සල්ලි ගස්‌ හෙල්ලූ දකුණේ දේශපාලනය

සුගතපාල මැන්දිස්‌

දකුණු පළාත් සභා මැතිවරණයට නාමයෝජනා භාරගෙන අවසන් වී සතියක්‌ ඉකුත් වී හමාරය. දකුණේ මේ පැවැත්වෙන්නේ හයවැනි පළාත් සභා සටනයි. ගෙවීගිය සතිය තුළ නම් අපේක්‍ෂකයන්ගේ පෝස්‌ටර් ඇලවීමේ පොරය උණුසුම් වී තිබුණත් ඡන්දදායකයන්ගේ නම් උණුසුම් බවක්‌ පේන්නට නැත. එහෙත් වෙනදා නම් නාමයෝජනාවලට පෙර සිටම ඡන්දදායකයන් අතර තම තමන්ගේ හිතවත් අපේක්‍ෂකයා හෝ අපේක්‍ෂකයන් දිනවීමේ අපේක්‍ෂාවෙන් දකුණු ලක වැසියන් සටන් බිමට අවතීර්ණ වෙන්නේ අපේක්‍ෂකයන් වඩ වඩාත් දිරිමත් කරමිනි.

නාමයෝජනා අවසන් වූ දින තිස්‌සමහාරාමයේ ඇති වූ එක සිද්ධියක්‌ හැර ගෙවීගිය සතිය තුළ කිසිදු අයුරෙක ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ ගැන පොලිස්‌ පොතෙහි ලියෑවී නැතිවීම නම් බොහොම අගය කටයුත්තකි.

පොලිස්‌ පොතේ ලියෑවී නැති වුවත් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ දෙපැත්තේ අපේක්‍ෂකයන් දෙදෙනකුගේ පිරිස්‌ අතර ගහබැණ වැදීම් සිද්ධි දෙකක්‌ ගැන කියෑවේ.

සැබැවින්ම දකුණේ ඡන්ද සටන ඇල්මැරුණු ස්‌වභාවයක්‌ ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂය සටන අතහැර දමා ඇති සෙයක්‌ නිසාදැයි කෙනකුට සිතේ.

මේ ගැන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් විමසූ විට ඔහු කීවේ එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන් කිහිපදෙනකු හැර අනෙක්‌ ඇත්තන් නාමයෝජනා භාරගැනීම අවසන් වූ දා රිය පෙළපාලි රිය පෙරහැර නොපැවැත්වීම නිසා එසේ පෙනුමක්‌ තිබුණු බවයි. ඒත් අපි ජනතාව දැනුවත් කරමින් ගෙන්ගෙට යමින් වතු රැස්‌වීම් පවත්වමින් තමයි ඉකුත් සතියම රෑ දහවල් වැඩ කළේ යනුවෙනි.

එදා සන්ධානය ඉතා උපරිමයෙන් වාහන පෙළපාලිවලින් තම තමන්ගේ අපේක්‍ෂකයන්ට ශිල්ප පෙන්වීමට යොමුකොට තිබුණි.

කොළඹ රටෙන් මැති ඇමැතිවරුන් දකුණට ආනයනය කොට ලක්‍ෂ ගණනින් සල්ලි පුච්චමින් එහාට මෙහාට දුවන රජයේ වාහන සිය ගණනක්‌ යොදවා තිබීම ගැන අපේ සගයෙක්‌ කීවේ මොනවට මේ තරම් මුදල් කන්දරාවක්‌ නාස්‌ති කරනවද? මේක ආණ්‌ඩුව ඉතාම ලේසියෙන් දිනන ඡන්දයක්‌ නේ. අපරාදෙ ඒ වියදම් කරන ආණ්‌ඩුවෙ සල්ලිවලින් රටට ප්‍රයෝජනවත් වැඩ කීයක්‌ නම් කරන්න පුළුවන්ද?" ඔහු මගෙන් විමසීය. ඒ මාතර පැත්තේ අපේම සගයෙකි.

