මේ දවස්‌වල අපි

තිලකාගෙන් ඇරයුමක්‌

දශක ගණනාවක්‌ පුරා ඔබ අප සැමගේ සවන පින වූ ඇය ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහයි. මෙපමණ කාලයක්‌ පුරාවට නිදහස්‌ මාධ්‍යවේදිනියක ලෙස සිටිමින් තමන් ලැබූ අත්දැකීම් තුළින් අලුත් පරම්පරාවට යමක්‌ ලබාදීමට කටයුතු කරමින් සිටී.

ඒ නාමල් රාජපක්‌ෂගේ තාරුණ්‍යයට හෙටක්‌ සංකල්පය හා එක්‌ව ඉප්ස්‌ ශ්‍රී ලංකා මීඩියා ඇකඩමිය නමින් ගුවන් විදුලි, රූපවාහිනි හා පුවත්පත් මෙන්ම පෞරුෂය සංවර්ධනය පිළිබඳ දැනුම බෙදා දෙන ආයතනයක ලේඛකාධිකාරිනිය වීමෙනි.

රංගන, නිවේදන සහ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම මනෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ උපදේශකවරු ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුවන්නේ ද ඇය යටතේය.

මේ පිළිබඳ කැමැත්තක්‌ දක්‌වන අය සිටීනම් නො. 60/10, ආනන්ද බාලිකා මාවත, පිටකෝට්‌ටේ යන ලිපිනයට ලිවීමෙන් වැඩි විස්‌තර දැන ගත හැකි බව ඇය වැඩිදුරටත් අපට පැවසුවාය.


මීනා "පන්දර" සමග

ප්‍රවීණ ටෙලිනාට්‍ය හා සිනමා නිළියක්‌ වන මීනා කුමාරි ගෙවී ගිය කාලය පුරා ප්‍රේක්‍ෂක හමුවට නොපැමිණි චරිතයක්‌ වුණා. වසූදා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වූවාට පසු මෙසේ නිහඬ වූ ඇය පිළිබඳ අපට පසුගිය දා සුබ ආරංචියක්‌ දැන ගන්නට ලැබුණා.

ඒ චන්ද්‍රරත්න මාපිටිගම විසින් අධ්‍යක්‌ෂණය කරනු ලබන නවතම ටෙලි නාට්‍යයේ චරිතයක්‌ සඳහා ඇයව තෝරාගෙන ඇති බව. සුනිල් රත්නායක හා ධනංජය සිරිවර්ධන විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම ටෙලිනාට්‍ය නම්කර ඇත්තේ "පන්දර" නමින්. මේ දිනවල මීනා ඇතුළු පන්දර ටෙලිනාට්‍යයේ පිරිස මෙම ටෙලිනාට්‍යයන් රූපගත කිරීම් සමග එක්‌ව සිටිනවා.

මෙහි ඇති තවත් සුවිශේෂත්වයක්‌ වන්නේ මීනාට ලැබී ඇති චරිතය ඇය මෙතෙක්‌ රඟපෑ චරිත අතර වෙනස්‌ම අත්දැකීමක්‌ වීමයි.

ශෂී

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v