මේ දවස්‌වල අපි

ගයාන්ට ගැටලුවක්‌
"ගැහැණු ළමයි, පිරැණු හඳක්‌ සහ හතුරු හිතක්‌" කරුණාසේන ජයලත් විසින් රචනා කළ නවකාතාව ඇසුරින් "ගැහැණු ළමයි" නමින් චතුර ජයතිලක විසින් අධ්‍යක්‌ණය කළ ටෙලිනාට්‍යය සිරස රූපවාහිනී නාලිකාව ඔස්‌සේ සෑම දිනකම රාත්‍රී 8.30 ට විකාශය වනවා.

මෙහි "ලොක්‌කයියා"ගේ චරිතය රඟපාන්නේ ගයාන් වික්‍රමතිලක. දීර්ඝ ටෙලිනාට්‍ය රැසකම රඟපා ඇති ගයාන් මේ දිනවල "ගැහැණු ළමයි" සමඟ කාර්ය බහුල වෙලා. ගම්පහ අවට ප්‍රදේශයේ රෑපගත කිරීම් කෙරෙන නිසා දිගටම මේ ටෙලිනාට්‍යයේ රෑපගත කිරීම් වලට තමයි ඔහු සහභාගි වෙන්නේ. මේ නිසා පසුගිය දිනවල තවත් ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණත් ඒ සඳහා දින වෙන්කරගැනීමේ ගැටලුවකට මුහුණ පාන්නට ගායන්ට සිදු වෙලා.

වෘත්තියෙන් නළුවෙක්‌ හැටියට කටයුතු කරන අතරේ ගයාන්ගේ ඉදිරි බලාපොරොත්තුව කලා අංශයෙන් ඔහු හදාරන උපාධිය සම්පූර්ණ කිරීමයි.


සංඛගෙන් "සංක්‍රාත්ති"

සිරස සුපර් ස්‌ටාර්ස්‌ තරගාලියේ දී ජනප්‍රිය වූ තවත් ගායන තරුවක්‌ පසුගිය සතියේ දී ගීත ඇල්බමයක්‌ එළිදැක්‌වූවා. ඔහු නමින් සංඛ දිනෙත්. ආදරය සහ විරහව තේමා කොටගත් ගීත ඇතුළත් මෙම සංයුක්‌ත තැටිය "සංක්‍රාන්ති" නමින් මේ වන විට වෙළෙඳ පොළෙට නිකුත් කර තිබෙනවා.

පොප් සංගීතය, ශ්‍රාස්‌ත්‍රීය සංගීතය හා ඔපෙරා ශෛලිය උපයෝග කර ගිනිමින් මෙහි ගීත සියල්ල නිර්මාණය කර තිබෙනවා. ගායකයකු ලෙස පමණක්‌ නොව වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිsල්පියකු ලෙසට ද ප්‍රේක්‌කයන් අතර ජනප්‍රිය වී ඇති සංඛ සහභාගි වූ වෙළෙඳ දැන්වීම් අතර ලංකා බෙල්, ක්‍රීම් සෝඩා, මැලිබන් ක්‍රීම් කැකර් වැනි වෙළෙඳ දැන්වීම් ප්‍රේක්‌කයන් අතර වඩාත් ආකර්ෂණය දිනා ගත්තා.

භාත්ඛණ්‌ඩ සංගීත පරීක්‌ණයට අධ්‍යනය කරමින් සිටින සංඛ අමරසිරි පීරිස්‌, කසුන් කල්හාරයන සංගීතවේදීන් ගෙන් ආභෂට ලබා තිබෙන අතර බටහිර සංගීතයේ ආභාෂය ලබාගෙන ඇත්තේ රොහන් කෙටින් හා බ්‍රැයන් ඇඩන්ඩ් යන දෙදෙනාගෙනි.

- ශෂී

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v