ආණ්‌ඩුව රට හදන්නේ නෑ
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ජනතා විමුක්‌ති පෙරමුණ දකුණේ ඡන්දයට වෙහෙසෙන අතරවාරයේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ උද්ඝෝෂණයන්හි ද නිරත වේ. තවමත් මෙය අහෝසි කළ යුතු යෑයි සක්‍රීය සටනක්‌ ගෙන යන්නේ ජවිපෙ පමණකි. දකුණු පළාත් සභා ඡන්දයේ ජවිපෙ ක්‍රියාවලිය හා තවත් බොහෝ කාරණා පිළිබඳව අප ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සමග කළ සංවාදයකි මේ.

ප්‍රශ්නය - දකුණේ ඡන්දයෙන්, මේ මැතිවරණ

රැල්ලේ සුවිශේෂ වෙනසක්‌ ඇති වෙන බව ජවිපෙ ප්‍රකාශ කර තිබුණා. මේ ගැන විග්‍රහ කරමින් අපි කතාබහට ප්‍රවේශ වෙමු.

පිළිතුර - ආණ්‌ඩුව අද රට හදන එක පැත්තක තියලා, ඡන්ද පවත්වමින් තමන්ගේ බලය හදාගන්න තැනකට තමයි ඇවිත් තිබෙන්නේ. ඒ න්‍යාය පත්‍රයටයි, ඔවුන් කටයුතු කරන්නේ. ආණ්‌ඩුව හිතාගෙන ඉන්නවා අනිත් ඡන්ද වගේම තමයි, දකුණත් කියලා. නමුත් දකුණ ඊට වඩා වෙනස්‌. හැම මොහොතකම දකුණේ ජනතාව තමයි රටේ දේශපාලනය වෙනස්‌ කළේ. ජාතික දේශපාලනය මේ තිබෙන තලයෙන් වෙනස්‌ තලයකට ගෙන ඒමේ සන්ධිස්‌ථානයක්‌ හැටියටයි අපි දකුණේ ඡන්දය හඳුන්වන්නේ. විශේෂයෙන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය කියන්නේ ජවිපෙට තමන්ගේ හදවත වගේ. එහි ජවිපෙ සතුව විශාල බලයක්‌ තිබෙන තැනක්‌. එනිසා දකුණේ ඡන්දය අනෙක්‌ පළාත්වලට වඩා වෙනස්‌ අලුත් තීන්දුවක්‌ ජනතාව දෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. එමෙන්ම දකුණේ ආරම්භ කරන ඒ සටන ජාතික දේශපාලනයේ විශාල වෙනසක්‌, වෙනස්‌ තලයක්‌ නිර්මාණය කරන බවට අපි විශ්වාස කරමු. ඒ නිසාම තමයි අපි "දකුණෙන් රට අලුත් කරමු" කියන තේමාව යටතේ මේ ඡන්ද සටනට අවතීර්ණ වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය - නමුත් අනෙකුත් පළාත් සභාවලදීත් ජවිපෙ එවැනි විශ්වාසයක හිටියා. නමුත් ජවිපෙට ලබාගත හැකිවූ ඡන්ද ප්‍රමාණය ඉතා සීමිත මට්‌ටමකයි තිබුණේ. දකුණේ ජනතාව තුළ ඒ ප්‍රතිඵලය මානසික වශයෙන් උත්තේජනයක්‌ ඇතිකරන්න සමත් නැහැ.

පිළිතුර - නැහැ අපි අනිත් පළාත් වලදී කිව්වේ නැහැ එතැනින් රටේ දේශපාලනය වෙනස්‌ වෙනවා කියලා. යුද්ධයක්‌ පවතින මොහොතක තමයි ඒ ඡන්ද තිබුණේ. ආණ්‌ඩුව ඒ ජනවරම ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලා. දැන් යුද්ධය ඉවරයි. රටේ මිනිස්‌සුන්ගේ හිතන පතන විධිය මිනිස්‌සු වැඩ කරන විධිය මේ සියල්ල සම්පූර්ණයෙන් වෙනස්‌වෙලා. මේ වෙනකොට රටේ සමාජමය, දේශපාලනමය, ආර්ථිකමය මේ හැම පැත්තක්‌ම වෙනස්‌වෙලා.

