මිල ඇහුවම හාන්සියි කියල අපට මහන්සියි

ජනිත සෙනෙවිරත්න



පසුගිය දිනවල ගෑස්‌ මිල යළිත් වරක්‌ ඉහළ ගියේ සකසන ලද ආහාර මිල ගණන්වලට සෘජු බලපෑමක්‌ එල්ල කරමිනි. ගෑස්‌ මිල මෙවර ඉහළ ගියේ ෂෙල් ගෑස්‌ මිල රුපියල් 103 කින් හා ලාෆ් ගෑස්‌ මිල රුපියල් 69 කිනි. මේ අනුව මෙතෙක්‌ රුපියල් 1447 ක්‌වූ ෂෙල් ගෑස්‌ සිලින්ඩරයක්‌ රුපියල් 1550 දක්‌වා ද, මෙතෙක්‌ රුපියල් 1407 ක්‌වූ ලාෆ් ගෑස්‌ සිලින්ඩරයක්‌ රුපියල් 1476 ක්‌ දක්‌වා ද ඉහළ දැමිණි. පසුගිය වාරයේ ඉහළ ගිය ලාෆ් ගෑස්‌ මිල මෙවර යළිත් ඉහළ දැමිණි.

ගෑස්‌ සමාගම්වලට සියලු වියදම් හැරුණු විට සියයට තිහක ලාභ ප්‍රතිශතයක්‌ ලබාදී තිබීම බරපතල ගැටලුවකි. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක එතරම් විශාල ප්‍රතිශත නොපවතී. වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ එය අධිකරණ නියෝගයක්‌ බවයි. අධිකරණ නියෝගවලට අපි හිස නමන්නෙමු. එහෙත් ජනතාවාදී රජයක්‌ නම් මේ සම්බන්ධයෙන් යමක්‌ කළ නොහැකිද?

පෙට්‍රල් මිල රුපියල් 100 ක්‌ දක්‌වා අඩු කරන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් රජය ගෑස්‌ සම්බන්ධයෙන් එවැනි තීරණ නොගන්නේ ඇයි?

මේ අතර ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව නිපදවන ගෑස්‌ එක්‌තරා පුද්ගලික සමාගමකට පමණක්‌ ලබාදෙන ලෙස දුන් අධිකරණ නියෝග නිසා ඛනිජ තෙල් සංස්‌ථාව මගින් වත්මන් මිලට වඩා රුපියල් 500 ත් 600 ත් අතර මුදලක්‌ අඩුකර ගෑස්‌ අලෙවිකරණයට තිබූ අවස්‌ථාව නැතිවී ගොස්‌ ඇති බවයි. මේ නිසා රුපියල් මිලියන සිය ගණනක්‌ එක්‌තරා පුද්ගලික සමාගමකට ලාභ ලබාගන්නට හැකිව තිබේ. මේ තත්ත්වය වහාම වෙනස්‌ කළ යුතුය.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව අද පාඩු ලබන විට පාඩුව රටේ සමස්‌ත ජනතාවටය. එA නිසා මේ අසාධාරණ ගෑස්‌ වෙළෙ¹මට එරෙහිව වහාම කටයුතු කිරීම රජයේ වගකීමක්‌ නොවේද?

එසේම ගෑස්‌ මිල වැඩිවන හැමවිටම සකසන ලද ආහාර පාන මිල වැඩි කරන වෙළෙඳුන් ගෑස්‌ මිල අඩුවූ විට එAවා අඩු නොකරයි.

මීට ද රජය යම් විසඳුමක්‌ ලබාදිය යුත්තේ ආප්ප, රොටි, තෝසේ, කොත්තු, පේස්‌ටි්‍ර, රෝල්ස්‌, බනිස්‌ ආදියෙහි මිල ගණන් ඉතාම ඉහළ ගොස්‌ ඇති නිසාය.

