රූ රැජිනකට වධ දුන් අරාබිකාරයා


මොහොමඩ් අල් පලට්‌ටා

ප්‍රහාරය පෙර

ප්‍රහාරය පසු

ඇගේ නම රාණියා අල්බාෂ්ය. සෞදි අරාබියේ රූපවාහිනි සේවයේ නිවේදිකාවක්‌ ලෙස ඇය සේවය කළාය. ඇගේ සැමියා මොහොමඩ් අල් පලට්‌ටාය. වෘත්තියෙන් ගායකයකු වන ඔහුට වෙනත් ආදායම්ද නැත.

සෞදි අරාබියේ කාන්තා දිනය සමරා කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ කාර්යය සඳහා රටේ උගත් කාන්තාවන්ගෙන් සැදි කමිටුවක්‌ රාජ්‍ය අනුග්‍රහයෙන් පත් වී දින කීපයකට පසුව රාණියා අල්බාෂ් මේ කුරිරු ඝාතනයට ගොදුරු වූවාය.

නිවසේ ටැලිපෝනය නාද වියෘ රාණියා ටැලිපෝනය වෙතට ගොස්‌ රිසීවරය අතට ගෙන කතා කළාය. රාණියා දුරකතනයෙන් කතා කරනවාට ඇගේ සැමියා කැමැති නැත. මෙය දුටු සැමියා වන මොහොමඩ් අල් පලට්‌ටා කෝපාවිෂ්ඨ විය. කෝපයෙන් පරල වූ අල් පලට්‌ටා ඇය වෙත කඩාගෙන බිඳගෙන පැනගෙන ආවේ යක්‌ෂයා ආරූඪ කර ගනිමිනි.

"මට ගහන්න එපාෘ" යි රාණියා බැගෑපත් වූයේ මේ යක්‍ෂයාගේ හැටි දන්නා හෙයිනි.

"ගහන්න? මම ගහන්නෙ නෑ, නුඔව මරණවාෘ" යි අල් පලට්‌ටා දුවගෙන එන ගමන්ම ගිගුරුවේය. ආ ගමන්ම අලි පලට්‌ටා රාණියාට පහර පිට පහර එල්ල කරන්නට විය.

ප්‍රථමයෙන්ම ඇගේ දෙකලවට පහර දී ඇය දණින් වැටීමට සැලැස්‌වූ ඔහු ඇගේ කකුල් ඉවතට නැමුවේය. ඇගේ ගෙල මිරිකාගෙන ඒ ගමන්ම මුඛයට ඇස්‌වලට හා නාසයටද දරුණු ලෙස පහර දෙමින් ඇයගේ හිස පොලොවේ ගැසුවේය. මුහුණ තැලෙන පරිදි නොකඩවා පහර දුන්නේ කිසිම අනුකම්පාවක්‌ නොදක්‌වමිනි.

බිම වැටී සිටි ඇයගේ කෙස්‌ වැටියෙන් අල්ලා නැවතත් හිස පොලොවේ ගසන්නට විය. ඇය නැගිටින්නට වීරිය කළද ඔහු ඇයව ඇදගෙන විත් ඇගේ මුහුණ යළිත් බිත්තියේ ගැසුවේය.

"දැන් උඔ මැරෙන්න ළඟZයි, දෙවියන් වහන්සේ සිහිකර ගනින්ෘ" කියමින් ඔහු රාණියාගේ බෙල්ලෙන් ඔහුගේ දෑත් ඉවත්කර ගත්තේය.

රාණියා එවිට කියා ඇත්තේ "ඇත්ත වශයෙන්ම මා අල්ලා දෙවියන් වහන්සේ සිහිකළා" මා මගේ ප්‍රාණය දෙවියන් වහන්සේට භාර කළා", යනුවෙනි.

මොහොමඩ් අල් පලට්‌ටා නැවතත් දුවගේ ගෙල මිරිකුවා, ඒ වන විට දුවට සිහි මූර්ඡා වන්න ඇතැයි රාණියාගේ මව කීවාය.

