද විශ්ලේෂකයන්
කිලිනොච්චිය ආරක්‍ෂක හමුදාවන්ගේ සොහොන බවට, එසේත් නොමැති නම්
හිට්‌ලර්ගේ හමුදාව රුසියාවේ ස්‌ටාලින්ග්ගෑඩයේ දී මෙන්
ෙ€දවාචකයකට මුහුණ දෙන බව කීවේ මෙම මෝසම් වැස්‌ස විසින් ඇති
කරනු ලබන තත්ත්වය පසුබිම් කරගෙනය. කොටි නායකයාත්, යුද
විශ්ලේෂකයනුත් අපේක්‍ෂා නොකළ පරිදි මෝසම් වැසි මධ්‍යයේ ද
මෙහෙයුම් ඉදිරියටම සිදු කිරීමට හමුදාපති සරත් ෆොන්සේකා තීරණය
කර තිබිණි.
මෙම තත්ත්වය තුළ කෙතරම් මෝසම් වැසි ඇදහැලුණත්, විවෘත භූමියක්
හරහා ගමන් කිරීමට තිබුණත් රාත්‍රි කාලයේදී වළවල් කපමින්, අගල්
කපමින් එම අභියෝගය ජය ගැනීම ආරක්‍ෂක හමුදාවන්ගේ සැලසුම විය.
කොටි ත්‍රස්‌තවාදීන් ඉදිකළ පස් බැම්ම අඩි 8 ක් 10 ක් අතර
උසකින් වූ අතර ඊට සමාන්තරව කපා තිබූ දිය අගල අඩි 6 කට වඩා
ගැඹුරකින් යුතු විය. මෙම අභියෝගය ජය ගැනීමේ වගකීම පැවරී තිබුණේ
9 වැනි ගැමුණු සහ 10 වැනි ගජබා යන බලඇණි වෙතය.
බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු වූ 58 වැනි
සේනාංකය නෙවිල් ප්‍රදේශයේ ඉදිකළ පස් බැම්මට වම්පසින් සටන්
වැඳී සිටි අතර මේජර් ජනරාල් ජගත් ඩයස්‌ගේ නායකත්වයෙන් යුතු වූ
57 වැනි සේනාංකය එA-9 පාරට සහ කිලිනොච්චිය නගරයට වම් පසින් වූ
ප්‍රදේශයේදී එම පස් බැම්ම සහ දිය අගල ජය ගැනීමට මෙහෙයුම් සිදු
කරමින් තිබිණි. ස්‌ථාන දෙකකින් එක් වර ප්‍රහාර එල්ල කළත්,
කොටි ත්‍රස්‌තවාදීන් වෙතින් එල්ල වූ අභියෝගය දැඩි වූ නිසා සටන
දින කිහිපයක් පුරාම පැවතිණි. මෙම තත්ත්වය තුළ සමහර පුද්ගලයන්
හමුදාව කිලිනොච්චිය කියා මැදවච්චියට යන බව ප්‍රකාශ කිරීමට
අවස්‌ථාව කරගෙන තිබිණි. කෙසේ වුවත් හමුදාව කිලිනොච්චියට යන
දිනය තවදුරටත් ඉක්‌මන් කරන ජයග්‍රහණයක් වූ නෙවිල් ප්‍රදේශයේ
ඉදි කළ කොටි පස් බැම්ම සහ දිය අගල අවසානයේදී 58 වැනි සේනාංකයට
අයත් 9 වැනි ගැමුණු සහ 10 වැනි ගජබා යන බලඇණි විසින් ජයගනු
ලැබිණි.
නෙවිල් ප්‍රදේශය හරහා ඉදි කළ පස් බැම්ම ජයගත් 58 වැනි සේනාංකය
පුනරීන්-පරන්තන් මාර්ගය ඔස්‌සේ තවදුරටත් ඉදිරියට ගමන් කළ අතර,
කොටි ත්‍රස්‌තවාදීන් සින්නපරන්තන් ප්‍රදේශයේදී ද ආරක්‍ෂක
හමුදාවන්ගේ ඉදිරි ගමන නතර කිරීමට තවත් උත්සාහයක් දැරීය.
සින්නපරන්තන් ප්‍රදේශය යනු මීට වසර කිහිපයකට පෙරදී ද ආරක්‍ෂක
හමුදාවන් කිලිනොච්චිය මුදාගැනීමට කළ සටනකදී දරුණු සටන් පැවති
ප්‍රදේශයකි. කොටි ත්‍රස්‌තවාදීන්ට හුරු පුරුදු සටන් බිමක්
වුවත් එම භූමියේදී ද කොටි ත්‍රස්‌තවාදීන්ට අත් වූයේ පරාජය
පමණි.
එම ජයග්‍රහණයෙන් පසු 58 වැනි සේනාංකය පුනරීන්-පරන්තන් මාර්ගය
ඔස්‌සේ මෙන්ම එA-9 පාරට බටහිර දෙසින් පුනරීන්-පරන්තන් පාරෙන්
දකුණු දෙසට ද මෙහෙයුම් සිදු කරන්නට විය. එම මෙහෙයුම් වන්නි
මෙහෙයුමේ තීරණාත්මක ජයග්‍රහණයක් වූ පරන්තන් හන්දිය ජය ගැනීමට
හේතු විය.
එරික් ගාමිණි ජිනප්‍රිය
|
|
|
|