"සෝමේ" වෙනස්‌ම හීනෙක ජීවත්වන තරුණියක්‌
ප්‍රමුදි කරුණාරත්න

කරුණාසේන ජයලත් ශූරීන්ගේ "ගැහැනු ළමයි", "පිරුණු හඳක්‌" සහ "හතුරු හිතක්‌" නවකතා ත්‍රිත්වය ඇසුරින් නිර්මාණය වන ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තය මේ දිනවල කාගෙත් සිත් ගත් නිර්මාණයක්‌ වී හමාරයි. එහි බොහෝ ප්‍රේíක අවධානය තමන් වෙත නතු කරගන්නට සමත් වූ චරිතයකි "සෝමේ". මේ හරහා ඔබට සමීප වන ඇය ප්‍රමුදි කරුණාරත්න. මීට ඉහත දී ළමා චරිත රැසක රඟපා දෙස්‌ විදෙස්‌ සම්මානයට ද පාත්‍ර වූ ප්‍රමුදි අදටත් බොහෝ දෙනා හඳුනන්නේ සෝමරත්න දිසානායකගේ "සරෝජා" චිත්‍රපටයේ රඟපෑ පුංචි රංගන ශිල්පිනිය ලෙසිනි.

ඉතිං කොහොමද සෝමේ?

සෝමේ කියන්නෙ ගැහැනු ළමයි නවකතාවේ එන චරිතයක්‌. හැබැයි පොතේ නම් සෝමේට විශේෂ තැනක්‌ දීලා නැහැ. ඒත් ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නේ මෙගා සීරිස්‌ එකක්‌ විදිහට නිසා නාට්‍යයේ තිර රචනය කරන ගයිරුක පේරුසිංහ සෝමෙට විශේෂ තැනක්‌ දීලා තියෙනවා.

පාඨකයෙක්‌ ලෙසට ගැහැනු ළමයි නවකතාව ඔබ රසවිඳ තිබෙනවාද?

ඔව්, මං කියවලා තියෙනවා. පාසලේදි සිංහල විෂය ඉගෙන ගන්න නිසා ඒ අතරෙදි ගැහැනු ළමයි නවකතාවත් කියවලා තියෙනවා.

එසේ නම් සෝමෙට සාධාරණයක්‌ ඉෂ්ට කර තිබෙනවා යෑයි ඔබ හිතනවාද?

මට මගේ රඟපෑම ගැන හරියටම කියන්න බෑනෙ. ඒත් මම හිතනවා උපරිම සාධාරණත්වයක්‌ මේ වනතෙක්‌ ඉෂ්ට කළා කියලා. ඒ වෙනුවෙන් නිතරම කැපවෙනවා.

සෝමේ වෙනස්‌ම හීනෙක ජීවත්වෙන තරුණියක්‌. ගැහැනු ළමයි චිත්‍රපටයෙනුත් ප්‍රේíකයන් අතරට ගිය මේ චරිතය වෙනත් මාධ්‍යයක නිරූපණය කරන එක අභියෝගයක්‌ නේද?

සෝමේ කියන්නේ වර්තමාන පරපුර අතරේ ජීවත් වෙන තවත් එක්‌ චරිතයක්‌. ඇගේ සිහිනය නිළියක්‌ වීම. ඒත් ඒකට දුප්පත්කම හරස්‌aවෙනවා. ඒ දේ මගහරවා ගෙන තමන්ගේ හීනෙ සැබෑ කරගන්න වැරදි මාර්ගවලට පෙළඹෙන්න ඇයට සිද්ධ වෙනවා. අන්තිමට ඇය විවාහ නොවීම අම්මා කෙනෙක්‌ වෙනවා. මෙවැනි සිදුවීම් රඟපාන්න තියෙන නිසා මුලදි අම්මයි තාත්තයි අකමැති වුණා. ඒත් පස්‌සෙදි සාමාජයට මේ චරිතය තුළින් ආදර්ශයක්‌ ලැබෙයි කියලා හිතුණ නිසා අම්මගෙ තාත්තගෙ කැමැත්ත ඇතිව රඟපාන්න තීරණය කලා.

