|
|
|
|

මේ දූෂිත ආණ්‌ඩුවට මං එකතු
වන්නෙ නෑ!
කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි
ජයසේකර
පසුගියදා
නිකුත් කළ එක ප්‍රශ්න පත්‍රයක අරුම පුදුම ප්‍රශ්නයක් තිබුණා.
"පළවැනි විජයබා රජතුමා බුද්ධිමතෙකි, රාජ්‍ය තාන්ත්‍රිකයෙකි,
දක්‍ෂ නායකයෙකි. එතුමා වගේම කෙනෙක් අද ලංකාවේ ඉන්නවා. ඔහුගේ
නම කුමක්‌ද, "මේ කියන්නේ මහින්ද රාජපක්‍ෂ ගැනයි. මෙය හරි
විහිලුවක්. එක්‌කෝ ජනාධිපතිතුමා කල්පනා කරන්න ඕන මෙලෙස තමන්
විනාශ කරන අධ්‍යාපන බලධාරීන් සම්බන්ධව පියවර ගන්න. එහෙම
නැත්නම් එතුමා කැමැත්තෙන්ම මේ දෙය කරනවා නම් රටට දෙවියන්ගේම
පිහිටයි කියලයි අපට කියන්න තියෙන්නේ.
එක්‌සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී සහ ජාතික කලා සංසදයේ සභාපති නීතිඥ දයාසිරි ජයසේකර
මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය - ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ආණ්‌ඩුවට එක්‌වන
බව පසුගිය සතියේ ජනමාධ්‍ය වාර්තාකොට තිබුණා. කුමන කාලවකවානුවක
ද මෙම කටයුත්ත සිදුවන්නේ?
පිළිතුර - එය කවදාවත් සිදුවන දෙයක් නොවෙයි. මාව
පාර්ලිමේන්තුවට පත් කළේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අහිංසක
ජනතාව. මගේ ජීවිතයේ කිසිදාක මේ ඡන්දදායකයන් මං පාවා දෙන්නේ
නැහැ.
ප්‍රශ්නය - හදිසියේ ආණ්‌ඩුවේ ඉහළ ඇමැතිකමක් ලැබුණොත්...?
පිළිතුර - ඇමැතිකමක් නොවෙයි ජනාධිපතිකම දෙනවා කිව්වත් මේ
දූෂිත ආණ්‌ඩුවට මම එකතු වෙන්නේ නැහැ.
ප්‍රශ්නය - එ පක්‍ෂයට ආදරය නිසාද?
පිළිතුර - ඇත්තෙන්ම ඔව්. මාව පාර්ලිමේන්තුවට ගෙනාවේ මේ
පක්‍ෂයයි. රට සංවර්ධනය කරා ගෙන ගොස් ජනතාවට යහපත් අනාගතයක්
උදාකර දිය හැකි දර්ශනයක්, ප්‍රතිපත්තියක් හා පැහැදිලි
වැඩපිළිවෙළක් තිබෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයට පමණයි. එA නිසා
මම මේ පක්‍ෂයට ආදරෙයි.
ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායකත්වය ඔබ
පිළිගන්නවාද?
පිළිතුර - ඇත්තවශයෙන්ම පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහ
බුද්ධිමත් හා රට ගොඩගැනීමට හැකි පැහැදිලි ඉලක්‌ක සහගත
වැඩපිළිවෙළක් තිබෙන නායකයෙක් බව කිව යුතුයි.
ප්‍රශ්නය - නමුත් නායකත්වය සහ ඔබ අතර කිසියම් ගැටුම්කාරී
තත්ත්වයක් පවතින බව මාධ්‍ය වාර්තාකොට තිබුණා. එA මාධ්‍ය
වාර්තා බොරු කියලද ඔබ කියන්නේ...?
පිළිතුර - පක්‍ෂ නායකත්වය සහ මා අතර විස¹ගත නොහැකි කිසිම
ප්‍රශ්නයක් නැහැ. මම හැමදාමත් නායකත්වයට ගරු කරනවා. පක්‍ෂ
නායකත්වය සම්බන්ධව යම් යම් ප්‍රශ්න තිබුණත් එA ප්‍රශ්න සාකච්ඡා
කරන ස්‌ථාන අපට පක්‍ෂය තුළ තිබෙනවා. එA තැන්වලින් පිට එම
ප්‍රශ්න සම්බන්ධව කතා කරන්න මම කැමැති නැහැ.
ප්‍රශ්නය - ඔව්. ඔබ පක්‍ෂයත් පිළිගන්නවා. එහි නායකත්වයටත් ගරු
කරනවා. එසේනම් එවැනි තත්ත්වයක සිටින ඔබ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී
මණ්‌ඩලයෙන් ඉවත් වුණේ ඇයි.
