නිර්වාණය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය

බෞද්ධයාගේ පරම නිෂ්ඨාව නිවනයි. බුදුරදුන් දහම් දෙසුවේ සත්ත්වයන් සසර දුකින් මිදෙන මඟ පෙන්වා දීමටයි. වරක්‌ බුදුරදුන් වදාළේ "මමත් ඔබවහන්සේලාත් නැවත නැවත සසර ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර නො ගැනීම නිසයි" යනුවෙනි. එබැවින් සසරින් මිදීමට අනිවාර්යයෙන් ම දුකත්, දුක්‌ ඇති වීමට හේතුවත්, දුක්‌ නිවීමත්, දුක නිවෙන මඟත් දැන ගත යුතුය. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට නම් නුවණ දියුණු කර ගත යුතුයි. නුවණ දියුණු කර ගත හැකි වන්නේ පව්වලින් ඈත් වී කුසල ධර්ම වැඩීමෙනි.

"නිවන" යනු කුමක්‌ දැයි බුදුහු මෙසේ පැහැදිලි කළහ. "තෘෂ්ණාව සම්පූර්ණයෙන් ම ඉතිරි නොකොට, නැති කිරීම නො ඇලීම "නිවන" යි." මේ අනුව දුක නැති කිරීමට නම් ආසාව මුළුමනින් ම නැති කළ යුතු බව පැවසේ. යම් අරමුණක්‌ පියවඩන මිහිර වඩන ස්‌වභාවයෙන් යුක්‌ත නම් ඒ අරමුණෙහි උපන් ආශාව එහිදීම නැති කළ යුතු ය. දුක්‌ නැති කිරීම ආශාව නැති කිරීමෙන් ම සිදුවන බැවින් ඒ ආශාව නැති කිරීමට උත්සාහ වැඩිය යුතුය. තෘෂ්ණාව ප්‍රහාණය කිරීම ක්‍රම තුනකින් සිදු වේ. එයින් පළමුවැන්න තදංග ප්‍රහාණයයි. තදංග වශයෙන් ආශාව නැති කිරීම දානාදී පින්කමක්‌ කරන විට සිදුවෙයි. එය තාවකාලිකය. ඒ වේලාවට පමණක්‌ සිදුවන්නකි. දෙවැන්න විෂ්කම්භන ප්‍රහාණයයි. සමථ භාවනාවෙන් පළමුවන ධ්‍යානය ආදි ධ්‍යානයන් නිපදවා ගැනීමෙන් සිදුවෙයි. එය ද තාවකාලිකයි. වතුර පොකුණක භාජනයක්‌ අතින් ඔබා ගෙන සිටින විට උඩට මතු නොවේ. එහෙත් අත ඉවත් කළ කෙනෙහි ම භාජනය වතුරෙන් උඩට මතු වේ. ධ්‍යානයෙන් සිත ඉවත් වූ විගසම නැවතත් කලින් තිබුණු තත්ත්වයටම පැමිණේ. තෙවැන්න සමුච්ඡේද ප්‍රහාණයයි. විදර්ශනා මාර්ගයෙන් මාර්ග ඥානය ලැබීමෙන් කෙලෙස්‌ සම්පූර්ණයෙන් නැති වෙයි. ඒ ක්‌ලේශ ප්‍රහාණය ස්‌aථිරයි. නැවතත් කෙලෙස්‌ නූපදී. එවිට පුනර්භවයක්‌ ඇති නොවේ.

තෘෂ්ණාව අසේස විරාග නිරෝධය දුක්‌ඛ නිරෝධ නම් වේ. මේ දුක්‌ඛ නිරෝධය ආර්ය මාර්ග ඥානයෙන් ම කළ යුතු බැවින් දුක්‌ඛ නිරෝධාර්ය සත්‍යය නම් වෙයි. දුක සම්පූර්ණයෙන් නැති කළ හැක්‌කේ අනුසය සහිත තෘෂ්ණාව සහමුලින් සිඳලීමෙනි. එහෙයින් මේ අනුසය සහිත තෘෂ්ණාව සහමුලින් සිඳිය යුතු අරහත් මාර්ග ඥානයෙන් නිවන අරමුණු කොට ගෙනය. නිවනක්‌ ඇතැයි පිළිගත්තවුන් විසින් ඒ නිවන අරමුණු කොට දැකීමෙන් සෝවාන් මත නැණින් සතර අපායෙහි දී විඳිය යුතු දුක සහමුලින් සිඳලන බව සැලකිය යුතුයි. ඔවුන් යළිත් ආර්ය මාර්ගය වඩමින් නිවන අරමුණු කොට දැකීමෙන් සකෘදාගාමී මාර්ග ඥානයෙන් කාම සුගතියෙහි එක්‌ වරක්‌ ප්‍රතිසන්ධිය ලැබීමෙන් විඳින දුක හැර සෙසු දුක්‌ සිඳලන බව සැලකිය යුතුයි. ඔවුන් යළිත් ආර්ය මාර්ගය වඩමින් නිවන අරමුණු කොට දැකීමෙන් අනාගාමී මාර්ග ඥානයෙන් කාම සුගතියෙහි එක්‌ වරක්‌ වත් පිළිසිඳ දීමෙන් ලබන දුකත් සිඳලන බව කිව යුතුයි. ඔවුන් යළිත් ආර්ය මාර්ගය වඩමින් නිවන අරමුණු කොට දැකීමෙන් අර්හත් මාර්ගය ඥනයෙන් රූපාරූප භවයන්හි පිළිසිඳ දීමෙන් ලබන සියලුම දුක්‌ සිඳලන බව සැලකිය යුතුයි. මේ අනුව දුකට හේතු වූ සමුදය නම් වූ තෘෂ්ණාව කිසි තැනෙකින් ඉතිරි නොකොට නැති කළ හැක්‌කේ රහත් මඟ නැණින් බව සැලකිය යුතුයි. මේ අනුව දුක්‌ඛ නිරෝධය හෙවත් නිවන ලැබිය හැකි වන්නේ රහත් මඟ නැණ උපදවා ගැනීමෙනි.