දස මසක්‌ කුස දරා මෙලොවට බිහිකර විවාහකර දෙන තුරු නොවිඳිනා දුක්‌ විඳ, ඇති දැඩි කළ තම එකම දියණියට මෙසේ වධ දෙන විට මවක වූ ඇය කෙසේ ඉවසා සිටින්නට ඇද්ද? එහෙත් ඇයට කළ හැකි දෙයක්‌ නොවීයෘ

මොහොමඩ් අල් පලට්‌ටා ඉන් පසු හොඳ සිහි බුද්ධියෙන් යුක්‌තව ස්‌නානය කොට ඇඳුම් මාරුකර පැය ගණනකට පසු පැමිණ රාණියාගේ සිරුර ඇතිරිල්ලක ඔතා සිය වෑන් රථයේ පටවා ගත්තේය. පටවාගෙන රථය ජෙඩා නගරයෙන් බාහිර ඔධූර් නම් වූ පළාතට පදවාගෙන ගියේය. එහෙත් පුදුමයකි. ඒ මොහොතේ රාණියාට පියවි සිහිය ලැබීගෙන එමින් තිබිණි. ඇයට දැණුනේ ඇය භූමදාන කිරීම සඳහා ඔධූර් ප්‍රදේශයට ගෙන යන බවයි. ඈ වේදනාවෙන් කෙඳිරි ගෑවේය.

මොහොමඩ් වාහනය හරවා ගෙන බක්‌ෂාත් රෝහල වෙත පැදවීය. හදිසි අනතුරු අංශයට ඇතුළු වන දොරටුව අසල (ඇතිරිල්ලේ එතූ) රාණියාගේ සිරුර තැබූ මොහොමඩ් "මැය රිය අනතුරකින් මිය ගිහින්. අනතුරට භාජන වූ තවත් අය ඉන්නවා. මං ඔවුන් රැගෙන එන්නම්," කියා කඩිනමින් වෑන් රථය පදවාගෙන පිටත් විය. ඉන් පසු ඔහු රෝහල පැත්ත පළාතේ ආවේ නැත.

පොලිසිය මේ පුද්ගලයා සොයන ප්‍රථම වතාව මෙය නොවේ. මීට පෙර ඔහු ඔහුගේම සහෝදරියක්‌ ලෙබනනයේ බීරුට්‌ නුවර සිට පැහැර ගෙන යැමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය ඔහු ගැන සෙවිල්ලෙන් සිටියේය.

"මා මෙය මාධ්‍යයට හෙළි කරන්නේ සවුදි අරාබියේ මා මෙන් මෙවැනි අතවරවලට භාජන වන කාන්තාවන් කෙරේ සමාජයේ අවධානය යොමු කිරීමට බව තම මුහුණට සිදු වූ බරපතල කැඩුම් බිඳුම් තුවාල දහ තුනකින් එකක්‌ සඳහා ශල්‍ය කර්මයක්‌ කළාට පසුව රාණියා පුවත් පතකට පැවසුවේ බලවත් වේදනාවෙන් පෙළෙමිනි.

රාණියාගේ ඡායාරූප සහිතව මේ ප්‍රවෘත්තිය සවුදි අරාබියේ ප්‍රධාන පෙළේ පුවත්පතක්‌ වන "ඇරැබ් නිව්ස්‌" පත්‍රයේද පළවී ඇත. ඒ මීට වසර කීපයකට පෙරය.

එදා රට තුළ මහා ආන්දොaලනයක්‌ ඇති කළ මෙම සිද්ධිය සම්බන්ධ තවත් තොරතුරු ඊට දින දෙකකට පසු නැවතත් පළ වූයේ අල් පලට්‌ටාගේද ඡායා රූපයක්‌ සහිතවය.

මක්‌කම පළාතේ ආණ්‌ඩුකාරයා වූ අබ්දුල් මජීඩ් කුමරුවාගේ බිරිඳ වන සාරා අත්කාරි කුමරිය ඇගේ පුද්ගලික වියදමින් රාණියාට ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වූවාය.

