අභියෝග ජය ගැනීම හා ජනතාව

හි. ලි. ඔස්‌ටින් සිල්වා

වීරෝදාර රණවිරුවන්ගේ සැලසුම් සහගත බව හා අධිෂ්ඨානය මත වසර තිහක්‌ පැවති ත්‍රස්‌තවාදය විනාශ කර දමා ඇත. එහෙත් රට තුළ සිදුවන ඇතැම් සිදුවීම් නිසා රට නිදහස්‌ වී ඇත්තේ කා සඳහා ද යන ගැටලුව මතුවේ. පටු දේශපාලන බේද වපුරන්නන්ගේ ක්‍රියාවලීන් විවිධාකාරයෙන් මතුවෙමින් පවතී. එසේ වුවද අපගේ ප්‍රධානම කාර්යය විය යුත්තේ එතුවක්‌ කලක්‌ අප රටේ විනාශ වී ගිය ආර්ථිකය සවිබල ගැන්වීමය. රටේ සදාචාරාත්මක භාවය ඇති කොට සියලු දෙනාහට සාමයෙන් ජීවත් විය හැකි රටක්‌ ගොඩනැඟීම අවශ්‍යය. මනෝවිද්‍යාත්මක මෙන්ම ජාතිය පිළිබඳ හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීමෙන් එහිදී මතුවිය හැකි ගැටලු අවම කර ගැනීමට හැකිවනු ඇත. දේශ ෙද්‍රdaහීන් විවිධාකාරයෙන් ශක්‌තිමත් වී ක්‍රියාත්මක වන ලකුණු පෙනෙන්නට තිබෙන නිසා ඒවාට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක්‌ සැකසිය යුතු වේ.

ත්‍රස්‌තවාදය අවසන් වී ඇති මුත්, අඳුරු සෙවණැලි තවමත් හොල්මන් කරනු පෙනේ. ප්‍රභාකරන්ගේ විනාශයෙන් පසු නායකත්වය පවරාගත් කේ. පී. විවිධ තොරතුරු වමාරමින් සිටින බව ප්‍රකටය. දැනට හෙළි වී ඇති තොරතුරු අනුව භයානක න්‍යෂ්ටික අවි භාවිත කිරීමට පවා ඔවුන් සූදානම්ව සිට ඇත. විශේෂයෙන් නෝර්වේ වැනි රටවල් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදී ඇත.

දේශීය වශයෙන් හමුදාවේ හා පොලිසියේ ඉහළ නිලතල දරන්නන් කිහිප දෙනකුගේ ජාතිෙද්‍රdaහී ක්‍රියාවන්ද දැන් දැන් හෙළි වෙමින් පවතී. මාස කිහිපයකට පෙර ජනාධිපතිතුමා ඝාතනය කිරීමට යුද හමුදා කර්නල්වරයකු කටයුතු කළ සැටිද ඌව මැතිවරණයේදී පොලිස්‌ අධිකාරිවරයකු ඒ සඳහා උත්සාහ ගෙන තිබූ සැටිද දැන් දැන් හෙළිවෙමින් පවතී. බදුල්ලේදී බෝම්බ හසුවීමත් සමග අදාළ පොලිස්‌ අධිකාරිවරයා ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමැති ඝාතනයටද කොටින්ට උදව් දී ඇති බව දැක්‌වේ. මෙහි ඇති භයානකතත්ත්වය වන්නේ මොවුන් සාමාන්‍ය පුද්ගලයන් නොවීමය. බලසම්පන්න නීත්‍යනුකූල ආයුධ ධාරීන් ලාංජන ධාරීන් වන මොවුන්ට කළ නොහැකි දෙයක්‌ නැත. නිල කබා ඇඟලා ගත් පමණින් මෙවන් පුද්ගලයන් ඔවුන්ට කළ නොහැකි දෙයක්‌ නැතැයි සිතා කටයුතු කරමින් සිය මැරකම් සාමාන්‍ය පුද්ගලයන් වෙත මුදාහළ අවස්‌ථා ඕනෑ තරම් ඇත. එහෙයින් හමුදා පිළිබඳ ජනතා විශ්වාසය දෙදරවූ මෙවන් ෙද්‍රdaහීන් හට නැවත ක්‍රියාත්මක නොවීමට රජය පියවර ගත යුතුවේ. මේ හැරුණුවිට ජාත්‍යන්තර වශයෙන් දෙමළ ඩයස්‌පෝරාවේ කටයුතු මෙන්ම ඔවුන්ට උදව් දෙන බටහිර රාජ්‍යයන්හි කටයුතු ද තවම නැවතී නැත. කේ. පී. ගෙන් පසු තව තවත් නායකයන් මතුවන බව පෙනේ. රජය විදේශීය හා දේශීය ත්‍රස්‌තවාදීන් හඳුනාගෙන ඒ පිළිබඳ ක්‍රියාත්මක විය යුත්තේ එය රටේ ඉදිරි ගමනට බලපාන හෙයිනි. මෙහිදී කළ යුතු විශේෂ දෙයක්‌ වන්නේ අපගේ විදේශීය තානාපති සේවය ප්‍රතිසංවිධානය කිරීමය. බලවතුන්ගේ දැනහැඳුනුම් මත නොව රටට ගැලපෙන උගත් රාජ්‍ය තාන්ත්‍රීය දැනුම ඇති පුද්ගලයන් ඒ සඳහා පත්කළ යුතුය. එසේ නොමැති වුවහොත් වන්නේ විදේශයන්හි නැවතත් කුමන මුහුණුවරකින් හෝ ලංකාවේ කීර්ති නාමය වැනසී යැමෙන් විවිධ කඩාකප්පල්කාරීන්ට ලංකාවේ ප්‍රතිරූපයට හානි පැමිණවීමට හැකි වීමය. එය විදේශගත ඊළාම්වාදීන්ට වාසි ගෙනදීමට හේතුවනු ඇත.