ලෝකයෙහි යමක්‌ පියවඩන මනවඩන මිහිර වඩන ස්‌වභාවය ඇත්තේ නම් මෙහි ඒ තෘෂ්ණාව නිරුද්ධ වේ. කිසියම් පුරුෂයකු කුඹුරකට ගිය කල්හි දුටු තිත්ත ලබු වැලක්‌ අග පටන් මුල තෙක්‌ සිඳ දමන ලැබේ නම් ඒ තිත්ත ලබු වැල පිළිවෙළින් මැලවී නොපෙනී යයි. එකල්හි ඒ කුඹුරෙහි තිත්ත ලබු වැල නැතැයි පැවසිය යුතු ය. මෙසේ කුඹුරෙහි තිත්ත ලබු වැල මෙන් ඇස, කන, දිව, නාසය, ශරීරය යන පසිඳුරන් හි පැවති ආශාව ආර්ය මාර්ගයෙන් මුලසුන් වූ කල්හි නිවනට පැමිණ නොපැවතීමට පැමිණේ. මෙසේ ඒ ඒ වස්‌තුන්හි නොපෙනීමට ගිය ආශාව කුඹුරෙහි තිත්ත ලබුවැල නොපෙනී යැම මෙනි. තවද කැලයකින් සොරුන් අල්වා ගෙන වුත් නගරයෙහි දකුණු දොරටුව සමීපයෙහි මරා දැමූ කල්හි කැලේ හොරුන් මැරූ බව පැවසේ. ඇස, කන, නාසය ආදී ඉඳුරන් පිළිබඳව පැවති ආශාව කැලේ සිටි සොරුන් මෙනි. දොරටුවෙහි මරණ ලද හොරුන් මෙන් ආශාව නිවනට පැමිණ නිරුද්ධ වූ බැවින් නිවනෙහි දී නිරුද්ධ වූ බව පැවසේ. මේ නිවන දුක්‌ නැති කිරීමට අරමුණක්‌ හේතුවක්‌ වන බැවින් දුක්‌ඛ නිරෝධය වේ නිවන නොවේ. මේ නිවන අසංකෘත ධාතු යෑයි කියන ලද ලෝකෝත්තර ධර්මයයි. මාර්ග ඵලයන්ට අරමුණු වෙයි. සතර මඟ නැණින් ක්‍රමයෙන් සසර බැමි සිඳ පසඳලමින් ලබන මඟ පල ද ලෝකෝත්තර වන බැවින් ඒ මගපල අසංඛත ධාතු සංඛ්‍යාත නිර්වාණයයි. නොපිළිගත යුතුය. එය වනාහි සංඛත ධාතුවට අයත් ලෝකෝත්තර ධර්මයයි. එහෙයින් සතර මගපල අට සංඛත මය හේතු ප්‍රත්‍යයන් විසින් සකස්‌ කළ බැවිනි. ඒ මඟ පලවලට අරමුණු වන නිවන අසංඛතයි. ලෝකෝත්තරයි. කිසියම් හේතු ප්‍රත්‍යයයෙකින් සකස්‌ නොකළ බැවිනි.

