මහනුවර යුගයේ
දැව කැටයම් කලාව හා ශිල්පීය තාක්‌ෂණය
ශ්‍රී ලංකේය ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පයේ දැව උපයෝගීත්වයෙන්
නිර්මාණය කරන ලද නිර්මාණයෝ බොහෝ වෙති. රාජකීය හා පූජනීය
ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ශිල්පීහු දැව උපයෝගිකර ගැනීම ඈත
අතීතයේ සිටම දක්‌නට ලැබිණි. නමුත් ක්‍ෂය වන ද්‍රව්‍යයන් සේ
ගැනෙන දැව උපයෝගීත්වයෙන් ඈත අතීතයේ සිටම ලක්‌දිව පැවැති ගෘහ
නිර්මාණවල ශේෂයන් හමුවීම අල්ප වේ. එහෙත් මහනුවර යුගය වන විට
එනම් පශ්චාත් මධ්‍ය කාලීන යුගය) බොහෝ ගොඩනැගිලි හා ඉදි කිරීම්
අලංකරණ දැවයෙන් කර ඇති බව හමුවන වටිනා නිදසුන් වලින් පසක් වේ.
මහනුවර යුගයේ දැව කැටයම් කලාවේ කලාත්මක බව උත්කෘෂ්ට බව,
නිර්මාණාත්මක බව හා උසස් ශිල්පීය තාක්‌ෂණය මනාව පිළිබිඹු වන
කදිම නිදසුන් කිහිපයක් ලෙස මහනුවර මඟුල් මඩුව දළදා මාලිගය හා
සතර දේවාල පාදෙනිය විහාරය හා සමකාලීන යුගයේ ඉදි කරන ලද වළව්
(ගෘහ නිර්මාණ) හා විහාර දේවාල අම්ලම් වැනි රාජකීය හා පූජනීය
ගොඩනැගිලි පෙන්වා දීමට පුළුවන.
මහනුවර යුගයේ දැව කැටයම් කලාව පිළිබඳ තොරතුරු සෙවීමේදී
ඓතිහාසික මුල්‍යශ්‍රවලින් හෙළිවන තොරතුරු බොහෝය. එනම් ලිත
මූල්‍යාශ්‍ර දැනට ඉතිරිව ඇති පුරාවිද්‍යාත්මක ශේෂ දැව වඩුවන්
සඳහා පරිත්‍යාග කළ ඉඩම් භූක්‌ති පිළිබඳ සමකාලීන ලියවිලි අතීතයේ
පටන් වර්තමානය දක්‌වා පැවතෙන ශිල්පි පරම්පරා හා ශිල්පීන් හෙළි
කරනු ලබන තොරතුරු මේ සඳහා උපයෝගී කර ගැනීමට පුළුවන.
මහින්දාගමයෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ සංස්‌කෘතික පිබිදීම
තුළින් බොහෝ දියුණු වූ කර්මාන්ත මෙරටෙහි ඇතිවූ බව විවිධ
මූල්‍යාශ්‍ර ගත තොරතුරුවලින් හෙළි වේ. දැල කර්මාන්ත හා දියුණු
වඩු කාර්මික පිරිසක් මෙරට ඇති වීමටත් මෙම සමකාලීන සංස්‌කෘතික
පිබිදීම සමහර විට හේතු වන්නට පුළුවන. නමුත් ක්‍රි.පූ. 2-3
සියවස්‌වලට පෙර සිට දැව උපයෝගීත්වයෙන් කළ නිවාස හා නිර්මාණ
මෙරට තිබෙන්නට අවකාශ ඇත. රාවණා රජුගේ දැවයෙන් කළ දඬුමොණරය මෙයට
කදීම නිදසුනකි. එසේම විජය රජුගෙන් ඇරඹි පඬුවස්‌දෙව්,
පණ්‌ඩුකාභය රජුන්ගේ කාලය පටන්ම දියුණු වූ සමාජයක් පැවැති බව
සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් බැවින් ඔවුන්ද තම නිර්මාණ සඳහා දැව
උපයෝගි කර ගන්නට ඇත. අනුරාධපුර යුගයේ කැපී පෙනෙන ගෘහ නිර්මාණ
බොහෝමයක් ශිලා උපයෝගිSත්වයෙන් නිර්මාණය කර ඇත. ඒ යුගය වූ
දියුණු ශිලා කැටයම් අද දක්‌වාත් නොනැසී පවතී. පොළොන්නරු යුගය
වන විට ශිලා භාවිතය මදක් අවට වී ඒ වෙනුවට ගඩොල් භාවිතය හා
මැටි භාවිතය මදක් වැඩි වශයෙන් දක්‌නට ලැබේ. නමුත් මේ යුග
දෙකෙහි ද දැව භාවිතය තිබෙන්නට ඇත එහෙත් ලැබෙන පුරාවිද්‍යා
සාක්‌ෂි මද වේ. නමුත් ශිලාමය ගොඩනැගිලිවල පාදම්වල දක්‌නට ඇති
ඇතැම් කුහර හා කුඩාවළවල් දැව භාවිතයෙන් කළ දොර උළුවහු හා ජනෙල්
සවි කළ ඒවා බවට මතයක් පවතී.