කෙසේ හෝ අපි අනෙක්‌ පළාත් වලදී ප්‍රකාශ කළේ හොරකමට, දූෂණයට, වංචාවට එරෙහිව සටන් වදින්න අපට බලයක්‌ දෙන්න කියලා. ඉන් අදහස්‌ වෙන්නේ නැහැ අපි දකුණේ ජනතාවගෙන් එවැනි ඉල්ලීමක්‌ නොකරන බවක්‌. අද වෙනකොට කොටියත් එක්‌ක යුද්ධ කළා වගේම හොරකම, වංචාව, දූෂණය සමගත් යුද්ධයක්‌ කළ යුතුව තිබෙනවා. ඒක මේ රාජපක්‍ෂ ආණ්‌ඩුවට කළ නොහැකි දෙයක්‌. රාජපක්‍ෂ ආණ්‌ඩුව රට හදන්නේ නෑ. වීරෝදාර හමුදාව යුද්දේ කරලා රට දිනවලා දුන්නේ. නමුත් ආණ්‌ඩුවේ සෙන්පතියන් කියාගන්න අයට රට හදන්න බෑ. ඒක මේ වෙනකොට ආණ්‌ඩුව ඔප්පු කරලා ඉවරයි. ඒ නිසාමයි දකුණේ ජනතාව රට හදන්න පුළුවන් දිශානතියකට අවශ්‍ය පළමු පියවර දකුණෙන් තබාවි යෑයි අපි කියන්නේ.

ප්‍රශ්නය - ජවිපෙත් ත්‍රස්‌තවාදය පරද්දන්න ඡන්දය ඉල්ලුවා.

නමුත් මේ වනවිට ඒ සියලු දේ පසෙකලා නැවත මාක්‌ස්‌වාදී මූලධර්ම මත පිහිටා කටයුතු කරන බවක්‌ තමයි පේන්න තියෙන්නේ.

පිළිතුර - මෙතැනදී පැහැදිලි කරන්න ඕන, අප කෙදිනකවත් ජාතිකත්වය මත පදනම්ව කටයුතු නොකරපු බව. අප පැහැදිලිව ජාතිය සහ ජාතිකත්වය වෙන් කොට හඳුනාගත් පක්‍ෂයක්‌. අප මුල් කාලයේ සිට ඔය වචන දෙක හරියට හඳුනාගෙන එය සමාජගත කරමින් දේශපාලනය කළා. අප කෙදිනවත් ජාතිවාදී වුණේ නැහැ. නමුත් අප දන්නවා පසුගිය කාලයේ රටේ කේJද්‍රීය ප්‍රශ්නය වුණේ ජාතික ප්‍රශ්නයයි. රටේ ප්‍රධාන ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය. අද කේJද්‍රීය ප්‍රශ්නයේ ප්‍රධාන පාර්ශ්වයත් ඉවරයි. ඒ කියන්නේ එහි යුද පාර්ශ්වය අප ජයග්‍රහණය කළා. නමුත් එහි දේශපාලන පාර්ශ්වය තිබෙනවා. කේJද්‍රීය ප්‍රශ්නය අපි මුළුමනින්ම ජයග්‍රහණය කළා නොවෙයි හැබැයි අපි වැඩි පංගුවක්‌ ජයග්‍රහණය කරලා තිබෙනවා.

