කාසල් රෝහලේ හොඳ යන්ත්‍රයකට "නරක කෑල්ලක්‌"

එAමන්ති මාරඹේ

බොරැල්ල කාසල් වීදිය කාන්තා රෝහලේ ඇති ප්‍රසූතියට නියමිත ළදරුවන්ගේ වර්ධනය හා ලිංග භේදය පරීක්‍ෂා කර බලනු ලබන "අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑනර්" යන්ත්‍රය හොඳින් ක්‍රියාකාරීව තිබියදී එA සඳහා රුපියල් ලක්‍ෂ අටක වටිනාකමින් යුත් නවතම උපාංගයක්‌ පුද්ගලික වෛද්‍ය උපකරණ සැපයුම් සමාගමක්‌ හරහා ඇනවුම් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම ඇනවුම සිදුකර ඇත්තේ හිටපු ගණකාධිකාරිවරයා විසිනි.

ළදරුවන්ගේ වර්ධනය හා ලිංග භේZදය බැලීම සඳහා මවගේ උදරයට තබන ස්‌කෑනර් යන්ත්‍රයෙහි කොටසක්‌ මෙසේ ඇනවුම් කර ඇති අතර එම කොටස මුදල් ගෙවා ලබාගන්නා ලෙස එය ගෙන්වූ සමාගම දිගින් දිගටම කාසල්වීදිය රෝහලේ පරිපාලනයට බල කරන බව එම ආරංචි මාර්ග කීවේය.

එහෙත් ස්‌කෑනර් යන්ත්‍රයෙහි එම උපාංගය හොඳින් ක්‍රියාත්මකවීම නිසා එවැනි කොටසක්‌ නැවත ලබාගැනීම අනවශ්‍ය බව පවසමින් අදාළ සමාගමේ ඉල්ලීම රෝහල් පරිපාලනය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

එම උපාංගය නීති විරෝධී අයුරින් ඇණවුම් කළ රෝහලේ හිටපු ගණකාධිකාරීවරයා මේ වන විට වෙනත් ස්‌ථානයකට මාරු වී ගොස්‌ ඇති අතර ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇතත් එA සම්බන්ධව මෙතෙක්‌ කිසිදු පරීක්‍ෂණයක්‌ පවත්වා නැති බව රෝහල් අංශ පවසයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v