වෙළෙඳපොළ වෙත යන ජනතාවට දිනෙන් දින බඩු මිල ඉහළ ගොස්‌ ඇති බව ප්‍රායෝගිකව දැකගත හැකි වුවත් රජය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පවසන්නේ බඩු මිල, ජීවන වියදම අඩු බවයි. එහෙත් රජයේ ඇමැතිවරුන් හැර වෙනත් කිසිවකුත් එය පිළි නොගනිති. එසේම අදාළ දත්තයන් සම්බන්ධයෙන් පවා දැන් දැන් සැක මතු වන්නේ එවැනි මිල අඩුවීම් රට තුළ දක්‌නට නොවීම නිසාය. සාමාන්‍යයෙන් මෙතෙක්‌ මෙරට පැවති ක්‍රමය අනුව ලෝක වෙළෙඳපොළේ යම්කිසි භාණ්‌ඩයක මිල අඩුවෙද්දී එය අඩුවීමයි. ලෝක වෙළෙඳපොළ මිල ගණන් වැඩිවෙද්දී මෙරට බදු අඩුකර අදාළ භාණ්‌ඩයේ මිල යම් මට්‌ටමක තබාගැනීම එහිදී සිදුවේ.

එහෙත් දැන් ලෝක වෙළෙඳපොළ මිල ගණන් වැඩි වෙද්දී බදු අඩු කිරීම නොකරන බැවින් බඩු මිල ඉතාම වේගයෙන් ඉහළ යැම සිදුවේ.

අත්‍යාවශ්‍ය භාණ්‌ඩ මිල ඉහළ යැමට බදුවල බලපෑම පිළිබඳවත් බදු අඩුකර අත්‍යාවශ්‍ය භාණ්‌ඩ මිල අඩු කිරීම පිළිබඳවත් සාකච්ඡා කිරීමට ගිය තොග වෙළෙඳුන්ට රජය පවසා ඇත්තේ බදු අඩු නොකරන බවත් බඩු මිල ජනතාවට ප්‍රශ්නයක්‌ නොවන බවත්ය. සියයට හැත්තෑ පහ, අසූව ආදී ප්‍රතිශතවලින් මැතිවරණ ජයග්‍රහණය කරන්නට රජයට හැකිවී ඇත්තේ බඩු මිල ජනතාවට දැරිය හැකි නිසා බව සමහර දේශපාලනඥයන් ද පවසා තිබේ.

සීනි මිල මේ වන විට කිලෝව රුපියල් 88, 90, 92 ආදී වශයෙන් ඉහළ ගොස්‌ තිබේ. එය පසුගිය වසර හා සසඳන කල සියයට හතළිහක පමණ ඉහළ යැමකි. පසුගිය පස්‌ වසර හා සසඳන කල එය සියයට එකසිය හතළිහක පමණ ඉහළ යැමකි. සීනි සඳහා රජය මේ වන විට රුපියල් දහසයක බද්දක්‌ අය කරයි. රජයට අවශ්‍ය නම් මේ රුපියල් දහසයේ බද්ද ඉවත් කර සීනි මිල කෙලින්ම රුපියල් දහසයකින් අඩු කළ හැක.

අප ආර්ථික විශේෂඥයන් නොවුණද අපට ජනතාවගේ දුක ඉතාම හොඳින් වැටහේ. එA අනුව අපට පෙනී යන්නේ සීනි කිලෝවට රුපියල් දහසයක බද්ද ඉතාම අසාධාරණ බවය. මේ බද්ද නිසා මෙරට රස කැවිලි වෙළෙඳුන් ද දැඩි ලෙස ගැටලුවලට මුහුණ දී සිටිති. තේ කෝප්පයක මිල ඉහළ මට්‌ටමකට වැඩි වන්නට මේ බදු සෘජු ලෙස බලපා තිබේ.

මේ සතිය වන විට අල හා ලූනු මිල යම් තරමකට අඩුවී ඇතත් පසුගිය මාස කීපය තුළම එය ඉතා ඉහළ මිලක්‌ ගත් අයුරු දක්‌නට ලැබිණි. මේ පිටුපස එAකාධිකාර ලබාදීම් පිළිබඳ ව්‍යාපාර අංශ තුළ කතා බස්‌ ඇති විය. පසුගිය දිනවල බිත්තරයක මිල රුපියල් 14-15 දක්‌වා ඉහළ ගියේද එAකාධිකාර ඇතිවීම නිසා බව කියති. කෙසේ වෙතත් දැන් බිත්තරයක මිල රුපියල් 9 ක පමණ මට්‌ටමකට අඩු වී ඇත. එහෙත් සාමාන්‍යයෙන් මෑතක්‌ වන තුරු බිත්තරයක මිල පැවතියේ රුපියල් 5-6 මට්‌ටමේ හෝ ඊට වඩා අඩුවෙනි.