දේශීය හා විදේශීය ජාතිෙද්‍රdaහීන් විසින් විවිධාකාරයෙන් ජනතා මනස දූෂිත කිරීම සඳහා ගෙනයන මානසික ක්‍රියාවලිය අප හඳුනාගත යුතුය.

1930 - 34 කාලයේ ප්‍රංශයේ මැරිනෝ නම් බලකොටු පෙළ යටත් කරගැනීම සඳහා ජර්මනිය විසින් මානසික ක්‍රියාකාරකම් ද යොදා ගන්නා ලදී. ඒ අනුව 1945 දක්‌වා ප්‍රංශය ජර්මන් යටත් විජිතයක්‌ විය. පුහුණු කරන ලද ප්‍රංශ භාෂාව කතා කරන ඔත්තුකාරියන් කන්‍යා සොයුරියන් ලෙස ප්‍රංශ ජනතාවගේ හැඟීම් වෙනස්‌ කිරීමට යොදවන ලදී. ඔවුන් බස්‌රථ, මාකට්‌ වැනි ප්‍රසිද්ධ ස්‌ථාන වලදී "ප්‍රංශය විනාශයි, ප්‍රංශය පරාදයි, හමුදාව විනාශයි, රටේ ආර්ථිකය විනාශයි, ජනතාව මැස්‌සන් වගේ මැරෙනවා, ජර්මන් හමුදා රාත්‍රියේ පැරෂුට්‌ වලින් බැස ගම්බද ජනතාව මරනවා" ආදී වශයෙන් කියමින් විලාප දෙමින් ජනතා මානසිකත්වය පහළ දැමූහ. පලා යන්නන්ට හිරිහැර කළහ. මේ අනුව ප්‍රංශ රජයට සටන් විරාමයකට යැමට සිදුවිය. ලංකාවේ සිදුවෙමින් තිබුණේද එයයි. "කටුනායක ඉවරයි, මහ බැංකුව ඉවරයි, රට බංකොලොත්, සංචාරකයන් නැහැ, ලංකාවට විදේශාධාර නැහැ, කොටි පරද්දන්න බැහැ" ආදී වශයෙන් ඇතැමුන් නිරන්තරව ඝෝෂා කරමින් ජනතා මානසිකත්වය බිඳ හෙළීමට කටයුතු කළහ.

ඒ අතර සටන් නවත්වව්, පැකේජය දීපියව් ආදී වශයෙන් ඇතමුන් හඬ තැලූහ. අද සිදුවන්නේද එයමය. සහන කඳවුරු අපායක්‌, වැසිකිළි අපායක්‌, වැස්‌සෙන් පසු ලෙඩ රෝග පැතිරේවි, කඳවුරුවාසීන්ගේ මානව අයිතීන් කඩවෙලා, හදිසි නීතිය ඉවත් කරනු, එන්. ජී. ඕ. වලට කඳවුරු වලට යැමට ඉඩ දෙනු යනුවෙන් හඬ තලමින් අද අපේ විපක්‍ෂය කරන්නේ ද එමගින් ජනතා මානසිකත්වය වෙනත් අතකට හැරවීමය. ඇතමුන්ට දැවෙන ප්‍රශ්නය විධායක ජනාධිපති ධුරයයි.

