දුම්කොළ ගැන "සුරාබදු" විමසයි

ලසිත දුමින්ද

දුම්කොළ ආශ්‍රිත සියලුම නිෂ්පාදන අපනයනය, ආනයනය සහ එAවා නිෂ්පාදනය කරන සියලුම තැනැත්තන් නොවැම්බර් මස පළමු දිනට පෙර බලපත්‍ර ලබාගත යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග නිකුත් කොට ඇත.

සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත කපුආරච්චි මහතාගේ උපදෙස්‌ පරිදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නියෝගවලට අනුව කටයුතු නොකරන පුද්ගලයනට එරෙහිව 2009 අගෝස්‌තු මස ගැසට්‌ පත්‍රයකින් බලාත්මක කරන ලද දුම්කොළ බදු පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසීය.

සිගරැට්‌, සුරුට්‌ටු, බීඩි, දුම්කොළ හෝ බීඩි දුම්කොළ, පයිප්ප දුම්කොළ යන නිෂ්පාදනවල යෙදෙන හෝ එA ආශ්‍රිත සියලුම කර්මාන්තකරුවන් වෙන වෙනම බලපත්‍ර ලබාගැනීම අවශ්‍ය වනු ඇත.

මෙතෙක්‌ කාලයක්‌ බීඩි කර්මාන්තයේ යෙදෙන්නන් හා එම නිෂ්පාදන සම්බන්ධයෙන් වාර්තාවක්‌ හෝ ප්‍රමිතිය පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ කිසිදු වාර්තාවක්‌ නොමැති බවත්, මේ නිසා එA එA සම්බන්ධයෙන් සොයා බැලීම බලපත්‍ර ලබාගැනීම මගින් සිදු කළ හැකි බවද ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.

පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්‌වරුන්ගෙන් කොට්‌ඨාස භාර සුරාබදු අධිකාරිවරුන්ගෙන් සහ දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු ස්‌ථානවලින් අදාළ අයෑදුම්පත් ලබාගත හැකි බව සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v