අලුත් ශ්‍රී ලංකාවක්‌ නිර්මාණය කරන්නට ඇපකැප වන බවට දිවුරා පොරොන්දු වී ජනතා වරම් ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා සේ රාජ්‍ය නායකත්වයට පත්වූයේ අදින් වසර තුනකුත් මාස නමයකුත් දවස්‌ දහඅටකට පෙර දිනයකය. ඒ අලුත් ශ්‍රී ලංකාව දැන් නිර්මාණය වෙමින් පවතින බව ජනතාව පිළිගෙන ඇතැයි විද්යුත් මාධ්‍යයක සගයෙක්‌ කීවේ ඉකුත් බදාදා හවසය.

"මහ රජාණෝ" යනුවෙන් මහින්ද බෞතීස්‌ම කරන්නට තරම් මේ රටේ මිනිසුන් සැදී පැහැදී සිටින්නේ පුරා තිස්‌ වසරක්‌ම කොටි කල්ලියක්‌ ඔවුනට හිතවත්කම් පෑ දෙස්‌ විදෙස්‌ ප්‍රතිගාමිත්වයක්‌ විසින් පතුරුවා තිබූ "යුද්ධය" තමන් බලයට පත්වී අවුරුදු තුනක්‌ යන්නට පෙර නිමා කරන්නට මේ රටේ සේනාධිනායකයාගේ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියටත්, සිවිල් ආරක්‍ෂක බලකායටත් ඔහු විසින් දුන් අභීත, එඩිතර නායකත්වය නිසයි. ඔහු විසින් කරන ලද ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාපිළිවෙතට ලාංකේය ජනතාව, තව පරම්පරා ගණනාවක්‌ ගියත් ගරු බුහුමන් දක්‌වනු සිකුරු යෑයි ගාල්ලේ නීතිඥවරුන් පිරිසක්‌, වෛද්‍යවරයෙක්‌ හා නාගරික මන්ත්‍රීවරයකු සමඟ සැඳෑවක පිළිසඳරක යෙදෙමින් සිටියදී එක්‌ පෙරකදෝරු මහත්තයෙක්‌ කීය. ඔහු ඇතුළු ඒ නීතිඥවරුන් කිහිපදෙනා ඉකුත් දිනෙක සන්ධානයට එක්‌ වූ එක්‌සත් ජාතික පක්‍ෂයට නෑකම් කී ඇත්තන්ය. තමන් සමඟ ගාලු අධිකරණ බිමේ එකට වෘත්තියේ යෙදෙන හිටපු පළාත් සභා මන්ත්‍රී මොහාන්ද සිල්වාගේ ජයග්‍රහණයට අතහිත දීමට ප්‍රතිඥ දෙමින් ඔවුහු මොහාන් හා සන්ධානගත වූහ.

මෙහිදී වෛද්‍යවරයාගේ මතය වූයේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා මන්ත්‍රී ධුර විසිතුනෙන් දහසයක්‌ සන්ධානය දිනා ගන්නා බවයි. එවිට එක්‌ නීතිඥවරයකු එය ඊට වඩා මන්ත්‍රී තනතුරු දෙකකින් අඩුය යන්න ඔහුගේ විශ්වාසය බව කී විට ඔවුන් අතර තර්ක විතර්ක හටනක්‌ හටගති.

සන්ධානයේ මහ ඇමැතිවරුන් පස්‌දෙනෙකි. එහෙත් නිල වශයෙන් පත්වෙන්නේ එක්‌ අයෙකි. හිටපු මහ ඇමැති ෂාන් විඡේලාල් ද සිල්වා තමන් සිටි ස්‌ථාවරත්වය යළි තහවුරු කරගන්නට කල් ඇතිවම සැලසුම් කර තිබූ බව පෙනේ. දකුණු ලක මහ ඇමැති තමා යෑයි දැවැන්ත පුවරුවල තම සේයාව මුද්‍රණය කර සවිකරගත් හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්‌ටිගම ගාලු ජනතාවට පෙන්වාගෙන සිටියි.

මාතර සන්ධාන කණ්‌ඩායමේ නායක හිටපු පළාත් ඇමැති හේමාල් ගුණසේකර ද හම්බන්තොට කණ්‌ඩායම් නායක හිටපු ඇමැති වී. කේ. ඉන්දික ජමීන්ද්‍ර ද මහ ඇමැති තනතුර ලබාගන්නට පොරට බට අපේක්‍ෂකයන්ය.

