රළු ඇස්‌බැස්‌ටස්‌ ගැන සුමට කතාවක්‌
රැම්කෝ සෙවිලි තහඩු නිෂ්පාදන කම්හලේ සංචාරයක්‌ ඇසුරිනි


එන්. වාසුදේවන්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති
රැම්කෝ ශ්‍රී ලංකා සමාගම

ඇස්‌බැස්‌ටස්‌ එසේත් නැතිනම් සෙවිලි තහඩු කී විට නිතැතින් අපේ මතකයට එන්නේ බොහෝම රළු අදහසක්‌. එහෙත් එම රළු ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳ බොහෝම සුමට සටහනක්‌ තබන්නයි අප මේ සැරසෙන්නේ.

ගෝනවිල මාකඳුර කර්මාන්තපුරයේ රැම්කෝ සෙවිලි තහඩු නිෂ්පාදන කම්හල් භූමියට පිවිසෙත්ම හරිත පැහැයෙන් වැසී ගිය පරිසරය දුටු අපට මෙය ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු වැනි රළු භාණ්‌ඩයක්‌ නිෂ්පාදනය කරන කම්හලක්‌දැයි කියා දෙවරක්‌ සිතන්නට සිදු වූ බව කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදන කර්මාන්තශාලාවක්‌ පිළිබඳ අප සිටියේ පූර්ව නිගමනයකය. එනම් දුහුලින් පිරී ගිය රළු හඬින් පිරී ගිය දෙකනට මෙන්ම දෙඇසට ද රළු පරිසරයක්‌ය ඒ.

එහෙත් රැම්කෝ ඇස්‌බැස්‌ටස්‌ තහඩු නිෂ්පාදන කම්හල අපේ නිගමනය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කළේ ඔවුන් සිය නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කර ගැනීමට කරනු ලබන කැපවීම හා සමානවම පරිසරය ආරක්‍ෂා කිරීමට කරනු ලබන කැපකිරීම ප්‍රයෝගිකව පැහැදිලි කරමින්ය.

රැම්කෝ සෙවිලි තහඩු සඳහා අයි. එස්‌. ඕ. 14001 (ෂීධ -14001) ප්‍රමිති සහතිකය ලබා සිටි ශ්‍රී රැම්කෝ ලංකා පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන කම්හල පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යමින් වයඹ පළාතේ පළාත් පරිසර අධිකාරියේ පරිසර සංරක්‍ෂණ සහතිකය ද ලබාගැනීමට සමත්ව සිටී. අක්‌කර විස්‌සක්‌ පමණ වූ සිය කර්මාන්තශාලා භූමිය තේක්‌ක පැළ 100 ක්‌, මහෝගනී පැළ 100 ක්‌ හා පොල් පැළ 50 කින් යුතු වගාවක්‌ ද අනෙකුත් සියලුම ස්‌ථාන උද්‍යාන වගාවකින් ද අලංකාර කර ඇත. ක්‍රම දෙකට අපද්‍රව්‍ය කළමනාකරණය කරනු ලබන මෙම කර්මාන්තශාලාව තුළ ඝන අපද්‍රව්‍ය හෙවත් කැඩුණු ඇස්‌බැස්‌ටස්‌ තහඩු කැබලි විශේෂ යන්ත්‍රයක්‌ මගින් කුඩුකර ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන අතර තෙත අපද්‍රව්‍ය ද යළි නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ විශේෂ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකිනි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කෙරෙන ජලය කිසිදු ආකාරයකින් පරිසරය වෙත මුදාහැරීමක්‌ සිදු නොවන අතර සියයට සියයක්‌ ප්‍රතිචක්‍රීකරණය කිරීම විශේෂයෙන් සටහන් කළ යුතුය.

රැම්කෝ සෙවිලි තහඩු හා උපාංග නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සාමාන්‍ය පෝට්‌ලන්ඩ් සිමෙන්ති හා සුදු ඇස්‌බැස්‌ටස්‌ හෙවත් ෆයිබර් (Cයරහිදඑසකැ) භාවිත කෙරෙයි. ෆයිබර් භාවිත කෙරෙනුයේ සියයට දහයක්‌ (10%) වැනි ඉතා සුළු ප්‍රමාණයක්‌ වන අතර ඉතිරි සියයට අනූවම (90%) සිමෙන්ති සහ ජලය වෙයි. ඇස්‌බැස්‌ටස්‌ තහඩුවල සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ යම් යම් මත පළ වී තිබුණද රැම්කෝ නිෂ්පාදන කම්හලේ විද්‍යාගාර නිලධාරීන් අපට පැහැදිලි කළේ නිෂ්පාදනයේ මුල් අවස්‌ථාවේදී ෆයිබර් වෙන්ව ක්‍රියා කළද සිමෙන්ති සමඟ මිශ්‍ර වීමෙන් අනතුරුව කිසිදු ආකාරයකින් ෆයිබර් පිටතට කාන්දු වීමක්‌ සිදු නොවන බවයි.