ඇත්තටම ජවිපෙ පසුගිය දශක දෙක තුන ඇතුළත කේJද්‍රීය ප්‍රශ්නය මත පදනම් වූ තීන්දු තීරණ ගත්තා. 1980 වගේ මෑත කාලය ගත්තොත් තිම්පු සාකච්ඡාවලින් පසු කේJද්‍රීය ප්‍රශ්නය මතුවෙන්න ගත්තා. එතැනදි එය වැළැක්‌වීමට අපි සම්පූර්ණයෙන් අපේ බර යෙදුවා. අපේ මුළු ශක්‌තිය යෙදුවා. අපේ දේශපාලනයේ එය ඉදිරියට ගත්තා. දැන් තත්ත්වය වෙනස්‌, දැන් තිබෙන්නේ පංති සටනක්‌. නමුත් අපි මෙහි න්‍යායාත්මකව කිසිවක්‌ වරද්දාගෙන නෑ. ඉතා පැහැදිලියි අපි එදත් හිටියේ එතැන අදත් ඒ ස්‌ථාවරයන් වෙනස්‌වෙලා නැහැ. දැන් අපි ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයට අදාළව කටයුතු කරනවා. ඔබේ ප්‍රශ්නයේ අර්ථගැන්වීමට අපේ පිළිතුර ඒකයි.

ප්‍රශ්නය - ජවිපෙ රජය සමග සන්ධානගත වූ වකවානුවේ පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට යෑයි කිව්වත්, එය රජය පාර්ශ්වයෙන් "මායිම්" කරන බවක්‌වත් පේන්න නැහැ. චJද්‍රිකා ජනපති යුගයෙත් ජවිපෙ එවැනි ගැටයකට අහුවුණා.

පිළිතුර - චJද්‍රිකා බණ්‌ඩාරනායක ජනපතිනියගේ යුගයේ ගැටයට අහුවුණේ අපි නොවෙයි ඇයමයි. ඇය දින නියම කරමින් විධායක බලතල අහෝසි කරන බව කිව්වත් ඒ පොරොන්දුව කඩකළ නිසා ජනතා විශ්වාසය බිඳවැටුණා. ඇයගේ රජයේ බිඳවැටීම ආරම්භ වුණෙත් එතැනින්. විධායක ජනාධිපති ධුරය මේ රටට හඳුන්වා දෙන්න හදනකොටත් අපි මේකට විරුද්ධ වුණා. ඒ වෙනුවෙන් අපි මතවාදීව අරගල කළා. උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගත්තා. 82 ජනාධිපතිවරණය තබන විටත් අප මෙයට විරුද්ධව උපරිම ක්‍රියාමාර්ග ගත්තා. ඒ ඉතිහාසය ගත්තොත් අපි මුල සිටම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට පෙරමුණ ගත්තා.

චJද්‍රිකා පවා එදා පොරොන්දු වුණේ ජනතාවට. එය ජවිපෙට පමණක්‌ දුන් පොරොන්දුවක්‌ නොවෙයි. ඒ විදියට ගත්තොත් ජනතාවට දෙන පොරොන්දු ගිවිසුම් හැමදාමත් කැඩුවේ චJද්‍රිකා බණ්‌ඩාරනායකලා, මහින්ද රාජපක්‍ෂලා. එයින් රවට්‌ටන්නේ ජවිපෙ නොවෙයි ජනතාව.