පිළිතුර - කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් මා ඉවත් වුණේ ආණ්‌ඩුවට
එක්‌වීමට හෝ නායකයාට විරුද්ධව කැරැලි ගහන්නට හෝ පක්‍ෂයට
විරුද්ධව කැරැලි ගසන්න ගත්ත තීන්දුවක් නොවෙයි. එය
ප්‍රතිපත්තිමය තීන්දුවක් පමණයි.
ප්‍රශ්නය - මෙවැනි තීන්දුවක් ගැනීමට ඔබට පක්‍ෂයෙන්
අසාධාරණයක් සිදුවුණාද?
පිළිතුර - මට පුද්ගලිකව අසාධාරණයක් සිදු වුණේ නැහැ. නමුත්
පක්‍ෂය වසර ගණනක් තිස්‌සේ ගත් තීන්දු තීරණ සම්බන්ධව එක්
කරුණක් සම්බන්ධව ගැටලු මතු වුණා. අප සාකච්ඡා කළ ඉල්ලා සිටි
කරුණු සාර්ථකව ඉටු නොවනවා නම් මම ගත යුතුව තිබුණ එකම
ක්‍රියාමාර්ගය කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වීමයි.
කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ සාකච්ඡා වන කරුණු කිසිවිටකත් මා
මාධ්‍යට ලබා දී නැහැ. නමුත් අපේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ
සාකච්ඡා සියල්ල මාධ්‍යයේ පළ වනවා. එය ඉතාම වැරැදි ක්‍රියාවක්.
එම තත්ත්වය මත ඉන් ඉවත්වී ප්‍රතිපත්තිගරුකව හෘදය සාක්‍ෂියට
අනුව ජීවත්වීම මගේ හැඟීමේ හැටියට වඩාත්ම උචිතයි.
ප්‍රශ්නය - කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ රහස් මාධ්‍යට දීම හෝ එහි
කලබල ඇති කිරීම සිදුවන්නේ ඔබේ පක්‍ෂයේ විනයක් නොමැතිකම නිසා
යෑයි මා කීවොත් ඔබට ඊට එකඟ විය හැකිද?
පිළිතුර - අපේ පක්‍ෂයේ විනය යම් යම් අවස්‌ථාවල කඩා වැටී
තිබෙනවා. එA සම්බන්ධව තමයි මගෙත් ප්‍රශ්නය තිබෙන්නේ. පක්‍ෂයක්
වුණාම විනයක් තිබිය යුතු බව මා පිළිගන්නවා.
ප්‍රශ්නය - පසුගියදා පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්‌ඩල
රැස්‌වීමේදී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පක්‍ෂ නායකත්වය නිර්දය
ලෙස විවේචනය කොට තිබෙනවා. මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?
පිළිතුර - එවැනි ක්‍රියා අනුමත කළ නොහැකියි. නමුත් එක් එක්
පුද්ගලයන් සම්බන්ධව එක් එක් තීන්දු ගත්තාම තවත් පුද්ගලයකුට
එය විවේචනය කළ හැකියි. මේවා නැතිවෙන්න නම් හැම කෙනාටම සමාන
තීන්දුවක් ඇතිවිය යුතුයි. හිතමිතුරුකම්, ගෝලබාලකම් නොමැතිව
හැමකෙනාටම එක සමාන ලෙස සලකා තීන්දු තීරණ ගත යුතුයි. නීතිය
ඉදිරියේ හැමකෙනාම එක සමාන වනවා සේම විය යුතුයි. එලෙස නොවුණාම
මෙවැනි ප්‍රශ්න ඇතිවෙනවා.
ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂයේ කලා සංගමයේ සභාපතිවරයා ඔබයි.
මේ තනතුර ලබාගත් දා සිට මේ දක්‌වා කලාකරුවන් පක්‍ෂය වටා ගොනුකර
ගැනීම සඳහා ඔබ ගනු ලැබූ පියවර දෙස ආපසු හැරී බැලීමේ දී ඔබට
අවංකවම සතුටු වෙන්න පුළුවන්ද?
