18 වසරක්‌ සල්ලාලයෙකුගේ අඳුරු සිරගෙයක සිටි ජෙසී

ඇමරිකාවේ කැලිෆෝනියා පෙදෙසෙහි ජෙයිසි ලී නමැති දැරිය උදේ පාසල් ගිය නමුදු සවස ආපසු නිවසට ආවේ නැත. ඇගේ මවුපියන් සෑම තැනකම ඇය සෙවූ නමුත් දැරිය මුණ ගැසුණේ නැත.

අබිරහස්‌ අන්දමින් මේ දැරිය අතුරුදන් වන විට ඇගේ වයස අවු. 11 කි. නැති වූ දිනය 1991 ජුලි 10 වැනිදා ය. 11 හැවිරිදි ඇගේ ඡායාරූපය පුවත්පත් සහ රූපවාහිනිය හරහා ද විසුරුවා හැරිණි. ඇගේ ඡායාරූපය විශාල ලෙස මුද්‍රණය කොට ෂ aප පසිsසබට යන වැකිය ද සහිතව සැකසූ ටී ෂර්ට්‌ස්‌ පවා මවුපියන් විසින් බෙදාහරිනු ලැබීය.

නමුත් ජෙයිසි ලී ගැන කිසිදු තොරතුරක්‌ ලැබුණේ නැත. එය උතුරු කැලිෆෝනියාවේ නොවිසඳුණු අපරාධ ගණයට වැටී පොලිස්‌ වාර්තා අතර වැළලී ගියේය.

ඇගේ අතුරුදන්වීමෙන් 18 වසරකට පසු මුළු ලොවම විශ්මයට පත් කරවමින් ජෙයිසි ලී නොබෝදා යළි සොයාගනු ලැබීය. ඇය සොයා ගනු ලබන විට ඇගේ වයස අවුරුදු 29 කි. අවු. 15 සහ 11 වයසේ ගැහැනු දරුවන් දෙදෙනකුගේ මවකි.

1991 ජුලි 10 දා පාසල හැරුණු ඈ නිවසට ඒම සඳහා පාසල් බස්‌ රිය බලාපොරොත්තුවෙන් බස්‌ නැවතුමෙහි බලා සිටියා ය. ඒ බස්‌ නැවතුමේ සිට නිවසට වැඩි දුරක්‌ තිබුණේ නැත.

එක්‌වරම වැඩිමහල් පුරුෂයෙක්‌ සහ ගැහැනියක්‌ එකතුව ක්‍ෂණිකව ඇය කාරයක පටවා ගෙන ගියහ.

ජෙයිසි ලී රහසක්‌ බවට පත් වන්නේ එතැන් සිටය.

ඇය පැහැර ගෙන යනු ලැබුවේ ගැරිඩෝ නමැති මිනිසකු සහ ඔහුගේ බිරිඳ විසිනි.

උතුරු කැලිෆෝනියාවේ සිට දකුණු කැලිෆෝනියාවට ගෙන යනු ලැබූ දැරිය එවක්‌ පටන් ගැරීඩෝගේ නිවසේ සඟවා තබනු ලැබීය. ගෙයින් පිටත යැමට කිසිදු අවස්‌ථාවක්‌ ඇයට නොලැබිණි. හැම විටම මරණ බවට තර්ජනය කරනු ලැබිණි.

ගැරීඩෝ අපරාධකරුවෙකි. ස්‌ත්‍රී දූෂණ සහ මිනීමැරුම්වලට සම්බන්ධ වූවෙකි. ඒ නිසා ඔහු කලක්‌ සිරගතව සිටියේය. ඔහුගේ බිරිඳට ඔහු මුණගැසී තිබෙන්නේ ඇගේ ඥතියකු බැලීම සඳහා සිරගෙයට ගිය අවස්‌ථාවකදීය.

ස්‌ථිර රැකියාවක්‌ නොතිබූ ඔහු කලක්‌ මුරකරුවකු ලෙස ද රැකියාව කර තිබිණි. අන්තිමට ඔහු තෝරා ගත්තේ ක්‍රිස්‌තියානි පූජකවරයකුගේ රැකියාවයි. කුඩා පල්ලියක්‌ තනාගත් ඔහු එහි පූජකවරයා ලෙස කටයුතු කරමින් දේව දූතයන්ගේ හඬින් මහජනයාට කතා කරන්නටත්, ලෝකයා දුකින් මුදා ගැනීමටත් මැවුම්කරු විසින් තමාට බලය දී ඇති බවත් පවසමින් පූජක රස්‌සාව කරගෙන ගියේය.