යම් යම් භාණ්‌ඩවල මිල අධික ලෙස කෘතිමව වැඩි කර ඉන් පසු එය තරමක්‌ පහළ දමා වැඩි මිලක පවත්වාගෙන යැම අද වෙළෙඳ උපක්‍රමයක්‌ වී තිබේ. මේවා පාරිභෝගිකයන්ගේ අයිතිය තුට්‌ටුවකට මායිම් නොකරන නිසාද? මහජනතාව මොනව කළත් රජය කියන දේ පිළිගත යුතු යෑයි සිතන නිසාද?

මේ වන විට ආනයනය කරන බී ලූනු කිලෝවකට රුපියල් 25 ක්‌ද, අල කිලෝවකට රුපියල් 25 ක්‌ද, මිරිස්‌ කිලෝවකට රුපියල් 40 ක්‌ද, සහල් කිලෝවකට රුපියල් 25 ක්‌ද, පරිප්පු කිලෝවකට රුපියල් 20 ක්‌ද, සැමන් කිලෝවකට රුපියල් 85 ක්‌ද ආදී වශයෙන් රජය බදු පනවා තිබේ. මේ බදු අඩු කිරීම තුළ පාරිභෝගිකයාට යම් සහනයක්‌ ලබාදිය හැකිය. අනිත් අතට තොග මිල අඩු වුවත් සිල්ලර මිල අඩු නොවීමේ ගැටලුවට රජය විසඳුම් දිය යුතුය.

සාමාන්‍යයෙන් ලොව ඉන්ධන මිල ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් භාණ්‌ඩවල ඉහළම මිල ගණන් වාර්තා වූයේ 2008 වර්ෂයේදීය. එම මිල ගණන්වලට සාපේක්‍ෂව මේ වසරේ මිල අඩු යෑයි උදම් අනන ඇතැම් දේශපාලකයන් මේ දිනවල දැකිය හැකිය. මෙය අතිශය මෝඩ තර්කයකි. එසේ සාමාන්‍යයක්‌ ගන්නට නම් පසුගිය වසර පහක්‌වත් සැලකිල්ලට ගත යුතුය.

සහල් මිල සම්බන්ධයෙන් මිල පාලනයක්‌ ක්‍රියාත්මක කිරීම යහපත් දෙයකි. එA නිසා සහල් මිල ඉහළ යැම රුපියල් 60-70 සීමාවේ නතර විය. එහෙත් විවිධ නම්වලින් සහල් ඊට වඩා බොහෝ වැඩි මිල ගණන්වලට අලෙවිවීම තවමත් ඉතාම හොඳින් සිදුවේ. අනිත් අතට මේ මිල පාලනයට පෙර ගොයම් කැපෙන කාලවලදී කැකුළු සහල් කිලෝව රුපියල් විසි ගණනක්‌ වූවා අපට මතකය. එහෙත් මේ මිල පාලනය ක්‍රියාත්මක වූ පසු රුපියල් පනහට වඩා සහල් මිල අඩුවීමක්‌ සිදු නොවීය. මේ වාසිය ගොවියාට සෘජුවම ලැබෙන්නේ ද එසේත් නැත්නම් වී මොල් හිමියන්ට ලැබෙන්නේ ද යන්න සොයා බැලිය යුතුය.

