කොටින්ට මිජට්‌ සබ්මැරීන් තාක්‍ෂණය දුන්නේ ජපන් විශේෂඥයන්!

කීර්ති වර්ණකුලසූරිය


ලිබියාවේ 40 වැනි සංවත්සරයට සහභාගි වූ අපේ කමාන්ඩෝ බළකායක්‌


ජපන් විශේෂඥයන්ගේ සහයෙන්
ඉදිවූ සබ්මැරීන් සැකිල්ල


කොටි වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක්‌ භාරගත් චැනල් ෆොa කණ්‌ඩායම
සැබෑ යුද අපරාධකරුවන් දෙදෙනා ප්‍රභාකරන් සහ එරික්‌ සෝල්හයිම්


* නෝවීජියානු රජය එක්‌සත් ජාතීන්ගේ මහලේකම් ලවා යළි සාම ගිවිසුමක්‌ යෝජනා කෙරේ

* සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළ යුනිසෙෆ් සන්නිවේදන ප්‍රධානී ඡේම්ස්‌ එල්ඩර් පිටුවහල් කෙරේ

* එරික්‌ සෝල්හයිම් විසින් ප්‍රභාකරන්ට ක්‍රෝන් මිලියන 16 ක්‌ දුන්නා යෑයි කරුණා කියා සිටියි.

* සංචාරකයන් වේශයෙන් රුසියානු ආයුධ එAජන්තවරු මෙරටට පැමිණි බව හෙළි වේ

* බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය මෙරට ආගමන විගමන නීතිරීති බිඳ දමයි

* හමුදාවට අවමන් කෙරෙන වීඩියෝ පටය බෙදාහැරි ඡේ.ඩී.එස්‌. කණ්‌ඩායම අපේ පාර්ශ්වයක්‌ යෑයි ඇමරිකානු කොටි එAජන්ත රුද්‍රකුමාරන් පවසයි

* කොටි සහ කොටි හිතවාදීහු බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයට තර්ජනය කරති

* ත්‍රස්‌තවාදයට දායකවූවන්ටත් ජාත්‍යන්තර සම්මාන

ත්‍රස්‌තවාදීන්ට උදව් කරන සියලු දෙනාම යුද අපරාධකරුවන් වේ"
  වැලඩ්මීර් පුටින් - රුසියානු අගමැති

ශ්‍රී ලංකාව දෙකඩ කර කොටින්ට ඊළාම් රාජ්‍යයක්‌ ලබාදීම සඳහා පිඹුරුපත් සකස්‌ කළේ නෝවීජියානු අමාත්‍ය එරික්‌ සෝල්හයිම්ය. 2007 වසරේ තායිලන්තයේ සතාහිප්හි පැවැති සාම සාකච්ඡාවලින් පසු ප්‍රභාකරන් ඝාතකයාට විශාල රූපවාහිනියක්‌ සහ මුදල් පරිත්‍යාග කළේ ද එම සෝල්හයිම් වේ. කොටි ත්‍රස්‌තයන්ට අධි සම්ප්‍රේෂණ ගුවන් විදුලි පද්ධතියක්‌ ලබාදීමට මුල් වූයේ ද මේ නෝවීජියානුවායි. එසේම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක කණ්‌ඩායම කොටුවී සිටියදී ඔවුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට බාර කර ගලවා ගැනීමේ සැලසුම  දියත් කළේ ද සෝල්හයිම් යෑයි සනාථ විය.

මේ ෙද්‍රdaහී නෝවීජියානුවා දැන් සිය "බී" සැලසුම  ක්‍රියාත්මක කර ඇත.

මෙහි පසුබිමේ සිටින්නේ ෙ-. ඕ. එස්‌. නමැති මෙරටින් පැනගිය කොටි හිතවාදී කණ්‌ඩායමයි. පසුගිය සතියේ මේ කණ්‌ඩායම ස්‌ථානගතව සිටින ස්‌ථානය ජර්මනියේ බර්ලින් නුවර යෑයි අපි අනාවරණය කළෙමු.

දැන් එය සනාථ කරන්නේ ඇමරිකාවේ කොටි එAජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන්ය.

