ජනතා කවි කොලය අනේ අපට වෙච්ච දේ· කියවන විටදි අපි පත්තර අතට ගෙන බල මැන අපරාධ අප රට සියලු තැන ගිනි ගෙන දැවෙන දුක හැම දෙන හැඳින දැන එනු මැන පෙරට ජඩ වැඩ දුරු කරනු මැන පානාතිපාතා යන සිල් පදය කියා මානා ගිනි අවි සමහරු වළට ගියා පේනා දෙය කියමි මම වැඩි දුරට නොයා ඕනා කර තිබේ කරුණා ගුණය දයා කොයි අත බැලූවත් බීගෙන මැරෙනු දැක දෙයියනි යා හැකිද මතු පරපුර ද රැක එයි ගිනි ගොඩක් දැන් මේ රුදු විපත් දැක ඇයි මිනිසුනි නිදනු දඬුවම් කරනු හැක කොටි රැළ එදා හැම තැන මැරුබව ඇත්තයි කැටි පිට කඳුළු ගැලුවා උන් රැළ තිත්තයි මැටි මෝලුන් වගේ මිනි මරණා හැත්තයි කෙටි ගමනක් නැතත් මෙය නැවතිය යුත්තයි සුලු දෙයකට පවා මිනිසකු මරණ එක බලු වැඩ මිසක මිනිසුන් හට කළ නොහැක මුළු ජනතාව පළවැනි සිල් පදය රැක කළුවර එපා රට සරුකොට නිවමු දුක ඔරුවල බන්දු
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v