භාරතීය හින්දු දෙවිවරු හා
විෂ්ණු දෙවියන්ගේ දස අවතාර


පසුගිය සතියෙන්

මහාචාර්ය ඒ. එල්. බෂාම්ගේ The wonder that was India (1962) ඉංගී්‍රසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ "අසිරිමත් ඉන්දියාව" නම් ග්‍රන්ථයෙන් උපුටා ගැණිනි.

විෂ්ණු දෙවියා, රාම අවතාරය ගත්තේ කෘෂ්ණ අවතාරය ගැනීමටත් පෙර යෑයි විශ්වාසයක්‌ ඇතත්, රාම ඇදහීම වැඩී ගියේ කෘෂ්ණ ඇදහීම වැඩී ගියාට පසුවය. මේ පොතේ සමාලෝචනයට පාත්‍ර වූ කාල පරිච්ඡේදයේ අවසාන කාලය වන තෙක්‌ රාම ඇදහීම වැදගත් වූ බවක්‌a නොපෙනේ. සාමාන්‍යයෙන් රාම නිරූපණය කරනුයේ කාල වර්ණ පුරුෂයකු වශයෙනි. ඔහු අතෙහි බොහෝ විට දුනු හී ඇත. පති භක්‌තිය අතින් මුදුන් මල්කඩක්‌ වූ සීතා ඔහු හා කැටුව සිටී. ලක්‍ෂ්මණ, භරත, ශතෘඝ්න යන ඔහුගේ තුන් බෑයෝ ද, ඔහුගේ ආධාරකාරී මිතුරකු වූ හනුමන්තාද බොහෝ විට ඔහු පිරිවරා සිටිති. රාම කුමරු අදහන්නන්ට හේ කරුණාන්විත, අකලංක, පතිනි භක්‌තියක්‌ ඇති ස්‌වාමිපුරුෂයකි. ව්‍යසන සමයේ දී පවා නොපසුබස්‌නා වීර්යයක්‌ ඇති නායකයකි. ධාර්මික, යහපත් රජෙකි. රාම කුමරුන් ඇදහීම මුස්‌ලිම් ආක්‍රමණයෙන් පසුව පමණක්‌ වැදගත් කමක්‌ කමින් වැඩී ඒමට යම් කිසි හේතුවක්‌ තිබිය හැකියි.

(8) කෘෂ්ණ - කෘෂ්ණ විෂ්ණුගේ ඉතාම වැදගත් අවතාරයයි. ඔහු පිළිබඳ වෘත්තාන්තය දීර්ඝ එකකි. එය ඉතා ලුහුඬින් පමණක්‌ මෙහි බහාලමු. කෘෂ්ණ උත්පත්තිය ලැබූයේ මථුරා පුරයේ යාදව ගෝත්‍රයේය. ඔහුගේa පියා වාසුදේවය. මවු එකල රජ කළ කංස රජුගේ නැන්දනිය වූ දේවකී තොමෝය. දේවකීගේ අටවැනි පුත්‍රයා අතින් කංස රජු මරුමුවට පත් වෙතැයි පෙර නිමිත්තක්‌ වූයෙන් ඈ කුසින් බිහි වන සියලුම දරුවන් විනාශ කිරීමට ඒ රජු මාන බැලුවේය. එහෙත් කෘෂ්ණ හා ඔහුගේ වැඩිමහලු සොහොයුරු බලරාම යන දෙදෙන ජීවිතක්‍ෂයට පත් නොවූවෝ නන්ද නම් ගොපල්ලව හා ඔහුගේ බිරිය වූ යශෝධා විසින් සිය දරුවන් වශයෙන් හදා වඩා ගන්නා ලදහ. ඒ දෙදෙන විනාශ නොවී ජීවතුන් අතර සිටින බව ඇසූ කංස රජු සිය රාජධානියේ වසන සියලුම පිරිමි දරුවන් විනාශ කිරීමට අණකළේය. එසේ වුවත් නන්ද නම් ගොපල්ලා මේ දරුවන් දෙදෙනා පළමුවෙන්ම ව්රජ නම් ප්‍රදේශයටත් පසුව වෘන්ද නම් පළාතටත් හොරෙන් යවා ඔවුන්ගේ දිවි ගලවා ගත්තේය. මථුරාවට නුදුරින් පිහිටි ඒ ප්‍රදේශ දෙක අදත් කෘෂ්ණ දෙවියාගේ ශුද්ධ භූමියක්‌ ලෙස සැලකේ.