ශ්‍රී ලංකා රජයට එරෙහිව දියත් කර ඇති ව්‍යාපාරයේ කොටසක්‌ වන්නේ මෙකී සංවිධානය බව රුද්‍රකුමාරන් වැඩිදුරටත් පවසා ඇත. මේ නිසා තවදුරටත් සාක්‍ෂි කුමකටද? ෙ-.සී.එන් නමැති කොටි හිතවාදී කණ්‌ඩායම කවුරුන් වෙනුවෙන් හඬ නඟන්නේ ද යන්න මින් සනාථ නොවන්නේද?

කොටි ඝාතක කණ්‌ඩායම සමූල ඝාතනයවීමත් සමගම මෙරටින් පැන ගිය මේ කොටි හිතවාදීහු රටවල් රැසකට යවනු ලැබූ ශ්‍රී ලංකා හමුදාවට අවමන් කෙරෙන වීඩියෝ චිත්‍රපටයේ පිටපතක්‌ එරික්‌ සෝල්හයිම් වෙතද යොමු කර තිබිණි. පසුගිය සතියේ දිනෙක සෝල්හයිම් විසින් නෝර්වේහි ආප්ටන්පෝස්‌ටන් පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් මෙලෙස දක්‌වා තිබිණි. "ද්‍රවිඩයන් දහස්‌ ගණනක්‌ අතුරුදන් වී ඇත. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන කිසිවෙක්‌ ප්‍රශ්න කළේ නැහැ. සාක්‍ෂි නැතිව පියවරක්‌ ගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකි විය. දැන් අපට අවශ්‍ය තොරතුරු ඇති නිසා ඔවුන් අත්අඩංගුවට ගත හැකිය. එසේම ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පැහැරගෙන යැම නිසා දඬුවම් කළ හැකි අපරාධයන් සිදු කර තිබේ.  සෝල්හයිම් මේ ප්‍රකාශයෙන් අත්අඩංගුවට ගත යුතු යෑයි පවසන්නේ ආරක්‍ෂක ලේකම් එවකට සිටි හමුදාපති හා යුද මෙහෙයුමට සම්බන්ධ හමුදා අණදෙන නිලධාරීන්ය. එසේම ශ්‍රී ලංකා රජයේ යුද අපරාධ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශනය කළ යුතු යෑයි ද සෝල්හයිම් ඉල්ලා ඇත.

යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවට චෝදනා නඟන සෝල්හයිම් ද ප්‍රධානතම යුද අපරාධකරුවෙකි.  සර්බියාවෙන් කොසවෝ ප්‍රාන්තය බෙදුම්වාදීන්ට ලබාදීමේ අරමුණින් සර්බියානු හමුදාවට එරෙහිව නේටෝ සංවිධානය ගුවන් ප්‍රහාර එල්ල කළ යුතු යෑයි කියා සිටියේ ද සෝල්හයිම්ය.

මේ නිසා ගුවන් ප්‍රහාරවලින් මියගිය සර්බියානු වැසියන් සම්බන්ධව එරික්‌ සෝල්හයිම් ද වගකිව යුතුවේ.

ශ්‍රී ලංකා හමුදාව එල්ල කළ ප්‍රහාර නිසා මගේ යාළුවෝ සියල්ල මැරුණා යෑයි හඬා වැලපුනු සෝල්හයිම්ගේ මේ ප්‍රකාශයෙන් පැය විසිහතරකට පසු ඇමරිකානු කොටි නියෝජිත රුද්‍රකුමාරන් ද ජාත්‍යන්තර අධිකරණය වෙතින් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද අපරාධ සම්බන්ධව පරීක්‍ෂණ කළ යුතු යෑයි කියා සිටියේය.

මෙහිදී රුද්‍රකුමාරන් සාවද්‍ය ප්‍රකාශයක්‌ කරමින් වාකරේ ප්‍රදේශයේදී කුඩා දරුවන් එල්ලා මරා දමා ඇති අතර අතවරයට ලක්‌ කළ ද්‍රවිඩ ස්‌ත්‍රීන් බෝම්බ දමා පුපුරුවා ඇති බවත් පවසා ඇත.

