මහත්aවරුන් නැති කලටා මහත්වරුම එති මුලටා



යම් නිශ්චල වස්‌තුවක්‌ හිමිකාරත්වයේ (ස්‌වාමීත්වයේ) අවසරයෙන් තොරව චංචල කිරීම හෙවත් සන්තකයෙන් ඉවත් කිරීම සොරකමක්‌ බව අපරාධ විශේෂඥයෝ නිර්වචනය කරති. සොරකම් කිරීම ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය යුතු වරදකි. අනුන්ගේ දේ ඔවුන්ට නොදන්වා හෝ බලහත්කාරයෙන් ලබාගැනීම නොහොත් සොරකම යනු අද ඊයෙක අප අතරට ආ දෙයක්‌ නොවේ. අදින්නා දානා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි කියා පන්සිල් පදවල දෙවැනි පදයෙන්ම කියෑවෙන්නේ එකලත් අද මෙන්ම සොරකම් කරන්නෝ බහුලව සිටි නිසා විය යුතුය. බුදු බණට අනුව සොරකම මහත් අකුසලයකි.

කිතුනුවන්ගේ ධර්ම පුස්‌තකයේ මෝසස්‌ගේ ව්‍යවස්‌ථාව තුළින් දෙවියන් වහන්සේ ලබාදුන් දස පනතේ හත් වැනි පදයෙන් කියවෙන්නේත් සොරකම් නොකරව කියාය. සොරකම් කිරීම යනු දෙවිඳුන් ඉදිරියේ මහත් පිළිකුල් ක්‍රියාවක්‌ බව බයිබලය පවසයි.

ඉතිහාසය පුරාම සිදුවුණු විවිධ සොරකම් පිළිබඳ වාර්තා අප සමග ඇත. එමෙන්ම නානා මාදිලියේ ලොකු කුඩා හොරු සිටි බවද අපි දනිමු. අනුන්ගේ දෙයට ලොබ බැඳ කුදු මහත් සොරකම් කළ රජවරු, මැති ඇමැතිවරු, බිසෝවරු, කුමර කුමාරිකාවන්, වෙළෙන්දන්, ව්‍යාපාරිකයන්, හාමුදුරුවරු, පූජකවරු මෙන්ම සාමාන්‍ය පන්තියේ හොරු ද සිටි බව ඉතිහාසය ගැන දන්නෝ දනිති. අලි බබා සහ හොරු හතළිහ, කුණ්‌ඩලකේසිගේ චෞර පෙම්වතා, පූලාන් දේවි හෙවත් ඉන්දියාවේ චෞර රැජින (ඊaබාසඑ Qමැeබ) මෙන්ම සාහිත්‍ය හා කලා කෘතිවල සිටි මාතලන්, සූර චෞරයන්, ඩොන් වැනි අයද එමටය.

හොරකම කියන මාතෘකාව යටතේ විවිධ උප ක්‍රියාවන් ඇත. නොදන්වා ගැනීම, බලහත්කාරයෙන් ගැනීම, මංකොල්ලකෑම, වංචාවෙන් ගැනීම, ලිපි ලේඛන ආදිය වෙනස්‌ කර සාදා යමෙකු නොමඟ යවා යමක්‌ ලබාගැනීම ආදී බොහෝ සොරකම් තිබේ. මේ සියල්ල අතරින් අද වැඩිපුරම අපට දකින්නට ලැබෙන්නේ මංකොල්ල සහ සෘජුවම කරන සොරකම්ය. එමෙන්ම විවිධ හොරු ද සිටිති. හොරුන්ගෙත් හොරා කම්බ හොරා, නීල හොරා, බැංකු හොරා, මහත්හොරා ආදී ඉහළ පන්තියේ හොරු මෙන්ම කෙහෙල් හොරා, හරක්‌ හොරා, ගු හොරා වැනි පහත් පන්තියේ හොරු ද අද සිටී. ලොකු වුවද පොඩි වුවද සොරකම යනු සොරකමයි. එහි උස්‌ පහත් කමක්‌ නැත. මේ මොන හොරා වුවද සමාජයට පිළිලයකි.