දකුණු පළාත් සභා මැතිවරණ නාම යෝජනා භාරගැනීමට මාසයකට එකහමාරකට පෙරම පෝස්‌ටර් විප්ලවය ආරම්භ කළ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණ ලේකම් සජින් වාස්‌ ගුණවර්ධන පිටියට පිවිසියේම තමන් මහ ඇමැති අපේක්‍ෂකයා බව ජනතාවට අඟවමිනි. ඔහු නිල්පාට කමිසයකින් සැරසී හිනා කටක්‌ පුරවාගෙන, තාප්පවලත්, පාලම් බෝක්‌කුවලත්, ගස්‌ගල්වලත් ඇලවී සිටියදී ඊට සතියකට පමණ පසු එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තමන් පොරට බසින බව ජනතාවට ඇඟවූයේ බටදූවේ රත්තරංය.

පෝස්‌ටර් මුද්‍රණකරුවන්ටත්, එළුවන්ට හා ගවයන්ටත් වාසි අත්කර දෙමින් ඊට පසු අපේක්‍ෂකත්වය අපේක්‍ෂා කරමින් පෝස්‌ටර් අලවාගත් සමහර පුද්ගලයන් නාමයෝජනා නොලැබීම නිසා දැන් සන්ධානයේ නායකත්වයට බැණවදිමින් සිටී.

මෙසේ පෝස්‌ටර් අලවන ලද හබරාදුව ආසනයේ එක්‌තරා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක්‌, ප්‍රධාන ඇමැති ශාන්ගේ පෝස්‌ටර් වසා තමන්ගේ මුහුණ මිනිසුන්ට පෙන්වා සිටියේය. එය දුටු ෂාන්ගේ හිතවතකු අර සභාපතිවරයාට දුරකථන ඇමතුමකින් උපහාස කතාවක්‌ කියා දුරකථනය විසන්ධි කළේ ලියුම්කරු ළඟ සිටියදීය.

නාමයෝජනා දීමට පෙර වෙනත් කිසිදු පළාත් සභා මැතිවරණයකදී කිසිදු අපේක්‍ෂකයෙක්‌ පෝස්‌ටර් අලවා නොතිබුණු බවත් තමා එය ප්‍රථම වරට දැක්‌කේ දකුණු පළාත් සභා මැතිවරණයේදී බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන සාකච්ඡාවකදී ප්‍රකාශ කළ අයුරු විද්යුත් මාධ්‍යය ඔස්‌සේ ප්‍රචාරය විය.

"බම්බුව තමයි ඇමැතිතුමා දැකල නෑ බස්‌නාහිර පළාත් සභා ඡන්දෙට නාමයෝජනා දෙන්න මාස දෙක තුනකට කලින්ම දුමින්ද සිල්වයි කුඩු ලාලුයි පෝස්‌ටර්වලින් කොළඹ තාප්ප වහල තිබුණු හැටි. එහෙනම් ඇමැතිතුමා ඒ දවස්‌වල එක්‌කො කොළඹ ඉඳල නැතුව වෙන්නැති." ඒ ඇමැති මෛත්‍රිපාලගෙ කතාවට අපේක්‍ෂක හිතවතකු උපහාසයෙන් කී කතාවයි.

සන්ධානයේ අපේෂක ලැයිස්‌තු තුනම ප්‍රබලය. කාන්තා නියෝජනය සඳහා සන්ධාන නායකයෝ ගාල්ලට හා හම්බන්තොටට නිළියන් දෙදෙනකු ද ඇතුළත් කර ඇත. හම්බන්තොටට තරග කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිය. ඇය මුල්ගිරිගල ආසනයේ වීරකැටිය වලස්‌මුල්ල පාරේ නිවසක උපත ලද්දියකි. ළාබාල සන්ධියේ පටන්ම බොහොම කඩිසරව තම මාපියන්ගේ වැඩ කටයුතුවලට හවුල් වෙමින් කල් ගෙවමින් සිට නිළියක සේ කලා ක්‍ෂේත්‍රයට පිවිස සිටින්නියකි. ඈ රZඟපාන ටෙලි නාට්‍යයක්‌ වේද ගම් ප්‍රදේශයන්හි පිරිස්‌ නාට්‍ය නරඹන්නේ වයස්‌ භේදයකින් තොරව ඉමහත් ආශාවකිනි. "අන්න අපේ ගමේ කෙල්ල ආන්න අපේ සුසන්ත අක්‌කා" යනුවෙන් ඔවුහු ඉතා ළෙන්ගතුව ඒ ටෙලිනාට්‍යය නරඹන්නේ චන්ද්‍රමාලි කෙරෙහි පවත්නා සෙනෙහස වඩාත් වර්ධනය කරගනිමින් යයි පැවැසුයේ ඒ ගමට සබඳතා ඇති තංගල්ලේ පදිංචි විශ්‍රාමික ගුරුවරයෙකි.