අද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ගත්තොත් ඇමැතිවරු බහුතරයක්‌ පවා ඊට විරුද්ධයි. පෞද්ගලිකව මුණගැහුණාම, එයින් තමන් බැට කන විදිය කියනවා. එළිපිට ඒ ගැන කතාබහ නොකළාට මල් ඉහලා, මඟුල් බෙර ගහලා සජීවී රූපවාහිනි සංදර්ශන තියලා ඒ ගිවිසුම අත්සන් කරපු මොහොතේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා එවකට අපේක්‍ෂකයා පැවැසුවේ "ප්‍රජාතන්ත්‍රවාදය රැකීමෙහිලා බරපතල ගැටලුවක්‌ වී තිබෙන මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රමුඛතම හා අත්‍යවශ්‍යම සාධකය බවට පත්ව ඇත." කියලයි. එතුමා එදා දැක්‌කා මෙය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල පහරක්‌ කියලා. ඒක මත පදනම් වෙලා ජනවරමක්‌ ඉල්ලපු මහින්ද රාජපක්‍ෂ මහතා ඒක "මහින්ද චින්තනයට"ත් ඇතුළු කළා. මහින්ද චින්තනයේ ඒක තියෙනවා. මහින්ද චින්තනයට තමයි මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ. එසේ ජනතාවටයි මේ පයින් ගහන්නේ. ජනතාව සමග ඇතිකරගත් සම්මුතිය ජනාධිපතිවරයා කඩ කඩා කියන්නේ ජනතාව සමග තිබෙන බැඳීම ඔහු අහෝසි කර දමනවා කියන එකයි.

ප්‍රශ්නය - ඔබ එසේ කීවාට ජනතාවට එවැනි හැඟීමක්‌ ඇති බවක්‌ පේන්න නැහැ. පහුගිය මැතිවරණ දිහා බැලුවත් පේන්නේ රජයට තිබෙන ජන ප්‍රසාදයේ අඩුවක්‌ නැති බවයි.

පිළිතුර - ඒක එහෙම නොවෙයි. එතැන තිබෙන්නේ වෙනත් සාධකයක්‌. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට යෑයි හෙට ඡන්දයක්‌ තිබ්බොත් ජනතාව ඉන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන තැන. ඒ නිසයි අපි අභියෝග කරන්නේ පුළුවන්නම් විධායක ක්‍රමය අහෝසි කරන්න ඡන්දයක්‌ තියන්න කියලා. ජනාධිපතිවරණයක්‌ නෙවෙයි, මුලින්ම එය තියන්න. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 86 වැනි වගන්තිය ඇතුළේ ජනාධිපතිවරයාට තියෙනවා බලයක්‌, රටේ ජනතාවගේ මතය විමසන්න. 2005 ජනවරමෙන් දීලා තිබෙන්නෙත් අහෝසි කළ යුතුයි කියන එක තමයි. ඒක හොඳටම ඇති. ඊටත් වඩා මේක පැහැදිලි කරගන්න ඕන නම් ජනමත විචාරණයක්‌ තියන්න.

ප්‍රශ්නය - ඒත් යුද්ධය ජයග්‍රහණය කරන්නත්, ත්‍රස්‌තවාදය දේශපාලනික වශයෙන් පරාජය කරන්නටත්, විධායක ජනාධිපති ධුරය ඉවහල් වූ බවටත් මතයක්‌ ගොඩනැගෙනවා.

පිළිතුර - පට්‌ටපල් බොරුවක්‌. මේ රටේ තිබුණේ සිවිල් යුද්ධයක්‌. 71 දීත් සිවිල් යුද්ධයක්‌ පරාජය කළා. ඒ විධායක ජනාධිපති ධුරය යටතේ නොවෙයි. වින්සන්ට්‌ චර්චිල් යුද්දෙ දිනුවේ විධායක ක්‍රමයෙන් නොවෙයි. ඒ නිසා ඒක පිළිගත නොහැකි කාරණයක්‌. අපේ රටේ යුද්ධෙට අවුරුදු 30 යි. විධායක ජනාධිපති ධුරයටත් අවුරුදු 30 යි. විධායක ජනාධිපති ධුරය ඇතිකරපුදා පටන් යුද්ධය නිර්මාණය වෙනවා. මේ රටේ මැතිවරණ සිතියම් හකුළලා ජවිපෙ එදා තහනම් කරලා යාපනේ ඡන්ද පෙට්‌ටි මංකොල්ල කෑමේ වටපිටාව නිර්මාණය වුණේ විධායක බලයේ අනිසි බව නිසයි.

