දකුණු පළාත් සභාව
එ.ජා.ප. ලැයිස්‌තුව සූදානම්

පියසේන දිසානායක

එක්‌සත් ජාතික පක්‍ෂය දකුණු පළාත් සභා මැතිවරණයට නවක සහ ජනප්‍රිය අපේක්‍ෂකයන් රැසක්‌ ඇතුළත් කරමින් සිය නාම යෝජනා ලැයිස්‌තුව සකසා අවසන් කොට ඇත.

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලින් අපේක්‍ෂකත්වය ඉල්ලා සිරිකොත පක්‍ෂ

මූලස්‌ථානය වෙත ලැබුණ ඉල්ලුම්පත් 400ට ආසන්න ප්‍රමාණයක්‌ අතුරෙන් මෙම දක්‍ෂ හා එ ජනප්‍රිය කණ්‌ඩායම තෝරාගත් බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය  සම්පත් සුබසිංහආරච්චි, ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්‌නායක නිළමේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) දක්‍ෂිණ ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික රයිටර් තිලකසේකර යන මහත්වරු ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ද, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කුමාරසිරි ගමගේ, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. එන්. දලුවත්ත යන මහත්වරු මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ද එ.ජා.ප. නාමයෝජනා ලැයිස්‌තුවට ඇතුළත්කොට තිබේ.

මැතිවරණය මෙහෙයවීම සඳහා දිස්‌ත්‍රික්‌ක තුනෙන් කණ්‌ඩායම් නායකයන් තුන්දෙනා පත් කිරීම සම්බන්ධව අවසන් තීරණය අද (23 දා) ගැනීමට නියමිතව ඇත.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v