යාපනයට පිවිසෙන බජාඡ්

රටේ සාමය ඇතිවීමත් සමඟ යාපනය හා ඒ අවට වෙළෙඳපළ තුළ සිය වෙළඳනාමයන් ප්‍රචලිත කිරීමට බජාඡ් මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිත වන සී/ස ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම තීරණය කර ඇත. මේ යටතේ සිය විකුණුම් ශාඛාවක්‌ යාපන නගරයේ විවෘත කිරීමට සමාගම කටයුතු යොදා ඇත්තේ ඒ හරහා සිය වෙළෙඳ නාමයන් හා සේවාවන් යාපන අර්ධද්වීපයේ ජනතාව වෙත සමීප කිරීම සඳහාය.

මේ වන විටත් යාපන අර්ධද්වීපය හා තදාසන්න ප්‍රදේශයන්හි ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් සයිකල් වන බජාඡ් මෝටර් සයිකල් හා ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පවුලේ වාහනය වන බජාඡ් ත්‍රිරෝද රථ ව්‍යාප්තව පැවතියත් සමාගමක්‌ වශයෙන් විධිමත් ආකාරයෙන් සිය වෙළෙඳ ව්‍යාපෘතීන් මෙම ප්‍රදේශයේ ස්‌ථාපිත කරන පළමු අවස්‌ථාව මෙය වන අතර එය අලුතින් පිබිදෙන උතුරු ප්‍රදේශයේ ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නව යුගයක්‌ අරඹනු ඇත. එළඹෙන සැප්තැම්බර් නවවැනිදා (09 දා) සුබ මොහොතින් මෙම නව වෙළෙඳ ශාඛාව විවෘත කිරීමට නියමිතය.

ඉන්පසු සිය පාරිභෝගික ජනතාවට ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අරපිරිමැසුම්දායී, ඉන්ධන පිරිමසින, සුවපහසු ප්‍රවාහන මාධ්‍යයක්‌ විශ්වාසදායී ලෙසින් සැපයීමට සමාගම බලාපොරොත්තු වේ.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v