දහතුන් වසරක්‌ සපිරි පීපල්ස්‌ ට්‍රැවල්ස්‌

පීපල්ස්‌ ට්‍රැවල්ස්‌ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
වසන්ත ද සිල්වා


දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක්‌ වන මහජන බැංකුවට අනුබද්ධිතව පීපල්ස්‌ ට්‍රැවල්ස්‌ පුද්ගලික සමාගම පිහිටුවා ඇති අතර මේ සමාගමේ නවතම විදේශ චාරිකා හා සේවාවන් පිළිබඳව අපි එහි ප්‍රධාන විධායක නිලධාරී වසන්ත ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ ඒ මහතා පීපල්ස්‌ ට්‍රැවල්ස්‌ සමාගමේ විදේශ වාරිකා හා සේවාවන් පිළිබඳ "දිවයින" ට දැක්‌වූ අදහස්‌.

රටේ ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකුවක්‌ වන මහජන බැංකුවට අනුබද්ධිතව පීපල්ස්‌ ට්‍රැවල්ස්‌ පුද්ගලික සමාගම පිහිටුවන ලද්දේ මීට වසර දහතුනකට පමණ පෙරය. ආරම්භක වසරේ සිටම අප ලාභ සහිතව අපේ ආයතනය පවත්වාගෙන ගොස්‌ තිබේ. අප සමාගම ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධායකයන්ගේ සංගමයේ (ෂබඑeරබ්එසදබ්ක aසර එර්බිචදරඑ assදජස්‌එසදබ) ලියාපදිංචි වී ඇති අප ආයතනය සාමාන්‍යයෙන් වෙනත් සංචාරක නියෝජිතායතන යක්‌ මෙන් ලොව ඕනෑම රටකට ගුවන් ටිකට්‌පත් වෙන්කරදීම හෝටල් පහසුකම් වෙන්කරදීම ඇතුළු සේවාවන් සලසනු ලබනවා.

සංචාරක නියෝජිතායතනයක සියලුම සේවාවන් සලසන අතරම අප විශේෂ ගුවන් ගමන් සංවිධානය කරනවා. මේ අතරින් දඹදිව වන්දනා චාරිකා ප්‍රධානයි. එසේම තායිලන්තයේ බැන්කොක්‌, සිංගප්පූරුව සහ මැලේසියාව, චීනය, ඊජිප්තුව, ටිබෙටය සහ වියට්‌නාම යන රටවලටත් අපි විශේෂ ගුවන් චාරිකා සංවිධානය කරනවා. මෙහිදී විශේෂ කණ්‌ඩායම් චාරිකා තමයි අප සංවිධානය කරන්නේ. මේ සෑම චාරිකාවකටම ලාංකීය කළමනාකරුවකු සහභාගි වෙනවා. විශ්‍රාමලත් බැංකුකරුවන් තමයි අප මගපෙන්වන්නන් ලෙස යවන්නේ.

අප සංවිධානය කරන්නේ කුඩා කණ්‌ඩායම් චාරිකා. සමහර ආයතන 300, 400 එක්‌කන් යනවා. නමුත් අපේ කණ්‌ඩායම කුඩා නිසා හසුරුවන්න පහසුයි. අපි හොඳම හෝටල්වල විතරයි නවාතැන් පහසුකම් සලස්‌වන්නේ. සෑම මගියකුටම අපි පුද්ගලික අවධානයක්‌ යොමුකරනවා. ඒ වගේම පහසුකම් සහ විනෝදය වගේම දැනුම ලබා දෙන්නත් අප කටයුතු කරනවා. මෙලෙස අපේ චාරිකාවලදී අතිරේක අගයක්‌ ලබාදීමට කටයුතු කරන නිසා බොහෝ දෙනෙක්‌ අප වෙත එනවා. මේ නිසා හැම වසරකම අප වෙත එන මගීන් ප්‍රමණය ඉහළ ගොස්‌ තිබෙනවා.

තිස්‌ වසරක්‌ තිස්‌සේ අපේ රටේ තිබූ යුද්ධය අවසන් වීම නිසා ඉදිරියේදී නිසැක වශයෙන් සංචාරක කටයුතු වර්ධනය වෙන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් උ/නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනයාගෙනුත් මේ සඳහා ඉල්ලුමක්‌ ඇතිවෙන්න පුළුවන්. මේ බොහෝ දෙනෙක්‌ ඉන්දියාවට යන්න කැමැතියි. ඒත් උතුරු ප්‍රදේශවල දෙමළ ජනයාට හරිහැටි සිංහල බැහැ. මේ නිසා ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලැස්‌වීම සඳහා අපේ ආයතනයේ නියෝජිතයන්ට, නිලධාරීන්ට දෙමළ භාෂාව ඉගැන්වීම ද අප වැඩපිළිවෙළක්‌ පටන්ගෙන තිබෙනවා.

වසර 12 ක්‌ තුළ දඹදිව වන්දනා චාරිකා 164 ක අසමසම අත්දැකීම් අප සතුයි. බොහෝ විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයින් පවා අප රටට පැමිණ අපගේ දඹදිව චාරිකා වලින් දඹදිව වන්දනා කරන්නට යනවා. දින 13 ක (කොළඹ/දිල්ලිය/ කොළඹ) සහ කාර්ය බහුල වෘත්තිකයින් සඳහා දින 08 (කොළඹ/බුද්ධගයාව/කොළඹ) වශයෙන් අප දඹදිව වන්දනා චාරිකා දෙකක්‌ සංවිධානය කරනවා. මේ පිළිබඳව වැඩි විස්‌තර අපෙන් විමසා දැනගන්න පුළුවන්. මේ වනවිට විදේශ චාරිකා සංවිධානය කරන ආයතන බොහොමයක්‌ රට තුළ තිබුණත් අපගේ චාරිකා තුළින් උපරිම පහසුකම් සහිතව, ආරක්‌ෂාකාරීව, දැනුම සහ විනෝදය ද සමගින් අතිරේග අගයක්‌ද ලබාගත හැකි බව මම සඳහන් කරන්න කැමතියි. අංක 59, ඩී. ආර්. විෙ-වර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයේ අප ආයතනය පිහිටා තිබෙනවා. 2478385, 2332747 සහ 2470190 යන දුරකථන අංකවලින් වැඩි විස්‌තර විමසන්න පුළුවන්. චඑර්ඩැක ? චැදචකැsඉaබනගකන යනු අපගේ ඊ මේල් ලිපිනයයි.

සාකච්ඡා කළේ -
ශ්‍යාම් නුවන් ගනේවත්ත ඡායා - සුජාතා ජයරත්න

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v