සුළඟ පරදා දුවන මිනිසා උසේන් බෝල්ට් නම් ඒ අසහාය ක්‍රීඩකයාගේ ධාවනයට සීමා මායිම් නැති හැඩයි. අද කොපමණ වේගයෙන් දිව්වත් හෙට තවත් තත්පර දශමයකින් හෝ ඉස්‌සර වී බෝල්ට් යළි ලොව දිනන බව නම් සැබෑය. විද්‍යාව, තාක්‍ෂණය, අනාවැකි සියල්ල මේ මිනිසා හමුවේ යට යයි. ඔහුගේ රූපයේ වේගයට හෙට දිනයේ තවත් වාර්තා බිඳවැටෙනු ඇතිද? ඔහු නම් පවසන්නේ එය එසේ වනු ඇති බවයි. "මේ තරගයේදී වෙනසක් සිදුවිය හැකි බව මා කලින් ප්‍රකාශ කළා එය ඒ විදිහටම ඉටුවුණා. එය විශාල ඉලක්‌කයක්. නමුත් තත්පර 9.58 ක් තුළ එය නිමා කරන්න හැකිවීම මා ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ පිළිබඳව සැබැවින්ම සතුටු වෙනවා. අනාගතයේදී මීටත් වඩා හොඳින් මීටර් 100 ඉසව්ව නිම කරන්න තමයි මගේ අරමුණ." ඔහු ඒ ප්‍රකාශය කරන්නේ මීටර් 100 ලෝක වාර්තාව එසේත් නැතිනම් ලොව වේගවත්ම මිනිසා තමා යෑයි ලොවට කියාපාන වාර්තාව තවත් වරක් තමාගේ නම ඉදිරියේ සනිටුහන් කරමිනි. ඒ ජර්මනියේ මේ දිනවල පැවැත්වෙන දොළොස්‌වැනි ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 පිරිමි තරගයේදී තබන ලද වාර්තාවයි. එහිදී බෝල්ට් මීටර් 100 තරගය තත්පර 9.58 කට නිමා කළේය. එය ලෝක වාර්තාවකි. මින් පෙර මේ මිහිපිට කිsසිම මිනිසකු මීටර් 100 ක් තත්පට 9.58 කට ධාවනයේ යෙදිලා තිබුණේ නැත. එහි ආසන්නම අවස්‌ථාව හෙවත් පැරැණි ලෝක වාර්තාව තිබුණේ ද බෝල්ට් අතේමය. ඒ තත්පර 9.69 කි. බීජිං ඔලිම්පික් උළෙලේදී බෝල්ට් එම වාර්තාව තබා තිබුණි. බෝල්ට් එම වාර්තාව තැබුවේද තමාගේම ලෝක වාර්තාවක් අභිබවමිනි. ඒ මීටර් 100 ඉසව්ව තත්පර 9.72 කට නිව්යෝර්ක් නුවර පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී අවසන් කරමින් තැබූ වාර්තාවකි. 2008 වසරේ පැවැති එම තරගාවලියේදී නම් බෝල්ට් තමන්ගේ නොවුණු ලෝක වාර්තාවක් අභිබවා ගියේය.එම වාර්තාවට හිමිකම් කිව්වේ මෙදා ජර්මනියේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තමාට තුන්වැනියා වූ රටේම අසාෆා ෆවෙල්ඩ්. ෆැවෙල් 2007 වසරේදී තත්පර 9.74 කින් මීටර් 100 ඉසව්ව නිම කරමින් ලොව වේගවත්ම ධාවකයා ලෙස ඉතිහාසයට එක්‌ව සිටියේය. ඒත් ෆවෙල්ගේ වාර්තාව වසරක් ඇවෑමෙන් තම රටේම බෝල්ට්‌ට හිමිවිය. එතැන් පටන් බෝල්ට් ලෝක වාර්තා තැබීම පුරුද්දක් කරගත්තේය. ලොව පුරා මහත් ප්‍රසිද්ධියට පත්වූවේය. මෙවර ජර්මනියේදී බෝල්ට් යළිත් වරක් අසහාය ක්‍රීඩකයකු බවට පත් වූයේය. එම තරගයේදී බෝල්ට්‌ට තරගයක් දෙන්නටවත් ඇමෙරිකාවේ ටයිසන් ගේටවත්, ජැමෙයිකාවේ අසාෆා හැවෙල්ටවත් නොහැකි විය. බෝල්ට් තත්පර 9.58 කට මීටර් 100 දුවද්දී ටයිසන් ගේ ඒ සඳහා තත්පර 9.71 ක් ද අසාෆා පෆාවල් තත්පර 9.84 ක්‌ද කාලය ගතකර තිබුණි. ඒත් මේ ක්‍රීඩකයා එතනින් ද නවතින හැඩක් නැත්තේය. හෙට දින ඔහු එහි සීමා මායිම් තවත් බිඳිනු ඇත. ඔහු තවමත් 22 හැවිරිදිය. ඉදින් තව කොපමණ දුරක් ඔහු ඉදිරියට යනු ඇතිද?
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v