පාන් මිල පසුගිය දිනවල යළිත් වරක්‌ ඉහළ ගියේය. මේ වන විට විවිධ මිල ගණන් යටතේ පාන් වෙළෙඳපොළේ අලෙවි වේ. රුපියල් 36 සිට 40, 44, 45, 50 ආදී වශයෙන් ද රුපියල් 60, 70, 80 හා රුපියල් සියයට වැඩි පාන් වර්ග ද බොහෝය. බොහෝමයක්‌ පාන් වර්ග මිල ඉහළ දමා ඇත්තේ නිකන්ම බෑගයක දමාය. පාන් සඳහා පාලන මිලක්‌ නියම කරන ලෙස ජනතාව රජයෙන් ඉල්ලන්නේ කාලයක සිටය. එහෙත් රජය හැමවිටම බේකරි හිමියන්ගේ හඬට යටත්වී එය සිදු නොකරයි. මේ වනවිට පාන් ගෙඩියේ මිල ඉහළ ගියද බර අඩු වී තිබේ. පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 ක්‌ විය යුතු වුවත් අද බොහෝ පාන් වල බර ග්‍රෑම් 275 ත් 325 ත් අතරය. එහෙත් රජය නීතිය ක්‍රියාත්මක නොකරයි. එA කාගේ බලපෑමකට දැයි අපට නම් බලවත් ගැටලුවකි.

වර්තමාන ඉන්ධන මිල අනුව අපේ රටට ඉන්ධන ලීටරයක්‌ ගෙන එනවිට මිsල වන්නේ රුපියල් 50 ත් 55 ත් අතරය. එහෙත් පෙට්‍රල් ලීටරයක්‌ රුපියල් 130 කි. ඩීසල් ලීටරයක්‌ රුපියල් 73 කි. අඩුම තරමින් බස්‌වලටවත් ඩීසල් සහනාධාරයක්‌ ලබාදී බස්‌ ගාස්‌තු ඉහළ යැම වළකාලන්නට රජය ක්‍රියා කළ යුතුව ඇත. එය බස්‌වල ගමන් ගන්නා ලක්‍ෂ සංඛ්‍යාත මගීන්ට සුබදායක වනු ඇත.

මේ වසර තුළ රජයේ සේවකයන්ට වැටුප් වර්ධක හිමි නොවන බවද පැවසේ. එය සාධාරණ වීමට නම් භාණ්‌ඩ මිල ද ඉහළ නොයා තිබිය යුතුය. ආදායමක්‌ නැතිව වියදම ඉහළ යැම අසාධාරණය.

ලොව විශාලම ඇමැති මණ්‌ඩලය ඇත්තේ ද අපටය. මේ වන විට එය 110 ක්‌ දක්‌වා වැඩිවී තිබේ. එය වරින් වර වැඩිවීම දැන් සාමාන්‍යයක්‌ වී තිබේ. මේ ඇමැතිවරුන්ට වැටුප්, වාහන, කාර්ය මණ්‌ඩලවලට වැටුප්, වාහන, කාර්යාල ආදී සියල්ලටම අතිවිශාල වියදමක්‌ දරන්නට ජනතාවට සිදුවී ඇති බව නොදන්නා අය ද සිටිති. මීට අමතරව මේ ඇමැතිවරුන්ගේ විවිධ වියදම්, ගෙවල් කුලී, විදේශ සංචාර සියල්ලටමත් ජනතාව උරදිය යුතුය. මේ එකක්‌වත් රටේ ආර්ථික තත්ත්වය නිසා අඩු කර නැත. කොළඹ නිවාස ඇති ඇතැම් ඇමැතිවරු පවා දැවැන්ත මුදලක්‌ ගෙවල් කුලී ලෙස ලබා ගනිති. විදුලි, ජල, දුරකථන මේ සියල්ල ජනතා බදු මුදලිනි. මේවා ගැන ලිවීම සමහරුන්ට විසය. පරිත්‍යාගය හා කැපවීම බලාපොරොත්තු වන්නේ ජනතාවගෙන් පමණි. පාලකයන්ගෙන් එයට ලැබෙන රුකුලක්‌ නැත. යුද පීඩනයේ සිට සියලු බර ජන හිසටමය. මහාමාර්ගවල පවා ඔවුන්ට විශේෂත්වයකි. පැය ගණන් ජනතාව මග ලගිද්දී මැති ඇමැතිවරු ඉගිලී යති. කවුරු තරහ වුවත් ඇත්ත එයයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v