අප දන්නා පරිදි පොලිස්‌ වාර්තාවලට ද අනුව එA එA විෂයයන්ට අදාළ සුවිශේෂී හොරු අද ගම් නගරවල දක්‌නට ලැබේ. උදාහරණ වශයෙන් පොම්ප හොරකමට පුරුදු වූ චූටි කරන්නේම රාත්‍රි කාලයේ වතුර පොම්ප හෝ මෝටර් ගැලවීමයි. එමෙන්ම කෙහෙල් කැන් පමණක්‌ කපන කෙසෙල් හොරු සිටිති. නගරයේ කොතැනක හෝ වාහන පැති කණ්‌ණාඩියක්‌ ගලවා ඇත්නම් අපරාධකරුවන් ගැන දන්නා අදාළ පොලිස්‌ රාළහාමි වහාම සොයා යන්නේ වාහන පාට්‌ස්‌ ඉස්‌සීමට නම් දරා සිටින සයිඩ් කණ්‌ණාඩි සුදා සොයාගෙනය. එසේම බයිසිකල් උස්‌සන අය කවුද, ගැට කපන්නෝ කවුද, වාහන උස්‌සන්නෝ කවුද, වාහනවල දොර අනිසි ලෙස විවෘත කර එAවායේ ඇතුළේ ඇති කැසට්‌ යන්ත්‍ර, මුදල් පසුම්බි, කැමරා ආදිය උස්‌සන්නෝ කවුද, රාත්‍රි කාලයට වහළයේ සීට්‌ ඉවත් කර කඩවලට බහින්නේ කවුද, ගෙවල් බිඳින්නෝ හෙවත් හවුස්‌ බ්‍රොaකර්ලා කවුද කියා දක්‍ෂ නිලධාරීන් හඳුනාගෙන සිටිති. "හවුස්‌ බෝකිං කුමාර" යනු අප පළාතේ සිටින කුප්‍රකට ගෙවල් බිඳින්නෙකි. අවට ඇති කුමන නගරයක ගෙවල් බිඳීමක්‌ වුවද පොලිස්‌ නිලධාරීන් වහා සොයා එන්නේ මෙකී "හවුස්‌ බෝකිං" කුමාරවය.

පාළු පාරවල රැක සිට හෝ මෝටර් සයිකල්වල ගොස්‌ කාන්තාවන්ගේ මාල කඩන සොරු ගැනද විස්‌තර පොලිස්‌ ස්‌ථානවල සඳහන්ව ඇත. යමෙක්‌ගේ මාලයක්‌ මෙසේ කඩා ගත්තා නම් ඔහු හෝ ඇය වහා කළ යුත්තේ අදාළ පොලිස්‌ ස්‌ථානයට ගොස්‌ පැමිණිල්ලක්‌ දැමීමයි. විවිධ වැරැදි නිසා අල්ලා ගන්නා අය කොළඹ අපරාධ පරීක්‍ෂණ කොට්‌ඨාසය වෙත ගෙන ගොස්‌ (හොඳට සලකා) ප්‍රශ්න කර අංකයක්‌ ලබාදී එA අයගේ නිරුවත් උඩුකය ඡායාරූපයක්‌ ගෙන එය සෑම පොලිස්‌ ස්‌ථානයකම දැන්වීම් පුවරුවේ අලවා තැබීම අපරාධකරුවන් හඳුනාගෙන අපරාධ අවම කිරීමේ එක්‌ ක්‍රමවේදයකි. නිකන් ඉන්නා අවස්‌ථාවලදී ඔබ ඔබගේ නගරයේ හෝ ගමේ පොලිස්‌ ස්‌ථානය වෙත යා යුතුය. එහි සිටින නිලධාරීන් ස්‌ථානාධිපති වැනි අය හඳුනාගත යුතුය. මෙවැනි දේ අද අප සමාජයේ සිදු නොවන නිසා හොරුන්ට, මංකොල්ලකාරයන්ට පෑදෙන අවස්‌ථා බොහෝය. ඔබගේ පොලිසියේ ඇති දැන්වීම් පුවරුවේ ගසා ඇති නම් ගිය අපරාධකරුවන්ගේ ඡායාරූප දෙස බැලීමෙන් ඔබට එA අය හඳුනාගෙන එA අයගෙන් බේරී සිටීමට යම් අවස්‌ථාවක්‌ උදා කරගත හැක.