මේවාට පිළිතුරු දීම් වස්‌ අති දැවැන්ත කැබිනට්‌ මණ්‌ඩලය මෙහෙයවමින් ගැලපෙන වැඩසටහන් සකස්‌ කිරීම රජය විසින් නොපමාවම ඉටු කළ යුතුය. ඔවුන් ඒ වෙනුවෙන් ජනතාව අතරට යා යුතුය. ඒ මගින් ජනතා මානසිකත්වය ඉහළ දැමිය යුතුය. අප ආහාර අතින් ස්‌වයං පෝෂිත වීම, සේවයට ඇප කැපවීම, රට වෙනුවෙන් පරිත්‍යාගය, සරල ජීවන රටාවකට හුරුවීම, ලාංකීය භාණ්‌ඩ පාරිභෝජනය යනාදිය සඳහා ජනතාව හුරු කළ යුතුය.

2008 ජනවාරි සිට 2009 ජනවාරි දක්‌වා කාලය තුළ පැවැති වැඩ වර්ජන නිසා ලංකාවේ වැඩ කරන මිනිස්‌ දින 65655 ක්‌ අපතේ ගොස්‌ ඇත. මේ අතර ඇතැම් දේශපාලනඥයන්ගේ ජනතාව නොමඟ යන විදියේ ක්‍රියාවන් නිසා ජනතාව තුළ ඇතිවන අපේක්‍ෂා භංගත්වයෙන් ඔවුන් මුදාගැනීමට වෘත්තිය සමිති මට්‌ටමින් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක්‌ අවශ්‍යව ඇත.

1961 දී ෂෙනර් බ්‍රොක්‌වේ සාමිවරයා බටහිර රටවල වෙසෙන ලෝකායත ආකල්පයක්‌ දරන අපි ආධ්‍යාත්මික යෑයි කියන පෙරදිග මිනිසුන්ට ආර්ථික ආධාර දීමේ අශෝභන පිළිවෙත හෙළා දැකිය යුතු යෑයි පවසා ඇත. පෙරදිග රටවලට ආර්ථික හා වෙනත් සහයෝගයන් දැක්‌වීමට මුල් වූ ඉහත කී සාමිවරයාගේ ප්‍රකාශය ගැන ප්‍රශ්න කළවුන්ට එතුමා දී ඇත්තේ අපගේ විචක්‌ෂණාක්‍ෂිය අරවන ප්‍රකාශයකි. බටහිර මිනිසුන් මහන්සි වී වැඩ කොට ආදි කල්පික දෙවියන් වෙනුවට තාක්‍ෂණය හා විද්‍යාවට ගරු කරමින් මොළයෙන් වැඩ ගනිමින් දියුණුවෙති. එහෙත් පෙරදිග බොහෝ දෙනාගේ ඇත්තේ සොයා බැලීමක්‌ නොකොට වහා විශ්වාස කිරීමේ පුරුද්දය. ඒ මත ඔවුන්ද වටිනා කාලය අනවශ්‍ය දේ සඳහා කා දමති. මරණින් මතු ජීවිතය සඳහා යාඥ කරති. පුදපූජා පවත්වති. නැකැත් බැලීම් පෙරහැර, ගිනි පූජා කරති. උදාහරණයක්‌ ලෙස ඉන්දියාවේ වේල්ලක්‌ බැඳීමට වයස 22 ක කන්‍යාවියක්‌ බිලි දුන් අවස්‌ථාවක්‌ ගැන එතුමා සඳහන් කරයි. මේ අනුව මිථ්‍යා විශ්වාස හා අනවශ්‍ය ඇදහිලි වලින් විනිර්මුක්‌ත විය යුතු කාලය එළඹ ඇත. නිදහසින් පසු අපි විවිධාකාර බැඳීම්වලට හසුවී ඇත්තෙමු. සූර්ය ග්‍රහණය වැනි පරිසරාත්මක සාමාන්‍ය සිද්ධියකදී රූමත් වීමට වදකහ බී අපේ මිනිසුන් රෝහල්ගත වී ඇත. අපි තාපස නිකායක්‌ ඇදහූයෙමු. ජාන විකෘති වීම හේතුවෙන් සුදු පාට වූ නයින්ට නමස්‌කාර කළෙමු. පිරිත් පැන් බවුසර දැකගත්තෙමු. ඉන්දියාවේ පහළ වූ සුවහසක්‌ බාබාවරුන් ඇදහූයෙමු. මේ සඳහා සෑහෙන කාලයක්‌ හා මුදලක්‌ ද වියදම් වන්නට ඇත. මේවා මගින් ඇතැම් විට හුදු මානසික සුවයක්‌ ඇතැමුන්ට ලැබෙන්නට ඇත. වෙනත් ඇති වූ ප්‍රතිඵලයක්‌ නැත.