පොළොන්නරුව යුගයෙන් පසු පැමිණෙන දඹදෙනි කුරුණෑගල, ගම්පොළ,
යුගවල දියුණු දැව කැටයම් කලාවක ශේෂ වර්තමානය දක්‌වාම ශේෂ වී
පවතී. ෂඪ වන බුවනෙකබාහු රජුගේ සමයේදී (කි. ව.) ඉදි කරන ලද
උඩුනුවර ගඩලාදෙණිය විහාරය ලංකාතිලක විහාරය, ඇම්බැක්‌ක අම්බලම
ආදී ස්‌ථානවල ඉතා දියුණු වූ දැව කැටයම් කලාවක් දක්‌නට ඇත.
එසේම ෂෂෂ වන වික්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. යුගයේ දී ඉදිවූ
ඇම්බැක්‌කේ දේවාලය පුරාවිද්‍යාත්මක හා කලාත්මක වශයෙන් ලොව
ප්‍රචලිත වූ දැවයෙන් නිර්මිත අගනා ගොඩනැඟිල්ලකි. මෙහි ඉතා
අලංකාර මල් ලියකමින් හා විවිධ මෝස්‌තරවලින් යුත් සත්ව හා මානව
රූපවලින් සමන්විත දැව කුළුණු දක්‌නට ඇත. මෙම ගොඩනැඟිලි තුළින්
ගම්පොළ යුගයේ දැව කැටයම් තලාවේ ශිලාමය හා දාරුමය සුසංයෝගය ද
හොඳින් නිරූපණය වේ.
මෙසේ ඈත අතීතයේ පටන් ඉදිරියට එන දැව කැටයම් කලාවේ උත්කෘෂ්ට
තාවය, අලංකාරය, කලාත්මකතාවය ශිල්පීය තාක්‌ෂණවල උච්ඡතම අවධිය
වාස්‌තු විද්‍යාවේ ප්‍රධාන අංගය සේ සැලකෙන දැව උපයෝගීත්වය හා
දැව කැටයම් කලාව හා එහි ශිල්පීය තාක්‌ෂණය පිළිබඳ තොරතුරු
ගෙවීමේදී ප්‍රථමයෙන් එකී උපයෝගීත්වය හා කලාත්මක භාවය පිළිබඳ
අවධානය යොමු කිරීම වටී. දැව වඩුවා බොහෝ විට දැව උපයෝගී කර
ගනිමින් උපරිව්‍යqහ (පියසි) උළුවහු. දොර, ජනෙල් , අත්වැල්, දැව
කුළුණු, බාල්ක හා විවිධ ගෘහ භාණ්‌ඩ, පූජා භාණ්‌ඩ තනාගෙන ඇත.
නිර්මාණයේ විවිධත්වය අනුව දැව වර්ග යෙදීමද විවිධ වී ඇත. වහල
සඳහා මෙන්ම දොර ජනෙල් උළුවහු සඳහා යොදාගෙන ඇත්තේ නෑ දැව
වර්ගයි. කැටයම් කැපීම සඳහා යොදා ගනු ලැබුයේ ලිහිල් බර අඩු
එහෙත් තද දැව වර්ගයි. සිංහල දැව කලාකරුවා අවස්‌ථාවට උචිත පරිදි
දැව යොදාගෙන නිර්මාණ කළ බව රොබට් නොක්‌ස්‌ගේ විස්‌තරවල සඳහන්
වී ඇත.
