හිස්‌ටි්‍රයෝනික්‌ පෞරුෂ අක්‍රමිකතාවය

මෙතෙක්‌ කල් සාකච්ඡා කළ පෞරුෂ අක්‍රමිකතා පිළිබඳ ලිපි මාලාවට ලැබුණු ප්‍රතිචාර ලිපි අතර, පෞරුෂ අක්‍රමිකතාවන් හඳුනාගැනීම පිළිබඳ ප්‍රශ්න ගණනාවක්‌ විය. සැබවින්ම පෞරුෂ අක්‍රමිකතාවන් පැහැදිලි ලෙස හඳුනාගැනීම තරමක්‌ අපහසුය. බොහෝ විට පුද්ගලයකු තුළ පෞරුෂ අක්‍රමිකතා පවතින්නේ, සම්මිශ්‍රණයක්‌ වශයෙන්ය. ඇතැම් විට එක්‌ පෞරුෂ අක්‍රමිකතා ආකාරයක්‌ පවතින විට එම උප ප්‍රභේදයට අදාළ වෙනත් පෞරුෂ අක්‍රමිකතාවන්ද ඔවුන් තුළ දෘෂ්‍යමාන විය හැකිය.

අද, ලිපිය තුළින් විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නේ, හිස්‌ටි්‍රයෝනික්‌ පෞරුෂ අක්‍රමිකතාවය පිළිබඳවය. මෙම පෞරුෂ ආබාධ බොහෝ විට අපගේ චිත්තවේග හා අදාළය. මොවුන්ගේ ගතිපැවතුම් අහේතුකව වෙනස්‌ වෙයි.

හිස්‌ටි්‍රයෝනික්‌ පෞරුෂ අක්‍රමිකතාවයේ දැකිය හැකි සෙසු ලක්‌ෂණ ලෙස

* මෙම පෞරුෂ අක්‍රමිකතාවය ඇති පුද්ගලයන්, චිත්තවේගික වශයෙන් අනවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට පෙළඹෙයි. මෙම තත්ත්වය මුල් වැඩිහිටි වියේ ආරම්භ වන අතර විවිධ සන්දර්භ තුළ විද්‍යමාන වෙයි. (ඉස්‌මතු වෙයි)

* තමාට කේන්ද්‍රගත අවධානය යොමු වී නැති කල විවිධ සිදුවීම් තුළින් අපහසුතාවට පත්වෙයි.

* මෙවැනි පුද්ගලයන් සෙසු පුද්ගලයන් සමග දක්‌වන සබඳතා බොහෝ විට, අනවශ්‍ය ආකාරයෙන් ලිංගික ආකර්ෂණය ලබාගැනීමට උත්සාහ දරනා චර්යාවලින් සමන්විත වෙයි.

* චිත්තවේග සඳහා දක්‌වන ප්‍රතිචාර වරින් වර වෙනස්‌ වෙයි.

* බොහෝ විට තම කායික පෙනුම අවධානය ලබාගැනීමට ආයුධයක්‌ කොට ගනියි.

* මොවුන්ගේ කථනය විස්‌තර කිරීම්වලින් බොහෝ විට තොරය. පවතින්නේ කායික ලක්‍ෂණ මගින් කරන වාචික නොවන සන්නිවේදනයන්ය.

* සෙසු පුද්ගලයන්ගේ බලපෑමට පහසුවෙන් ලක්‌වන අතර, බොහෝ විට විවිධ අවස්‌ථාවන්ද ඔවුනට බලපෑම් කිරීමට සමත්ය.

* මොවුන් බොහෝ විට සමීප සබඳතා අපේක්‍ෂා නොකරයි. නමුත් ඔවුන් එවැනි සබඳතා වර්ධනය කර ගැනීමට පෙළඹවීමක්‌ දක්‌වන්නේ නැත.

සායනික ලක්‍ෂණ

බොහෝ විට මෙම පෞරුෂ අක්‍රමිකතාව ඇති පුද්ගලයන් තම චිත්තවේගීමය ප්‍රකාශනයන්, අතිශෝක්‌තියෙන් යුතුව පෙන්වීමට නැඹුරුවක්‌ දක්‌වයි.

උදාහරණ වශයෙන් දුක්‌මුසු චිත්‍රපටයක්‌ නරඹන අතරතුර හඬා වැටෙන මිතුරකු දුටුවිට, හිස්‌ටි්‍රයෝනික්‌ පෞරුෂ අක්‍රමිකතාවය ඇති පුද්ගලයන් අනවශ්‍ය ලෙස ඔවුන් අස්‌වැසිල්ලෙහි නිරත වෙයි. සිප වැළඳ ගැනීම් හා වෙනත් අතිශෝක්‌තියෙන් යුතු ප්‍රකාශයන් මොවුන් විසින් සිදුකරනු ලැබෙයි.

මොවුන් බොහෝ විට ආඩම්බර ගතියෙන් යුතුවීමට සහ ආත්ම කේJද්‍රියව ජීවත්වීමේ නැඹුරුවක්‌ ද දක්‌වයි. මොවුනට ප්‍රධාන තැනක්‌ නොලැබෙන අවස්‌ථාවල අපහසුතාවට පත්වීමේ ප්‍රවණතාවක්‌ දක්‌වයි.