ජනාධිපතිතුමා අවධාරණය කරන පරිදි ලංකාව දූපත් මානසිකත්වයෙන් යුතු කුඩා රටක්‌ නොවේ. එය ස්‌වාධීන ස්‌වෛරී යමක්‌ කළ හැකි ප්‍රෙෘඪ අතීතයක්‌ තිබූ රටකි. අතීත සෞභාග්‍යය නැවත ළඟාකරගත හැකි ස්‌වාභාවික සම්පත් වලින් හෙබි රාජ්‍යයකි.

කලකට පෙර පාප්තුමා විසින් බෙදා වෙන් කිරීම අනුව ලොව වැදගත්ම රාජ්‍ය වී තිබුණේ ස්‌පාඤ්ඤය හා පෘතුගාලයයි. පසුව නෙදර්ලන්තය හා ප්‍රංශය බලවත් විය. ඉන්පසු බ්‍රිතාන්‍යය හා ප්‍රංශය බලවත් විය. ඉන් පසුව සෝවියට්‌ දේශය හා ඇමරිකා එක්‌සත් ජනපදයත් ලොව බලවතුන් විය. මේ අනුව ලොව බල තුලනය විවිධ හේතූන් නිසා වරින් වර වෙනස්‌ වී ඇත. සෝවියට්‌ දේශය බිඳ වැටීමෙන් පසු බලවතුන් වූ එක්‌සත් ජනපදයට එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට අද පත්ව ඇත. චීනය, ඉන්දියාව, රුසියාව ඇතුළු ලොව වෙනත් රාජ්‍ය අද වැදගත් වෙමින් පවතී. මේ අතර ලොව ජනගහනයෙන් 40% ක්‌ සිටින්නේ ඉන්දියාවේ හා චීනයේය. අද වන විට ඇමරිකා, යුරෝපා ආර්ථික බලය බිඳ වැටී ඇත. එම රටවල රැකියා හිඟය උග්‍ර වී ඇත. බැංකු ක්‍රමය බිඳ වැටෙමින් පවතී. ඇමෙරිකාවේ ප්‍රධාන බැංකු 300 ක්‌ ඇතුළු විශාල ව්‍යාපාර බංකොලොත් වී ඇත. මේ අතර ලෝකය වෙනත් බලවතුන්ගේ ආධිපත්‍යයට නතු වෙමින් පවතී. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය ඇතුළත් වන බ්‍රික්‌ රාජ්‍ය මගින් සාමූහික මතයකට පැමිණ ඇත්තේ බටහිරයන් විසින් ගෙන එන අවදානම් උවදුරුවලදී ඒවාට සාර්ථකව මුහුණ දීමටය. මේ රටවල් කිහිපයක්‌ න්‍යෂ්ටික අතින් ද බලවත් වී ඇත. ශ්‍රී ලංකාවද දැන් ආසියාවේ වැදගත් රටක්‌ වෙමින් පවතී. රටේ පිහිටීම මුහුදු හා ගුවන් ගමන් හිදී වැදගත් ස්‌ථානයක ස්‌ථානගතව තිබීම, ඛනිජ සම්පත් මෙන්ම විශාල මුහුදු තටාකයක්‌ තිබීම, සාගර සම්පත් ආදිය ලංකාවේ වැදගත්කම තීව්‍රකර ඇත. ශ්‍රී ලංකාවට ආවේණික විවිධ පැළෑටි වර්ග 934 ක්‌ මෙහි ඇත. සත්ව ප්‍රජාවෙන් 747 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකය. මේ නිසා ජාන කොල්ලකෑම්වලටද ලංකාව ලක්‌වෙමින් පවතී. ලංකාව මෙන් 6 ගුණයක්‌ විශාල මුහුදු තටාකයක්‌ මෙන්ම ලංකාවේ භූමි ප්‍රමාණය මෙන් 23 ගුණයක්‌ විශාල මහාද්වීපික තටාකයක්‌ද ලංකාවට ඇත. මේ අනුව අපට ස්‌ථාවර ලෙස ලබාගත හැකි මුහුදු සම්පත් ප්‍රමාණය අති විශාලය. ලංකාව මන්දෝත්සාහී ජනතාවක්‌ සිටින හැකියාවක්‌ නොමැති රාජ්‍යයක්‌ කළොත් ලංකාව ණය බරින් මිරිකා ඉහත කී සම්පත් සූරා කෑමට විදේශ ජාතීන්ට හැකි වේ. ඒ සඳහා සහාය දෙන්නට තමන්ට අවනත වන පාලකයන් බිහි කිරීමට හා බලවත් කිරීමට ඩොලර්, පවුම්, යුරෝ වියදම් කරන්නේ ඒ නිසාය. ඔවුන්ට අවශ්‍ය වූයේ කොටි විනාශ කිරීම නොව ලංකාව නොනවතින යුද්ධයක සිරකොට රටේ සාරය උරා බීමටය.