අනික හැම විටම මගේම දෙයක්‌ එළිදක්‌වන නිසා අභියෝගයක්‌ වුණේ නැහැ. චිත්‍රපටයේ චරිතය අනුකරණය කළා නම් ඒක තමයි අභියෝගයක්‌ වෙන්නෙ.

ප්‍රමුදියි සෝමෙයි එකිනෙකට සමාන චරිත කිව්වොත්?

"සෝමේ" කවද හරි නිළියක්‌ වෙන්න සිහින දකින නිතරම පත්තර කියවන, නවකතා කියවන කැපී පෙනෙන්න උත්සාහ කරන දඟකාර චරිතයක්‌. නමුත් ප්‍රමුදි කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ කෙනෙක්‌. මම නිළියක්‌ තමයි. එත් කවදාවත් හීනදැකලා නිළියක්‌ වුණ කෙනෙක්‌ නෙමෙයි. අම්ම තමයි සරෝජා චිත්‍රපටයට අයදුම්පතක්‌ දාලා ඒකේ සම්මුඛ පරීක්‌ෂණයට මාව එක්‌කගෙන ගිහින් මට රඟපාන්න අවස්‌ථාව උදාකරලා දුන්නේ.

ඒ මුල පිරුම මතක්‌ කළොත්?

මම ක්‌ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දහයක්‌ වෙනවා. කලිනුත් කිව්වා වගේ මුලින්ම ම රඟපෑවේ සෝමරත්න දිසානායකගේ සරෝජා චිත්‍රපටයේ. ඊට පස්‌සේ සෝමලතා සුබසිංහ ගුරුතුමියටතේ වේදිකා නාට්‍යය කිහිපයකම රඟපෑවා. හිමකුමාරි, වලස්‌ පවුල නාට්‍යවල ප්‍රධාන චරිත රඟ දැක්‌වුවා. එහිදී විශේෂයෙන් වේදිකාවෙන් ලබාදෙන දැනුම අතර හඬ පාලනය, රංගනය වගේ සියලුම අංග දැනගන්න ලැබුණා. ඒ අතරෙදි සරෝජා චිත්‍රපටයට ලැබුණු අන්තර්ජාතික සම්මානය නිසා මාස එකහමාරකට ඇමෙරිකාවේ ගිහින් ලෝක සිනමාව ගැන හදාරන්න පුළුවන් වුණා.

සරෝජා චිත්‍රපටයෙන් ජනප්‍රිය වුවත් ඔබ අද තාරුණ්‍යයේ පසුවන යුවතියක්‌. මේ කාලයෙදි විශේෂයෙන් පෙම්වතියගේ චරිතය රඟපාන්නද ආරාධනා කරන්නේ?

ඇත්තම කිව්වොත් ඔව්. පසුගිය කාලය පුරාවට ටෙලිනාට්‍ය කිහිපයකම චරිත ලැබුණා. ඒ හැම එකක්‌ම වගේ පෙම්වතියකගේ චරිත. කුසුමේ කියන්නෙත් ඒ වගේ චරිතයක්‌. ගැහැනු ළමයි ටෙලිනාට්‍යය භාරගත්තට පස්‌සෙදිත් තවත් චරිත කිහිපයකට කතා කළා. ඒත් එක චරිතයකට පූර්ණකාලීනව කැපවෙලා ඉන්න නිසයි ඒ වගේම ලබන වසරේ උසස්‌ පෙළ විභාගයට සූදානම් වෙන්න ඕන නිසයි ඒ චරිත භාරගන්aන බැරි වුණා. ඒ වගේම තමයි තාමත් සමහරු මං ගැන හිතාගෙන ඉන්නේ මං තාම පුංචි ළමයෙක්‌ කියලා. එයාලට මාව පේන්නේ සරෝජා චිත්‍රපටයේ රඟපාපු සරෝජා වගේලු. එක වෙලාවකට මට ඒක ලොකු ගැටලුවක්‌. මොකද කියනවනම් මම කොච්චර හොඳට චරිතයක්‌ කළත් සමහරවිට ඒ චරිතයට හොඳ ප්‍රතිචාරය නොලැබෙන්න පුළුවන්.

ඔබේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව කතා කළොත්?

මම ඉගෙන ගත්තේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙන් හා කොළඹ විශාඛා විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ විශිෂ්ට සම්මාන හයකුත් එක්‌ක 2008 දී සමත් වුණා. දැන් මම 13 වසරේ 2010 දි උසස්‌ පෙළ කලා අංශයෙන් පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා.

දිගටම රංගන කාර්යයේ නිරත වෙනවද?

මේ දවස්‌වල නම් එකම බලාපොරොත්තුව උසස්‌ පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලෙ ගිහින් උසස්‌ අධ්‍යාපනය හදාරලා අධ්‍යාපන සුදුසුකම් මත හොඳ වෘත්තියක නියෑළෙන්න. ඒ අතරේ හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් දෙමව්පියන්ගේ කැමැත්ත මත මම ඒ චරිතය රඟපානවා.

විදෙස්‌ ගත වෙන්නත් අදහසක්‌ තියෙනවා නේද?

පුංචි බලාපොරොත්තුවක්‌ තියෙනවා. උසස්‌ පෙළින් පස්‌සේ වෙනත් රටකට ගිහින් වැඩිදුර අධ්‍යාපනය ලබන්න. එත් ටික කාලෙකට. ලංකාව දාලා නම් වෙන රටකට පදිංචියට

යන්නේ නැහැ. මොකද මම ලංකාවට ගොඩක්‌ ආදරෙයි.

"කරුණාසේන ජයලත්" වැනි ප්‍රවීණ නවකතාකරුවකුගේ නවකතා ආශ්‍රයෙන් තැනෙන ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්‌ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක හැමෝටම ලැබෙන්නෙ නැති දුර්ලභ අවස්‌ථාවක්‌. මොකද මේ නවකතා අපේ සමාජයෙන් නොමැකී පවතින ඒවා. එවැනි සමාජ වටිනාකමක්‌ තියෙන දෙයකට රංගනයෙන් හෝ සම්බන්ධවීමට ලැබීම ඉතාම වටිනවා. ඒ වගේම චිත්‍රපටයත් නවකතාවත් ප්‍රේක්‌ෂක මනසේ රුඳිලා තියෙනවා වගේ ටෙලිනාට්‍යයටත් අනාගතයත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඒ කියන්නෙ ඔබ වාසනාවන්තයෙක්‌?

ඔව්, ඇත්තටම. ඒ වාසනාවට තවත් වටිනාකමක්‌ තමයි සෝමරත්න දිසානායක වැනි විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්‌ෂවරයෙකුගේ නිර්මාණයක්‌ තුළින් මුලින්ම ක්‌ෂේත්‍රයට එන්න ලැබීම. ඒ වගේම මගේ පළමු රංගනයටම අන්තර්ජාතික සම්මානයකුත්, ජනාධිපති සම්මානයකුත් ලැබුණා. ඒ දිහා බලද්දී මගේ වයසේ අයත් එක්‌ක දුර්ලභ අවස්‌ථා කිහිපයක්‌ම මට ලැබිලා තියෙනවා.

නිවේදන වෘත්තියෙන් ඈත්වෙලාද?

අනේ නැහැ. මේ දවස්‌වල දෙරණ රූපවාහිනියේ "විවාහ" වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ ඇරුනහම චැනල් සී සැටලයිට්‌ නාලිකාවේ නිවේදන කටයුතු කරනවා.

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

පවුලේ අම්මයි, තාත්තයි අයියාලා දෙන්නයි. අපේ ගම ගාල්ලේ. මගේ කලා කටයුතු නිසාම කොළඹ පදිංචියට ආවා. තාත්තනම් ව්‍යාපාර කටයුතුවල නියෑළිලා ඉන්නවා. අම්ම මගේ සෙවනැල්ල වගේ ඉන්නවා. අයියලා දෙන්නත් මගේ අඩුපාඩු පෙන්වලා හොඳ චරිත තෝරලා දෙනවා.

ලක්‌මිණී අතුකෝරල
ජායා- කමල් බෝගොඩ
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v