සිංහල හා දෙමළ ඉතිහාසය
හාචාර්ය නලින් ද සිල්වා

ආදිවාසීන් යන්නෙන් රටක වර්තමානයෙහි ආධිපත්‍යය දරන ජනයා පැමිණීමට පෙර එරට විසූ ජනයා ගැන කියෑවෙයි. ආදිවාසීන්ට එකල රටේ ආධිපත්‍යයක්‌ තිබිණි ද නැත්ද යන්න ගැන අපට එතරම් දෙයක්‌ කිව නොහැක්‌කේ එA සමාජයෙහි බලය, ආධිපත්‍යය වැනි ආකල්ප තිබිණි ද යන්නවත් අප නොදන්නා බැවිනි. ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව නවසීලන්තය ආදී රටවල නම් බිරිතානීහු එA රටවල බලය අල්ලාගෙන එහි සිටි ජනයා මුළුමනින්ම මෙන් ඝාතනය කළහ. එහෙත් දකුණු ඇමරිකාවේ එවැන්නක්‌ නොසිදුවිය. ආක්‍රමණිකයෝ එහි සිටි වැසියන් මුළුමනින්ම ඝාතනය නොකළහ.

ඔවුහු එහි සිටි වැසියන්ගෙන් ඉතිරි වූ පිරිස සමග මිශ්‍ර වූහ. අප විසින් අර්ධ වෛදිකයන් යනුවෙන් හැඳින්වෙන්නේ දඹදිව සිට ලංකාවට පැමිණෙන විට ලංකාවේ සිටි යක්‍ෂ නාග ගෝත්‍රවලට නායකයන් සිටි බව පැහැදිලිය. එA නායකයන් රජවරුන් වී ද නැද්ද යන්න අපි නොදනිමු. මණිඅක්‌ක නා රජුන් ආදීන් ගැන වංස කතාවල කියෑවෙන නමුත් එA රජවරුන් දැයි අප නොදන්නේ ඔවුන්ට රජවරුන් යෑයි කියන්නේ අර්ධ වෛදිකයන් නිසාය. අප වැදි රජු ගැන කියන නමුත් වැදි ජනයාට එසේ රජවරුන් සිටි බවක්‌ දැන ගැනීමට නැත. මනමේ නාඩගම ලියනු ලැබ ඇත්තේ වැදි ලේඛකයකු විසින් නොව රජවරුන් ගැන දැන සිටි පැරැණි සිංහලයකු විසිනි. රජ යන සංකල්පය වැදි සංස්‌කෘතියේ තිබිණ ද යන්න ප්‍රශ්නයකි.

පෘතුගීසි ඉතිහාසඥයකු වූ ක්‌වේරෝස්‌ කෝට්‌ටේ රජුට අධිරාජයා (එම්පරර්) යෑයි කියන්නේ සිංහලයන්ට අධිරාජයකු සිටි නිසා නොව, පෘතුගීසි සංස්‌කෘතියට සාපේක්‍ෂව ක්‌වේරෝස්‌ට රජු අධිරාජයා ලෙස පෙනුණු බැවිනි. දැනුම එලෙස සංස්‌කෘතියට (මනසට හා පංෙච්න්ද්‍රියට අමතරව) සාපේක්‍ෂ බව පැහැදිලි වෙත්දී බටහිර විද්‍යාවේ පාවෙන පරඬැල් වැනි මහාචාර්යවරුන්ට එA ගැන අවබෝධයක්‌ නොවීම ම බටහිර සංස්‌කෘතික යටත් විජිතවාදයේ ලක්‍ෂණයකි.

අර්ධ වෛදිකයන් ලංකාවට පැමිණෙන විට මෙරට සිටි ගෝත්‍රිකයෝ මුළුමනින්ම සමූල ඝාතනය කරනු නොලැබූහ. අර්ධ වෛදිකයන් හා යක්‍ෂ ගෝත්‍රිකයන් අතර සටන් තිබී ඇති බවත් එA සටන්වලදී මිනිසුන් මියගොස්‌ ඇති බවත් පැහැදිලිය. එහෙත් අර්ධ වෛදිකයෝ යක්‍ෂ ගෝත්‍රිකයන් සමූල ඝාතනය නොකළහ.