1505 දී මෙරටට පැමිණි පෘතුගීසීන්ද 1658 දී පැමිණි ලන්දේසීන්ද 1796 දී පැමිණි ඉංගී්‍රසීන්ද ලංකාව හඳුනා ගත්තේ ආර්ථික සම්පත් ලබාගත හැකි නිධානයක්‌ ලෙසය. මේ නිසා ඔවුන් ජනතාවගේ සමගිය නැති කිරීම, දෙමළ, සිංහල බේද ඇති කිරීම, උඩපාත බේද ඇති කොට සාරධර්ම නැති කිරීම, බෙදා පාලනය කිරීම, මිෂනාරී ව්‍යාපාර දියුණු කිරීම, කෘෂි ආර්ථිකය විනාශ කිරීම, බයිනේත්තු බලය ඉදිරියට ගෙන ඒම, දේශපාලන හා සමාජ ක්‍ෂේත්‍ර තමනට අවශ්‍ය ලෙස හැසිරවීම, රාජකාරි ක්‍රමය අවලංගු කොට ධනවාදී වෙළෙඳ ආර්ථිකයක්‌ ඇති කිරීම, 1740 දී ගෙන ආ අංක 5 දරන මුඩුබිම් පනත මගින් රටවැසියාගේ ඉඩම් අයිතිය නැති කිරීම, ආදී විවිධ ක්‍රම මෙන්ම මත්පැන් භාවිතයට ජනතාව හුරු කිරීමෙන් ඔවුන්ගේ ශක්‌තිය හීන කිරීමද සිදු කරන ලදී. අද අපි නිදහස්‌ රාජ්‍යයක සිටින්නෙමු. එහෙයින් යථාර්ථයට මුහුණදී ඉන් ජයගත යුත්තේ වෙමු.

රටේ ධන සම්පත් පරිභෝජනයේදී සාධාරණ ලෙස එය බෙදී යන ක්‍රමයක්‌ තිබිය යුතුය.

අද අප රටේ නිර්ලඡ්ජී ලෙස ඇතමුන් ජාතික සම්පත් පොදි ගසා ගන්නා බව පෙනේ. ඇතමුන් කිසිදු හිරිකිතයක්‌ නැතිව ජනතා මුදල් ගසාකති. දකුණු කොරියානු හිටපු නායකයා කන්දකින් පැන සියදිවි නසා ගත්තේ තමාට එල්ලවුණු අභූත අල්ලස්‌ චෝදනා වලට පිළිතුරු දීමටය. එතුමා කොරියා ආර්ථිකය නැංවීමට ක්‍රියාකළ අවංක අයකු බව අවමඟුලට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනකායෙන් ඔප්පු වේ. අපේ අවාසනාවට එවන් නායකයන් අප රටේ දුර්ලභය. මාවිල්ආරු වන්දි ගෙවීමේදී එහි කුඹුරු නොමැති දේශපාලනඥයකුද වන්දි මුදල් ලබාගෙන ඇති බවට චෝදනා නැඟුණි. තවත් දේශපාලනඥයකු විසින් සිය දුවණියකගේ උපන්දින සාදයට වැයවූ අති විශාල මුදලක්‌ රජයේ අරමුදලට බැර කිරීමට ගත් උත්සාහයක්‌ද පසුගියදා වාර්තා විය. මෙහිදී බලය ඇති දේශපාලනඥයන් රට ගැන මීට වඩා සිතිය යුතු වේ. රජුන්ට ස්‌වර්ණ රජත මනි මුක්‌තාදිය ලැබෙන නිධානයත් ධන ධාන්‍ය හා අන්නපාන ලබාදෙන ගබඩාවත් වූ කලී මහජනයාය. එහෙයින් මහජනයාට සිදුවන හානිය වූකලී රජයට සැලසෙන හානිය යි යනුවෙන් පංච තන්ත්‍රයේ දැක්‌වේ. රට තුළ වංචාව, දූෂණය අල්ලස, රාජ්‍ය දේපල කොල්ලකෑම නැති කිරීමට පියවර ගැනීම වෙනුවට අද ඇතමුන්ට බලවත් ප්‍රශ්නය වී ඇත්තේ වැඩිහිටියන්ට පමණක්‌ චිත්‍රපට පෙන්වීමය. මෙම විහිළු නවතා දැමීමට කාලය පැමිණ ඇත.