මේ අනුව රාණියා පයිෂාල් රාජකීය රෝහලට මාරු කරනු ලැබ ඇති අතර වෛද්‍ය මතය අනුව ශල්‍ය කර්ම රාශියකින් පසුව ඇයගේ මුල් පෙනුමෙන් සියයට හැත්තෑවක්‌ පමණ ලබා දිය හැකියෑයි බලාපොරොත්තු වේ. කැඩී බිඳී ඇති ඇයගේ ශ්වසන මාර්ගය වැසී ඇති බැවින් හිස්‌ කබල විද සවිකරන ලද ඇණයක්‌ ආධාරයෙන් ශ්වසන මාර්ගය තාවකාලිකව විවෘත කර තබා ඇති අතර මෙය යථා තත්ත්වයට පත් කිරීම කනේ අභ්‍යන්තර කොටස්‌ නාසය තුළට බද්ධ කිරීමෙන් සිදුවන බව වෛද්‍යවරු පවසති.

"ඔබට මේ අන්දමට පහර දුන් සැමියා ගැන කුමක්‌ සිතනවා දැයි පුවත් පත් නැගූ පැනයට රාණියා කීවේ,

"සැමියා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රැකියාවක්‌ නැතිව සිටීම නිසා අවුල් වූ මනසකින් හිටියා. ඔහු මීට පෙර අවස්‌ථාවක සිය දිවි හානිකර ගැනීම ගැන කතා කළා. මට කනගාටු ඔහු කුමක්‌ කර ගනීද කියා." මේ තරම් වධ බන්ධනයකට මුහුණ පෑ කාන්තාවක්‌ තවමත් තම සැමියාට අනුකම්පා කරන හැටි බලන්නෘ

"ඔබ තවමත් ඔහුට ආදරය කරනවාද?" යනුවෙන් ඇසූ පැනයට රාණියා කීවේ "එය දුෂ්කර ප්‍රශ්නයක්‌, එයට පිළිතුරු දිය හැක්‌කේ මට මෙහෙම කළේ ඇයි දැයි මගේ සැමියාගෙන් විමසීමෙන් පසුව බවය. (තවමත් ඔහු ඇගේ සැමියායෘ)

ඇගේ කුඩා පුත් සාවුද් "ඇයි අම්මේ තාත්තා අම්මාගේ පෙනුම වෙනස්‌ කළේ? මං කැමති අම්මාගේ ඉස්‌සර වගේ ඉන්නවා දකින්නයි", කී විට රාණියා කීවේ "මං කැමති නෑ දරුවකු තාත්තට වෛර කරනවාට. ඒ නිසා මා පුතුට කීවා "තාත්තා නොවෙයි මෙහෙම කළේ" කියා.

කුඩා සාවුද් සිනා සී කීවේ "අම්මේ බොරු කියන්න එපා, මං දැක්‌ක තාත්තා ඔබට කළ දේ", යි සිදුවූ සියල්ල සියෑසින් දුටු සාවුද් පැවසුවේය.

"ඔහුට සිර දඬුවම් පැමිණ වීමට මට අවශ්‍ය නෑ, නමුත් මා කිසි දිනක ඔහු හා එක්‌ව විසීමට සූදානම් නෑ. දරුවා සමග මගේ පාඩුවේ මට ජීවත් වන්න ඉඩ හැරියොත් එය හොඳටම ප්‍රමාණවත් යෑයි රාණියා පැවසුවේ ඇය කරුණාවෙන් මෛත්‍රියෙන් පිරි හදවතකින් යුත් ගැහැනියක බව පෙන්නුම් කරමිනි. මේ මොන තරම් ශේ්‍රෂ්ඨ කාන්තාවක්‌ දැයි" සිතා බලන්න.

සවුදි අරාබියේ අමාමි නගරයේ සේවය කරන ගම්පහ ඩී. ඒ. ප්‍රේමදාස මහතා, "ඇරැබ් නිව්ස්‌" පුවත් පත ඇසුරින් මේ ප්‍රවෘත්තිය අපට එවීය. එහි මෙසේ කියා තිබුණි.

"මිනී මැරුම්, ස්‌ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය තබා ගැනීම් වැනි වැරදි වලට බෙල්ල කපා මරණ දඬුවම පමුණුවන සවුදි අරාබියේ මෙවැනි අපරාධයක්‌ කළ අල් පලට්‌ටාට පමුණුවන දඬුවම කුමක්‌ දැයි මුළු රටම විමසිල්ලෙන් බලා සිටී." අපිදු ප්‍රමාද වී හෝ බලා සිටිමු.

ආනන්ද විජයවීර

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v