රුද්‍රකුමාරන්ගේ ප්‍රකාශයෙන් පසු එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇලිස්‌ටන් නමැත්තා පැවසුවේ ද්‍රවිඩ ගරිල්ලන් ඝාතනය කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්‌ ද යන්න විමර්ශනයට ලක්‌ කරනු පිණිස අන්තර්ජාතික විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

මේ අතර මෙරට දේශපාලනයට හිටි හැටියේ එක්‌වූ මනෝ ගනේෂන් නමැත්තා ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව විකාශය වූ වීඩියෝ චිත්‍රපටය පිළිබඳ ප්‍රකාශයක්‌ කරමින් මුළු ලොවම පිළිගත් ආයතනයකින් එකී වීඩියෝ පටය ගැන පරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයි ඉල්ලා ඇත.

එහෙත් ඇමරිකානු සෙබළුන් ගුවන්තනාමෝවේ කඳවුරේදී අල්කයිදා ත්‍රස්‌තයන්ට වධහිංසා පමුණුවනු හා ඉරාකයේ හා ඇෆ්ගනිස්‌තානයේ සිවිල් වැසියන් ඝාතනය කරන අයුරු දැක්‌වෙන වීඩියෝ චිත්‍රපට ජාත්‍යන්තර ආයතනයන් ලවා පරීක්‍ෂා කිරීමට ඇමරිකානු රජය ක්‍රියා කළේද?

මෙම තත්ත්වය මත එදා ඇමරිකානු ජනාධිපති වූ එAබ්‍රහම් ලින්කන් තම රටේ දකුණේ කැරලිකරුවන් පරාජය කර මුහුණපෑ තත්ත්වයටම අද වත්මන් මෙරට ජනාධිපතිවරයා ද මුහුණපා ඇත. ලින්කන් ජනාධිපතිවරයා මුහුණපෑ බරපතල ප්‍රශ්නය වූයේ රට තුළ ෙද්‍රdaහීන් සිටීමයි. දැන් මෙරට සිදුවී ඇත්තේ එම තත්ත්වයයි.

මෙය සනාථ වන්නේ නෝවීජියානු "බී" සැලැස්‌මෙනි. මාස කීපයකට පෙර බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රටවල් කීපයක්‌ එක්‌ව ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ යෝජනාව පරාජය විය.

දැන් ඉදිරිපත්වී ඇත්තේ එකී යෝජනාවේ දෙවැනි අදියරයි. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හිතවාදීන් කණ්‌ඩායම ඝාතනයවීම නිසා සෝල්හයිම් ප්‍රමුඛ නෝවීජියානු රජයේ බලධාරීහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි කෝපයෙන් පසු වනවා. ඔවුන් යළිත් රහස්‌ සැලැස්‌මක්‌ දියත් කරනවා යෑයි නෝවීජියානු ආරංචිමාර්ග අප වෙත හෙළි කළේ පසුගිය ජුනි මාසයේයි.

මේ හෙළි කිරීම අද තහවුරු වී ඇත. මෙලෙස මෙරටින් පැන ගිය කොටි හිතවාදීන් නෝර්වේ අමාත්‍ය සෝල්හයිම් එක්‌ව ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කරන බවට මුළු ලොවටම පෙන්නුම් කිරීමේ රහස්‌ මෙහෙයුම දියත් කරද්දී මෙරට යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානියා වූ ෙ-ම්ස්‌ එල්ඩර් අවතැන් වූවන්ගේ කඳවුරුවල සිටින ද්‍රවිඩ වැසියන් සාගින්නේ මියයන බවටත් ළමා ළපටින් මන්දපෝෂණයෙන් පෙළෙන බවටත් දක්‌වමින් ජාත්‍යන්තරව ප්‍රචාරයක්‌ දියත් කර ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තා විය.

මෙයට පෙර යුනිසෙෆ් සංවිධානයේ කිලිනොච්චි නියෝජිතවරිය වූ පෙනි අම්මා නමැත්තිය කොටි ත්‍රස්‌තයන් සමග එක්‌ව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර දියත් කිරීම නිසා ඇයව රටින් පිටුවහල් කෙරිණි.

මේ නිසා ෙ-ම්ස්‌ එල්ඩර් වහාම මෙරටින් පිටුවහල් කරන්නැයි රජය විසින් නියෝග කරනු ලැබීය.

මෙම නියෝගය ඉවත් කරගැනීම සඳහා එල්ඩර් ගත් දැඩි උත්සාහය ද ව්‍යර්ථ විය.