ඕනෑම අපරාධකාරයෙක්‌ එම අපරාධය කරන්නේ කුමන හෝ සාක්‍ෂියක්‌ ඉතිරි කර තබමිනි කියා කියමනක්‌ අපරාධ විද්‍යාවේ ඇත. සොරකමකට ද එය අදාළය. සොරකමක්‌ සැමදාම වසන් කර සිටීමට අපහසුය. එය කවදා හෝ එළිවෙයි. පොලිසිය විසින් හෝ නීතිය විසින් යටි ගසා වසා දමන්නේ නැත්නම් ඕනෑම හොරකමක්‌ නොබෝ දිනකින්ම එළිවෙයි.

මෙහිදී ප්‍රශ්නය වන්නේ අද සිටින බහුතරයක්‌ නිලධාරීන් උත්සාහ කරන්නේ වින්දිතයා ඪසජඑසප හෙවත් හොරකමට ලක්‌වන්නාගේ අයිතිවාසිකම් ලබාදී ඔහුට සාධාරණයක්‌ කරදීම නොව චූදිතයා ධෙෙeබාeර හෙවත් වරදකරු බේරා යවා ඔහුගෙන් වෙනත් වාසි ලබාගැනීමය. සොරුන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නට ද දැන් බොහෝ එන්ජීඕ කල්ලි ඉදිරිපත් වෙයි. ඔවුන් කරන්නේ සොරෙක්‌ මංකොල්ලකාරයෙක්‌ හෝ වෙනත් ඕනෑම අපරාධකාරයෙක්‌ පොලිසියට අහුවුණු කල්හි වහා එතැනට ගොස්‌ තම මානව හිමිකම් කොම්පැණියේ හැඳුනුම්පත නිලධාරීන්ට පෙන්වා කූඩුව ළඟටම ගොස්‌ ඔයාට බැන්නද, ගැහුවද, කෑම දුන්නද, ටොයිලට්‌ ගියාද, ඉස්‌පිරිතාලෙ යන්න ඕනි ද කියා හුරතල්කොට වහ වහා එම චූදිතයා නිදහස්‌ කරගැනීමට හෝ හැකි ඉක්‌මණට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කිරීමයි.

මෙවැනි දේ අවංක සිතෙන් කරනවා නම් එහි කිසි වරදක්‌ නැත. එවිට අඟුලානේ නිව්ටන් වැනි ජඩ නිලධාරීන්ට එසේ මාරාවේශව දඟලන්නට ලැබෙන්නේ නැත. එමෙන්ම පොලිස්‌ පහරින් අහවලා මියගියා යෑයි නිතර නිතර අපට ප්‍රවෘත්තිවලින් නොඇසෙනු ඇත. නමුත් තම රස්‌සාව නිසා හෝ ජනප්‍රියත්වය පතා හෝ වෙනත් පටු අරමුණු තකා බොරුවට මානව හිමිකම් ගැන කතා කරන අය ඇත්තටම කරන්නේ නීතියට බාධාවකි.