මහනුවර යුගයේ දැව කැටයම් සඳහා පාදක වූ බොහෝ මෝස්‌තර රටා වර්ග
ගණනාවක් දක්‌නට පුළුවන. මේ පිළිබඳව අධ්‍යයනය කර ඇති බොහෝ
විද්වතුන් පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ විවිධ මාතෘකා පාදක
කරගනිමින් මෙම කැටයම් නිර්මාණය වූ බවයි. ප්‍රධාන වශයෙන්
1. මල් ලියකම්, ලියවැල් මෝස්‌තර
ස්‌ත්‍රී - පුරුෂ සත්ව රූප
මනඃකල්පිත සත්ව රූප
ස්‌වාභාවික වස්‌තූන්
ජ්‍යාමිතික රටා
සමකාලීන සිදුවීම්
ආදී රටාවන් පදනම් කරගෙන නිර්මාණ බිහිවූ බව දැනට ශේෂව පවතින
පුරාවිද්‍යාත්මක නටබුන් තුළින් පැහැදිලි වේ. මෝස්‌තර සඳහා යොදා
ඇති විෂය ක්‍ෂේත්‍රය පිරික්‌සිමේදී නිර්මාණකරුවන් බොහෝ විට මල්
ලියකම් මෝස්‌තර උපයෝගී කරගෙන ඇත. මේ අතර ලියවැල් විවිධ මල්
මෝස්‌තර ශාක වර්ගවල කොළ (පත්‍ර) නිර්මාණ කර ඇත. නෙළුම් මල පුක
මල අන්නාසි මල, නාප මල, ආදි මල් කැටයම් සඳහා යොදාගෙන ඇති අතර
බෝ පත්, පලාපෙති, ලියවැල් අලංකාරය පත වශයෙන් භාවිත කර ඇත.
මහනුවර මඟුල් මඩුව, පාදෙනිය විහාරය හා ඇම්බැක්‌කේ දේවාලය මෙන්ම
සමකාලන ගිහි ගොඩනැගිලි වන මංගලගම අම්බලම, ගිරිහාගම වලව්ව
ආදිවලව් හා දේවාල විහාරවල මෙම කැටයම් දක්‌නට ඇත. මහනුවර මඟුල්
මඩුවේ හා රන් ආයුධ මණ්‌ඩපයේ මල් ලියකම් මෝස්‌තර පමණක් යොදා
ගෙන ඇත. නමුත් ඇම්බැක්‌ක දේවාලයේ හා පාදෙණිය විහාරයේ මල්
ලියකම් පමණක් නොව සත්ව රූප හා ජ්‍යාමිතික රූප ද බහුලව දක්‌නට
ඇත. ස්‌ත්‍රී - පුරුෂ මාහව රූප හා සත්ව රූප කැටයම් කිරීමට
සමකාලීන නිර්මාණකරුවා බොහෝ දක්‌ෂ වී ඇති බව පාදෙනිය විහාරයේ හා
ඇම්බැක්‌ක දේවාලයේ නිර්මාණ වලින් හෙළි වේ. මෙම කැටයම් බොහෝ විට
අඩංගු වී ඇත්තේ සෘජු දැව කණුවල වීමද විශේෂයකි. නිර්මාණකරුවා
හෙවත් දැව වඩුවා මේ සඳහා නා හල්මිල්ල ආදී සුදුසු දැව වර්ග යොදා
ගැනීම දක්‌නට ඇත. ස්‌ත්‍රි- පුරුෂ රූප භාවිතයේ දී කලාකරුවා
නළඟනක් හේවායින්, රබන් වයන්නන් මල්ලව පොර කරුවන් ළදරුවකුට
කිරි දෙන මටත් ලී කෙලි සෙල්ලම් කරන මිනිසුන් ආදී සමකාලීන දර්ශන
තල ඇම්බැක්‌ක දේවාලයේ නිරූපණය කරයි. පාදෙනිය විහාරයේ හා
ඇම්බැක්‌ක දේවාලයේ තුවක්‌කුවක් දරණ කඩුවක් රැගෙන සිටින හා
අශ්වයකු පිට යන පෘතුගීසි කාරයන් නිරූපණය කර ඇත. සමකාලීන
සිදුවීම් මෙන්ම අතීත සිදුවීම් ද නිරූපණය කැටයම් කරුවා දක්‌ෂ වී
ඇති බව මෙම කැටයම් තුළින් පැහැදිලි වේ ස්‌වාභාවික මෙන්ම
මනඃකල්පිත සතුන්ද නිරූපණය කිරීම පිළිබඳ තොරතුරු සොයා බැලීමේ දී
පැහැදිලි වන්නේ සිංහයා මොණරා, අශ්වයා, බකමූණා, අලියා, හංසයා
ආදි ස්‌වාභාවික පරිසරයේ වෙසෙන සතුන් යොදා ගනිමින් නිර්මාණ
අලංකරණය කිරීම දක්‌නට පුළුවන. මනඃකල්පිත සතුන්ද ඉතා අලංකාර ලෙස
යොදාගෙන ඇත. සැරපෙන්ඩියා, ගිජු ලිහිණියා, භේරුණ්‌ඩ පක්‌ෂියා,
කිඳුරු රූප ගජ සිංහයා, තිsඹිසි මුහුණ මේ සඳහා යොදාගෙන ඇත. මේ
සත්වයින් හුදු අලංකාරය පිණිස යොදා ගත්තද මොවුන් ස්‌වාභාවික
ලෝකයේ ජීවත් නොවේ.