මොවුන් බාහිර අංග ලක්‍ෂණ ලිංගික ආකර්ෂණය ලබාගැනීමට සකසා ගන්නා අතර, මොවුන් දළ වශයෙන් තම පෙනුම ආරක්‍ෂා කර ගැනීමේ තදබල ප්‍රයත්නයක යෙදී සිටියි.

උදාහරණයක්‌ වශයෙන් ගතහොත්, මොවුන් තම බාහිර අංගලක්‍ෂණ විදහා පෑමට අනවශ්‍ය ආකාරයෙන් මුදල් වියදම් කිරීමත් සිදුකරනු ලැබේ. (ආභරණ මිලදී ගැනීමට, ඇඳුම් මිලදී ගැනීමට, නිවාස / වාහන මිලදී ගැනීම)

සෙසු පුද්ගලයන් තමන් අගය නොකරන අවස්‌ථාවලදී වහා කිපෙන සුළු පෞරුෂ ලක්‍ෂණවලින් යුතු වෙයි. එසේම මොවුන් තුළ හදිසි අදහස්‌වලින් ක්‍රියාකරන ස්‌වරූපයක්‌ද දක්‌නට ලැබේ. එසේම සතුටක්‌ ලබා දෙන අවස්‌ථා සඳහා බලාසිටීමේ අපහසුතාවක්‌ද දක්‌නට ලැබේ.

මෙවැනි පෞරුෂ අක්‍රමිකතාවන් ඇති පුද්ගලයන්ගේ ප්‍රජාතනික ආකාර පිළිබඳ සලකා බලන විට,

කථනය විස්‌තරාත්මක නොවේ.

අපැහැදිලි වචන වලින් සමන්විතය.

අතිශෝක්‌ති සහගත විස්‌තර කිරීම්.

මෙම පෞරුෂ අක්‍රමිකතාවය වැඩි වශයෙන් පිළිබිඹු වීමේ නැඹුරුවක්‌ ඇත්තේ කාන්තාවන් තුළය.

හේතු සාධක

හිස්‌යේ‍රdනික්‌ පෞරුෂ ආබාධයට දිගු ඉතිහාසයක්‌ තිබුණද, ඒ සඳහා සිදුවී ඇති පර්යේෂණ සහ සොයාගැනීම් අල්පය. ඓතිහාසික වශයෙන්, ග්‍රීක දාර්ශනිකයන් විස්‌තර කළ පරිදි කාන්තාවන්ගේ ගර්භාෂයේ ප්‍රශ්න නිසා ශාරීරික වශයෙන් ඇති වන විස්‌තර කිරීමට අපහසු රෝග ලක්‍ෂණ යටපත් කර ගැනීමට කාන්තාවන් මෙවැනි පෞරුෂ අක්‍රමිකතා ලක්‍ෂණ පෙන්නුම් කරයි.

යහිඑeර - යහිඑeරස්‌ - යහිඑරසදබසජ - චැරිදබ්කසඑහ dසිදරාeර

ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, සමාජ විරෝධී පෞරුෂ අක්‍රමිකතාව සහ හිස්‌ටි්‍රයෝනික්‌ පෞරුෂ අක්‍රමිකතාව අතර අන්තර් සබඳතාවක්‌ දක්‌නට ලැබේ.

හිස්‌ටි්‍රයොනික්‌ පෞරුෂ අක්‍රමිකතාවය ඇති පුද්ගලයින්ගෙන් 3/1 පමණ දළ වශයෙන් සමාජ විරෝධි පෞරුෂ අක්‍රමිකතා ලකAෂණ ද පෙන්නුම් කරන බව සොයා ගෙන තිබේ.

ප්‍රතිකාර

මෙම පෞරුෂ අක්‍රමිකතාවයෙන් යුතු පුද්ගලයන්ට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳ විවිධ පුද්ගලයන් සඳහන් කර තිබුණද අදාළ පර්යේෂණ සාර්ථක වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

සමහර මනෝ ප්‍රතිකාර ක්‍රම තුළින් මොවුන් තුළ පවතින අවධානය දිනාගැනීමට ඇති අවශ්‍යතාව අවම කර ගැනීමට ප්‍රතිකාර සැලසුම් කරයි.

ප්‍රතිකාර සැලසුම් කිරීමේදී විශාල වශයෙන් අවධානය යොමු වන්නේ මොවුන් තුළ පවතින අන්තර්පුද්ගල සබඳතාවයේ ගැටලු විසඳීමටය.

එසේම වඩාත් මිලදායි ප්‍රතිකාර සැලසුමක්‌ තුළින් මොවුන් තුළ පවතින,

චිත්තවේගීමය ගැටුම්

ලිංගික හා ලිංගික ආකර්ෂණය පිළිබඳ ගැටලු යනාදිය විසඳීම සිදුකරයි.

ප්‍රතිකාර සැලසුම් තුළින් මූලික වශයෙන් මොවුනට තම අවශ්‍යතා හා රුචිකත්වයන් ඵලදායී ලෙස ගනුදෙනු කර ගන්නා ආකාරය කියා දෙනු ලැබෙයි.

අසංක බුලත්වත්ත

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v