පිළිතුර - ඔව් ඇත්තටම මම ඉතාමත්ව සන්තෝෂ වෙනවා. තනතුර මට
භාරදුන් දවසේ සිට විශාල කැපවීමකින් මා කටයුතු කළ නමුත් මෙවැනි
කාලවකවානුවක කලාකරුවන් එකරාශි කිරීම එතරම් පහසු කාරණයක්
නොවෙයි. එය ඉතාම අමාරු කාර්යභාරයක්. එම කටයුතුවලදී අපේ
සංවිධායකවරුන්ගේ මෙන්ම දිස්‌ත්‍රික් නායකයින්ගේත් ප්‍රශ්න
ගණනාවක් තිබුණා. එA සියල්ල මධ්‍යයේ අප සියලු දෙනා යම්
මට්‌ටමකට කලාකරුවන් එකරාශීකොට තිබෙනවා.
ප්‍රශ්නය - පුළුල් ලෙස ගෙන බැලීමේදී තවමත් මහජනතාව දිනා ගැනීම
සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයට පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. ඇයි
ඔබේ පක්‍ෂය මේ තත්ත්වයට පත් වුණේ?
පිළිතුර - අතීතයේ සිට මේ දක්‌වා කිසිවිටකත් එක්‌සත් ජාතික
පක්‍ෂය බොරු කියලා නැහැ. කිසිදාක අපිට කරන්න බැරි පොරොන්දුවක්
ජනතාවට දීලා නැහැ. එලෙස දුන්න පොරොන්දුවක් කඩ කරලත් නැහැ.
බොරුව කරන දේශපාලන පක්‍ෂවලට තැනක් තිබෙන බව අද ඔප්පුවී
තිබෙනවා. එ කෙසේ වෙතත් අප මින් ඉදිරියට ද සත්‍ය ජනතාවට අවබෝධ
කර දෙමින් සිටිනවා. සත්‍ය කවදා හෝ ජය ගන්නා බව අපට විශ්වාසයි.
රටේ ආර්ථිකය, දේශපාලනය, දුප්පත් ජනතාව, අනාගතය වැනි කරුණු
සම්බන්ධව පැහැදිලි මතවාදයක් අප ගොඩනැඟිය යුතුයි.
ප්‍රශ්නය - රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇතිවී තිබෙන අර්බුදකාරී
තත්ත්වය හමුවේ එහි වගකීම භාරගෙන අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා
අස්‌විය යුතු බව ඔබේ පක්‍ෂය ප්‍රකාශකොට තිබුණා. මේ චෝදනාව පටු
දේශපාලන අරමුණු වෙනුවෙන් කළ එකක් බව පැහැදිලියි.
පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂය කිසිවිටකත් රටේ ප්‍රශ්න දඩමීමා
කරගෙන පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියා කළේ නැහැ.
නමුත් අද මේ රටේ අධ්‍යාපනයේ ෙ€දනීය තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
මේ විනාශයට වගකියන්න කවුරුත් නැහැ. වාර විභාගය සඳහා දරුවන්ට
ලබාදී තිබෙන ඇතැම් ප්‍රශ්න පත්‍රවල කුණුහරුප මුද්‍රණය කරලා.
කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. රටේ ජීවනාලිය අපේ දරු
පරපුරයි. මේ දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත කර දීම සඳහා අප කැපවිය
යුතුයි.
ප්‍රශ්නය - අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇතිවී තිබෙන මේ අවුල් සහගත
තත්ත්වයට ඔබ ඇඟිල්ල දිගු කරන්නේ කුමන පාර්ශ්වයකටද?
පිළිතුර - ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමැතිවරයා සහ පළාත් ඇමැතිවරු
දක්‌වා දේශපාලනකරණයට ලක්‌ව තිබෙන අධ්‍යාපන ක්‍ෂේත්‍රයම මේ
අපරාධයට වගකිව යුතුයි.
අද මේ රටේ අධ්‍යාපන ඇමැතිවරු දොළොස් දෙනෙක් (12) සිටිනවා.
නමුත් පාසලක වාර විභාග ප්‍රශ්නපත්‍රයක් හරියාකාරව මුද්‍රණය
කරගන්න බැහැ. ඉතිහාසයේ කිසිදාක අධ්‍යාපනයේ මෙවැනි අවුලක්
ඇතිවී නැහැ. අද ඇතැම් පළාත්වල අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ
තනතුරුවල සිටින බහුතරයක්, දේශපාලන හෙන්චයියන්. ඔවුන්
සුදුසුකම් සම්පූර්ණ කර නැහැ. ඔවුන් පාසල්, සන්ධානයේ දේශපාලන
කාර්යාල බවට පත් කරගෙන පිස්‌සු නටනවා. ශේ්‍රණිධාරී ගුරුවරු
පැත්තකට තල්ලු කර සුදුසුකම් සම්පූර්ණ නොකළ අය වැඩබලන
විදුහල්පති තනතුරුවලට පත්කොට තිබෙනවා. පරිපාලන තනතුරුත් එ
ආකාරයට සම්පූර්ණකොට තිබීම නිසා මේ අවුල් වර්ධනය වී තිබෙනවා.
