ආබාධිතයන්ගෙන් 28% ක්‌ රැකියාවල

සිරිමන්ත රත්නසේකර

මෙරට ආබාධිත පුද්ගලයන්ගෙන් සියයට විසි අටක්‌ රැකියාවල නිරත වූවන් බව ආබාධිත පුද්ගලයන් පිළිබඳ කරනු ලැබූ සමීක්‍ෂණයකට අනුව අනාවරණය වී ඇත.

කම්කරු සබඳතා හා මිනිස්‌ බල අමාත්‍යාංශයේ රැකියා සැලසුම් අංශය දිස්‌ත්‍රික්‌ හයක්‌ මූලිකව පදනම් කරගනිමින් දීප ව්‍යාප්තව මෙම සමීක්‍ෂණය සිදු කර තිබේ.

කළුතර, ගාල්ල, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය සහ මාතලේ යන දිස්‌ත්‍රික්‌ක මෙම පරීක්‍ෂණය සඳහා මූලිකව පදනම් වී ඇති අතර එහිදී ආබාධිත පුද්ගලයන් දෙදහස්‌ පන්සිය අසූහතර (2584) දෙනකු නියෑදියට ඇතුළත් වී තිබේ.

විශ්‍රාම වැටුප් ලබන හමුදා සේවයේදී ආබාධිත වූවන් මෙම පරීක්‍ෂණය සඳහා ඇතුළත් කරගෙන නොමැති අතර ආදායම් මාර්ග නොමැති රැකියා කළ හැකි මට්‌ටමේ සිටින අයගෙන් පමණක්‌ තොරතුරු ලබාගත් බව කම්කරු සබඳතා හා මිනිස්‌ බල අමාත්‍යාංශයේ රැකියා සැලසුම් අංශය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන මානව සම්පත් සංවර්ධන නිලධාරීන් යොදා ගනිමින් මෙම සමීක්‍ෂණය සිදුකර තිබේ.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v