විෂ්ණුගේ අවතාරය වූ මේ දරුවා කුඩා කාලයේ ද නොයෙක්‌ ආශ්චර්ය අද්භූත දෑ කළේය. යක්‍ෂයන් මැරීම, කුණාටුවක්‌ නිසා පීඩා ලැබූ ගොපල්ලන්ගේ හිසට උඩින් ගෝවර්ධන පර්වතය තනි ඇඟිල්ලකින් ඔසවා ඔවුන් ආවරණය කිරීම ආදිය මෙයින් සමහරකි. එසේම යශෝධාගේ වෙඬරු සොරකම් කිරීමාදී දඟකාර කම් ගණනක්‌ද ඔහු කළේය. ගැටවර වයසේදී ඔහු ද ගොපල්ලන්ගේ (ගෝපි) භාර්යාවන් හා තරුණ දූවරුන් ද අතර ප්‍රේම සම්බන්ධකම් ද වීය. ඒ කාන්තාවන් නටන විට ඔහු බටලී නලාව වාදනය කළේය. ඔහු වඩාත් ම ප්‍රිය කළේ සුරූපී රාධාටය.

එහෙත් ඒ වගකීම් රහිත ගැටවර විය ඉක්‌මණින් ගෙවිණි. කෘෂ්ණ ගැන දැනගත් කංස රජු ඔහු මැරීමට තවත් උපාය යෙදීය. ගැමි ගොපලු ජීවිතය හැර දැමූ ඔහු ඒ නපුරු ඥති සහෝදරයාගෙන් පළිගැනීමට ඉටා ගත්තේය. ඉක්‌බිතිව කංස මරා දැමූ ඔහු මථුරා රාජධානිය ද අත්පත් කරගත්තේය. එසේ වුවද කංසගේ මාමණ්‌ඩිය වූ ජරාසන්ධ නම් මගධ රජුත්, වයඹ දිග ඉන්දියාවේ සිටි නම සඳහන් නොවන යවන රජකුත් ඔහුට එරෙහි ව ආ හෙයින් ඒ රාජ්‍යය හැරදා පලා යැමට ඔහුට සිදුවිය. තමාට හිතවත් අනුගාමිකයන් රැසක්‌ කැටුව පලා ගිය හේ කථියාවාර්හි ද්වාරකා නම් වූ අලුත් අගනුවරක්‌ පිහිටුවා විදර්භයේ (දැන් බේරාර්) රජුගේ දියණිය වූ රුක්‌මණි සිය අග මෙහෙසුන් බවට පත්කළේය. සිය අන්තඃ පුරයට බිසෝaවරුන් 16,000 ක්‌ රැස්‌කරගත් ඔහුට දාව පුත්තු 180,000 ක්‌ ඉපදුණෝය. මේ කාලයේ දී ඔහු කළ වීරක්‍රියා අතරට ජම්බුද්වීපයේ සෑම තැන සිටි අධාර්මික රජවරුන් හා යක්‍ෂයන් ඝාතනය කිරීම ද අයත් වෙයි. මහාභාරත කථා වස්‌තුව මුළුල්ලේම පාණ්‌ඩව සොහොයුරන් පස්‌ දෙනාගේ කුළුපග මිතුරකු ලෙසත්, ඔවුන්ගේ උපදේශකයා ලෙසත් කෘෂ්ණ දැක්‌වේ. මේ වීර කාව්‍යයේ ප්‍රධාන සිද්ධිය වන මහා සංග්‍රාමයට පෙර, අර්ජුනට භගවද් ගීතයේ අඩංගු දේශනාව කළේ ඔහුය.

පාණ්‌ඩවයන් කුරු රටෙහි බලය පිහිටුවා ගත් පසු කෘෂ්ණ ද්වාරකා පුරයට ආපසු පැමිණියේය. යාදව අධිපතියන් එකිනෙකා සමග කලිකලහ කරගත් හෙයින් නගරයේ අනාගතය අඳුරු විය හැකි බවට පෙරනිමිති පහළ විය. ඒ අභාග්‍යසම්පන්න ඉරණම වළක්‌වනු සඳහා කෘෂ්ණ මද්‍යපාන තහනම් කළේය. එහෙත් එක උත්සව දවසක දී මේ නීතිය ලිහිල් කිරීමට ඔහුට සිදුවිය. යාදව අධිපතියන් නැවත කලහ කරන්නට වූයෙන් මුළු නගරය අරගල ආදියෙන් දෙවනත් විය. කොතරම් දිව්‍ය බල තිබුණත්, තමන්ගේ මුළු ජනතාවම හවුල් වූ මේ භේදය සමථයකට පත්කිරීම කෘෂ්ණට නොහැකි විය. ඔහුගේ පුත් ප්‍රද්යුම්න ඔහු ඇස්‌ හමුවේ මරා දමන ලදී. ඔහුගේ හිතවත් බෑයා වූ බලරාම මරණාන්තික තුවාල ලද්දේය. යාදව අධිපතීහු සැම දෙනම පාහේ ඇන කොටාගෙන මැරී වැටුණේය. මෙයින් කලකිරුණු කෘෂ්ණ ඒ නගරය අසල පිහිටි වනයේ ඉබාගාතේ ඇවිද්දේය. තම මිතුරන්ගේද සහෝදර බන්ධු මිත්‍රාදීන්ගේ මරණය ගැන ශෝකයෙන් තැවෙමින් ඒ ගැන සිතමින් සිටින විට, වනයේ ඇවිදිමින් සිටි දඩයක්‌කරුවෙක්‌ පඳුරු අස්‌සෙන් කෘෂ්ණ දැක ඒ මුවෙකැයි සිතා ඊයක්‌ විද්දේය. ඊට ඔහුගේ විලුඹ ලක්‌විය. කෘෂ්ණ මරණයට පත් කළ හැකි වූයේ විලුඹ තුවාල කළහොත් පමණක්‌ හෙයින් කෘෂ්ණ එයින් මළේය. ද්වාරකා නගරය මුහුද විසින් ගිල ගනු ලැබීය.

