ඩෙංගු අවදානම් ස්‌ථාන එක්‌ලක්‍ෂ හැත්තෑපන්දහසක්‌
කියුබානු විශේෂඥයෝ පෙන්වා දෙති


අජිත් අලහකෝන්

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ඉතා අවදානම් සහිත ස්‌ථාන එක්‌ලක්‍ෂ හැත්තෑපන්දහසකට ආසන්න සංඛ්‍යාවක්‌, කොළඹ මහනුවර සහ ගම්පහ යන දිස්‌ත්‍රික්‌කවල ඇතැයි ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඩෙංගු මර්දනය පිළිබඳ විශේෂඥ කියුබානු වෛද්‍යවරුන් දෙදෙනා විසින් රජයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම ස්‌ථාන සාමාන්‍ය පුද්ගලයනට සමීප විය නොහැකි උස්‌ ගොඩනැගිලිවල කොන්ක්‍රීට්‌ වහළ සහ වැහිපීලිවේ. ඩෙංගු කීටයන් විනාශ කිරීමට නම් අනිවාර්යයෙන්ම මෙම ස්‌ථානවල වැඩෙන ඩෙංගු මදුරු කීටයන් විනාශ කළ යුතු බව එම විශේෂඥ වෛද්‍යවරුන් සිය වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

ඒ සඳහා ගුවන් මගින් කියුබානු බී. ටී. අයි. බැක්‌ටීරියාව යෙදීමට රජයේ අවධානය යොමු වී ඇතැයිද ඊට වසරකට රුපියල් කෝටි සියයක මුදලක්‌ වැය වන බවද සෞඛ්‍ය හා පෝෂණ කටයුතු පිළිබඳ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

මෙම මූල්‍ය ප්‍රතිපාදන ඉක්‌මණින් ලබා ගැනීම සඳහා කැබිනට්‌ මණ්‌ඩලය වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා කීවේය.

එළැඹෙන වැසි සමයේදී අදාළ බැක්‌ටීරියාව ගුවනින් යෙදීමට කටයුතු කරන බව පැවසූ නිමල් සිsරිපාල ද සිල්වා ඇමැතිවරයා ඒ සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාගන්නා බවද සඳහන් කළේය.

කියුබානු විශේෂඥයන්ගේ වාර්තාව මෙම 11 වැනිදා විද්වත් මණ්‌ඩලයක්‌ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

විශ්වවිද්‍යාලයන්හි සත්වවේදය පිළිබඳ මහාචාර්යවරු, කීට විද්‍යාඥයන්, කාර්මික තාක්‍ෂණික ආයතනයේ විද්වතුන් පමණක්‌ නොව ගුවන් හමුදා නිලධාරීන්ගෙන්ද සමන්විත මෙම විද්වත් මණ්‌ඩලය විසින් කියුබානු බී. ටී. අයි. බැක්‌ටීරියාව යෙදීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනයක නිරත වනු ඇතැයිද කී නිමල් සිරිපාල ද සිල්වා මහතා එම විද්වත් මණ්‌ඩලයේ නිර්දේශයන් ද ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කරන බව කීය.

කෙසේ වෙතත් මීළඟ වැසි සමයේදී බී. ටී. අයි. කියුබානු බැක්‌ටීරියාව ගුවන් මගින් ඉහත ස්‌ථානවලට යෙදීමට බොහෝදුරට සිදුවනු ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v