නමුත් ජෙසී ලී ලෝකය දුටුවේ නැත. ඇය සිටියේ එම නිවසේ බිම් ගෙයක්‌ වැනි කොටසකය. මේ කෲර මිනිසා ඇය සිය බිරිඳක්‌ වශයෙන් තබා ගනු ලැබීය. ඇයට දියණියන් දෙදෙනකු ලැබිණි. දරු උපත් සඳහා ඇය රෝහලකට ගෙන යනු ලැබුවේ නැත.

ඉපදුනු ගැහැනු දරුවන් දෙදෙනා කුමන අසනීපයකටවත් කිසිදු විටෙක වෛද්‍යවරයකු ළඟට ගෙන ගොස්‌ නැත. එමෙන්ම දැරියන් දෙදෙනා පාසලකට යෑවීමක්‌ ද කර නැත. නමුත් වාසනාවකට දෙවියන්ගේ පිහිටවීමකට මෙන් ළමුන් දෙදෙනා හොඳ සෞඛ්‍යයෙන් පසුවී තිබේ.

දිනක්‌ කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයේ පැවැති ආගමික රැස්‌වීමකට ගැරිඩෝ සිය ලාබාල බිරිඳත් දරුවන් දෙදෙනාත් රැගෙන ගියේය.

ඔහුට වැරදුනේ එතැනය.

දැරියන් දෙදෙනා ප්‍රථම වරට බිම් ගෙයින් පිටත ලෝකය හරි හැටි දුටුවේ එදාය. ඔවුහු මහත් පුදුමයෙන් අවට දෙසත්, මිනිසුන් දෙසත් බලන්නට වූහ. පොල් කට්‌ටකින් වසා තිබුණු පැළෑටියක්‌ මෙන් සුදුමැලි වූද, ඉතාමත් කුතුහලයෙන් වටපිට බලමින් නුහුරු ලෙසත්, අමුතු ලෙසත් හැසිරෙන්නා වූ ළමුන් දෙදෙනාගේ වෙනස නිරීක්‍ෂණය කළ පොලිසිය මෙම පවුල කැඳවා ප්‍රශ්න කරන්නට විය.

ජෙසීලී ඇත්ත කීවාය.

18 වසරක්‌ රහසේ සඟවා ගෙන සිටි ජෙසී ගැන සැබෑ තොරතුරු අනාවරණය වන්නට විය.

ජෙසී හමු වූ පුවත ඇසූ ඇගේ මව උතුරු කැලිෆෝනියාවේ සිට දකුණු කැලිෆෝනියාව වෙත වහා පැමිණියාය.

එදා අතුරුදන් වන විට එකොළොස්‌ වියේ සිටි ජෙසී ලී දැන් 29 හැවිරිදි මවකි. අම්මාට දියණිය හඳුනාගත නොහැකි තරමට වෙනස්‌ වී සිටියාය. දියණිය ඇගේම බව තහවුරු කරනු ලැබුයේ DභA පරීක්‍ෂණයකින් පසුවය.

ජෙසීගේ මව ජෙසීද ඇගේ දරුවන් දෙදෙනා ද තම නිවසට රැගෙන ගියා ය. විස්‌මිත ලෝකය දුටු මිනිබිරියෝ දෙදෙනා දැන් දුව පැන ඇවිදමින් සෙල්ලම් කරමින් සිටිති. නමුත් තම පියා හිරේට වැටී ඇතැයි ඇසූ විට ඔවුන් දෙදෙනා කනගාටු වූහ. ශෝක වූහ.

තමා පැහැරගෙන යැමේ සිට නිදහස්‌ වීම දක්‌වා සියලු සිදුවීම් ජෙසීට හොඳින් මතක තිබිණි. මව ඇසූ සෑම ප්‍රශ්නයකටම ඇය නිවැරැදිව පිළිතුරු දී තිබේ.

ගැරිඩෝ මේ දැරිය පැහැර ගෙන ගියේ අපහරණය පිණිසය. ඔහු ඊට තම බිරිඳගේ ද සහාය ලබා ගත්තේය. දැරිය පැහැර ගෙන යන විට ඔහුගේ වයස අවු. 57 කි. දරුවන් දෙදෙනෙකු බිහිකොට වසර 18 ක්‌ යන තුරුම ජෙසී රහසිගත ලෙස තබා ගන්නට ඔහුට හැකි වූයේ අනුන්ගේ දේ නොසොයන ඇමරිකානු වැසියන්ගේ ජීවන රටාව නිසා විය යුතුය.

චJද්‍රසිරි දොඩන්ගොඩ
අන්තර්ජාලය ඇසුරිනි

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v