පසුගියදා නිකුත් කළ එක ප්‍රශ්න පත්‍රයක අරුම පුදුම ප්‍රශ්නයක්
තිබුණා. "පළවැනි විජයබා රජතුමා බුද්ධිමතෙකි, රාජ්‍ය
තාන්ත්‍රිකයෙකි, දක්‍ෂ නායකයෙකි. එතුමා වගේම කෙනෙක් අද ලංකාවේ
ඉන්නවා. ඔහුගේ නම කුමක්‌ද, "මේ කියන්නේ මහින්ද රාජපක්‍ෂ ගැනයි.
මෙය හරි විහිලුවක්. එක්‌කෝ ජනාධිපතිතුමා කල්පනා කරන්න ඕන
මෙලෙස තමන් විනාශ කරන අධ්‍යාපන බලධාරීන් සම්බන්ධව පියවර ගන්න.
එහෙම නැත්නම් එතුමා කැමැත්තෙන්ම මේ දෙය කරනවා නම් රටට
දෙවියන්ගේම පිහිටයි කියලයි අපට කියන්න තියෙන්නේ.
ප්‍රශ්නය - මේ දිනවල පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර
උසස් පෙළ විභාගයේ ජීවවිද්‍යා ප්‍රශ්න පත්‍රය විභාග දිනයට පෙර
පිටවී තිබුණ බවට විපක්‍ෂය නැඟුව චෝදනාව මාධ්‍ය ඇමැතිවරයා තරයේ
ප්‍රතික්‍ෂේප කොට තිබෙනවා නේද?
පිළිතුර - මේ ගැන විවිධ කතා පැතිර යනවා. මේ බව අනාවරණය කළේ
ජනතා විමුක්‌ති පෙරමුණ. රාජ්‍ය ගිණුම්කාරක සභාවේත්, පොදු
ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේත් (කෝප්) අවධානය
යොමුකර මේ පිළිබඳ පුළුල් සොයාබැලීමක් කරනවා.
ප්‍රශ්නය - ඔබ ඔය කියන කෝප් කමිටුවෙන් කිසිදු ඵලක් නොමැති බවට
ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා. පසුගිය කාලය පුරාවට ඔබ ඔය කියන
කමිටුව රැස් වුණත් සාර්ථක ප්‍රතිඵලයක් මෙතෙක් ලැබී නැහැ
නේද?
පිළිතුර - ඔව්. මා ඔබේ චෝදනාව සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. මෙම
කෝප් කමිටුවෙන් සෙතක් සැලසෙනවානම් එහි සභාපති ධුරය විපක්‍ෂයේ
මන්ත්‍රීවරයකුට භාරදිය යුතුයි. එ වගේම එහි ගන්න තීන්දු තීරණ
කුමන ආණ්‌ඩුවක් යටතේ ගත්තත් කුමන ඇමැතිවරයකු යටතේ ගත්තත්
කිසියම් නිලධාරියෙක් වැරැද්දක් කර තිබෙනවා නම් එය පක්‍ෂ භේද
නොබලා වැරැද්දක් බව කිව යුතුයි.
නමුත් මේ ආණ්‌ඩුව අද කරන්නේ ආණ්‌ඩුව සිදු කළ සියලු වැරැදි
වැඩපිළිවෙළවල් ආරක්‍ෂා කිරීමයි. ඇතැම් ඇමැතිවරු කෝප් කමිටුවට
පැමිණ ඇතැම් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම නතර කරනවා. සමහර
ඇමැතිවරු කෝප් කමිටුව ඇතුළේ ජෝකර්ලා බවට පත්වෙනවා. මෙය තමයි
සැබෑ තත්ත්වය.
රටේ මූල්‍ය පාලනයක් ඇති කරන්නට නම් එ සඳහා ආණ්‌ඩුව මැදිහත්ව
කටයුතු කරන්න ඕන. නමුත් මේ ආණ්‌ඩුව කෝප් කමිටුව ඇතුළේ හොරකම
ආරක්‍ෂා කරනවා. රාජ්‍ය නිලධාරීන්, ඇමැතිවරු හොරකම් කරන විට
ඔවුන් රකින වැඩපිළිවෙළක් දියත් වෙනවා. එ නිසා මේ තත්ත්වය
වෙනස්‌කොට ශක්‌තිමත් මූල්‍ය පද්ධතියක් ඇති කළ යුතුයි.
සාකච්ඡා කළේ පියසේන දිසානායක
|
|
|
|