රටට ගැලපෙන ආර්ථිකයකට හුරුවීම සියලු දෙනා විසින්ම කළ යුත්තකි. නිදහස්‌ වෙළෙ¹ම හෝ ගෝලීයකරණය හෝ වෙනත් කුමන නමකින් හැඳින්වුවත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දියුණුවන සම්පත් ඇති රාජ්‍ය වල ඇති ධන සම්පත් කුමන ක්‍රමයකින් හෝ ධනපති රාජ්‍යවලට අද්දවා ගැනීමට මාර්ග තනා ගැනීමය. අප කළ යුත්තේ නිදහස්‌ වෙළෙ¹මේ සියලුම අංග නොව රටට වැඩදායක අංග පමණක්‌ තෝරා ගැනීමය. 1791 දී ඇමරිකානු භාණ්‌ඩාගාර ලේකම් ඇලෙක්‌සැන්ඩර් හැමිල්ටන් කීවේ අපි පිටරට භාණ්‌ඩ මිලදී ගැනීමේ තේරුම අපේ ආර්ථික ශක්‌තිය අන්‍ය ජාතීන්ට පවරා දීමයි යනුවෙනි. ඇන්ඩෲ ජොන්සන් ජනාධිපතිවරයා කියා තිබුණේ "අපි නිදහස්‌ වෙළෙ¹මට එන්නේ තව වසර 150 ක්‌ ගතවූ පසුයි" යනුවෙනි. මේවා අප ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තේ වෙමු. මිසර හිටපු ජනාධිපති නසාර්තුමා කියා තිබුණේ රටක්‌ දියුණු වීමට නම් ඒ රටේ වෙළෙඳ බලය දේශීයකරණය විය යුතුයි යනුවෙනි.

පසුගිය කාලයේ ලංකාව පසුගාමී රාජ්‍යයක්‌ ලෙස නම් කිරීමට විදේශීය මෙන්ම අපේ දේශීය බලවේග ද ක්‍රියා කළ සැටි රහසක්‌ නොවේ. ඇතැමුන් ලංකාවේ ඉපදුණු කළු මිනිසුන් වුවත් ජීවත් වූයේ සුදුහම ඇති විදේශිකයන් ලෙසය. ලංකාවේ සංස්‌කෘතිය, ආගම්, භාෂාවන් ඔවුන් දන්නේ නැත. දැනගත්තත් ඒවා ගරු කළ යුතු බව දන්නේ ද නැත. ඔවුන් රටට ආදරය කළ යුතු බව දන්නේද නැත. ඔවුන් සිතන්නේ ඉංගී්‍රසියෙනි. කටයුතු කරන්නේ විදේශිකයන් පරිද්දෙනි.

ලංකාවට පැමිණි ලක්‌දේසි ආණ්‌ඩුකාරවරයකු වූ පෙට්‌රස්‌ වියුට්‌ස්‌ නමැත්තා ගාලු වරායෙන් ගොඩ බැස මෙවන් කුඩා රටක්‌ පාලනය කිරීමට ඇස්‌ දෙකක්‌ අවශ්‍ය නැති බව කියා එක්‌ ඇසක්‌ වසාගෙන කටයුතු කළ බව ඉතිහාසයේ දැක්‌වේ. 1942 දී පුරුෂෝත්තම් මහාදාම නමැත්තා කීවේ ලංකාව කකුලේ සුළැඟිල්ලේ තිබෙන දිය බිඳුවක්‌ බැවින් එය ඕනෑම විටික බිම දමා පාගා දැමිය හැකි බවය. එහෙත් අද වන විට ඒ තත්ත්වය විය යුතු පරිද්දෙන්ම වෙනස්‌ වී ඇත.