මෙම කර්මාන්තශාලාව තුළ රැලි තහඩු, සිවිලිං තහඩු හා අමතර උපාංග වශයෙන් නිෂ්පාදන අංශ තුනක්‌ යටතේ රැම්කෝ නිෂ්පාදන නිම වෙයි. ශ්‍රී ලංකා ප්‍රමිති අංක නවය (Sඛී 9) යන ප්‍රමිතිය යටතේ ප්‍රමාණ කීපයකින් නිෂ්පාදනය කළ රැම්කෝ සෙවිලි තහඩු වෙළෙඳපොළට පැමිණෙයි. සතියකට දින 6 ක්‌ පැය විසිහතරම නොනවත්වා නිෂ්පාදන කාර්යය සිදුවන මෙම කම්හල දිනකට රැලි තහඩු 10,000 ක්‌ ද සිවිලිං තහඩු 15,000 ක්‌ ද නිෂ්පාදනය කරනු ලබයි.

ස්‌ථිර පදනමින් හා කොන්ත්‍රාත් පදනමින් ද බඳවාගත් සේවකයින්ගෙන් ද යුතු රැම්කෝ කර්මාන්ත ශාලාවේ සම්පූර්ණ සේවක පිරිස දෙසීයකට ආසන්නය. මෙහි සේවය කරන බහුතරය කර්මාන්තශාලාව අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වීම ද විශේෂත්වයකි. සේවක සුභසාධක සංගමයක්‌ හරහා සේවකයන්ගේ පොදු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙයි. ආයතනය විසින් සේවකයන් සඳහා ආහාර පාන සපයනු ලබන අතර ආහාර වේලක්‌ සඳහා සේවකයකුගෙන් අයකරනු ලබන්නේ සියයට විස්‌සක පමණ මුදලකි. සියයට දහයක ප්‍රවාහන ගාස්‌තුවක්‌ අයකර සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ද සලසා දී තිබීම අගය කළ යුතුය. සියලුම ස්‌ථිර සේවකයන් සඳහා වාර්ෂික ප්‍රසාද දීමනා, වැටුප් වැඩිවීම් ලබාදෙන රැම්කෝ ශ්‍රී ලංකා සමාගම පසුගිය කාලයේ ඇති වූ ගෝලීය ආර්ථික අවපාතය හමුවේ සේවකයන් අඩු කිරීමට හෝ සේවා කාලය අඩු කිරීමට පියවර නොගැනීම වැදගත් කාරණයකි.

මෙබඳු කර්මාන්තශාලාවක සෞඛ්‍ය සම්බන්ධව යම් අවධානයක්‌ යොමුකිරීම වැදගත් කොට සලකන ආයතනය සිය සේවකයන් වසරක්‌ පාසා වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කරන අතර සේවකයන්ගේ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් සඳහා වැටුපෙන් සියයට හැත්තෑපහක ප්‍රමාණයක්‌ ද ලබාදෙයි.

සිය නිෂ්පාදන කටයුතු පිළිබඳ මෙන්ම ආයතනයක්‌ සතු සමාජමය වගකීම් පිළිබඳ ද අවධානයක්‌ යොමු කරන රැම්කෝ ආයතනය විවිධ ප්‍රදේශවලින් වඩු කාර්මිකයන් තෝරාගෙන ඔවුන් සඳහා මාසික වැඩමුළුවක්‌ පවත්වා වඩු කාර්මික උපකරණ කට්‌ටලයක්‌ ද පිරිනමයි. මෙම වැඩමුළුවේදී වහලක්‌ නිර්මාණය කළ යුතු ආකාරය පිළිබඳ තාක්‍ෂණික දැනුම ලබාදෙයි. මේ වන විට වැඩමුළු 50 ක්‌ පවත්වා වඩු කාර්මිකයන් 3500 දෙනකු පමණ පුහුණු කිරීමට ද පියවර ගෙන ඇත.

සියයට සියයක්‌ දේශීය නිෂ්පාදනයක්‌ ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙන රැම්කෝ සෙවිලි තහඩු නිෂ්පාදන කර්මාන්තශාලාව ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස පිහිටුවා ඇත. 1938 දී ශ්‍රී පී. ඒ. සී. රාමසාමි රාජා මහතා විසින් ආරම්භ කරන ලද මෙම සමාගම අද ශ්‍රී පී, ආර්. රාමසුබ්‍රමනිය රාජා මහතාගේ සභාපතිත්වය යටතේ විවිධ නිෂ්පාදනවලින් යුතු සමාගම් රැසක එකතුවක්‌ ලෙස ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ සමාගමක්‌ බවට පත්ව සිටී. රැම්කෝ ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති වශයෙන් කටයුතු කරනුයේ එන්. වාසුදේවන් මහතාය.

රැම්කෝ ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය කළමනාකාර පී. වී. කේ. කේ. ගුණසේකර මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරිණි.

නිරෝෂන් හැඳලගේ
ඡායා - කමල් බෝගොඩ

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v