රාත්‍රි කාලයේ සොරකමේ ගිය ස්‌වීඩන් ජාතික ගෙවල් බිඳින්නකු විශාල උස්‌ වහළයකින් වැටී අතපය කඩාගෙන ඇති බවට ප්‍රවෘත්තියක්‌ මම ඇසුවෙමි. මෙහි නියම ප්‍රවෘත්තිය ඇත්තේ දෙවැනි කොටසේය. එනම් එසේ වැටුණු වෘත්තීය හොරාට වන්දි මුදලක්‌ ගෙවන ලෙස ස්‌වීඩන් අධිකරණය නියෝග කර ඇත්තේ ඔහු බිඳින්නට ගිය නිවසේ හිමිකාර කාන්තාවටය. එයට හේතුව ඇය විසින් නියම දිනට නියම ලෙස තම වහළේ හිම ඉවත් නොකර අනතුරක්‌ වළක්‌වා ගැනීමට තිබුණු අවස්‌aථාව පැහැර හැරීමයි. අධිකරණය තීරණය කර ඇත්තේ එසේ වහළයේ හිම ඉවත් නොකර තිබූ නිසා හොරා ලිස්‌සා ගොස්‌ අතපය කඩාගෙන තම මානව හිමිකම් කඩාගත් බවයි. අප රටේ මෙන්ම එම රටෙත් මානව හිමිකම්කාරයෝ කතා කළේ චූදිතයාගේ අයිතිවාසිකම් ගැන පමණක්‌ ද කියා එහි ලියා නොතිබිණි.

අප දන්නා පරිදි සමහර අපරාධ විසඳීමට බොහෝ කල් යන්නේ සාක්‍ෂි මැකී ගොස්‌ නඩු විසික්‌ වන්නේ මෙකී මානව හිමිකම්කාරයන් කරන වැඩ නිසාය. ඔවුන් දඟලා අපරාධකරු ඉක්‌මණින් රිමාන්ඩ් භාරයට යවන නිසා පොලිසියට වැදගත් කරුණු සාක්‍ෂි ආදිය දැන ගන්නට නොහැකි වෙයි. පරීක්‍ෂණ සහ විමර්ශන කටයුතු සඳහා කාලවේලා මදිවී නඩුව ඔප්පු කරලීමට අපහසුවෙයි. අද බොහෝ අපරාධකාරයන් කරන්නේ ද පොලිසියේ මහත්තුරු ඉදිරිපිට බොරුවට හෝ වැරැදි පිළිගෙන රිමාන්ඩ්ගත වීමයි. එවිට උන්ට පොලිස්‌ සබ්බුවෙන් බේරෙන්නට හැකිය. එමෙන්ම රිමාන්ඩ් එකේදී රජ සැප විඳිය හැක. පොලිසියේ මහත්තුරු ඉදිරිපිට මොන වැරැද්ද පිළිගත්තත් එය කෙසේ පොලිස්‌ පොතේ වාර්තා වුණත් අධිකරණයේදී තමා නිවැරැදිකරු බවට ප්‍රකාශ කොට නඩු කියා නිදහස්‌ විය හැකි බව ඔවුන් දනී.

බොහෝ අය කියන්නේ පින් කරන හාමුදුරුවනේ (උතුමාණෙනි) ඕ.අයි.සී. මහත්තයා මාව බාල්කෙ එල්ලල ගහයි කියල බයට මං පොලිසියේදී වරද පිළිගත්තා. එAත් මං ඔය ගැන හාංකවිසියක්‌ දන්නේ නැහැ කියාය. දෙනෝ දාහක්‌ ඉදිරියේ මහ දවල් වැරැදි කොට පොලිසියට අහුවී ඉන්පසු හිරගෙදර හරහා උසාවි ගොස්‌ නීතිඥවරුන්ගේ දක්‍ෂ තර්ක මැද එA සියලු චෝදනාවලින් නිදොස්‌කොට නිදහස්‌ වූ කම්බ හොරුන් ගැන මම දනිමි. වැරැද්දෙන් ගැලවෙන්නට හැකි මාර්ග රැසක්‌ අද අප නීති පද්ධතියේ අනියම්ව ගැබ්වී තිබීම මෙයට හේතුවයි.