අර්ධ වෛදිකයන් මෙරටට පැමිණෙන විට සිටි සියලු ගෝත්‍රික ජනයා ආදිවාසීන් ලෙස හඳුන්වන්නේ නම් ඔවුන්ගෙන් ඉතා වැඩි කොටසක්‌ අර්ධ වෛදිකයන් සමග මිශ්‍රවීමෙන් ගොඩනැඟුණු සිංහලයන් ආදිවාසීන් නොවන්නේ ඇයි? මෑතක්‌ වන තුරු සිංහලයන් නොවී සිටි එකම ගෝත්‍රය පමණක්‌ ආදිවාසීන් වීමට ඇති පදනම ඔවුන් සිංහලයන් නොවීම පමණකි. මා ඉතිහාසය සම්බන්ධයෙන් අසන ප්‍රශ්න බටහිර සම්ප්‍රදායේ පුහුණුව ලැබූ ඉතිහාසඥයන් අසන ප්‍රශ්න නොවන්නේ නම් වරද මා අත නොවේ. සිංහල ජාතිය ගොඩනැඟී ඇත්තේ අර්ධ වෛදික ගෝත්‍ර, වංශ හා නාග, දේව, (කල්ගත වී වුවත්) යක්‍ෂ ආදී ගෝත්‍ර මිශ්‍රවීමෙන් බව පැහැදිලිය.

එහි දේශපාලන ආධිපත්‍යය, බලය පළමුවෙන්ම තිබී ඇත්තේ අර්ධ වෛදික වංශයක්‌ වූ සිංහ වංශයටය. ජාතිය සිංහල වූයේ ඔවුන්ගේ නමින් යෑයි සිතීම සාධාරණය. පසුව වෙනත් වංශවල අය ද සිංහලයේ රජකමටත් පත්වී ඇත. එA කෙසේ වෙතත් සිංහල ජාතියේ ආර්ථිකය හා සංස්‌කෘතිය ලබාගත්තේ කිනම් වංශයකින් ද ගෝත්‍රවලින් ද?

මෙරටට පැමිණි අර්ධ වෛදිකයන් දඹදිව සිටියදී වැව් නිර්මාණය කළ බවට සාධකයක්‌ නැත. ඔවුන් හුරු පුරුදු වී සිටියේ ගංගා නිම්න සංස්‌කෘතිවලටය. ඔවුන් ලංකාවට පැමිණ පදිංචි වී ඇත්තේ ද පිහිටි රට හා රුහුණු රට ගංගා ඔය ආශ්‍රිත ප්‍රදේශවල බව පැහැදිලිය. වැව ලංකාවට ආවේණික නිර්මාණයකි. වැව් තාක්‍ෂණය යක්‍ෂ සංස්‌කෘතියට අයත් වී යෑයි සිතිය හැකිය. එසේත් නැතහොත් එA නාගයන්ගේ සංකල්පයක්‌ විය හැකිය. වැව් ආශ්‍රිතව නාග සංකේතය ඇත්තේ නාගයන් ජලය සමග බැඳුණු ගෝත්‍රයක්‌ නිසාම විය නොහැකිය. අදටත් සිංහලයෝ මහවැලි ජලාශ නිර්මාණයේදී ද නාග සංකේතය අමතක නොකරති. වැව් සංකල්පය ලංකාවේ නාගයන්ගේ යෑයි සිතිය හැකිය. යක්‍ෂ ගෝත්‍රිකයන් වැව් කර්මාන්තයට තමන් ඉරානයෙන් (පර්සියාවෙන්) ගෙනා තාක්‍ෂණය මිශ්‍ර කරන්නට ඇත. යක්‍ෂ ගෝත්‍රිකයන් සම්බන්ධයෙන් හිටපු මිනුම්පතිවරයකු වූ ඩෙනිස්‌ ප්‍රනාන්දු මහතා දක්‌වා ඇති අදහස්‌ මෙහිදී වැදගත් වෙයි. වැව, වාරිමාර්ග ආදිය අර්ධ වෛදිකයන්ගේ සංස්‌කෘතියට අයත් නොවේ. යක්‍ෂ ගෝත්‍රිකයන් වී ගොවිතැන ප්‍රධාන කෘෂිකර්මයෙහි ද දක්‍ෂයන් වූ බව පෙනෙයි. සිංහ වංශය ප්‍රමුඛ අර්ධ වෛදිකයන් රටේ දේශපාලන බලය අල්ලා ගත්තද ඔවුන්ට තම ගංගාශ්‍රිත ආර්ථිකය හා එA සමගම බැඳුණු සංස්‌කෘතිය සිංහල ජාතියට දීමට නොහැකිවී ඇති බව පෙනී යයි. ප්‍රධාන වශයෙන්ම යක්‍ෂ ගෝත්‍රික ආර්ථිකය සිංහල ජාතියේ ආර්ථිකය බවට පත්වී ඇත. අද පවා අපි වැවයි, දාගැබයි (අර්ථයෙන් ධර්මයෙන්) යනුවෙන් කියන සංස්‌කෘතියෙහි ලෞකික පැත්ත, ආර්ථිකය විශේෂයෙන්ම යක්‍ෂ ගෝත්‍රයෙන් ලබාගෙන ඇති බව පෙනී යයි.

