සේද මාවත

යුරෝපයට අත්‍යාවශ්‍ය වූ චීනයේ නිෂ්පාදිත පට පණු සේද පිළි ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය කල දීපාන්තර මහා මාර්ගය ග්‍රීක ජාතිකයන් විසින් හඳුන්වනු ලැබුවේ සේද මාවත නමිනි. මෙයට මුල් වරට මෙම නම තබනු ලද්දේ ජර්මන් ජාතික භුගෝල විද්‍යාඥයෙකු වන පර්ඩ්නන්ඩ් රිච් තෝපෙන් විසිනි. කාලයාගේ ඇවෑමෙන් මේ මාර්ගය කොටස්‌ දෙකකට වෙන් විය. එනම් ගොඩබිම් සේද මාවත හා මුහුදු සේද මාවත යනුවෙනි.

චීන ජාතිකයන් මාලිමා යන්ත්‍රය නිෂ්පාදනය කිරීමෙන් හා හියල්ඩ් නැමැත්තා විසින් චණ්‌ඩ ඉන්දියන් සාගරයේ ද්විවාර්ගික සුළං රටාව ගවේශනය කිරීමෙන් පසු ක්‍රිස්‌තු වර්ෂයට පෙර හත්වන සියවසේ දී පමණ පිනිෂියන්වරු විසින් විශාල සවි ශක්‌තියෙන් යුතු ආරක්‍ෂාකාරී රුවල් නැව් යාත්‍රා නිපදවන තුරුම ප්‍රසිද්ධව තිබුණේ මේ ගොඩබිම් මාවත පමණි.

ගොඩබිම් සේද මාවත

ශිෂ්ටාචාර මිනිසා ලෝකයට විවර වූයේ මේ අසිරිමත් සේද මාවත නිසාය. ඉන්දියන් සාගරයේ හුදකලා දිවයිනක්‌ ලෙස පිහිටි ලක්‌දිව, මේ ජාත්‍යන්තර සේද මාර්ගයෙන් පරිබාහිරව පිහිටා තිබීම නිසා පූර්ව ඓතිහාසික යුගයේදී මෙම දිවයින ගෝත්‍රික ජන කොටසකට පමණක්‌ සීමා වු හුදකලා දිවයිනක්‌ විය.

දකුණු චීනයේ කැන්ටන් නගරයෙන් ඇරඹුණු මෙම මහා මාර්ගය ලැබ්යෝයි හරහා චීනයේ උතුරු දෙසින් පිහිටි ගෝබී කාන්තාරයේ මායිමේ ඩුන්ගුවාන් නගරයට ළඟාවිය. මෙහිදී මෙම මාර්ගය දෙකට බෙදිණි. එකක්‌ කෙළින්ම සැතැපුම් 400 ක්‌ පමණ උතුරු දිසාවට ගොස්‌ ටර්පින් නගරයේදී බටහිරට හැරී, ටියන්ෂාන් ඔස්‌සේ සැතැපුම් දහසක්‌ ගොස්‌, කිෂි මංසන්ධියට වැටිණි. ඩුන්ගුවාන් නගරයේ දී දෙකට බෙදුණු අනිත් මාර්ගය මැක්‌ලිමන් කාන්තාරය ඔස්‌සේ ඒ සමානම දුරක්‌ ගොස්‌ කිෂි මංසන්ධියේදී නැවත මුණ ගැසිණි.

මෙයට අමතරව ඉන්දියාවේ නැගෙනහිර ගංගානම් නිම්නයේ මෝයකට ආසන්නයෙන් පටන් ගෙන, බරණැස, පාඨලී පුත්‍ර නගරය හා සැතැපුම් 2000 ක්‌ පමණ දීර්ඝ වු ආසිවතිය හරහා ඇදී ආ රජ මාවත ද ඇඳා ගනිමින් සින්දු දේශයේ බටහිර වෙරළ අද්දර පිහිටි භාරුකච්ඡා හෙවත් බරුගාසා වරායේ සිට මහා රාෂ්ට්‍ර කාන්තාරය හරහා පැමිණි ඉන්දියානු අතුරු මාර්ගය කිෂි හි දී මුණ ගැසිණි.

මෙම මංසන්ධිය ඈත පෙරදිග හා ඉන්දියානු අර්ධද්වීපයත් සම්බන්ධ කළ ප්‍රධාන වෙළෙඳ මංසන්ධියක්‌ විය. මේ ඒකාබද්ධ මාවත ඉන්පසු කයිබර් දුර්ගය හා කපොල්ල පසු කර, බාමියන් මිටියාවත හරහා පර්සියාවේ පාර්සිපොලිස්‌ සූසා හා බැබිලෝනියාවේ බැග්ඩෑඩ් ඔස්‌සේ මධ්‍යධරණී මුහුදු වෙරළ අද්දරින් ග්‍රීසියේ මනස්‌කාන්ත ඇතැන්ස්‌ නගරයට සේන්දු විය.

