තායිලන්තයේ හැම පිරිමියෙක්‌ම තාවකාලිකව හෝ
පැවිදිවිය යුතුයි

ථෙරවාදී තායිලන්තය ගැන ඡේ. බී. කියන කතා

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතා හදිසි රාජකාරි කටයුත්තක්‌ සඳහා පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේ "දිවයින ඉරිදා සංග්‍රහය"ට සිය නවතම තතු හෙළිදරව් කළේය. මේ සටහන එම සාකච්ඡාව ඇසුරෙනි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල රැසක්‌ සමඟ ඉතා සමීපව කටයුතු කරමින් සිංහල භාෂාව සජීවී භාෂාවක්‌ ලෙස ලොව පුරා ප්‍රකට කිරීමෙහිලා මහඟු මෙහෙවරක්‌ ඉටු කරමින් සිටින මහාචාර්ය
ඡේ.. බී. දිසානායකයන් සිය නව තනතුරත් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ තවත් භාරදූර වගකීමක්‌ හිස මත රඳවාගෙන කටයුතු කරන්නේය. මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ නිරතුරුව සබඳතා පවත්වමින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආර්ථික, සමාජයීය, දේශපාලන සහයෝගිතාව වර්ධනය කිරීමේ කාර්යයට ඔහු තානාපතිවරයා ලෙස උරදී තිබේ. මෙකී රාජකාරී අතරතුර ඔහු පසුගිය දිනක හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ පෞද්ගලික කාරණාවක්‌ නිසා නම් නොවේ.

"ඇත්තටම මේ අවස්‌ථාවේ ඉතාම සීමිත දින කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීමේ රාජකාරීමය කටයුත්තක්‌ සඳහා යි. තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකික වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ විශාල ආදායමක්‌ මේ රටට එවනවා. ඔවුන් මේ රටේ නිෂ්පාදන තායිලන්තයට රැගෙන ගොස්‌ අලෙවි කරනවා. එයින් මෙරටට මුදල් එනවා. මේ සබඳතා වැඩි දියුණු කරන්නත්, ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊට අදාළ ශ්‍රී ලාංකිකයන් සමඟ සාකච්ඡා කිරීමත් මෙම ගමනේ ප්‍රධාන අරමුණයි."

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු වැඩි දියුණු කිරීම සඳහාත් මෑතකදී විශේෂ වැඩසටහනක්‌ තායිලන්තයේ දී සිදුවුණු බව ඡේ. බී. දිසානායකයන් අප සමඟ පැවැසීය.

"දැන් අපේ රටේ යුද්ධයක්‌ නැහැ. ලෝකයේ අනිකුත් රටවල් මේ යුද්ධය ගැන කතා කළ යුතුවත් නැහැ. දැන් ඕනෑම විදේශිකයකුට අපේ රටට ඇවිත් සොබා සෞන්දර්ය රසවිඳින්න නිදහස හා පහසුකම් ගොඩ නැගී තිබෙනවා. විදේශිකයන් බොහෝ දෙනෙක්‌ අපේ රට ගැන අධ්‍යයනය කරන්න කැමැතියි. මේ රටේ පිහිටීම, ඉතිහාසය ඉතාම රසවත් වීම ඊට ප්‍රධාන හේතුවයි. තායිලන්තයේ වෙසෙන ජනතාවත් එසේමයි. තායිලන්තය අපේ රටට වඩාත් ප්‍රිය කරන්නේ අපේ රටේ වාගේම ඔවුන්ගේ රටේත් ථෙරවාදී බුදු දහම තිබෙන නිසයි. ඒ වගේම තායිලන්තයේත් කෘෂිකර්මාන්තය දියුණුයි. ඒ රට ස්‌වයංපෝෂිතයි. අපේ රටත් එහෙම තිබුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊට සාක්‌ෂි තිබෙනවා. අපේ ඓතිහාසික වටිනාකම්, සොබා සෞන්දර්ය, බෞද්ධ සිද්ධස්‌ථාන, තායිලන්තයේ ජනතාවට විදහා දැක්‌වීම සඳහා පසුගිය දිනවල ඡායාරූප ප්‍රදර්ශනයක්‌ තායිලන්තයේ ධම්මසාත් විශ්ව විද්‍යාලයේත් (Aෂඔ) මහිදෝල් විශ්ව විද්‍යාලයේත් පැවැත්වූවා. ධම්මසාක්‌ විශ්වවිද්‍යාලයේ (Aෂඔ) 50 වැනි සංවත්සරය සඳහායි මේ ප්‍රදර්ශනය සංවිධානය කළේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මෙන්ම ඉතාම දක්‌ෂ සොබා දම් ඡායාරූප ශිල්පියකු වන ප්‍රදීප් පත්මපෙරුම මහතා මගේ ඇරයුමින් තායිලන්තයට පැමිණියා. ඔහු ඉතාම සාර්ථක ප්‍රදර්ශනයක්‌ පැවැත්වූවා. එම විශ්වවිද්‍යාල දෙකෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක්‌ මෙම ප්‍රදර්ශනය නරඹලා ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විඳින්නත්, දළඳා මාළිගාව වඳින්නත් අවස්‌ථා ලබා දෙන ලෙස මගෙන් ඉල්ලීම් කළා. මෙවැනි ප්‍රදර්ශන ලෝකයේ අනෙකුත් රටවලත් පවත්වනවා නම් අපේ රටේ සංචාරක කර්මාන්තයට එයින් විශාල පිටිවහලක්‌ ලැබෙනවා."

මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වැඩි තොරතුරු එකී ප්‍රදර්ශනය පැවැත්වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රදීප් පත්මපෙරුම මහතාගෙන් කරුණු විමසන ලෙස මහාචාර්ය ෙ-. බී. දිසානායකයන් අපගෙන් ඉල්ලීමක්‌ කළේය. ඒ අනුව අපි ප්‍රදීප් මහතා ගෙන් ඒ පිළිබඳ විමසීමක්‌ කළෙමු.

"මහාචාර්යතුමාගේ ඇරයුමින් මම තායිලන්තයට ගියේ අපේ රටේ වටිනාකම් ඔවුන්ට ප්‍රදර්ශනය කරන්නයි. ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර, පෞරාණික නගර, බුදු දහම පිළිබඳ කියවෙන ඡායාරූප, ජාතික වනෝද්‍යාන 22 ක ඡායාරූප, වන සතුන්, දිය ඇළි, වන ජීවීන්, ජන ජීවිතය ගැන කියෑවෙන ඡායාරූප, වැව්, ඓතිහාසික සිද්ධස්‌ථාන ආදී වශයෙන් මම වසර විස්‌සක්‌ තිස්‌සේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ලබා ගත් දුර්ලභ ඡායාරූප රාශියක්‌ මේ සඳහා ඉදිරිපත් කළා. ඒ පිළිබඳ සවිස්‌තරාත්මක දේශනාත් කළා. ඔවුන් බෙහෙවින් සතුටට පත්වුණා. තායිලන්ත තානාපති මහාචාර්ය ඡේ. බී. දිසානායකයන් ප්‍රමුඛ විද්වතුන් මට ප්‍රශංසා කළා ඒ වගේම මම තායිලන්තයේ නොයෙකුත් ස්‌ථානවල ඡායාරූප ගත්තා. මහාචාර්යතුමා මට කිව්වා අපේ රටේ ජනතාවට තායිලන්තයේ වටිනාකම් ප්‍රදර්ශනය කිරීම සඳහා එම ඡායාරූප ප්‍රදර්ශනය කරන්න කියලා. එතුමා මට නමක්‌ දුන්නා. "මේ සියම් දේශයයි" නමින් ප්‍රදර්ශනය ලංකාවේ පවත්වන්න කියලා. මට තායිලන්ත සංචාරයට අවස්‌ථාව ලබා දුන් මහාචාර්යතුමාටත්, එතුමාගේ ශිෂ්‍යයෙක්‌ වන කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ සොඳුරුවිල සහෘදයාටත්, මගේ ගමන් මඟට අත හිත දුන් දෙමව්පියන්ටත්, අප අතරින් වියෝවූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ශූරීන්ටත්, ඒ. ඩී, රංජිත් කුමාර මහතාටත් මගේ ප්‍රණාමය පුද කරනවා." යෑයි ප්‍රදීප් පැවැසුවේය.

මෙවැනි ප්‍රදර්ශන එක්‌ රටකට සීමා නොවී ලොව පුරා පවත්වමින් වැඩි වැඩියෙන් මේ රට විදේශිකයන් ගෙන්වා ගත යුතු බව මහාචාර්ය ඡේ. බී. දිසානායකයන්ගේ අදහස විය.

තානාපති රාජකාරිය හේතුවෙන් පොත පත හෙළ බස පිළිබඳ උනන්දුව හීන වී දැයි අපි මහාචාර්යවරයාගෙන් ප්‍රශ්න කළෙමු.