දේශපාලන බල ව්‍යqහය සිංහ වංශයෙන් ද ආර්ථික යක්‍ෂයන්ගෙන් හා නාගයන්ගෙන් ද ලබාගත් සිංහල ජාතියේ සම්පූර්ණයෙන්ම ආර්ථික නොවූ සංස්‌කෘතියක්‌ නාග හා දේව ගෝත්‍රිකයන්ගෙන් ලබාගෙන ඇති බවත් මහින්දාගමනයෙන් පසු එA සංස්‌කෘතිය බුදුදහම පදනම් කරගෙන වර්ධනය වී ඇති බවත් පෙනී යයි. නාග හා දේව ගෝත්‍රිකයන් බුදු දහමට විරෝධයක්‌ නොපෑම මගින් පෙන්වන්නේ ඔවුන්ගේ සංස්‌කෘතිය හා බුදුදහම බිහිවූ සමාජයේ සංස්‌කෘතිය අතර විශාල වෙනස්‌කම් නොවූ බවය. බුදුදහම සමග ලැබුණු සංස්‌කෘතිය පසු කලෙක ආර්ථිකය කෙරෙහි ද දේශපාලනය කෙරෙහි ද බලපා ඇති බව ඉතිහාසයෙන් මනාව පැහැදිලි වෙයි. ආර්ථිකය, දේශපාලනය හා සංස්‌කෘතිය එකිනෙකට බැඳුණු සංසිද්ධිය. එAවා අතර ඇත්තේ අන්තර් සම්බන්ධයකි. සිංහල සංස්‌කෘතියෙහි සිංහල බෞද්ධ චින්තනය මත ගොඩනැඟෙන දැනුම් පද්ධතියක සමාජයීය විකාශය කෙරෙහි එA සංසිද්ධි තුනම බලපාන ආකාරය කිව යුතුය. සිංහල බෞද්ධයෝ බහු හේතුවාදී වෙති. ඔවුහු බටහිරයන් මෙන් නොව එAකහේතුවාදයට ගොදුරු නොවෙති. එබැවින් සිංහලයෝ ඌනිතවාදීහු නොවෙති. මුළු මහත් බටහිර විද්‍යාවම අවසාන විග්‍රහයෙහිදී ඌනිතවාදී වෙයි. සිංහල බෞද්ධයන්ට ඇතැම් සිංහල ජාතිකවාදී යෑයි කියන බටහිර විද්‍යාවේ පාවෙන පරඬැල්වලට මෙන් නොව බටහිර සංස්‌කෘතියෙහි ගොඩනැඟෙන ඇතැම් ප්‍රවාද ප්‍රතික්‍ෂේප කිරීමේ බාධාවක්‌ නැත. සිංහල බෞද්ධ චින්තනය යනුවෙන් අප අදහස්‌ කරන්නේ පොදුවේ ගත් කල සිංහල බෞද්ධයන්ගේ චින්තනයය. අප යොදාගන්නා චින්තනය යන සංකල්පය ජාතික චින්තනය යන විසුරුණු අදහසින් බෙහෙවින් වෙනස්‌ වෙයි.