ලක්‍ෂ ගාණනින්, කොටි ගණනින් සොරකම් කරන හොරු වැඩිපුරම කරන්නේ ඉන් ගත හැකි සුරසැප ඉක්‌මනටම ලබාගැනීමයි. සුරාවට සූදුවට ස්‌ත්‍රීන්ට ආදී කම් සැපට ඔවුන් මෙසේ මුදල් හිතුසේ වියදම් කරන්නේ ළඟදීම දවසක තමා නීතියට අහුවන බව යටි හිත කියන නිසාය. දක්‍ෂ හොරු තමන් යන හෝටලවල බොන අරක්‌කුවල විනෝද වන මසා- ගණිකා නිවාස, කැරෝකේ හෝ කැසිනෝවල බිල්පත් සුරක්‍ෂිතව තමා ළඟ තබාගැනීමට ද සූක්‍ෂම වෙති. අප කලින් කීවා සේ වරදක්‌ කර සැඟවී ඉන්නට ඉතා අපහසුය. හොරකු පොලිසියට අසුවූ විට නිලධාරීන් විසින් තම අවම බලය උපරිම ලෙස යොදා මුලින්ම අහන්නේ කෝ ඩෝ ගත්ත සල්ලි කියාය. එසේත් නැත්නම් බඩුමුට්‌ටු (රන් ආභරණ) කෝ කියාය. එවිට සොරාට දෙන්න උත්තර රැසක්‌ ඇත.

හොඳට කෑවා බීව සර්, සුරසැප ගත්තා, කැසිනෝ ගැහුවා, ගැහැනුන්ට දුන්නා, මසා-වල කෙල්ලන්ට වියදම් කළා, සූදු කෙළල පැරදුණා ආදී පිළිතුරු නිසා පොලිසියට කටඋත්තර නැත. ගෙවල් දොරවල් හැදුවා නම් බංකුවේ දැම්මා නම් අඹු දරුවන්ට දුන්නා නම් එAවා කෙසේ හෝ යළි ලබාගත හැකිය. නමුත් සැප ගැනීමට අයථා ලෙස වැය කළ සල්ලි නැවත ගන්නේ කෙසේද? රත්තරන් බඩු හොරකම් කරන අය කරන්නේ එAවා උකස්‌ තැබීමයි. යම් දිනක පොලිසියට අහුවුණා නම් ඔවුන් දෙක ගහන්නටත් පෙර ගත්තා... ගත්තා සර්... ගහන්න එපා බඩු දුන්න තැන පෙන්නන්නම් කියා ජීප් රියේම නැඟ උකස්‌ බඩු කඩය වෙත හෝ බඩු ගත් පුද්ගලයාගේ ගෙදරටම ගොස්‌ සියල්ල පෙන්වා දෙයි. හොරබඩු ගන්නා අයට මේවා හොඳ පාඩම්ය. සතයක්‌වත් නැතිව රත්තරං බඩු ටික පොලිසියට දිය යුතුය. මෙහිදී දක්‍ෂ කම්බ හොරු විසින් කරන සැඟවුණු කපටිකමක්‌ තිබේ. ඔවුන් හොරකම් කරන සියලුම මුදල් සුරාවට සූදුවට හෝ ගැහැනුන්ට වැය කරන්නේ නැත. ලොකු කුට්‌ටියක්‌ පසුව ගැනීම සඳහා සඟවා තබයි. නැත්නම් විශ්වාසවන්ත අයකු ළඟ තබයි. නමුත් පොලිසියට කියන්නේ සියල්ල නාස්‌ති කළ බවයි. බිල්පත් ද කීපයක්‌ පෙන්වයි. බැරිම වුවොත් අතේ ඉතිරි මෙච්චරයි කියා සොච්චම් මුදලක්‌ නැවත බාර දෙයි. සමහර නිලධාරීන් ද මෙම ක්‍රියාවලියට හවුල්ව ගාණක්‌ අතට ගෙන නඩුවක්‌ ඉදිරිපත් කළ යුතු නිසා වැරැදිකරු අධිකරණයට ඉදිරිපත් කරයි.