අනෙක්‌ කාන්තා නියෝජනයට සන්ධාන අපේක්‍ෂක ලැයිස්‌තුවේ ඉඩකඩ වෙන්කර ඇත්තේ ගාල්ල දිස්‌ත්‍රික්‌කය උදෙසායි. ගාල්ලේ රඟපාන නිළිය අනර්කලී ආකර්ශා නිල්පැහැති සාරියකින් හා හැට්‌ටයකින් සැරසී ගාල්ලේ තාප්ප පුරා ඈ පෙනී සිටියේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට කාන්තා නායකත්වයක්‌ සපුරාලීමටය.

ඉකුත් අඟහරුවාදා උදේ 10.30 ට පමණ සිය මෑණියන් සමඟ ගාල්ල කච්ෙච්රියට අනර්කලී පැමිණියාය. ඒ අවස්‌ථාවේ එහි සිටි පුවත්පත් කලාවේදී සගයන් කිහිපදෙනා ඈ හා පිළිසඳරක යෙදී ඇගෙන් විමසුවේ ඇයද පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වනවාද යනුවෙනි. මේ වන විටත් සන්ධානයේත්, එජාපයේත් අපේක්‍ෂකයන් කිහිප දෙනෙක්‌ ද සිය අනාගත වැඩපිළිවෙළ කෙබඳුදැයි තම මිතුරන් හමුවේ තබා ඇත.

"නෑ... නෑ... මට මීඩියා වැඩක්‌ නෑ... මීඩියා පබ්ලිසිටි මට අවශ්‍ය නෑ"යි පිළිතුරු දුන් ඇය කච්ෙච්රි භූමියෙන් නික්‌ම වාහනය කරා යද්දී මාධ්‍ය මිතුරන් එකිනෙකාගේ මුහුණ අත ගා ගත්තේ ඔවුන් හැම කෙනකුටම පාහේ ඈ තොත්තුවක්‌ බැගින් පිරිනැමූ නිසා විය යුතුය.

එදින සැඳෑවේ ගාල්ල කොටුවේ නිවසකට පැමිණි අනර්කලී එහි රොක්‌වූ අසල්වාසීන් අමතා ප්‍රකාශ කළේ තමා මාතර කඹුරුපිටිය ප්‍රදේශයට සම්බන්ධ නිසා මාතරින් තරග කරන්නට අපේක්‍ෂාවෙන් සිටිය බවයි. එහෙත් ඒ අදහස සිsතින් බැහැර කොට ගාලු නාමයෝජනා ලැයිස්‌තුවේ අපේක්‍ෂිකාවක වූයේ තමාගේ රසික රසිකාවන් අති බහුතරයක්‌ සිටින්නේ ගාල්ලේ නිසා බවයි.

ගාල්ලට අනර්කලීගෙ නම ඇතුළත් කළේ විශාල පිරිසක්‌ ඇය ගාල්ල ලැයිස්‌තුවට පත්කරනා සේ කරන ලද ඉල්ලීමකට අනුව යෑයි ද පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමැති සහෘදයාද පුවත්පත් සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්‌ ඊට දින ගණනාවකට පෙර රූපවාහිනී නාලිකාවලින් විකාශය වුණි.

අනර්කලීගෙ නම ගාල්ල නාමයෝජනා ලැයිස්‌තුවට පත්කරන්නට ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කිසිදු ආසන බල මණ්‌ඩලයකින්වත් කරන ලද ඉල්ලීමක්‌ නැතැයි අප හා කීවේ මේ ගැන විමසූ විට ඡන්දාපේක්‍ෂකයෙකි.

