2011 දී රටම ගණන් කෙරේ
සිරිමන්ත රත්නසේකර
වසර 2011 දී දීපව්‍යාප්ත ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම්කර ඇති බව එහි අධ්‍යක්‍ෂ එච්. ආර්. ගුණසේකර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.
1981 වසරේදී පැවැත්වූ දීප ව්‍යාප්ත ජන හා නිවාස සංගණනයෙන් පසු පැවැත්වෙන ප්‍රථම දීප ව්‍යාප්ත සංගණනය මෙය වන බවත් 2001 වසරේදී සිදු කළ ජන හා නිවාස සංගණනය දිස්‌ත්‍රික්‌ක 18 කට පමණක් සීමාවූ බවත් ඒ මහතා සඳහන් කළේය.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී කටයුතු හේතුවෙන් උතුර හා නැගෙනහිර පළාතේ යම් යම් දිස්‌ත්‍රික්‌කයන් හා ප්‍රදේශයන්ගේ 2001 වසරේ ජන හා නිවාස සංගණනය කිරීමට නොහැකි වූ බවත් හෙතෙම කීවේය.
2011 වසරේ සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති දිප ව්‍යාප්ත සංගණනයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් තිබෙන බවත් ඒ අනුව මුළු රටම ආවරණය වන පරිදි සිතියම්ගත කිරීමේ කටයුතු සිදුකරන බවත් එච්. ආර්. ගුණසේකර මහතා පැවැසීය.
ලබන වසරේ ජුලි මාසය වන විට එම සිතියම් ගතකිරීමේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව ලැයිස්‌තු ගත කිරීම් කර රතු ලේඛන සකස් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම සමස්‌ත ක්‍රියාවලිය සඳහා හැත්තෑපන්දහසකට නොඅඩු නිලධාරීන් සංඛ්‍යාවකගේ සේවය ලබා ගැනීමට අපේක්‌ෂා කරන බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණය මත දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල යටතේ මෙම කටයුතු සිදුකෙරෙන බවත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.
Powered By -
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v