තානාපති නිලධාරීන් සමග එන පුද්ගලයන් ගැන රජය සෝදිසියෙන්

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පළිහවඩන

තානාපති වරප්‍රසාදවලට මුවාවී ත්‍රස්‌තවාදී ආධාරකරුවන් මෙරටින් පිටමං කිරීමට ඉඩ ඇති නිසා තානාපති නිලධාරීන් කැටුව එන සෑම පුද්ගලයකු ගැනම විමර්ශනය කරන්නැයි රජය ආගමන විගමන නිලධාරීන් හා කටුනායක ගුවන්තොටුපළේ රහස්‌ පොලිස්‌ බලධාරීන්ට නියෝග කර ඇත.

මෙයට හේතුවී ඇත්තේ මැල්කම් ලුවිස්‌ නමැති කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරියා මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් වීසා බලපත්‍රයක්‌ නැතිව ක්‍රිෂ්ණපිල්ලේ නමැති ද්‍රවිඩ කාන්තාවක්‌ ලන්ඩන් බලා යන ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානාවකට ගොඩ කිරීමය.

මේ නිසා මින් පසු කිසිම තානාපති නිලධාරියකුට ගුවන්තොටුපළේ ආරක්‍ෂක නීතිරීති උල්ලංඝනය කරමින් විවිධ පුද්ගලයන් ගුවන් යානාවලට ඇතුළු කිරීමට ඉඩ නොලැබේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v