ගල් බිංදුව, ලණු දඟරය, කුන්දිරික්‌කන්, මෝස්‌තරය, ලණු ගැටය.
අරිබ්බුව, නාරිලතා මල, නයි ගැටය, බෝපත් රටාව ආදී ජ්‍යාමිතික
රටාවන් තුළින් කැටයම් අලංකරණය කිරීමද ඉතා වැදගත් වේ. ප්‍රධාන
කැටයම් වටා ඇති කුඩා රාමුව අලංකාර කිරීම සඳහා මෙම මෝස්‌තර බොහෝ
විට යොදාගත් බව ඇම්බැක්‌ක දේවාලයේ කැටයම් තුළින් පැහැදිලි වේ.
මෙවන් අලංකාර කැටයම් දැව කාර්මිකයා යොදා ගත්තේ කුමන පසුතලයක්
අරභයාද? යන ගැටලුව මෙහිදී ඇතිවේ.උළුවහු කණු, පේකම දොර අගුල්,
දොර ජනෙල් පියන්, ආධාරක කණු, කලාඳ, කුරුවා, පරාල ආදි ගෘහ
නිර්මාණ ශිල්පයේ ප්‍රධාන දැව අංගද ගෘහස්‌ත ගෘහ භාණ්‌ඩ වන ඇඳ
පුටු, මේසහා පෙට්‌ටගම් ද කැවිලි අච්චු, හැදි ආණ ඔළිඳ ලෑල්ල ආදී
භාණ්‌ඩ ද විහාර දේවාලවල ඇති පූජාසන මේස දණ්‌ඩාසන, මල් ආසන ද
කැටයම් කරුවා විසින් කැටයමින් අලංකාර කරන ලදී.
විශේෂයෙන් දැව කැටයම් කරුවා පූජනීය මෙන්ම රාජකිය ගොඩනැගිලිවල
උළුවහු කණු නොයෙක් මෝස්‌තර වලින් අලංකාර කර ඇත. කුරුණෑගල රිදී
විහාරයේ උළුවස්‌ස ඉතා ප්‍රසිද්ධ වේ. එම ප්‍රසිද්ධියට හේතුව
වන්නේ එහි දැව කැටයම් ඇත් දත් ඔබ්බවා අලංකාර කර ඇති බැවිනි.