පර්සියාව පාලනය කළ අධිරාජයා මෙම මාර්ගය හොඳින් නඩත්තු කළ බවට සාක්‌ෂි සොයා ගෙන ඇති අතර, බාමියන් මිටියාවතේ පිහිටි ගිරිගල් මතින් වැටි තිබු මාර්ගයේ එකල ගමන් කළ අශ්ව කරත්තවල රෝද අතර තිබූ පරතරය, වර්තමාන මාර්ග විශේෂඥයන් පවසන ආකාරයට නූතන ප්‍රමිතියට සරිලන සේ පවතින බව පෙනේ. කණිෂ්ක රජතුමා විසින් කරවන ලද විවිධ මුද්‍රd රැගත් බාමියන් බුද්ධ ප්‍රතිමා මෙම මාර්ගය ඔස්‌සේ ගමන් කරන්නන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව හා සෞන්දර්ය වර්ධනය කිරීම සඳහා උපකාරි වන්නට ඇත.

බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය, පර්සියාවේ ශරශ්‍රැස්‌ත්‍රතුමාගේ ධර්මය, චීනයේ කොන්පියුසියස්‌ තුමාගේ ධර්මය, ලාඕට්‌සේ දර්ශනය ආදිය පමණක්‌ නොව කලාව, ගණිතය, විද්‍යාව, ආයුර්වේදය, දේශපාලනය, ආගම, නීතිය, සංස්‌කෘතිය කලා ශිල්පය ආදිය මෙම මාර්ගය ඔස්‌සේ එහා මෙහා සංක්‍රමණය වූ බැව් සැළකේ.

පයිතගරස්‌ ඇතැන්ස්‌ සිට ජ්‍යාමිතිය රැගෙන බෞද්ධ දර්ශනය හැදෑරීමට භාරතයට පැමිණියේ සේද මාවතෙනි. පස්‌වග මහණුන්ගෙන් කෙනකු වූ කොණ්‌ඩඤaඤ තවුසා ද ඉන්දීය ජ්‍යෙdතිෂ්‍ය හැදෑරීමට සේද මාවත ඔස්‌සේ පැමිණි කෞන්ඩන් නම් ග්‍රීක ජාතිකයෙක්‌ බව පැවසේ. පර්සියාවේ ඩේරියස්‌ අධිරාජයා බුදුරදුන් බැහැ දැකීමට පැමිණ ඇත්තේ මෙම ඓතිහාසික මාර්ගයෙන් බව කියෑවේ. වණ්‌ණුපථ වැනි ජාතක කථාවල කියෑවෙන තවලම් ගමන් කරන ලද්දේ මෙම සේද මාවතේ විය හැකිය. පර්සියාවෙන් අශ්වයන් මිලට ගෙන මෙම සේද මාවතේ පැමිණි තපස්‌සු හා භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේගෙන් කේෂ ධාතු ස්‌වල්පයක්‌ ලබා ගෙන ලක්‌බිමට පැමිණියහ. අනේපිඩු, මහාධන, ඉල්ලීස ආදි සිටුවරු මෙම වෙළඳ මාර්ගය ආශ්‍රිතව වෙළෙඳාමේ යෙදුනවුන් වූහ.

මෙම අසිරිමත් මාවත නඩත්තු කරන ලද්දේ මෙම මාර්ගයේ ගමන් කරන වෙළඳුන්ගෙන් බදු මුදල් අයකර ගැනීමෙනි. පළමුවන සියවස වන විට මෙම මාර්ගයේ පිහිටි සිරියාවේ පැල්මයිරා නගරයේ රේගු තොටුපල විශේෂත්වයක්‌ ඉසිලීය. ලෝකයේ පළමුවන තීරු බදු ලේඛනය වශයෙන් සැළකෙන පැල්මයිරා තීරු බදු නාමාවලියේ සඳහන් ආකාරයට මෙම රේගු තොටුපල හරහා ගමන් කරන්නන්ගෙන් බදු අය කිරීම සිදුකරන ලදී. මේ ලේඛනය සටහන් කර ඇත්තේ විශාල ශෛලමය පුවරුවකය. අදද මෙය සුරක්‌ෂිතව පවතී. මෙම තොටුපලෙහි දී සේද මාර්ගයේ ගමන් කළ බඩු භාණ්‌ඩවලට පමණක්‌ නොව වහලුන්ටත් අයබදු අය කරන ලද බව පෙනේ.