"මොනව කරන්නද මචං... කාට කියන්නද මචං...." සිය ප්‍රාඩෝ රියේ ඉන්ධන ටැංකිය පුරවා ගන්නට ඉන්ධන පිරවුම්හලක රිය නතර කර තිබියදී අප කළ විමසුමේදී අනර්කලීගෙ සම්ප්‍රාප්තිය ගැන එක්‌තරා ඇමැතිවරයෙක්‌ පිළිතුරු දී දිගු සුසුමක්‌ පිටකර "උඹ ගෙදර යනව නම් නැගපං මම ඇරලවන්නම්" යයි මට ඇරයුම් කළ ඇමැති මිතුරා ඉන් එහා ඒ ගැන එකදු වචනයක්‌වත් තම මුවින් පිට නොකිරීමට වගබලා ගත්තේය.

කොටුවට අනර්කලී ආවේ ඇගේ මව ද කැටිවය. ඒ සමඟම සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි ද එහි ආවේය. "අනර්කලීට උදව් කරල ලයනල් කොහොම හරි එයා දිනවන්න" ඉහළ බලවතකු ඔහුට කියා ඇතැයි ද ඒ නිසා ලයනල් ඇයට උදව් කරන බව ද අප කනේ තැබුවේ ලයනල් ප්‍රේමසිරිගේ බොක්‌කේ ගෝලයෙකි. එසේ කී ඔහු අනර්කලීට කලාකරුවන් කාගෙවත්ම සපෝට්‌ එක නෑ. ඈ මට මොබයිල් ෆොaන් නොම්මරේ දුන්නා. හැබැයි කතා කරන්න බෑ ඒ ෆොaන් එක ඕෆ් කරලා..." යි ඔහු සිය අත වූ ජංගම දුරකථනයෙන් අනර්කලීගේ යයි සඳහන් අංකයට ඇමතුමක්‌ දුන්නට එය කිසිදු ප්‍රතිචාරයක්‌ නොවුණි.

සුපුරුදු පරිදි සන්ධානගත අපේක්‍ෂකයන් අතරම පවතින සටනක්‌ මිස ප්‍රතිවාදීන් අතර ඇති හටනක්‌ වී නැත. මනාප අමනාප පොරය ඇණකොටා ගැනීම් ඉස්‌සරහට ඇති වෙන තත්ත්වයක්‌ නොවුණොත් හොඳය.

මාතර පොරපිටියේ සන්ධාන අපේක්‍ෂකයන් විසින් "සල්ලි ගහක්‌ සොලවා" ඇත. මේ සල්ලි ගහ සල්ලි විසි කරන්නේ ලෝස්‌ නැතිවය.

මාතර මෙන්ම "සල්ලි ගහක්‌" ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ද සෙලවෙමින් පවතී. ඒ නාමයෝජනාවලටත් මාස ගණනාවකට පෙර සිටය. මාතරත් ගාල්ලෙත් සන්ධාන අපේක්‍ෂකයන් කිහිප දෙනෙක්‌ම සිය හිතවතුන්ට, ඡන්දදායකයන්ට ප්‍රකාශ කරන්නේ මේ සල්ලි ගස්‌ දෙකෙන් සල්ලි කඩාගෙන තමන්ට මනාපය දෙන ලෙසයි.

"මම සල්ලි ගහක්‌ හෙල්ලුවා. තමුන්නාන්සේලා ඒ සල්ලි ගහෙන් කඩං මට ඡන්දය දෙන්න" යි මේ රටේ සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වූ ගාල්ලෙදී සම සමාජ පක්‍ෂයෙන් තරග කරමින් ඔහු හා සටනට බට ප්‍රතිවාදී අපේක්‍ෂකයා වූ අමරසූරිය ගැන ජනතාවට එක්‌ මැතිවරණයකදී කී කතාවයි. ගාලු ආසනයේ ඡන්දදායකයන් දහ කී පරිදිම අමරසූරිය කරා ගොස්‌ ඔහුගෙන් සල්ලි අරගෙන ඡන්දය දා ඡන්ද පොළේදී දහනායකට කතිරය ගසා ඔහු පාර්ලිමේන්තු යෑව්වේය.

