හාමුදුරුවනේ අනේ ක්‍රිකට්‌ තියෙනවද බණේ!

ගෞතම බුදුරාජාණන් වහන්සේ ලෝකය තුන්කල් දුටහ. කාලානුරූපව සංඝ ශාසනයට අත්වන ඉරණමද එලෙසින්ම උන්වහන්සේ වදාළහ. කාසාවකන්ඨකගෙන් සංඝ ශාසනය අවසන් වන බව අප තිලෝගුරු බුදුන් වදාළේ ක්‍රමිකව ශාසනය පරිහානියට පත්වන බව හඟවමිනි.

සැබැවි. එය එසේම වන්නේය.

ඒ බව පසක්‌ කරවන කතාවක්‌ පසුගිය දිනක එක්‌තරා සම්මේලනයකදී ඇසිණි. ඇතැම් රූපවාහිනි නාලිකා ඔස්‌සේ ද එහි රූපරාමු ප්‍රදර්ශනය විය. ක්‍රිකට්‌ සසුනට කැප ද අකැප ද යන්න නම් නොදනිමු. එහෙත් එය අප තුළ නම් සංවේගයක්‌ දැනවීය.

ජාත්‍යන්තරයෙන් යොමුවන පන්දු තෝරාබේරාගෙන පහර දිය යුතු බව කියමින් සිය කතාව ඇරැඹු දේශකයන් වහන්සේ එහි මඟක්‌ දුර යද්දී ඔබේම ක්‍රිකට්‌ පුහුණු උපදෙස්‌ දෙන්නකු බවට පත්විය. පිත්ත සහ පාදය අතර පරතරයක්‌ නොතබා පන්දුවට පහරදිය යුතු බවත් එසේ නොකළ හොත් ස්‌ලිප් ප්‍රදේශයට උඩපන්දු යන බවටත් ක්‍රිකට්‌ පාඩමක්‌ ඉගැන්වූ ඒ දෙසුම හුදු විස්‌තර ප්‍රචාරයක්‌ම විය.

මේ කතාව රූපවාහිනියෙන් දුටු මා සමග සිටි අයෙක්‌ පැවසුවේ " හාමුදුරුවෝ නම් හොද ක්‍රිකට්‌ පිස්‌සෙක්‌ වගෙයි" කියාය.

පසුදා උන්වහන්සේගේ ඒ කතාවම එක්‌තරා එෆ්. එම්. සේවයකින්ද ප්‍රචාරය කළේය.

මේ අපගේ ස්‌වාමීන්වහන්සේ නමක්‌ අහවල් රැස්‌වීමේදී පැවැත්වූ කතාව යෑයි එහි නිවේදකයා අවඥවෙන් යුක්‌තව එයට පුර්විකා සැපයූ අතර එම කතාව ප්‍රචාරය වී අවසන් වෙත්ම "තණතිල්ල දිගේ ඇදිලා යනවා" යන සමන්ද සිල්වාගේ ගීතය ප්‍රචාරය වූයේ අහඹු ලෙස තෝරාගැනීමකින් නොව උන්වහන්සේගේ එම කතාවට සම්බන්ධ කරමින් බව එය අසා සිටි සියල්ලන්ටම පසක්‌ වන්නට ද ඇත.

අපේ හාමුදුරුවනේ මේ හෑල්ලුවට ලක්‌වන්නේ ඔබ පමණක්‌ නොව උත්තම ශාසනය නොවේද?

ඒ කතාව කළේ කලිසම් කමිස හැඳගෙන නම් කිසිදු ප්‍රශ්නයක්‌ නැත. ස්‌වාමීන් වහන්ස ඔබ ඔය දරා සිටින්නේ අරහත් ධජයයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්‌ෂයක්‌ පෙරුම් පුරා තුන්ලෝකාග්‍ර බුදු පදවිය ලබා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් වදාළ සසර ගිනි නිවන ක්‍රමවේදය උන්වහන්සේගේ ඇවෑමෙන් ලොවට කියන්නට වරම් ලත් පරම්පරාවක ඒ උරුමය දරමින් ඔබ වහන්සේ කුමක්‌ වදාරන්නේද?

බුද්ධ පුත්‍රයකුට ක්‍රිකට්‌ උපමා කොතරම් ගැලපෙන්නේ දැයි සිතනු මැනවි. ජනප්‍රිය රැල්ලේ දහම් පිළිබඳවද අද සමහරු චෝදනා කරති. ධර්ම කාරණයක්‌ පැහැදිලි කිරීම සඳහා ක්‍රිකට්‌ යොදා ගත්තේ නම් එය ගැලපුන ද නොගැලපුනා ද ඒ උත්සාහය අපට ඉවසීමට සිදුවේ. එහෙත් අපේ හාමුදුරුවනේ ඒ කතාව කළේ දහමට අබමල් රේණුවක සම්බන්ධයක්‌ නැති දෙයක්‌ වෙනුවෙනි. හුදු දේශපාලන අරමුණක්‌ වෙනුවෙනි.