ගෙවල් බිඳින සොරු සහ භයානක මංකොල්ලකරුවන් වීදි බසින් ඇමතෙන්නේ වැඩකරුවන් කියාය. ඔවුන් කරන සොරකම් ඉතා සූක්‍ෂමය. එA සඳහා දවස්‌ ගණන් නොව සති ගණන් මාස ගණන් සැලසුම් කරති. මාන බලති, ඉවසති. බෝතල් පත්තරකාරයන්, මාළුකාරයන්, ජංගම වෙළෙන්දන්, අලෙවි ප්‍රවර්ධකයන් ලෙසින් හෝ මේසන් බාස්‌වරු සාත්තරකාරයන් ආදී වශයෙන් වෙස්‌ වලාගෙන ගෙයින් ගෙට ගොස්‌ ඔත්තු බලති. නිසි කලට නිසි වෙලාවට ගෙවල්වලට බසිති.

බොහෝ ගෙවල් බිඳින්නන් විසින් විශ්වාස කරන මත සහ ඇදහිලි තිබේ. එක්‌තරා හින්දු දෙවි කෙනෙක්‌ගේ වාහනය ලෙස සලකන මීයා යනු සොරකමට අධිපති දේවතාවා ලෙස හොරු සිතති. සොරාට ගණදෙවි නුවණ ඇතියි කියාද සමාජය පවසති. නවා, කියා මා දන්නා කම්බ හොරෙක්‌ සිටී. ඔහු හවුස්‌ බ්‍රොaකර් කෙනෙකි. කලකින් හොරකමක්‌ කරන්නට නොහැකි වූ කල ඔහු කරන්නේ ගෙදර ඇති එක්‌තරා දේව රූපයක්‌ බිත්තියෙන් ගලවා එළියට විසිකර බිම දමා පාගා එයට කුණු හරුපයෙන් බැණ වදිමින් අපහාස කිරීමයි. වෙන අයට අප නමස්‌කාර කළාම තමයි එයාලා අපට වස්‌තුව ලබාදෙන්නේ. එAත් මෙයාට බැන්නම තමයි එයා අපට චාන්ස්‌ දෙන්නේ. එA රූපික දෙවියාගේ දේව න්‍යාය පිළිබඳ නවාගේ අදහසයි.

පළපුරුදු හොරු කරන්නේ වහළයෙන් හෝ දොරක්‌ ජනේලයක්‌ ගලවා නිවසකට ඇතුළු වූ හැටියේම ආරක්‍ෂිත ස්‌ථානයකට වැද මඳ වේලාවක්‌ නිශ්චලව සිටීමයි. අවස්‌ථාව ලදොත් ටික වේලාවක්‌ නිදා ගන්නට ද නොපැකිළේ. ඉන්පසු නියම වෙලාව ආ පසු ඔහු මුළුතැන්ගෙයි හෝ ශීතකරණයේ ඇති ආහාර ගිල දැමීමට ද අමතක නොකරයි. එය හොරුන්ගේ ක්‍රමවේදයකි. ඉන්පසු අත් මේස්‌, ඇස්‌ බැඳුම්, කළු ඇඳුම් ආදියෙන් සන්නද්ධ මේ හොරා අල්මාරි සේප්පු ඇර ලාච්චු බිඳ වස්‌තුව තමා රැගෙන ආ මල්ලට ඔබාගෙන තව මඳ වේලාවක්‌ එම නිවසේම රැඳී සිට පිටවී යන්නේ නිවසේ සියලු දෙනාටම උදේට දකින්නට නොහැකි අඳුරු තැනක ලොකු මළපහ තැම්බක්‌ ද දැමීමෙනි. සෘජුවම කීවොත් නිවසේම කොනක තම අසූචි පහ කිරීමෙනි. මෙයින් ඔවුන් කරන්නේ උදේට එන පොලිස්‌ බල්ලන් නොමඟ යෑවීමයි. (මෙම ලිපිය කියවන අලුත් හොරු මෙම ක්‍රමවේදයන් අනුකරණය කරන්නට ගොස්‌ අමාරුවේ නොවැටෙනු ඇතැයි සිතමි)

