කේ.පී.ගේ හෙළිදරව්වෙන් තවත් කොටි ප්‍රබලයන් දෙදෙනෙක් ඇල්ලීමට මෙහෙයුම් කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා රහස් සැලසුම් දියත් කළ ඇමරිකානු කොටි එAජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් සහ තවත් කොටි නියෝජිතයන් දෙදෙනකු වූ හිටපු ගුවන්යානා නියමුවන් වන ඥනකෝන් සොහොයුරන්ව අල්ලාගැනීම සඳහා හමුදා බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ආරක්‍ෂක ආරංචි මාර්ග කියා සිටියි. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ද මේ බව සනාථ කර තිබේ. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවක් පිහිටුවීමේ කමිටුව නමැති සංවිධානයක් පිහිටුවා කොටි සංවිධානය යළිත් පණ ගැන්වීමට සූදානම් වන්නේ මොවුන් තිදෙනා යෑයි අත්අඩංගුවේ පසුවන කොටි ආයුධ ජාවාරම්කරු කේ.පී. සහ ඔහුගේ සහායක ආනන්දන් විසින් අනාවරණය කර ඇත. චාල්ස් ඥනකෝන් සහ ජයන්ත ඥනකෝන් නමැති මෙම සොහොයුරන් දෙදෙනා සිංගප්පූරුව, ඔස්‌ටේ්‍රලියාව සහ ඇමරිකාවේ සිට කොටින්ට අවශ්‍ය සියලු දේම සපයා ඇති බවත් සිංගප්පූරුවේ සිට කොටින්ට අවි සැපසූවේ චාල්ස් ඥනකෝන්ගේ මෙහෙයවීමෙන් යෑයි ද ඔවුහු හෙළිකර තිබේ. මෙයට වසර කීපයකට පෙර චාල්ස් ඥනකෝන්ව හමුදා බුද්ධි කණ්‌ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් සාක්‍ෂි නොමැතිවීම නිසා ඔහු මුදාහැර තිබේ. කොටි බුද්ධි සේවාව විසින් චාල්ස් ඥනකෝන්ව හිටපු විදේශ ඇමැති කදීර්ගාමර්ව මෙහෙයවා ඔහුට මරණ තර්ජනයක් නැති බවට පවසා ඝාතන සැලසුම සකස් කළ බවත් කේ.පී. විසින් හෙළිකර තිබේ. කේ.පී. ගේ මෙම හෙළිදරව්වත් සමගම ඔස්‌ටේ්‍රලියාවේ පදිංචි චාල්ස් ඥනකෝන් තම නිවසින් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v