කොටි නිසා අවතැන්වූ
හැටදහසක්‌ යළි ගම්බිම්වලට


තුෂාරී කළුබෝවිල

ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙන් උතුර හා නැගෙනහිර දෙපළාතේ අවතැන් වූ පවුල් 59608 ක්‌ මේ වන විට පදිංචි කර අවසන් බව ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

මෙම පවුල්වලට අයත් පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්‌ෂ තිස්‌ පන්දහස ඉක්‌මවා ඇතැයි පැවසූ ඇමැතිවරයා මඩකලපුව පවුල් 35766 ක්‌ ද ත්‍රිකුණාමලය පවුල් 22068 ක්‌ද මන්නාරම පවුල් 669 ක්‌ද අම්පාර පවුල් 51 ක්‌ද යාපනය පවුල් 1054 ක්‌ ද, මෙසේ පදිංචි කර අවසන් බවත් ඒ අයට අවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණ සහ වියළි සලාක ලබාදී ඇති බවත් සඳහන් කළේය. එසේ නැවත පදිංචි වූ පිරිස අතරින් වැඩි දෙනෙක්‌ ධීවරයන් වන බවත් ඔවුන් දැනටමත් ඔවුන්ගේ සුපුරුදු රැකියා ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v