"එදා අපේ මහත්තයා රෑ වැඩ. දරුවෝ දුවල හතර දෙනයි, මමයි එකට තුරුල්වෙලා නිදාගෙන හිටියෙ. හොඳ වෙලාවට අපේ කාමරේ ලොක්‌ කරලයි තිබුණේ. මට සද්දයක්‌ ඇහුණ නිසා මං හෙමීට පුටුවක්‌ තියල දොරේ උඩ බීරළුවලින් සාලෙ දිහා බැලුව. දෙයියනේ කළු ඇඳ ගත්ත හොරෙක්‌ ලොකු මල්ලකට අපේ අල්මාරියෙ තිබ්බ බඩු ඔක්‌කොම පිළිවෙළට ඔබා ගන්නවා. තව එකෙක්‌ ලොකු යකඩ පොල්ලකුයි උල් පිහියකුයි තියාගෙන දෙපැත්ත බල බල මුර කරනව. මට හීන් දහඩිය දැම්මා. පැයක්‌ විතර මං හිතෙන් අඬ අඬා, උන් අපේ බඩු ගන්න හැටි මා දැක්‌ක. එදා මං බලාන හිටියෙ අපේ තිබ්බ සකල වස්‌තුවම උන් අරන් යන හැටියි. නිකන් හරි මං කෑගැහුව නම් මොන විනාශයක්‌ උන් මටයි දරු පැටවුන්ටයි කරල යයිද කියල මට හිතුණ.

මේ අපේ පවුලේ හිතවතියක වන ජිනසෝම ඇන්ටි මට වරක්‌ තම අත්දැකීමක්‌ ගැන කියූ කතාවකි. එදා එA හොරු නංගිලා හතර දෙනාගේ පොත් කීපයක්‌ හැර ගෙදර තිබූ වටිනා සියල්ලම රැගෙන ගොස්‌ තිබිණි. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, උගත මනා ශිල්පයමයි මතු රැකෙනා යන්න සත්‍යයක්‌ බව මට නිතර පසක්‌ වන්නේ එදා ගැටිස්‌සියන්ව සිටි අද යොවුන් කාන්තාවන් බවට පත්වී සිටින ජිනසෝම ඇන්ටිගේ දුවලා හතර දෙනා විටින් විට මුණගැසෙන අවස්‌ථාවලදීය. එකියක්‌ නීතිඥවරියකි, අනිකිය ඉංජිනේරුවරියකි, තුන්වැනියා කථීකාචාර්යවරියකි, බාලිය පෞද්ගලික ආයතනයක පරිපාලන නිලධාරිනියකි. කෙටින්ම කිවහොත් රජයේ විශ්වවිද්‍යාලවලින් උසස්‌ උපාධි ලත් මේ හතර දෙනාම සූරියන්ය. ඔවුන්ගේ අනාගතය වනසන්නට එA සොරුන්ට බැරි විය.

කවුද හොරා කියා සොයන විනෝදාත්මක තරගයක්‌ නැරැඹීමට මට ගිය මාසයේ දිනක අවස්‌ථාවක්‌ ලැබිණි. එA එක්‌තරා පෞද්ගලික ආයතනයක වාර්ෂික උත්සවයක්‌ සඳහා සහභාගිවීමට මට ආරාධනා ලැබ එහි ගිය අවස්‌ථාවේදීය. මෙහිදී නා නා වේෂයෙන් සැරසුණු අය තරගයට ඉදිරිපත් වී සිටියහ. තරගකරුවන් වූයේ මේ ඉදිරිපත් වී සිටින අය අතරෙන් දරුණුම හොරා කවුද යන්න සෙවීමයි.