මේ කතාව පෙරේදා රාත්‍රියේ මාතර දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයේ අපේක්‍ෂකයෙක්‌ අප හා කීවේය. "මේ කෝටිපතියෙක්‌ ඇවිල්ල නේ උඩින්. අපි ජීවිත පරදුවට තබා වෙඩි කාගෙන සටන් කරලයි පක්‍ෂය රැක ගත්තෙ. පක්‍ෂය දිනෙව්වෙ. දැන් ඒවා බොහොම දෙනකුට අමතකයි. සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු බදාදා මැදියම් රැයේදී ලියුම්කරුට කීවේ කලකිරුණු හඬිනි.

"අයියේ..... අපි ඉතින් පුරුදු විදියටම වැඩ ටික බොහොම අහිංසක විදියට කරගෙන යනවා. අවුලක්‌ නෑ. මට විශ්වාසයි අපේ හිතවතුන් මම වැඩිම මනාපවලින් දකුණු පළාත් සභාවට පත්කරාවි. මෙහේ කිසිම හටනක්‌ නෑ. බොහොම සාමකාමියි." හම්බන්තොටින් සන්ධානයේ ලැයිස්‌තුවේ සිටින හිටපු පළාත් සභා ඇමැති වී. කේ. ඉන්දික කීවේ ද ඉකුත් බදාදා රාත්‍රියේයි.

සෝමපාල ඒකනායක එක්‌සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම මෙහෙයවන නායකයායි. ඔහු සැබෑ සටන්කාමියෙකි. තුවක්‌කුකරුවන් අවස්‌ථා කිහිපයකදීම ඒකනායක ගොදුරු කරගන්නට තැත් කැවුවත් ඒ හැම විටකම සෝමපාල ඒකනායක ගම්මුන් කියන පරිදි තලාවෙ ලොකු මහත්තයා නොසැලුණේය. හම්බන්තොට ලොකු මහත්තය ඔහු සමඟ පසුගිය කාලය පුරා පළාත් සභාව නියෝජනය කළ තෙන්නකෝන් නිලමේ හා ලාල් චන්ද්‍ර ද අතර වැඩි මනාප සටන පවතී.

මාතරද එක්‌සත් ජාතික පක්‍ෂය පසුබා ඇත්තේ ජස්‌ටින් ගලප්පත්ති කරන ලද කැපකිරීම් පක්‍ෂ නායකයන් විසින් අමතක කොට ඔහු නොසලකා හැරීම නිසයි. මාතර සිට දකුණු පළාත පුරා හඬක්‌ නැගූ ගලප්පත්ති දැන් ජනපති රාජපක්‍ෂ හා එක්‌ව සන්ධානගතව පොර පිටියට පිවිස සිටී.

ගාල්ලේ එක්‌සත් ජාතික පක්‍ෂ කණ්‌ඩායමේ විජයපාල හෙට්‌ටිආරච්චි, සුනිල් සේනානායක හා අශෝක ධනවංශ අතර ඇත්තේ ප්‍රබල සටනකි. එහි ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකි. ඒ සුනිල් හා අසෝකය. අසෝක පළාත් සභාවට පිවිසියේ පී. ආර්. ද සිල්වා රාජාලියා හා එක්‌වීම නිසා මන්ත්‍රී ධුරය අහිමිවීම නිසයි. ඔහු එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ සංවිධානයේ හිටපු ලේකම්වරයෙකි. ආනන්ද තිස්‌ස ද අල්විස්‌, අනුර ඩැනියෙල්, බාකීර් මාකර් ආදීන්ට පසුව තරුණ පෙරමුණේ ලේකම් ධුරයට පත් වූ අසෝකට මනාප සටනේදී වාසි රැසක්‌ අත්වී ඇත. ඒ ගැන පසුව කතා කරන්නෙමු.

සන්ධානයේ අපේක්‍ෂකයන් විසිහය දෙනාගෙන් විසිතුන් දෙනකුටම හිනිදුම ආසනය පැත්ත පළාතක යැමට ඉඩක්‌ නැති බව ඉකුත් බ්‍රහස්‌පතින්දා අපට අසන්නට ලැබිණි. ඒ ගැන ලබන සතියේ සාකච්ඡා කළ යුත්තේ මනාප ක්‍රමයත් පළාත් සභා ක්‍රමයත් දිස්‌ත්‍රික්‌ බලවතුනුත් ගැන ජනතා මතත් වගකිවයුත්තන්ගේත් ඇස්‌වලට හා කන්වලට යොමු කිරීම අත්‍යාවශ්‍ය නිසාවෙනි.


 

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v