ශ්‍රී ලංකා මියන්මාර පෞරාණික සබඳතා යළි සොයාගැනේ

ශ්‍රී ලංකාව සහ මියන්මාර රාජ්‍යය අතර දුරාතීතයේ සිට පැවැති සමීප සම්බන්ධතා යළි සොයා ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රකට ඉතිහාසඥවරියක්‌ වන ආචාරිණී හේමා ගුණතිලක මහත්මිය පසුගියදා මියන්මාරයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති පැරණි බගාන් රාජධානියේ කළ ගවේෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

එකොළොස්‌ වැනි සියවසේදී ආරම්භ වූ බගාන් රාජධානිය මියන්මාර සංස්‌කෘතියේ තොටිල්ල ලෙස සලකණු ලැබේ. සිංහලයනට අනුරාධපුරය සමසේ ද බුරුම වැසියනට බගාන් නුවර ද අතිශයින් අභිමානයකි. සියවස්‌ තුනක පමණ කාල පරිච්ඡේදයක්‌ තුළ දී බගාන් රාජධානියේ ඉදිකරන ලද බෞද්ධ වෙහෙර විහාර 4400 ක පමණ නටබුන් අදත් දක්‌නට ලැබේ. මේවා අතරින් ස්‌ථූප 260 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්‌ථුපවලට බොහෝ දුරට සමානතා පෙන්නුම් කරයි. ඇතැම් පිරිස්‌ සඳහන් කරන අන්දමට සියවස්‌ 7 ක්‌ පුරා යුරෝපයේ ඉදිකර ඇති කතෝලික දේවස්‌ථාන සියල්ල එකතු කළ ද එය බගාන් හි දක්‌නට ලැබෙන වෙහෙර විහාර සංඛ්‍යාවට වඩා වැඩි නොවේ.

බගාන් රාජධානියේ සමාරම්භක අවධියේ සිට ශ්‍රී ලංකාවෙන් වැඩම කළ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා විසින් ශ්‍රී ලාංකික ආගමික සහ සංස්‌කෘතික සබඳතා හඳුන්වා දී ඇති අතර පසුගියදා ආචාරිණී හේමා ගුණතිලක මහත්මිය සිදු කළ ගවේෂණවල දී ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වැඩවිසූ සුවිසල් ආවාස 4 ක්‌ ද හඳුනා ගැනිණි. එසේම මහාවංශයේ දැක්‌වෙන ප්‍රචලිත සිදුවීම් අලලා අඳින ලද සිතුවම් ගණනාවක්‌ යළි සොයා ගැනීමට ද හැකිවිණ. මේ රූපරාමු අතර මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්‌ස රජතුමා, දුටුගැමුණු රජතුමා සමග ඔහුගේ කණ්‌ඩුල හස්‌තියා ද දක්‌නට ඇත. එසේම සංඝමිත්තා තෙරණිය ජයසිරි මහා බෝ සමිඳුන්ගේ අංකුරයක්‌ රැගෙන ශ්‍රී ලංකාවට වැඩි අවස්‌ථාව ද ගැමුණු කුමරු සිය පියාණන් වූ කාවන්තිස්‌ස රජතුමා වෙත කාන්තා පළඳනා යෑවූ අවස්‌ථාව ද රූප රාමුවල නිර්මාණය වී ඇත.

තවද එකල ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ එළාර රජතුමා මහාවංශයේ දක්‌වා ඇති පරිදි සිය යුක්‌තිගරුක හා සාධාරණ පාලන සමයේදී ඔහුගේ පුත්‍රයා අශ්ව රථයක්‌ පදවා ගෙන යැමේදී සිදුවූ වරදකට දුන් දඬුවමද එහි නිරූපණය කර තිබේ.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v