එසේම එච්. සී. පී. බෙල් මහතාගේ වාර්තාවලට අනුව දිප්පිටිය
විහාරයේ උළුවස්‌ස ඉතා අලංකාර පලාපෙති, ලියවැල් මෝස්‌තරයෙන් ද
ඇත් නැට්‌ටුවන්ගේ දෙවියන්ගේ රූපවලින් යුක්‌ත වී ඇත. ඇම්බැක්‌කේ
දේවාලයේ තලාද හා කුරුපා නොයෙක් කැටයමින් විසිතුරු කර ඇත. බොහෝ
විට කැටයම් කරුවා පේකම සඳහා නෙළුම් මල වැනි මල් වර්ග උපයෝගී කර
ගනිමින් අලංකාරණ දක්‌වා ඇත. මෙයට නිදසුන් මහනුවර ශ්‍රී දළදා
මාළිගයේ සතර දේවාලවල හා මඟුල් මඩුවේ දක්‌නට ඇත. එසේම මහනුවර
යුගයේ බොහෝ විට ගෘහ භාණ්‌ඩ වශයෙන් භාවිත කරන ලද පුටු ඇඳන් හා
පෙට්‌ටගම් ඉතා වටිනා කැටයමින් යුක්‌ත වේ. බොහෝ විට ඇඳන්වල
ඉස්‌කම (ඇන්ද) කැටයමින් අලංකාDත වේ. එසේම ඇඳ කකුල් ලියවා ලාකෂා
කර්මාන්තයෙන් අලංකාර කර ඇත. ඒ යුගයේ භාවිත කරන ලද රෙදි පිළි
ආභරණ නොයෙකුත් ලේඛන පුස්‌කොළ පොත් අසුරන ලද පෙට්‌ටගම් ද ගිල්ල
වීම්, එබ්බවීම්. හා පසාරු කැටයමින් යුත් අලංකාර කර ඇත. මේ හැර
ශිල්පියා තම මුළුතැන්ගෙයි උපකරණ න කැවිලි අච්චු, හැඳි, ආණ,
කොළොම්බු, හිරමණා වැනි භාණ්‌ඩ ද විවිධ මල් මෝස්‌තර, ජ්‍යාමිතික
රටා අනුව අලංකාර කර ඇත. උඩරට වඩු කාර්මික ශිල්පීයා හෙවත් දැව
කැටයම්කරුවා තම කලා කෞෂල්‍ය උත්කෘෂ්ට නිර්මාණ ශිල්පියා,
ශිල්පීය දක්‌ෂතාවය විදහා දැක්‌වීම සඳහා තමන්ට ආවේණික වූ සරල
ආයුධ උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණ කළ බව මෙහිදී පැහැදිලි
වේ.
මේ උසස් නිර්මාණ බිහි කිරීම සඳහා කලාකරුවා උපයෝගී කරගත්
ශිල්පීය තාක්‌ෂණය හා උපයෝගි කරගත් සරල ආයුධ පිළිබඳ තොරතුරු
සෙවීම වැදගත් වේ. මහනුවර යුගයේ ශිල්පියා සම්ප්‍රදායික මෙන්ම
දියුණු වූ ශිල්ප ක්‍රම භාවිත කරමින් මෙම නිර්මාණ කළහ. ප්‍රධාන
වශයෙන්
1. සරළ වූත් අදාළ කාර්යයට වැදගත් වූත් ආයුධ භාවිත කිරීම .
නියමිත මිනුම් ඒකක භාවිත කිරීම.
දැව ගිල්ලවීම හා දැව භාණ්‌ඩ සඳහා වෙනත් අමුද්‍රව්‍ය ගිල්ලවීම
ලියවීම
සමතල තලයක උන්නත හා අල්පෝන්නත කැටයම් යෙදීම.
සිංහල සැරසිලි කලාවට අයත් මෝස්‌තර යොදා ගැනීම මෙම ශිල්ප ක්‍රම
භාවිත කිරීමට කලාකරුවා උත්සුක විය. මේ නිර්මාණයක් කිරීම සඳහා
ශිල්පීන් විසින් එම නිර්මාණයට අදාළ ගස කපනු ලැබුවේද යම් යම්
නීති රීති හා සිරිත් ප්‍රකාර වලට අනුවයි. ගස කැපීමේ සිට
නිර්මාණයේ අවසානය දක්‌වා ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ශිල්පියා
විසින් ඉටු කරන ලදි.
මෙහිදී යොදා ගන්නා ලද ආයුධ පිළිබඳව අවධානය යොමු කළ යුතුවේ.