සාගර සේද මාවත

ගොඩබිම් සේද මාවත ආරම්භ වී සියවස්‌ ගණනාවක්‌ ගතවුවද, මහා සාගරයන්හි ගමන් කළ හැකි රුවල් නැව් නිෂ්පාදනය වීම හා මාලිමා යන්ත්‍රය සොයා ගැනීම නිසා මහා ද්වීපාන්තර සමුද්‍ර යාත්‍රාකරණය ආරම්භ විය. මෙහි ප්‍රධානම නෞකා මාර්ගය වූයේ සේද හා සෙරමික්‌ පටවා ගත් චීනයේ කැන්ටන් වරායෙන් ආරම්භව රතුමුහුද ඉස්‌මත්තේ පිහිටි ඒඩන් වරාය දක්‌වා ඇදී ගිය නාවුක මාර්ගයයි. මෙම අනුස්‌මරණීය සාගර සේද මාවත ආරම්භ වීමත් සමගම, එතෙක්‌ ලෝකයේ චීන, සින්ධු, පර්සියන් බැබිලෝනියන්, මිසර, ග්‍රීක්‌ ආදී ශිෂ්ටාචාරයන්ගෙන් වියුක්‌තව පැවැති ඉන්දීය සාගරයේ හුදකලාව පැවැති ලක්‌දිව ලෝකයට දෛවෝපගතව විවර වූයේය. ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික ඉතිහාසය පිළිබඳව තීරණාත්මක වෙනසකට ලක්‌වන්නේ මෙම සාගර සේද මාවත ආරම්භ වීමත් සමගය.

මෝසම් සුළං උපයෝගී කර ගෙන රතු මුහුදේ මුවදොර සිට ඉන්දියානු සාගරය හරහා ඉන්දියාවට කෙලින්ම යාත්‍රා කළ හැකි බව ග්‍රීක ජාතිකයකු වූ හිප්පොලොස්‌ විසින් සොයා ගන්නා ලදී. මෙම සාගර සේද මාවත ආරම්භ වීමට පෙර මෙහි පැමිණි ආගන්තුකයෝ ඉන්දියානු ජාතිකයන් පමණි.

චීනයේ නැංකිං සිට රතු මුහුදේ නයිල් මෝයකට ආසන්නයේ ඒඩන් දක්‌වා වූ සැතැපුම් 5000 ක්‌ පමණ දීර්ඝ වූ රුවල් නැව් යාත්‍රා ගමනේ ලංකාව පිහිටියේ හරි මැදය. පෙරදිගින් චීනයේ දකුණු වෙරළෙන් ආරම්භ වූ මේ රුවල් නැව්, සිංහපුර පසුකොට, ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ ආදී නැගෙනහිර විශාල දූපත් අතර පිහිටි මලක්‌කා සමුද්‍ර සන්ධිය පසුකොට, ඉන්දියානු සාගරයට සැපත්ව, ලංකාවේ දකුණු හා බටහිර වෙරළ ඔස්‌සේ ලංකාව වටේ වයඹ දිශාවට යාත්‍රාකොට, මල්වතු ඔය මෝයකට ආසන්නයේ පිහිටි මාන්තොට වරායේ නැංගුරම් ලෑවේය.

සාගර සේද මාර්ගයේ පැමිණි රුවල් නැව් දකුණු ලක්‌දිව මාගම් පුරයේ ගොඩවාය වරායේ නැංගුරම් ලද ආකාරයත්, එහිදී අය කරගන්නා ලද රේගු තීරු බද්දෙන් කොටසක්‌ ගෝඨපබ්බත විහාරයට පුදන්නටත් කළ නියමයක්‌ පිළිබඳ පළමුවන සියවසට අයත් ගොඩවාය සෙල් ලිපි අද ද දැක ගත හැකිවේ.

මලක්‌කාව සමුද්‍ර සන්ධිය ආසන්නයේ මුහුදු කුණාටුවලින් ගහන කලාපයට ඇතුළු වීමේ අවදානමට හා අවිනිශ්චිතතාවය මත නැගෙනහිර බලා යන නාවිකයන් අධිෂ්ඨානශීලීව නැව් අලුත්වැඩියා කරමින් ඇති තරම් මිරිදිය හා ආහාර රැස්‌කර ගැනීම සඳහා පැමිණියේ මාන්තෙයි වරාය වෙතය.