1816 දී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් යටත් විජිත භාර මහලේකම් බැතර්ස්‌ට්‌ වංශාධිපතිවරයාට ලියා යෑව්වේ ඌව - වෙල්ලස්‌ස වූ කලී සරු සාර ග්‍රාමයන්ගෙන්ද අනේක විධ ධාන්‍යයන්ගෙන්ද කුළුබඩු බෝගයන් ගෙන්ද බැලු බැලූ අත හරිත වර්ණයෙන් ද බැබළෙන අපූර්ව ධාන්‍යාගාරයකි. ඒවායේ අතිරික්‌තය ඉන්දියාවටද අපනයනය කළ හැක්‌කේ ය යනුවෙනි. 1818 දී ඔහුම යටත් විජිත භාර මහ ලේකම්ට ලියා යෑව්වේ "වංශාධිපතිsතුමනි" ඌවේ සියලුම වැව් අමුණු සහ වාරි මාර්ගයන් විනාශ කර දැමීමු. සියලු කුඹුරු සහ හේන් අස්‌වනු පිටින්ම ගිනිබත් කර දැමීමු, සියලු ගහ කොළ බිමට කපා දැමීමු, ගේදොර දේපළ අළුකර වයස 18 ට වැඩි සියලුම පිරිමින් මරා දැමීමු. දැන්නම් වෙල්ලස්‌සේ බිත්තර වී ටිකක්‌ වත් නැත. යනුවෙනි" අපේ හැකියාව ප්‍රෙෘඪත්වය විදේශිකයන් විසින් විනාශ කළේ ඒ අයුරෙනි. එහෙයින් විදේශ වන්දනාව වෙනුවට ජාතියට රටට ආදරය කිරීමේ වටිනාකම ඊනියා කළු සුද්දන් විසින්ද වටහා ගත යුතුය.

1951 දී සැන්ප්‍රැන්සිස්‌කෝ සමුළුවේදී වෛරයෙන් වෛරය නොසන්සිඳේ යනුවෙන් ඡේ. ආර්. ජයවර්ධන මහතා ජපානය වෙනුවෙන් කළ කතාව ගැන අපි උදම් අනන්නෙමු. ජපානය ඒ නිසා අපට උදව් කරන බව විශ්වාස කරන්නෙමු. සිංහල උගත් මහාචාර්ය ෂිබ්‍රයා නොෂිඩ් කියන්නේ එවැන්නක්‌ ගැන සාමාන්‍ය ජපන් ජනයා නොදන්නා බවත් දන්නේ නම් දන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කිහිපදෙනකු පමණක්‌ බවත්ය. ජපන් ජාතිකයන් දන්නේ ලංකාව ඔවුන්ගේ හොඳ වෙළෙඳපොළක්‌ පමණක්‌ බව යෑයි මහාචාර්යවරයා වැඩිදුරටත් කියයි.

ජපානයෙන් ආ එස්‌ පහ ක්‍රමයේ විශේෂඥයන් ලංකාවේ කොතෙකුත් සිටී. බොහෝ කාර්යාල ඒ අනුව විශාල දියුණුවක්‌ පෙන්වා ඇතැයි කියති. එහෙත් අප රටේ රජයේ කාර්යාලයකින් වැඩක්‌ කරවා ගැනීම ජනතාවට ඉතා අසීරු කරුණකි. නිලධාරීන් හා මැති ඇමැතිවරුන් හමුවීම ඊටත් වඩා අසීරුය. ලිපිකරුවකු හෝ නිලධාරියකු හමුවීමට යන සාමාන්‍ය පුද්ගලයකුට වාඩි වීමට කීමට වත් බොහෝ දෙනකුගේ දිව නැමෙන්නේ නැත. පැමිණෙන පුද්ගලයකු දෙස කරුණාවන්ත ලෙස බැලීමෙන් පිළිගැනීමට වත් ඔවුනට අසීරුය. ඒ බෙල්ල සිරවී ඇති ටයි පටිය නිසාවෙන් විය හැක. ඒ පිළිබඳ එස්‌ පහේ කිසිදු උපදේශයක්‌ නැත.