එA අය අතර මෝෂේ දයාන්ගේ වැනි එකැස්‌ කළු කණ්‌ණාඩියකින් එක ඇහැක්‌ වසාගෙන දරුණු ඇඳුමක්‌ ඇඳ සිටි අයෙක්‌, පාට සරමක්‌ ඇඳ දැල් බැනියමක්‌ ඇඳ බුරුත රැවුලක්‌ සහිත දාමරිකයෙක්‌, ඇස්‌ බැඳගත් කළු ඇඳගත් අතින් ආයුධයක්‌ ගත් තරුණයෙක්‌, හොඳට ටයි කෝට්‌ ඇඳ අතින් බී්‍රෆ් කේසයක්‌ ගත් මහත්තයෙක්‌, කිරි සුදට බැබළෙන කපටි සූට්‌ එකක්‌ ඇඳි දේශපාලනඥයෙක්‌ වැනි අයෙක්‌, බුලත් හපයක්‌ කටේ ඇති ඉනේ ජංගම දුරකථනයක්‌ රුවා ගත් ඇඟේ මවිල් පිරුණු කහ වතක්‌ ඇඳි පූජකයෙක්‌ ආදී විවිධ අය සිටියහ. ඇත්තවශයෙන්ම මා ඇතුළු එහි සිටි සැමටම එA අතර ඉන්න නියම හොරා කවුද කියා විනිශ්චය කිරීමට නොහැකි වූයේ බාහිර පෙනුමෙන් අපට මිනිසකුගේ ඇතුළාන්තය මනින්නට බැරි නිසා විය යුතුය.

අද මා මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නට සිතා සිටියේ සොරුන් සහ මංකොල්ලකරුවන් සහ එA අයගේ ක්‍රියාවන්ට බඳුන් වූවන් (වින්දිතයන්) දෙපාර්ශ්වයන් ගැනම වුවත් පසුගිය කාලවලදී මා කළ විමර්ශනයන්ගෙන් කරුණු වලින් බිඳක්‌වත් ඉදිරිපත් කරන්නට නොහැකි වූ නිසා ඉදිරි දිනයක මංකොල්ලකරුවන් ගැන මා සොයාගත් දේ ලියන්නට සිතා සිටිමි. කෙසේ වෙතත් අද සමාජයේ ජීවත්වන සොරු කවුද? හොඳ අය කවුද? කියා හඳුනා ගැනීම ඉතා අසීරු කටයුත්තක්‌ බවට පත්වී තිබේ. තමාගේ පණ මෙන් එකට ඉඳ දිවෙන් දිව ගාගෙන සිටි අය පැත්තක්‌ම ගලවාගෙන ගිය අයුරුත් ඉහේ ඉන්න උකුණාටත් හොරා කෙස්‌ ටික බාගෙන යන අන්දමත් අපි දැක ඇත්තෙමු.

ඇස්‌ කළු රෙදිවලින් වසාගෙන අතේ ආයුධ ඇරගෙන යටින් කොට කලිසමක්‌ ඇඳ සරම කොණකින් උස්‌සාගෙන සොරු ආවේ ඉස්‌සරය. අද හොරා එන්නේ විවිධ වේෂයෙනි. උන් හඳුනා ගැනීම අපහසු වුවද සමාජය ගැන අවබෝධයෙන් අවධානයෙන් සිටී නම් එය පහසුවක්‌ වනු ඇත. මෙම ලිපිය අවසාන කරන්නේ ද කලින් කී දෙපදය යළි සිහි කරමිනි.

"තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා,
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා"

මිත්‍ර ශ්‍රී කරුණානායක

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v