මේ අතර මෙතෙක්‌ ක්‍රියාත්මක වූ රටට පැමිණෙන අවස්‌ථාවේ සංචාරකයන්ට වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමය නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල වන බව ආරක්‍ෂක බලධාරීන්ට තහවුරු විය.

මෙය සනාථ වූයේ කොටි හිතවාදී විදේශ මාධ්‍යයන් ද සංචාරකයන් වේශයෙන් මෙරටට පැමිණීමට උත්සාහ කිරීමයි. මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන අයවළුන්ට අපේ තානාපති කාර්යාලවල නිර්දේශ මත මෙරටට එAමට ඉඩදීම කෙරේ අවධානය යොමු විය.

එහෙත් විදේශ අමාත්‍යාංශ බලධාරීහු ඊට එරෙහිවී තිබේ. මෙරටට පැමිණෙන අවස්‌ථාවේ වීසා බලපත් ලබාදීමේ ක්‍රමය නතර කළ යුතුය යන යෝජනාව කෙරේ ආරක්‍ෂක බලධාරීහු දැඩි අවධානය යොමු කළේ පසුගිය කාලය තුළ සංචාරකයන් වේශයෙන් රුසියානු අවි ආයුධ එAජන්තවරුන් ශ්‍රී ලංකාවට පැමිණි බව තානාපති නිලධාරියකු විසින් අනාවරණය කිරීමයි.

මේ අන්දමේ තොරතුරු අනාවරණය වෙද්දී උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට යෑයි දන්වමින් ඉන්දීය එන්.ජී.ඕ. සංවිධාන දෙකක හතළිහකට අධික සංඛ්‍යාවකට මෙරටට එAම සඳහා විදේශ අමාත්‍යාංශ නිලධාරීහු අවසර දී ඇතැයි වාර්තා විය.

මෙකී සංවිධාන දෙකේම සිටින්නේ හිටපු ඉන්දීය හමුදා නිලධාරීන්ය. 2002 සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකවීමත් සමගම මෙරටට පැමිණි හොරයිසන් සහ ග්‍රාම එAකක නමැති මෙකී සංවිධාන දෙක නෝවීජියානු අරමුදල් මත බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබීය.

දැන් යළිත් වරක්‌ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ඔවුහු පැමිණ සිටිති. මෙලෙස පැමිණෙන එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ විස්‌තර හෝ ඡායාරූප පවා නොමැතිව විදේශ අමාත්‍යාංශ බලධාරීහු ඔවුන්ට මෙරටට එAමට නිර්දේශ කරන්නේ කෙසේද?

මේ අතර 2002 සහ 2004 වර්ෂවල නෝවීජියානු විදේශ අමාත්‍යාංශය විසින් කොටි ත්‍රස්‌තවාදීන්ට ක්‍රෝන් මිලියන 17.5 ක මුදලක්‌ ප්‍රදානය කර ඇතැයි අනාවරණය විය. (රුපියල් මිලියන 262.5 කි) කොටින්ට මෙලෙස ප්‍රදානය කළ මුදල් සම්බාරය ගැන නෝවීජියානුවන් ප්‍රකාශයක්‌ කරමින් පැවසුවේ ශ්‍රී ලංකා රජයේ අනුදැක්‌ම මත එකී මුදල් කොටි සාම මහලේකම් කාර්යාලයට බැර කළ බවයි. එහෙත් මේ තොරතුරු සියල්ල මෙරට ජනතාවට වසන් වී තිබිණි. (Aකක එයෑ මෙබාs දෙර එයෑ ඛඔඔE චැaජැ seජරුඒරස්‌එ ය්ඩැ ඉeeබ ටසඩැබ අසඑය එයෑ ඤබිeබඑ එයෑ ඨදඩඑ දෙ Sරස ඛ්බන්)

එසේම නෝවීජියානු ඇමැතිනියක්‌ වූ අර්නා සෝල්බර්ග් ද සඳහන් කළේ කොටින්ට අරමුදල් ලැබීමට හා එAවා මෙහෙයවීමට නීත්‍යානුකූල හිමිකමක්‌ ඇති බවයි. (භදරආහ සෙරපකහ ඉeකසැඩැd එය්එ ඛඔඔE ය්s කැටසඑසප්එe රසටයඑs එද රුජැසඩැ aබා දචැර්එe මෙබාs - Eරබ් Sදකඉeට)

මේ නිසා ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සෝල්හයිම් ඇතුළු නෝවීජියානු බලධාරීහු යුද අපරාධකරුවන් නොවන්නේද?