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ඒ කතාව මෙන්ම අපි වෙනදා දකින සමහර කතාවල ධර්ම ශාස්‌ත්‍රීය කරුණු බැහැරවන බවද පෙනේ. එසේනම් ඒවා බුදුන් විසින් සංඝයා විෂයෙහි වදාළ නොකළ යුතු කතා 32 අතරට වැටෙනු නොවැළැක්‌විය හැකිය.

දහම පසෙකින්ම තබමු. ඔබ වහන්සේ එවැනි කතාවකින් බලාපොරොත්තු වුණේ ජාතියට පණිවිඩයක්‌ දීම නම් එම උත්සාහයද යොදාගත් උදාහරණ හමුවේ විනාශ වූ බව අකමැත්තෙන් වුවද කිව යුතුය.

එය අසන්නන්ට "ආතල්" එකක්‌ වූවා විනා වෙනත් (ජාතික) හැඟීමක්‌ ජනිත කරවන්නට සමත් වූවක්‌ නොවීය. ඔබ වහන්සේගේ ඒ කතාවට දොහොත් මුදින් දී සාධුකාර දීමට හෝ කටපුරා "එහෙයි" කීමට සිතීම කෙසේ වෙතත් මුවට ඇඟිලි දෙකක්‌ ඔබා විසිල් පහරක්‌" ගැසීමට කොල්ලකු පෙළඹවීමේ හැකියාවක්‌ නම් එහි තිබිණි.

බුද්ධ පුත්‍රයකුගෙන් අප බලා පොරොත්තු වන්නේ ගැලරියට විසිල් ගස්‌වන කතා නොව, මේ සංසාර ගමන දශමයකින් හෝ කෙටි කරගන්නට හේතුවන අනුශාසනාවකි. එහෙත් අවාසනාවකට මෑත යුගයේ භික්‌ෂූන් වහන්සේලාද? චරතක්‌ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය" යන තම ශාස්‌තෲවරයාගේ උපදේශය නොතකති.

මා මේ ආමන්ත්‍රණය කරන්නේ ඔබ වහන්සේට පමණක්‌ නොවේ, ජාතිකත්වය හෝ අන්‍යාගම්කරණය ආදී මාතෘකා ගෙනෙමින් දේශපාලනය කරට ගෙන හිස මත වැඩ සිටිය යුතු බුදුරජාණන් වහන්සේ පසෙක දැමූ සමස්‌ත රැඩිකල් උන්වහන්සේලාටය.

ඔබ වහන්සේලා සැබෑ භික්‌ෂු ප්‍රතිපදාවක සිටිත් නම් දේශ පාලන වේදිකා වලට නැඟ යටිගිරියෙන් කෑගැසිය යුතු නැත. එවන් ප්‍රතිපදාවක සිටියිනම් එක වචනයක්‌ හෝ ප්‍රකාශ නොකරද භික්‌ෂූන් නමකගේ ඉරියව් විශයෙහි පවා දස දහස්‌ ගණන් මිනිසුන් පැහැදෙනු ඇත. එම පැහැදීමට ජාති භේද , ආගම් භේද නැත.

ඔබවහන්සේලාට එය පසක්‌ කරගනු පිණිස එක්‌ උදාහරණයක්‌ දීමට මට අවසරෘ

මේ එක්‌තරා ආරණ්‍යවාසී භික්‌ෂුවක්‌ මා සමග පැවසුවකි. සැබෑ බුද්ධ පුත්‍රයකු වන උන්වහන්සේගේ ඉරියව්වලින් පවා ඒ බව පසක්‌ වේ. දිනක්‌ උන්වහන්සේ තම භික්‌ෂු දිවියේ අවශ්‍යතාවක්‌ වෙනුවෙන් කොළඹ කිසියම් තැනකට යැම පිණිස තවත් උපාසක මහතකු සමග පැමිණියේය. දෙමටගොඩින් දුම්රියෙන් බැස ගත් උන්වහන්සේ ත්‍රිරෝද රියක නැඟුනේ ජාවත්ත පාරට යැමටයි. ත්‍රිරෝද රිය ගමන් ඇරැඹීමට ප්‍රථම (එම ස්‌වාමීන්වහන්සේ මුදල් භාවිත නොකරන බැවින්) ඒ උපාසක මහතා ත්‍රිරෝද රථ රියෑදුරුගෙන් ගමන සඳහා ගාස්‌තුව විමසීය. එවිට රියෑදුරු ඒ සඳහා තම ගාස්‌තුවද ප්‍රකාශ කළේය. පසුව ඔවුහු එම ත්‍රිරෝද රියෙන් ගමනාන්තයට ළඟා වූහ. රියෙන් බැසගත් උපාසක මහතා ගාස්‌තුව ගෙවීමට සැරසුනි. ත්‍රිරෝද රථ රියෑදුරා මුදල් ප්‍රතික්‍ෂේප කළේය. තමන්ට හිමිවිය යුතු ගාස්‌තුව ලබාගන්නා මෙන් උපාසක මහතා මේ රියෑදුරාට පෙරැත්ත කළේය.