ඒ නිසා ජනතාව ඉන්නේ මේ විධායක ක්‍රමය රටට අයහපත් එකක්‌ සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල පහරක්‌ එල්ල කරනවාය කියන තැනයි.

ප්‍රශ්නය - මේ වනවිට කේJද්‍රීය ප්‍රශ්නය විධායක බලයද එසේත් නැත්නම් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ බලය බෙදීම ද කියන ගැටළුව මතුවෙනවා. 13 වැනි සංශෝධනයෙන් බලය බෙදීමට රහසිගත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙද්දී එය පැරදවීමට කටයුතු කරනවා වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප්‍රශ්නය ඉදිරියට ගෙන එන්නේ ඇයි.

පිළිතුර - මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන ආවේ අපි නෙවෙයි. ආණ්‌ඩුවමයි. ජනාධිපති ධුරයට වසර හතරක්‌ පමණක්‌ පිරී තිබියදී එහි ධුර කාලයට වසර දෙකක්‌ ඉතිරිව තිබියදී "ජනාධිපතිවරණයක්‌" ඉදිරියට ගෙන එන්නේ ඇයි. ඊළඟ ප්‍රශ්නය ඇයි ඒ වසර දෙක ඉවසන්න බැරි? බයද?

ඉතාම පැහැදිලියි, තව වසර දෙකක්‌ ඉන්නකොට රටේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරියට ඇවිල්ලා, ඒවා විසඳන්න ක්‍රමයක්‌ නැහැ. මේ සියල්ල යුද්දෙන් වහගෙන හිටියා පහුගිය කාල වකවානුවේ. නමුත් යුද්දේ අවසන් වූ පසු ඇත්ත ප්‍රශ්නවලට උත්තර නැහැ. ඒ නිසා තමයි මේ ජනාධිපතිවරණය කලින් තියන්නේ. නමුත් මහින්ද චින්තනයේ පොරොන්දු වූ පරිදි ජනාධිපති ධුර කාලය අහෝසි වන විට විධායක බලතල ද අහෝසි කළ යුතුයි. අපි අහන්නේ ඒ පොරොන්දුව පරිදි කටයුතු නොකර එක්‌වරම ජනාධිපතිවරණයක්‌ තියන්නේ ඇයි?

එතකොට මේ ප්‍රශ්නය ඉදිරියට ගෙනවිත් තිබෙන්නේ අපි නොවෙයි ආණ්‌ඩුවමයි. අපි ඉදිරියට ආවේ ඒ වැරැද්ද නිවැරැදි කරන්නයි.

ඇත්තටම මේ වෙනකොට ප්‍රධාන ප්‍රශ්නය වන 13 නේ කල්ලිය ගෙන එන බලය බෙදීමේ ක්‍රියාවලිය ආණ්‌ඩුව යට ගහලයි තියෙන්නේ. අවසන් විසඳුම ගෙන එන්නේ ජනාධිපතිවරණයෙන් පසු කියන්නෙත් ඒ නිසයි. මොකද ඒ අය දන්නවා මේ මොහොතේ එවැනි ක්‍රියාවලියකට ගියොත් ඊළඟ ජනාධිපතිවරණය, මැතිවරණ සියල්ල හමාරයි කියලා. ඒ නිසා රජය ජනාධිපතිවරණයෙන් පසුව එය ගෙන ඒම ස්‌ථිරයි.

ඒත් ඊට විරුද්ධ අපේ භූමිකාව හා ජනතාව පෙළගැස්‌වීමේ ක්‍රියාවලිය අප කිසිවිටෙකත් නතර කර නැහැ. විධායක බලය අහෝසි කිරීමත්, බලය බෙදීමේ යෝජනාව හකුලා ගැනීමත් වෙනුවෙන් ගෙන යන සටන සමගාමීව යනවා.

සාකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v