"කොහොමටත් නැහැ. ශ්‍රී ලංකාවේ ඉන්නකොට තියෙන බාහිර කටයුතු බොහෝමයක්‌ තායිලන්තයේ නැති නිසා තානාපති රාජකාරීවලින් මිදෙන සෑම මොහොතක්‌ම පොත පත හෙළ බස වෙනුවෙන් කැප කළ හැකියි. මට වියදම් කරන්නේ ශ්‍රී ලංකා රජයයි. එහෙම නම් මම මගේ රට වෙනුවෙන් විශාල සේවයක්‌ කළ යුතුයි. රාජකාරියට අමතරව මට බොහෝ කලක පටන් වගකීමක්‌ මේ රටේ අනාගත පරපුර හා අතීතය විසින් පවරා තිබෙනවා. ඒ සිංහල භාෂාව නංවාලීමයි. අපට දිග අතීතයක්‌ තිබුණත් අනාගතය කෙටියි. එනිසා කළයුතු දේ හරියට කරනවා වගේම ඉක්‌මනටත් කිරීම අත්‍යවශ්‍යයි. සිංහල භාෂාව පිළිබඳව ඉංග්‍රීසි ව්‍යාකරණය සැකසුනේ මීට වසර සියයකට පෙරයි. ඒබ්‍රහම් මෙන්ඩිස්‌ ගුණසේකර මහතා 1891 දී ඔහුගේ යුතුකම ඉටු කර තිබුණා. වසර සියයක්‌ තිස්‌සේ සිංහල භාෂාව භාවිත කරන ආකාරය වගේම භාෂාව විග්‍රහ කරන ක්‍රමයත් වෙනස්‌වී තිබෙනවා. සිංහල භාෂාවේ අලුත් මුහුණුවර නූතන වාග් විද්‍යාවට අනුව ඉංග්‍රීසි බසින් සැකසීම මම මේ දිනවල කරගෙන යනවා. මේක හරිම භාරදූර කර්තව්‍යයක්‌ වන්නේ සිංහල භාෂාවේ විහිදුණු පරාසය හා පොහොසත්කම නිසයි. ඔයා කනවද, ඔයා කෑවද, ඔයා කෑවා, කෑවා නේද වැඩේ, ඔයා කෑවැයි.... වගේ එකම වචනවලින් වෙනස්‌ අර්ථ මතු කිරීම මෙහි ඇති සංකීර්ණ බවයි. මම මේ සියල්ල ඔස්‌සේ ගැඹුරට ම යමින් පර්යේෂණ කරනවා. නූතන ලේඛන කලාව අධ්‍යයනය කරනවා. සමහරු ප්‍රකාශ කරනවා සිංහල භාෂාව මරණයට තුඩු දෙන භාෂාවක්‌ කියලා. නමුත් මම විශ්වාස කරනවා කිසිසේත්ම එසේ වන්නේ නැතැයි කියා. යම් හේතුවකින් එසේ වුවත් මම එය ග්‍රන්ථාරූඪ කරලයි තියෙන්නේ. ඒ නිසා බිය විය යුතු නැහැ. ඉතා ඉක්‌මනින් මේ කෘති එළිදක්‌වන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්‌කම පරිගණකවලට සිංහල භාෂාවේ මේ සියලු පරාසයන් මෘදුකාංග මගින් තැන්පත් කරන්නත් ඒ හරහා භාෂා අධ්‍යයනය නවීන තාක්‌ෂණය සමඟ සමගාමී විෂයයක්‌ බවට පත් කරන්නත් මම කටයුතු කර ගෙන යනවා" හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකාවට සාපේක්‌ෂව තායිලන්තයේ දුටු සුවිෂේශතා පිළිබඳව ද මහැදුරෝ කරුණු පැවසුවෝය.

"ඒ රටේ මා දුටු වැදගත්ම දේ නම් ශික්‌ෂණයයි. එහේ පිරිමි අනිවාර්යයෙන්ම මහණ විය යුතුයි. හැබැයි ජීවිත කාලයටම නෙවෙයි. එහේ තියෙන්නේ තාවකාලික මහණකමක්‌ නිසා රියෑදුරන් පවා මහණවී සිටි අයයි. ඔවුන් වාහන පදවද්දී දක්‌වන ශික්‌ෂණය අපේ රට ගැන බලද්දී හරිම පුදුමයි. පිරිමියෙක්‌ විවාහවීමට පෙර අනිවාර්යෙන්ම මහණ වී සිටි කෙනෙක්‌ විය යුතුයි. එහේ කාන්තාවන් හරිම දක්‌ෂයි. කාර්යක්‍ෂමයි.. රට දියුණු වන්න මේ හේතූ බලපානවා. අපේ රටට තායිලන්තයෙන් ගත හැකි ආදර්ශ රාශියක්‌ තිබෙනවා. ඒකයි මම ප්‍රදීප්ට කිව්වේ තායිලන්තයේ වටිනාකම් ශ්‍රී ලාංකිකයන්ටත් පෙන්වන්න කියලා" යෑයි පැවසුවේය.

තුෂාරි කලුබෝවිල

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v