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් පසුගිය ඉරිදා නෝර්වේ රාජ්‍යයේදී අගමැති ජෙන්ස්‌ ස්‌ටෝල්ටන්බර්ග් හමුවී සාකච්ඡා පවත්වා ඇත. මේ සාකච්ඡාවෙන් පසු නෝවීජියානු කළ කී දේ කුමක්‌දැයි අනාවරණය විය. එA ශ්‍රී ලංකාව තුළ යළිත් වරක්‌ සාම සාකච්ඡා ක්‍රියාදාමයක්‌ ආරම්භ විය යුතු යෑයි බෑන් කී මූන් විසින් පැවසීමයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිරීතිවලට ගරු කළ යුතු බවත් සුළු ජාතීන් සමග දේශපාලන ගිවිසුමක්‌ ඇති කරගත යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් පවසා ඇත.

මින් සනාථ වන්නේ හිස බෑන් කී මූන්ගේ වුවත් ප්‍රකාශය එරික්‌ සෝල්හයිම්ගේ බවයි. කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම පරාජය වී ඇති විටෙක යළි සාම ගිවිසුමක්‌ ඇති කිරීමට නෝවීජියානුවන් උත්සාහ ගන්නේ කොටින්ට යළි ජීවය දීමට නොවේද?

අවතැන් වූවන්ගේ කඳවුරුවල සිට දස දහසක්‌ පැන ගොස්‌ ඇතැයි වාර්තා වී ඇති විටෙක ද්‍රවිඩයන් සමග එකඟතාවක්‌ ඇති කරගන්නැයි බෑන් කී මූන් පවසන්නේ 2002 පෙබරවාරි 22 වැනිදා සිට ඇතිවූ තත්ත්වයන් යළි ඇරඹීමට බව සනාථ වේ. ලිබියානු නායක කර්නල් ගඩාෆි බලයට පත්වීමේ හතළිස්‌ වැනි සංවත්සරය ද පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බල ඇණියක්‌ මේ සංවත්සර උත්සවයට සහභාගි විය.

මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර බුද්ධි සේවා විවිධාකාර වේශයෙන් බුද්ධි ක්‍රියාකාරීන් කීප දෙනකු මෙරටට එවා ඇතැයි වාර්තා විය. මෙය වැඩිදුරටත් සනාථ වන්නේ ජර්මනියේ ෙ-.ඩී.එස්‌. (Jගෘගී) නමැති කොටි හිතවාදී සංවිධානය ලොව පුරා බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා හමුදාවට අවමන් කෙරෙන වීඩියෝ පටය ගැන එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති සුසන් රයිප් විසින් ප්‍රකාශයක්‌ කර එය කනගාටුවකට හේතුවන බව පැවසීය. (ඹගීග Saහි එයෑ eංeජමඑසදබ ඪසාeද සි ඩැරහ dසිඑමරඉසබට)

මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් මේ සතියේදී ද්‍රවිඩ කාන්තාවන් වීසා බලපත්‍ර රහිතව ලන්ඩනයට යෑවීමට ක්‍රියාකර ඇති අතර රජය ඊට විරෝධය පා ඇත.

මේ ද්‍රවිඩ කාන්තාවට සහය වී ඇත්තේ බ්‍රිතාන්‍ය තානාපති නිලධාරියෙක්‌ යෑයි අනාවරණය වී තිබේ. මෙරට ආගමන විගමන නීතිරීති කඩ කිරීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයට ඉඩ ලැබුණේ කෙසේද? මෙලෙස කොටි ත්‍රස්‌තවාදියකුවත් වීසා බලපත්‍ර රහිතව ලන්ඩනයට යෑවීමට බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන් ක්‍රියා කළහොත් රටේ නීතිරීතිවලට කුමක්‌ සිදු වන්නේද?. මේ අන්දමට රටේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කිරීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ පීටර් හේග් නමැත්තාට ඉඩ දිය යුතුද? කටුනායක ගුවන්තොටුපළේදී මේ ද්‍රවිඩ කාන්තාවගේ ගමන් බලපත්‍රය පවා පරීක්‍ෂාවට ලක්‌වී නැත්තේ තානාපති නිලධාරියකු නිසාය.

