ත්‍රස්‌ත විමර්ශන ඒකකය පොලිසියෙන් ප්‍රශ්න කිරීමට යයි
කුරේගේ හොරා පොලිස්‌ වැඩ ගැන
පොලිස්‌ කොමිසමත් නිහඬ වෙලා !


හේමන්ත රන්දුණු

පොලිස්‌ අධිකාරි ලක්‌ෂ්මන් කුරේ නමැත්තා පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ දා සිට ඔහු සිදු කරනු ලැබූ විවිධ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසම කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම පිළිබඳව එහි උසස්‌ නිලධාරීන් කීපදෙනකුගෙන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට යයි.

පොලිස්‌ කොමිසමේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බලා ගෙන යන බවද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

කොටි ත්‍රස්‌තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාමත මෙම පොලිස්‌ අධිකාරිවරයා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් ඉකුත් දා අත්අඩංගුවට ගත්තේය.

මෙම පොලිස්‌ අධිකාරිවරයාට එරෙහිව විභාග වූ නීති විරෝධී ක්‍රියා රැසක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණ වාර්තාවන් ජාතික පොලිස්‌ කොමිසම වෙත යවා තිබුණ ද ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ එමගින් ගෙන නොතිබූ බවද එම නිලධාරියා කියා සිටියි.

මෙම සැකකාර පොලිස්‌ අධිකාරිවරයා පොලිස්‌ දෙපාර්තමේන්තුවට එක්‌ වෙද්දී විවාහකයකු විය. පසුව මොහු බහු විවාහ සම්බන්ධයෙන්ද චෝදනා ලබා සිටියේය. ඊට අමතරව මොහුට එරෙහිව විවිධ නීතිවිරෝධී ක්‍රියා රැසක්‌ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්‌පති චන්ද්‍රd ප්‍රනාන්දු මහතා ජාතික පොලිස්‌ කොමිසම වෙත පරීක්‌ෂණ වාර්තා ඉදිරිපත් කර මෙම නිලධාරියාට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබිණි.

එහෙත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ එවකට ජාතික පොලිස්‌ කොමිසම මගින් ගෙන නොතිබිණි.

ජාතික පොලිස්‌ කොමිසම මේ වන විට අහෝසි වී ඇතත් එහි සිටි නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශ ලබා ගැනීමට ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය කටයුතු කරමින් සිටියි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v