මේ කථාව බිහිව ඇත්තේ අංග කිහිපයක සංකලනයෙනි. ඒවා අතරින් සම්මත පුරාවෘත්ත අතරට මුලින්ම වැද්ද ගන්නා ලද්දේ කෘෂ්ණ වීරවරයකු වශයෙන් නිරූපණය වන අංගයයි. දේවකිගේ පුත්‍ර කෘෂ්ණ නමැත්තකු ආත්මය පිළිබඳ නව ධර්මයක්‌ හදාරමින් සිටිය බව උපනිෂද් කාලයේදී පවා සඳහන් වී තිබේ. කෘෂ්ණ වීර දෙවියා පිළිබඳ පුවත ඇති වූයේ ඓතිහාසික සිද්ධීන් ආශ්‍රයෙනැයි ඒ නිසා ස්‌ථිරව කිව හැකිය. එහෙත් නොයෙක්‌ අවධිවල සිටි වෙනත් වීරවරයන් පිළිබඳව ඉන්දියාවේ නොයෙක්‌ පළාත්වල පැවති කථා පුවත් ගණනක්‌ සංකලනය කිරීමෙන් කෘෂ්ණ දේව විත්තිය ඇති වූ බව පෙනේ. මෙසේ සංකලනය වූ කථා පුවත් අතරට ගෞරවීර්ය ගුණයෙන් යුතු ජයග්‍රාහිකයකුගේ චරිතයට නොසරිලන අංග කීපයක්‌ ද එකතු වූ බව පෙනේ. ඊට එක උදාහරණයක්‌ වශයෙන් මථුරාවේ සිට කළ නින්දා ජනක පලායැම සඳහන් කළ හැකිය. යාදවයන්ගේ විනාශය හා කෘෂ්ණගේ මරණය ආදී ඒ කථාවේ දක්‌නට ලැබෙන බෙදාත්මක ලක්‍ෂණ ඉන්දියානු පුරාවෘත්තවලට නුපුරුදු ඒවාය. බීමත් ව කලහ කර ගැනීමෙන් පටන් ගත් සිද්ධියක්‌ විශාල මනුෂ්‍ය ඝාතනයකින් අවසාන වීම, කථානායකයාට අනතුරු සිදුවිය හැකි එකම තැන හී පහරක්‌ වැදී ඔහු මියයාම, නගරය මුහුදට බිලිවීම ආදී කථා ප්‍රවෘත්ති යුරෝපීය වීර කාව්‍යවලින් නිතර දක්‌නට ලැබෙන ඒවා නමුත්, ඉන්දීය දේවකථාවල වෙන කිසි තැනක දක්‌නට නොලැබේ. එසේම වේදවල ද එබන්දක්‌ ගැන ඡායාවක්‌වත් දක්‌නට නොලැබේ. ජීවිතක්‌ක්‍ෂයට පත්වන දෙවියා පිළිබඳ සංකල්පය පැරණි මෑත පෙරදිග බැබිලෝනියාව, සිරියාව ආදී රටවල ප්‍රචලිතව පැවැති නමුත් වෙන කිසිම ඉන්දීය දේවකථාවක එබන්දක්‌ ගැන අසන්නට නොලැබේ. කෲර ඥති සහෝදරයා වූ කංස පිළිබඳ කථා පුවතින් අපට හෙරඩ් නම් වූ රෝම ප්‍රාන්ත ආණ්‌ඩුකාරයා පිළිබඳ කථාව සිහිපත්වේ. සමහර විට එය ග්‍රීක දේවකථාවක සඳහන් පර්සියස්‌ගේ නපුරු සීයා වූ ඇක්‍රිසියස්‌ පිළිබඳ පුවතේ රාවයක්‌ ද විය හැකියි. මේ කථාවේ සමහර අංග ආර්ය සෙබළ ගණයා ඉන්දියාවට ඒමට පෙර යුගයක සිට පැවැත අවුත් ඉන්දියාවේ දී තවදුරටත් සංවර්ධනය වූවා විය හැකියි. තවත් සමහර කොටස්‌ ඉන්දියාවේම නිෂ්පන්න වූ ඒවාය. තවත් අංග බටහිර ප්‍රදේශවලින් ආ කථාවල ව්‍යාජ මුහුණුවරක්‌ දීමෙන් ඇති වූවා විය හැකියි.