"එපා මහත්තයෝ එපා. මම සල්ලි එපා කියන්නේ සංතෝසෙන්" යෑයි පවසමින් ඔහු මුදල් ගැනීම ප්‍රතික්‍ෂේප කළේ ස්‌වාමීන් වහන්සේගේ ඉරියව් කෙරෙහි ඔහු පැහැදුණු බැවිනි. පුදුම විය යුත්තේ කොළඹ ත්‍රිරෝද රථ රියෑදුරකු එවැන්නක්‌ කිරීම නොව ඒ රියෑදුරා මුස්‌ලිම් ජාතිකයකු වීමය. කොඩිගහයට උපන් සතයද කඩා ගැනීමට උත්සාහ කරන සමාජයක වෙනත් ආගම් භක්‌තිකයකු වුවද ඒ ස්‌වාමීන් වහන්සේ ගැන (ඉරියව්වෙහි පමණක්‌) කොතරම් පැහැදුණිද යන්න ඔබට සිතාගත හැකිද? යම් හෙයකින් බුද්ධ පුත්‍රයකු කෙරෙහි පැහැදුණු ඒ ශ්‍රද්ධාවන්තයාට දහමක්‌ දේශනා කිරීමට ඒ ස්‌වාමීන් වහන්සේට අවස්‌ථාවට ලැබුණා නම් ඔහු බුදුන් වදාළ මඟේ ගමන් කිරීමට පවා ඉඩ තිබිණි. එසේ සැබෑ බුද්ධ පුත්‍රයන්ගේ ඉදිරියව්වෙති සහ දේශනාවෙහි පැහැදී නිවන් මඟට අවතීර්ණ වූ අන්‍යාගමිකයෝ පවා බොහෝ වෙත්.

ඉතින් (ක්‍රිකට්‌ දේශනා කළ) අපේ ස්‌වාමීන් වහන්ස.

ඔබ වහන්සේ එදින (ක්‍රිකට්‌ කොමිටල් වෙනුවට)

ඒ ගාම්භීර දහම දේශනා කළේ නම් මිනිසුන් දොහොත් මුqදුන් දී ඔබ පෙන්වන මඟෙහි ගමන් කරනු ඇත. එවිට ඔබ පෙන්වන්නේ බුදුන් වදාළ මඟ බැවින් ඒ මඟේ ගමන් කරන පිරිස්‌, සමාජයක්‌ නිවැරැදි ලෙස කිරීම පිණිස ඔවුනට සමාජයීය හරි වැරැද්ද තේරුම් කර දීම පිණිස වේදිකා මතට නැඟී මොරදීමට සිදු නොවනු ඇත. ක්‍රිකට්‌ පිස්‌සෙක්‌ ආදී වදන්වලින් මෙලෙස හෑල්ලුවට පත්වීමට ද සිදු නොවනු ඇත.

අපේ හාමුදුරුවනේෘ අපට අවශ්‍ය ඩේව්ට්‌ වට්‌මෝර් හෝ ජෝන් ඩයිසන් පරම්පරාවේ හිsමිවරුන් නොව සැරියුත්, මුගලන්, මහා කාශ්‍යපය පරම්පරාවේ සැබෑ බුදු පුතුන් වහන්සේය.

ස්‌වාමීන්වහන්සෘ මේ අපරාවූ සංසාරය බව ඔබවහන්සේද දන්නෙහිය. එහෙත් එය තේරුම් නොගත හොත් අද ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් හඬ නඟන කවරකු වුවද මතු සංසාරයේ දිනෙක තලේබාන්වරයකු වී මූලධර්මවාදී අරමුණ වෙනුවෙන් යළිත් මෙලෙසම මොරදෙන්නෙක්‌ වීමට ඉඩ නොමැතිද?

ඉන්ද්‍රජිත් සුබසිංහ

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v