සිංහල වඩු කාර්මිකයන්ගේ ආයුධ බොහෝ තිබිණි. ආනන්ද කුමාරස්‌සාමිs
මහතා පවසන ආකාරයට සමකාලීන දැව වඩුවා වකකටුව මට්‌ටම් පෝරුව, යතු
කැටය අත්වෑය, ලොක වෑය, පොරව, හරස් කියත, අත් කියත, විදින
කටුව, ගිජුලේත්තුව, පීර, අතකොළුව, මිටිය ලොකු කියත, නියන්
තටුව, ලී පලන කටුව රියන් ලෑල්ල ලඹ කැටය, නූල් ලණුව, පෙති
පුල්ලෝරම. වට පුල්ලෝරම, ගල් තොරපණය, අත් තොරපණය වැනි ආයුධ
භාවිත කර ඇත. මෙම ආයුධ භාවිතයෙන් මහනුවර යුගයේ වඩු කාර්මිකයා
ඉහළ තාක්‌ෂණයත් හසුරුවා ඇත. මහනුවර පිහිටි ජාතික කෞතුකාගාරයේ
මේ පිළිබඳ උදාහරණ කිහිපයක් දක්‌නට ඇත.
හොඳ නිර්මාණයක් සඳහා නියමිත මිනුම් අනුගමනය කිරීම වැදගත් බව
ශිල්පියා අවබෝධ කරගෙන සිට බව පෙනේ. ප්‍රධාන මිනුම් ඒකකය වූයේ
වඩු කෝදුවයි. එය රියන් ලෑල්ල නම් විය රියන් ලෑල්ලේ රියන, මිටි
රියන, අඟල ආදී මිනුම් සටහන් කර තිබිණි. අවශ්‍ය මිනුම් සඳහා
භාවිත කළේ මෙම රියන් ලෑල්ලයි.
මේ නිර්මාණයක් නිම කළ පසුව එහි අලංකාරය සඳහා කැටයම් වැඩ කිරීම
සිදුවිය. මේ කැටයම් කර්මාන්තයේදී දැව ගිල්ල වීම ද වැදගත්
ශිල්පීය ක්‍රමයෙකි. ප්‍රධාන භාණ්‌ඩයේ කළ කැටයම අලංකාර කිරීම
සඳහා වෙනත් දැවයකින් එය පිරවීම දැව ගිල්ල වීමයි. කොස් හෝ
වෙනත් තෑ, දැව වර්ගයකින් කළ කැටයමට කළුවර, කළු මැදිරිය ආදී
දැවයකින් ගිල්ලවීම කර ඇත. මෙම "ගිල්ලවිලි වැඩ" බොහෝ විට
කවිච්චි කැටයම් හා පෙට්‌ටගම් වල කැටයම් සඳහා යොදාගෙන ඇත.
දැවයෙන් ගිල්ලවීම හැරුණු විට රිදී ආදී ලෝහ ද ඇත් දත් ආදී
අමුද්‍රව්‍යයද යොදාගෙන ඇත. රිදී විහාරයේ උළුවස්‌ගේ ඇත්දත්
එබ්බවීමක් ද දෙගල්දොරුව විහාරයේ බොෙda පෙට්‌ටගම් සඳහා ඇත්දත්
ගිල්ල වීම කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෞතුකාගාරයේ ඇති
ප්‍රදර්ශන භාණ්‌ඩ අතර මෙම ඇතදත් කැටයම් පෙට්‌ටි දක්‌නට ඇත.දැව
වඩුවා තම නිර්මාණයේ අලංකාරය සඳහා ලියවීම කර ඇත. මෙය කරන ලද්දේ
ලියවන පට්‌ටවලයේ අනග්‍රහයෙනි. මෙහිදී ලියවීමට ලක් වූයේ පුටු
ඇඳන් හා මේසවල කකුල්ය. එමෙන්ම ජනෙල් පොලු හා අත් වැටවල කණු
ලියා ඇත. එසේම දැක කණු විහාර දේවල හා ගෘහයෝ සඳහා යොදාගත් ද
අඩක් හෝ ලියවන ලදී. මෙම ලියවීමෙන් දැවය කහපාට ලක් කරන ලදී.
ලියවන ලද මෙම ඇඳ පුටු, මේස කකුල් ලාක්‌ෂා කර්මාන්තය උපයෝගී කර
ගනිමින් අලංකාර කර ඇත. මෙයට කදිම නිදසුන දළදාමාලිගයේ ඇති ලියවන
ලද ලක්‌ෂා වලින් අලංකාර කර ඇති අත් වැටවල කණුය.
ලියවීම මෙන්ම කැටයම් කැපීමද ඉතා විශිෂ්ට ශිල්පිය තාක්‌ෂණයකි.