කෘෂ්ණ දෙවියාගේ එෙර හා සළෙළු ලක්‍ෂණත් ඔහුගේ චරිතයේ වීර අංගයත් එකම මුලකින් ඇති නොවූ බව පැහැදිලිය. කෘෂ්ණ යන්නෙහි අර්ථය "කළු" යන්නයි. ඒ දෙවියා සාමාන්‍යයෙන් නිරූපණය වනුයේ ද කාළවර්ණ පුරුෂයකු ලෙසටය. එෙර කෘෂ්ණ ගැන පළමුවෙන්ම පැහැදිලිව සඳහන් වනුයේ ආදි දෙමළ සාහිත්‍ය සංග්‍රහවලය. වස්‌දඬුව වාදනය කරන, ගෝපීන් හා මුකුළු කරන "මායෝං" (කළුවා) ගැන සඳහන් වනුයේ ඒවායේය. සමහර විට ඔහු දකුණු ඉන්දියාවේ පැවති සශ්‍රීකත්ව ඇදහිලි ආශ්‍රිත දෙවියකු වූවා විය හැකිය. එසේම ඒ ඇදහිල්ල තැනින් තැන යන එෙර ගෝත්‍රිකයන් විසින් උතුරට රැගෙන ගියාද විය හැකියි. ක්‍රිස්‌තු යුගයේ මුල් කාලයේදී මාල්වා හා නැගෙනහිර ඩෙකානය යන ප්‍රදේශවල සිටි ආභිර ගෝත්‍රයට "කෘෂ්ණ ගෝවින්ද" (ගොපල්ලාගේ ඉඳු) (මෙය කෘෂ්ණ දෙවියාගේ එෙර මූර්තිය හැඳින්වීමට බොහෝ විට ව්‍යවහාර කරන අපර නාමයකි) ඇදහීම ව්‍යාප්ත කර හැරීමේ ගෞරවය හිමි විය යුතු බව විශ්වාස කරනු ලැබේ.

තරුණ කෘෂ්ණගේ ප්‍රේම සිද්ධීන් ශෘංගාරාත්මක සාහිත්‍ය කෘතීන් ගණනකට තුඩුදී තිබේ. බැලූ බැල්මට ඒවායේ ආගමික ලක්‍ෂණයක්‌a තිබෙතොත් ඒ ඡායා මාත්‍රාවක්‌ පමණි. එසේ වුවත් ගොපලු ලියන්හට කෘෂ්ණ පෙම්කිරීම, දෙවියන් මනුෂ්‍ය ආත්මයට දක්‌වන ආදරයේ නිරූපණයකැයි නිතර කියෑවේ. සිය ස්‌වාමිපුරුෂයන් ගේ යහන හැර දමා හඳපානේ තමා හා නැටීමට ලියන්හට වස්‌දඬු ස්‌වරයෙන් කරන ආරාධනා ලෞකික දේ අත්හැර දෙවියන්ගේ ආදරය දිනා ගනු සඳහා මනුෂ්‍යයන්ට දෙවියන් විසින් කෙරෙන ආරාධානාවක්‌ ලෙසද සැලකේ. යුදෙව් හා ක්‍රිස්‌තියානි දෙපක්‍ෂයම බයිබලයේ දක්‌නට ලැබෙන ගීතිකාවන්ගේ ගීතිකාව අවබෝධ කර ඇත්තේත් මේ ආකාරයටමය. එසේම සෑම ආගමකටම අයත් ධ්‍යානයෝගී කවීන් තමන් ලත් ආධ්‍යාත්මික අත්දැකීම් නිරූපණය කර ඇත්තේද මේ භාෂාවෙන්ය. කාමි ලක්‍ෂණ බෙහෙවින් තිබුණ ද ගොපලු දෙවියා පිළිබඳ මේ පුරාවෘත්තය බීජ කොට ශ්‍රේෂ්ඨ ආගමික කාව්‍ය (536 පිටු) පහළ වී තිබේ. එසේම ධාර්මිකයන් යහ මග යෑවීමෙහිලා එය මහත් අනුබලයක්‌ ද වී තිබේ.

පී. බී. ගලහිටියාව

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v