නිදහස ලබන විට ලංකාවේ ජනගහනය ලක්‍ෂ 70 කි. අද එය ලක්‍ෂ 200 දක්‌වා වැඩි වී ඇත. ඒහා සමානව විසඳිය යුතු ගැටලු ද වැඩි වී ඇත. 1997 සිට ඉන්දියාව ආහාර අතින් ස්‌වයංපෝෂිත වූයේ දස අවුරුදු සැලසුම් අනුව කටයුතු කිරීමෙනි. ජර්මනිය සිය රටේ දියුණුව සඳහා ළමයින් ආරක්‍ෂා කිරීම, ආගම ආරක්‍ෂා කිරීම හා මුළුතැන්ගේ ක්‍රමානුකූල කිරීම යන කරුණු ගැන ජනතාවට වැටහීමක්‌ ලබාදුනි. අප අඩු වශයෙන් අපට ගැලපෙන ආහාර රටාවකට වත් හුරුවී නැති බව සිහිකටයුතු වේ.

බිඳවැටීම්වලින් මන්දෝත්සාහී නොවී ගැටලු වලට මුහුණ දීමට ජනතාවද හුරු විය යුතුය. එය පාසල් දරුවන්ට ද හුරු කළ යුතුය. ප්‍රශ්නයකදී ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියයැම නොකළ යුතු බවට ඉගෙන ගත හැකි වැඩදායක පාඨමාලා සිසුනට ලැබිය යුතුය. මුලින් මානසික වශයෙන් අප ශක්‌තිමත් විය යුතුය. අප විසින් විශිෂ්ට පෞද්ගලිකත්වයක්‌ ගොඩනඟා ගත යුතු වේ. අප අපටම ආදරය කළ යුත්තෝ වෙමු. තමා පිළිගැනීම සියලු කාර්යයන් සඵල කර ගැනීමට මූලික හේතුව වේ. මගේ මනසේ ඇති ගුප්ත බලවේගයන් මට වාසනා බල මහිමය ගෙන දෙන්නේ, යන්න සියලු දේ විසින් ඇදහිය යුත්තේය. එවිට කවර බලවේගයකට වුවද අප බිඳ හෙළීමට නොහැකිවනු ඇත.

1947 පළමු වැනි පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේ සඳහන් වන්නේ මේ රටේ අනාගත සුබසිද්ධිය ර¹ පවතින්නේ සම්පත් ඉතා හොඳින් සංවර්ධනය කිරීමෙන් බව ආණ්‌ඩුව පිළිගනී. මෙය සාර්ථක කරගැනීමට ඇති එකම පියවර නියමාකාර ක්‍රම සම්පාදනයයි යනුවෙනි. මෙය අදට වුවද වලංගු ප්‍රකාශයකි.

එසේම වීරෝදාර රණවිරුවන් විසින් නිදහස්‌ කරගත් දේශයේ අයිතිය හා සෞභාග්‍යය හිමි විය යුත්තේ දේශයට ආදරය කරන්නන්ට මිස ෙද්‍රdaහීන්ට නොවන බව අප සිහිපත් කරගත යුතු වේ. එසේ නොමැතිව පවතින රජය අපහසුතාවට පත්කොට ප්‍රශ්න විසඳීමට ඉඩ නොදී අවහිර කිරීම හෝ ජනමතය විකෘති කිරීම කුමන්ත්‍රණය මගින් ආණ්‌ඩු පෙරළීම ප්‍රශ්නයට පිළිතුරු නොවේ.

එක්‌තරා කතාවකට අනුව මැඩියන් පිරිසක්‌ දෙවියන් හමුවී රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් මැඩියන්ට අනුකම්පාවෙන් විලට කොටයක්‌ දැමීය. එවිට ජලය විසිරී ගිය අතර මැඩියන් කුලප්පු වී එතරම් දුර්වල රජකු ගැන අප්‍රසාදයට පත්වී නැවත දෙවියන් වෙත ගොස්‌ හොඳ රජකු ලබාදෙන ලෙස ඉල්ලීය. එවිට දෙවිඳු ආඳෙකු එවීය. ටික කලකින් ආ¹ ගැනද මැඩියන් කලකිරී වෙනත් රජෙකු පැතූහ. උදහස්‌ වූ දෙවියා රජකු ලෙස කොකෙකු පත්කර එවීය. ටික කලකින් කොකා මැඩියන් සියලු දෙනාම ගිල දැමීම නිසා නැවත රජකු ඉල්ලීමට කිසිවකු ඉතිරි වූයේ නැත.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v