ශිල්පියා කොටස් ඉවත් කිරීමෙන් විදීමෙන් යතු ගෑමෙන් හා සරල
ආයුධ භාවිත කිරීමෙන් උත්තන හා අල්පෝන්තක කැටයම් කපන ලදී. මේ
මගින් දේවාල විහාරවල කවුළු පියසි, බාල්ක කැටයම් කරන ලද
කැටයම්වල විසිතුරු බව, අලංකාර බව මෙන්ම ඉහළ ශිල්පීයත්වය
පාදෙනිය විහාරය මඟුල් මඩුව හා ඇම්බැක්‌ක දේවාලය ආදී ස්‌ථානවල
උදාහරණ වලින් පෙනේ. මෙම කැටයම් පසාරු කැටයම් ලෙස ද කරන ලදී.
කැටයමක් යෙදීමේ ප්‍රමුඛත්ව අදහස වන්නේ අලංකාරයයි. එබැවින්
ශිල්පියා එය ඉතා උත්කෘෂ්ට ලෙස ඉදිරිපත් කිරීම සඳහා සියලු ශිල්ප
ක්‍රම දක්‌වා ඇත. මෙම කැටයම් ශිල්පියා විසින් ඉදිරිපත් කරන්නේ
ස්‌ථානයට උචිත වන පරිද්දෙනි. එහිදී ශිල්පියා සමකාලීන සමාජයේ
සිදුවීම් ද උපයෝගී කරගනු දක්‌නට පුළුවන. ස්‌වාභාවික පරිසරය
නිරූපණය කිsරීමද දක්‌නට පුළුවන.
ඉතා ඈත අතීතයේ පටන් වර්තමාණය දක්‌වා දැව, දැව ගෘහ භාණ්‌ඩ
භාවිතය නොඅඩුව දක්‌නට පුළුවන. ක්‌ෂය වීමේ ද්‍රව්‍යයන් ලෙස අතීත
සටහන් අද දක්‌වා මද වුවද මහනුවර යුගය වන විට ඉතිරිව ඇති දැවමය
පුරාවස්‌තූන් බොහෝය. මෙමදැව භාණ්‌ඩ දැල නිර්මාණ තුළින් මහනුවර
යුගයේ දැව කැටයම් ශිල්පියාගේ තාක්‌ෂණික ඥණය ශිල්පීයත්වය කලා
කෞෂල්‍යය මනාව පිළිබිඹු වේ. සරල ආයුධ භාවිතයෙන් වර්තමානය
දක්‌වා නොනැසි පවතින ලෙස වටිනා දැව භාවිත කරමින් ශිල්පියා තම
නිර්මාණ කර ඇත. මේ සඳහා විවිධ ශිල්ප ක්‍රම උපයෝගී කරගන්නා ලදී.
එසේම අලංකාරය සඳහා විවිධ මෝස්‌තරයේ කැටයම් ද යොදා ගන්නා ලදි.
වර්තමානය දක්‌වා නොනැසි පවතින ලෙස කර ඇති දැව කැටයම් කලාවෙන්
උඩරට දැව කැටයම් ශිල්පියාගේ දක්‌ෂතාවය හොඳින් නිරූපණය වේ.
ආශ්‍රිත ග්‍රන්ථ
1. කුමාරස්‌වාමි ආනන්ද කේ. මධ්‍යකාලීන සිංහල කලා
2. ගුරුගේ ආනන්ද ඩබ්. පී. දඹදිව බෞද්ධ කලා.
3. ජයවර්ධන සී.ආර්. අපේ කලා ශිල්ප හා සාහිත්‍ය
4. ඥණසීහ හිමි, හේන්පිටගෙදර කලාව කුමක් නිසාද
5. සෙනවිරත්න අනුරාධ, සංස්‌කෘතිය හා කලා ශිල්ප
6. සිංහල විශ්ව කෝෂය ඪෂ
7. රොබට් නොක්‌ස් එදා හෙළදිව.
8ගීපසඑයග ඩසබැeබඑග Hසිඑදරහ දෙ සෙබැ Aරඑs සබ ෂබාස් aබා ජැහකදබග
9ගීeබැඩසර්එයබ්ල Aබමර්dය්ල න්බාහග
සුධර්මා කුමාරි පර්යේෂණ නිලධාරී මධ්‍යම සංස්‌කෘතික අරමුදල
මනුවර ව්‍යාපෘතිය
මතුසම්බන්ධයි
සුධර්මා කුමාරි |