මේ සියල්ලෙන් අප කියන්නේ සිංහල ජාතිය යනු අර්ධ වෛදිකයන් හා ඔවුන් මෙරටට පැමිණෙන විට මෙහි වාසය කළ ගෝත්‍ර බොහෝමයක්‌ එකතුවී ගොඩනඟන ලද ජාතියක්‌ බවත් එහිදී අර්ධ වෛදිකයන්ගේ දේශපාලන ව්‍යqහය හා දේශපාලන බලය වැදගත් වුවත් මෙරට විසූ ගෝත්‍රිකයන්ගේ සංස්‌කෘතිය හා ආර්ථිකය බොහෝ දුරට සිංහල ජාතියට හිමි වූ බවත්ය. මෙයින් කියෑවෙන්නේ අර්ධ වෛදිකයන්ගේ සංස්‌කෘතිය හා ආර්ථිකය කිසිසේත්ම සිංහල ජාතියට බලපා නැති බවවත් යක්‍ෂ නාග ආදී ගෝත්‍රිකයන්ගේ පාලන ව්‍යqහ කිසිවක්‌ සිංහල ජාතිය හිමිකර නොගත් බවවත් නොවේ. එA එA සංරචකය සම්බන්ධයෙන් වැඩි බලපෑමක්‌ කළ පිරිස්‌ ගෝත්‍ර අපි ඉහත සඳහන් අයුරින් හඳුනා ගනිමු. පසුකාලීනව දෙවනපෑතිස්‌ රජු සමයෙහි බුදුදහම හඳුන්වාදීමෙන් පසුව ඇති වූ වෙනස්‌කම් ද මූලික වශයෙන් මේ රාමුව තුළම සාකච්ඡා කළ හැකි බව පැහැදිලි වෙයි.

සිංහල ජාතිය පඬුඅබා දවස ඇරඹුණු ද එහි සංස්‌කෘතියෙහි හා ආර්ථිකයෙහි ඉතිහාසය එයට වඩා පැරැණිය. ගෝත්‍ර හා වංශ එකතුකර ගොඩනඟන ලද ජාතියට පඬුඅබා රජු දවස ලැබුණේ දේශපාලන ව්‍යqහයකි. අදාළ දේශපාලන ආධිපත්‍යය අර්ධ වෛදිකයන් සතු විය. අපි විජය රජුගෙන් සංකේතවත් වන අර්ධ වෛදිකයන් විසින් පමණක්‌ සිංහල ජාතිය ගොඩනඟන ලද්දේය යන මතය ප්‍රතික්‍ෂේප කරමු. එපමණක්‌ නොව එසේ පැමිණි අර්ධ වෛදිකයන්ගේ සමාජයෙහි මෙරට විසූ ගෝත්‍ර ගිලී ගොස්‌ නැත.

එබැවින් සිංහල ජාතිය යනු කිසිසේත්ම අර්ධ වෛදිකයන්ගේ ජාතියක්‌ හෝ අර්ධ වෛදිකයන්ගේ සංස්‌කෘතික හෝ ආර්ථික හෝ ආධිපත්‍යයක්‌ තිබූ ජාතියක්‌ හෝ නොවෙයි. පඬුඅබා රජුගෙන් සියවස්‌ කිහිපයක්‌ ඇවෑමෙන් වැදි ගෝත්‍රය හැරෙන්නට මෙරට විසූ අනෙක්‌ සියලුම ගෝත්‍ර හා අර්ධ වෛදිකයන් ද මිශ්‍ර වී සිංහල ජාතිය ස්‌ථාවරත්වයකට පත්වී ඇත. අද වන විට වැදි ගෝත්‍රය ද සිංහල ජාතියට එකතුවී ඇත. වැදි ගෝත්‍රය ද ඇතුළු සියලු ගෝත්‍රවල හා අර්ධ වෛදිකයන්ගේ ලක්‍ෂණ සිංහල ජාතියෙහි අඩු වැඩි වශයෙන් දක්‌නට ලැබෙයි. වැදි ගෝත්‍රය හා යක්‍ෂ ගෝත්‍රය අතර තිබූ සමීප සම්බන්ධය හේතුකොටගෙන වැදි ගෝත්‍රය සිංහල ජාතියට එකතුවීමට පෙර සිටම වැදි ගෝත්‍රයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ සිංහල ජාතියට එක්‌වී යෑයි සිතිය හැකිය.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි දේව ඇදහිලි ද දක්‌නට ඇත්තේ මේ මිශ්‍රණය හේතුකොටගෙනය. එA හින්ද ආගමින් ලැබුණු ලක්‍ෂණ නොව පැරැණි ගෝත්‍රිකයන්ගේ දේව යක්‍ෂ ඇදහිලිවලින් ලැබුණු දෑය. සිංහල බුද්ධාගමෙහි (ඉංගිරිසීන්ගේ බුද්ධාගම හා දේවාලගම) ඇත්තේ දේවාල මිස කෝවිල් නොවන බව අවධාරණය කළ යුතුය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v