මාන්තෙයි වෙළෙඳ වරායක්‌ පමණක්‌ම නොවීය. නැව් තැනීමේ, අලුත්වැඩියා කිරීමේ කර්මාන්ත මෙන්ම, මුතු කිමිදීමේ කර්මාන්තයක්‌ද පවත්වා ගෙන ගිය බවට තොරතුරු හෙළිවේ. ටොලමිගේ සිතියමේ මගණ යනුවෙන් හැදින්වෙන්නේ මෙම මාන්තෙයි වන අතර, ග්‍රීක්‌ බසින් මගණ යනු මුතු බෙල්ලන්ට කියන නමකි. මෙයට අමතරව නාවිකයන් හා වෙළෙන්දන් වෙහෙස නිවා ගත් නිවාඩු නිකේතනයක්‌ වශයෙන් ද විනෝදාස්‌වාදය සපයන ස්‌ථානයක්‌ වශයෙන්ද, මාන්තෙයි ජාත්‍යන්තරව ප්‍රචලිත විය. එමෙන්ම ආර්ථික, සමාජීය, දේශපාලන හා සාමයික දැනුම ලොව පුරා පැතිරුණු සංනිවේදන මධ්‍යස්‌ථානයක්‌ ද විය.

මාන්තෙයි නොහොත් මහාතිත්ථ නැව්තොට සිංහල සාහිත්‍යයෙහි හා සෙල්ලිපිවල මහතොට, මහවොටී, මහපුටු, මාවටු, මවතුතොට, මහපටන, මාතොට හා මාතෝට්‌ටම් ආදී නම්වලින් හඳුන්වා තිබේ. "රජුගේ ඇමැතියෙකු අයබදු පඬුරු එකතු කිරීම සඳහා මාවටු පටුනට ගිය අවස්‌ථාවේ දී එහි මනුෂ්‍යයෝ වීථි හැම කැළි කසළ හරවා අලංකාර කොට මහවේ දෙපස තිරිකුඩම් තනා සියලු වීථි මාර්ගය එකහෙළා සරසා තැබූහ" යි පැවසේ. මුහුදු සේද මාර්ගය ඔස්‌සේ පැමිණි වෙළඳුන් රැගෙන ආ පට පිළි සඳහා මඟපුටුලද්දන් නමැති නිලධාරීන් විසින් බදු අය කළ බව මන්නාරම් කච්ෙච්රි ටැම් ලිපිය සඳහන් කරයි.

චීනයේ සිට බටහිරට යාත්‍රා කරන නාවිකයන් හා වෙළඳුන් මාන්තෙයි වරායේ ගත කළ විවේකයෙන් පසු රුවල් ඔසවා, නැංගුරම් ගලවා, නැව අරාබි මුහුදට දියත් කර භාරතයේ භාරුකච්ඡා වරායේ ඊළඟට නැංගුරම් ලෑවේය. මෙතැන සිට මහා රාෂ්ටය හරහා කිෂි දක්‌වා දිව ගිය ගොඩබිම් සේද මාවතේ ඉන්දීය අතුරු මාර්ගය නිසා මෙම භාරුකච්ඡා වරාය ද සුප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස සඳහන් වේ.

භාරුකච්ඡා වරායෙන් ගමන් අරඹන රුවල් නැව්, එතැනින් සින්ධු නදිය මහා සාගරයට සැපත් වන මෝය කට ආසන්නයේ පිහිටි සුප්පාරක පටුන ඔස්‌සේ රතු මුහුද ඉස්‌මත්aතේ පිහිටි ඒඩන් වරාය, පර්සියානු බොක්‌ක අසල ඩෙවෝන් දක්‌වා ගමන් කරන ලදී.

ඉබන්බතුතා, හියුංසාන්, මාර්කෝපෝලෝ, පාහියන් හා ඉටිසිං පැමිණෙන්නේ මේ මුහුදු සේද මාවත ඔස්‌සේය. මේ අනුව මේ අනුස්‌මරණීය සාගර සේද මාවත ඔස්‌සේ ඉන්දියන් සාගරයෙන් ආරම්භ වූ නාවික වෙළෙඳ ගමන් බිමන් හා සංචාරක යාත්‍රාවන් මෙන්ම ඉන්දියන් සාගරය වැනි නාවුක මධ්‍යස්‌ථානයක පිහිටා තිබීමේ වැදගත් භූගෝලීය හා දේශගුණික පිහිටීම නිසාත්, ලෝකයේ මහා ධනවතුනට, සිටුවරුනට අත්‍යවශ්‍ය වු සුඛෝපභෝගී මුතු මැණික්‌, ඇත් දළ, ඇතුන්, කැස්‌බෑ කටු හා කලුවර දැව සැපයූ පාරාදීසය ලංකාව වූ අතර, ජාත්‍යන්තර මුහුදු වෙළඳ මාර්ගයේ පිහිටි මාන්තෙයි ගොඩවාය වැනි ලක්‌දිව මුහුදු තොටුපළවල් මේ නිසා සුවිශේෂී වැදගත්කමක්‌ ඉසිලීය.

පී. ඒ. ලෙස්‌ලි ගාමිණි

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v