කුහක මිනිස්‌සු මා ගැන බොරු ප්‍රචාර ගෙනියනවා
කංචන කොඩිතුවක්‌කු

ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ මෙන්ම සිනමාවේද ජනප්‍රිය රංගන ශිල්පියෙක්‌ පමණක්‌ නොව දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ද වන කංචන කොඩිතුවක්‌කු මේ දිනවල විශාල ප්‍රශ්නයකට මුහුණපා සිටී. මෙම ප්‍රශ්නය නිසා ඔහු මේ දිනවල සමස්‌ත කලා ක්‍ෂේත්‍රය පිළිබඳවම දැඩි කලකිරීමකට පත්ව සිටින බව අපට දැනගන්නට ලැබිණි.

"මා සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක්‌ යන බව මගේ හිතවත් අය මට බොහොම ටික කාලෙකට කලින් කිව්වා. ඒaaත් මම ගණන් ගත්තේ නැහැ. අද වන විට මේ කටකතා දරුණු විදිහට පැතිරෙමින් තියෙනවා. මේ කටකතාවේ අන්තර්ගත වන්නේ කංචන දරුණු රෝගයකින් පෙළෙන බවත්, ප්‍රතිකාර සඳහා නිතර නිතර විදේශගත වන බවත් ය. එහෙත් වෛද්‍ය පරීක්‍ෂණ වලින් නම් ඔහුට හෙම්බිරිස්‌සාවක්‌ තරම්වත් රෝගයක්‌ මේ දිනවල නැති බව තහවුරු වී ඇතැයි ඔහු අප සමග පැවැසුවේය.

"හැබැයි මට මේ දිනවල ලොකු රෝගයක්‌ තිබෙනවා. ඒ තමයි කාර්ය බහුලත්වය. කුහක මිනිසුන් පිරිසක්‌ විසින් සූක්‍ෂම ලෙස කරගෙන යන මෙම මඩ ගැසීමේ ව්‍යාපාරය කොතරම් ලාභ උපයන්නක්‌ වුවත් සදාකාලික පැවැත්මක්‌ නැති ජුගුප්සාජනක ක්‍රියාවලියක්‌ බව මම ප්‍රකාශ කරනවා.

තුෂාරී කළුබෝවිල

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v