මේ අතර කොටින්ට මිජට්‌  වර්ගයේ සබ්මැරීන් යාත්‍රා නිපදවීම සඳහා තාක්‍ෂණය ලබාදුන්නේ සුනාමි සමයේ මෙරටට පැමිණි ජපන් විශේෂඥයන් පිරිසක්‌ යෑයි අනාවරණය වී ඇත. අවතැන්වූවන්ගේ කඳවුරක සිටියදී අල්ලාගත් මුහුදු කොටි බුද්ධි අංශ ක්‍රියාකාරිකයකු විසින් මේ ජපන් කණ්‌ඩායමේ සුලමුල හෙළි කර තිබේ. සුනාමි සමයේ ඕනෑම එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් පිරිසකට කිසිදු අනන්‍යතාවයක්‌ හෙළි නොකර මෙරටට එAමට ඉඩ ලැබීම නිසා මෙම ජපනුන් කණ්‌ඩායම ද මෙරටට පැමිණ ඇත. ආරක්‍ෂක හමුදා විසින් යුද මුක්‌ත කලාපයේ තිබී අධි බලැති සන්නිවේදන යන්ත්‍ර සහ වෙනත් ජපන් නිෂ්පාදන රැසක්‌ සොයා ගැනීමෙන් පසු කොටි හා ජපානය අතර පැවැති සබඳතාව හෙළි විය.

මේ හැර සොයාගත් මුහුදු කොටි යාත්‍රාවක සවිකර තිබුණේ ද ජපන් රේඩාර් යාත්‍රාවක්‌ යෑයි අනාවරණය විය. සුනාමි විපතින් පසු කොටින්ගේ ටී.ආර්.ඕ. සංවිධානය සමග ජපානයේ එන්.ජී.ඕ. සංවිධානය එAකාබද්ධව ක්‍රියාකර ඇති අතර එය මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ මාධ්‍යවේදිනියක්‌ යෑයි වැඩිදුරටත් හෙළිවී තිබේ. මේ ද්‍රවිඩ මාධ්‍යවේදිනිය පිළිබඳ ජපන් බුද්ධි අංශ විසින් විමර්ශනයක්‌ ද පවත්වා ඇත. කොටි හා ජපන් සබඳතාව අප මෙයට පෙර මුලින්ම අනාවරණය කළෙමු.

කොටි නායකත්වය සමූල ඝාතනය වීමට පෙර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ හමුදා කණ්‌ඩායමක්‌ විසින් අඩි 300 ක්‌ දිග අඩි 25 ක්‌ උළල උමගක්‌ හා අඩි 300 ක්‌ දිග සහ අඩි 30 ක්‌ පළල සම්බැරීන් සැකිල්ලක්‌ සොයාගනු ලැබීය.

චැනල් ෆොa රූපවාහිනිය මගින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය වීඩියෝ චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය විසින් ඊයේ එකී රූපවාහිනි මධ්‍යස්‌ථානය ඉදිරියේ විරෝධතාවක්‌ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

මේ විරෝධතාවට පෙර එම සංසදයේ නිලධාරීන්ට කොටි හා කොටි හිතවාදීන්ගෙන් මරණීය තර්ජන එල්ල විය. මේ අතර එන්.ජී.ඕ. ක්‍රියාකාරියකු වූ මාධ්‍යවේදියකු යෑයි හඳුන්වා ගන්නා තිසානායගම් නමැත්තාව ත්‍රස්‌තවාදයට අනුබල දීමේ චෝදනා මත මෙරට අධිකරණය විසින් විසි වසරක සිරදඬුවමක්‌ නියම කිරීම ගැන ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව සහ යුරෝපා ප්‍රජාව දැඩි ලෙස කම්පනයට පත්වී ඇත. ඇමරිකානු සංවිධාන මොහුට සම්මාන දීමට ද ඉදිරිපත් විය. මෙය ත්‍රස්‌තවාදයට අනුබල දීමක්‌ නොවේද? මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා සේවය කළේ කවුරුන් වෙනුවෙන් ද යන්න කිවයුතු නැත. මොහුට දඬුවම් හිමිවීම ගැන කම්පාවන්නේ ද එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය.
 

 
 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v