|
|
|
|

අලූත් මුහුණු රැසක් සමඟ එ.ජ.නි.ස.
ලැයිස්‌තුව අනිද්දා
අනුර බාලසූරිය
දකුණු පළාත් සභාව සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග
කරන අපේක්‌ෂක නාම ලේඛනය ලබන අඟහරුවාදා (23 වැනිදා) වනවිට
පිළියෙල කර අවසන් කෙරෙන බව සන්ධානයේ ප්‍රධාන ලේකම් අධ්‍යාපන
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
අපේක්‌ෂක නාමලේඛනයට අත්සන් ලබාගැනීම ද අඟහරුවාදා සිදු කෙරෙන බව
ඇමැතිවරයා සඳහන් කළේය.
දකුණු පළාතට අයත් ගාල්ල, මාතර, හම්බන්තොට දිස්‌ත්‍රික්‌ක තුන
සඳහා සන්ධානයේ නාමයෝජනා පත්‍ර ලබන 27 වැනි දින භාරදීමට
බොහෝදුරට ඉඩ ඇති බව දැනගන්නට ඇත.
දකුණු පළාත් සභාව සඳහා දිස්‌ත්‍රික්‌ක තුනෙන්ම මෙවර අලුත්
මුහුණු රැසක් ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙවර දකුණු පළාත් සභාවට දකුණු පළාත භාර හිටපු නියෝජ්‍ය
පොලිස්‌පති ඩී. ඩබ්. ප්‍රතාපසිංහ, ජනාධිපති විදේශ කටයුතු
සම්බන්ධීකරණ ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, ඇමැති පියසේන ගමගේ
මහතාගේ පුත් චන්දිම ගමගේ, චන්දිම රාසපුත්‍ර ජනාධිපති
සම්බන්ධීකරණ ලේකම්වරයකු වන කපිල දිසානායක, ඇමැති මහින්ද යාපා
අබේවර්ධන මහතාගේ සොහොයුරකු වන සරත් යාපා අබේවර්ධන, ඇමැති
මහින්ද විඡේසේකර මහතාගේ පුත් දෙවුන්දර මහ දේවාලයේ
බස්‌නායක නිලමේ වන කාංචන විෙ-සේකර, සිනමා නිළි අනර්කලී ආකාර්ෂා
යන අය ගාල්ල, මාතර, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලින් සන්ධානයෙන්
ඉදිරිපත් වන අලුත් මුහුණු අතර සිටින බව දැනගන්නට ඇත.
|
|
|
|