ඒ තෘෂ්ණාවගේ ම අශේෂ විරාග නිරෝධය දුක්‌ඛ නිරෝධයයි. නිවනට පැමිණ ආශාව ඉතිරි නො කොට විරාගයට නිරෝධයට පත් වන බැවිනි. එහෙයින් අශේෂ විරාග නිරෝදය නම් දුක්‌ඛ නිරෝධයයි. නිවනට පත් වී ආශාව හැර දමනු ලබයි. එහෙයින් ත්‍යාගය නම් දුක්‌ඛ නිරෝධයයි. නිවනට පැමිණ ආශාව බැහැර කරනු ලබයි. එහෙයින් ප්‍රතිනිස්‌සර්ගය නම් දුක්‌ඛ නිරෝධයයි. නිවනට පැමිණ ආශාව මුදනු ලබයි. එහෙයින් මුත්ති නම් දුක්‌ඛ නිරෝධයයි. නිවනට පැමිණ ආශාව නො ඇලෙනු ලබයි. එහෙයින් අතාලය නම් දුක්‌ඛ නිරෝධයයි. මේ තෘෂ්ණා සංඛ්‍යාත ආශාව ආර්ය මාර්ග ඥානයෙන් මුලින් සඳහන් කළ පරිදි ප්‍රහාණය කිරීමෙන් නිරුද්ධ කිරීමෙන් වන්නේ දුක්‌ඛ නිරෝධයයි. එහෙයින්ම මේ දුක්‌ඛ නිරෝධය නම් ආර්ය සත්‍යයයි. මේ දුක්‌ඛ නිරෝධාර්ය සත්‍යයම පරමාර්ථ වශයෙන් සලකන විට නිවනට යයි. අසංකෘත නිවන අරමුණු කරමින් සකල දුක්‌ඛස්‌කන්ධය නැති කරන බැවිනි මේ එකම නිවන සංඛ්‍යත ධර්මයන්ගේ නාමයනට ප්‍රතිපක්‍ෂ වශයෙන් නොයෙක්‌ නම් වලින් හඳුන්වනු ලැබේ.

නිවන පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ සමුදය නිරෝධයෙන් ම දුක්‌ඛ නිරෝධය සිදුවන බව පැහැදිලි කළහ. උවදුරක්‌ නැතිව ස්‌ථිර සේ පිහිටි ගසක්‌ සහමුලින් උදුරා නොදමා අතු ආදිය සිඳ දැමීමෙන් පමණක්‌ නැවත රිකිලි ඇදීම වැළැක්‌විය නොහැකි සේ තෘෂ්ණානුසය සහමුලින් සිඳ නොදැමුවහොත් මේ දුක්‌ රැස යළි යළි උපදනා බව උන්වහන්සේ දේශනා කොට ඇත. එහෙයින් ජාති ජරා මරණාදි සියලු දුක්‌ රැස අනුසය සහිත භවතෘෂ්ණාව ඉතිරි නොකොට මාර්ග ඥානයෙන් සිඳලීමෙන් නැති කළ යුතු බව තේරුම් ගත යුතුය. මේ අනුව ද පැහැදිලි වන්නේ දුක්‌ නැති කිරීමට නම් ආශාව සහමුලින් සිඳ දැමිය යුතු බවයි. දුක්‌ ඇතිවීමට හේතු වූ තෘෂ්ණාව නැති කිරීමෙන් ම දුක්‌ නැති බව බුදු දහමෙහි පැහැදිලි කොට ඇත.

තමාට හීයකින් විදින පුද්ගලයා කෙරෙහිම විරෝධය පෑම සිංහයාගේ ගතියයි. හීය කෙරෙහි සිංහයාගේ විරෝධයක්‌ නැත. මෙයින් දැක්‌වෙන්නේ හේතුවට මිස ඵලයට රිදුමක්‌ නො කළ යුතු බවයි. මෙහි හීයෙන් විදි පුද්ගලයා හේතුවයි. හීය ඵලයයි. එහෙයින් සිංහයා හීයට නොපැන විදි පුද්ගලයාටම පනී. එමෙන්ම බුදුවරු ද හේතුවට විරෝධය දක්‌වති. මේ සිංහන්‍යාය යි. උන්වහන්සේලා ඵලය ගැන තැකීමක්‌ නොකරති. එහෙත් බල්ලෙකුට කිසිවෙකු ගලකින් දමා ගැසූ කල්හි බල්ලා දුවගොස්‌ ඒ ගල සපා කනවා මිසක්‌ ගල ගැසූ තැනැත්තා සපා කන්නේ නැත. හේතුව වූ ගල ගැසූ පුද්ගලයාට විරෝධයක්‌ නොපෙන්වා ඵලය වූ ගලට විරෝධය දැක්‌වීම අනුවන සුනඛ ගතියකි. ඵලයට නොව හේතුවට විරෝධය දැක්‌වීම උතුම් වූ සිංහ ගතියයි. එහෙයින් ශාක්‍ය සිංහ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දුක්‌ඛ නිරෝධය සමුදය නිරෝධයෙන් ම දක්‌වා වදාළහ. මෙහි සමුදය නම් දුකට හේතු වූ තෘෂ්ණාව යි. දුක ඵලයයි. ඵලය වූ දුක නැති කිරීමට හේතුව වූ සමුදය නැති කළ යුතු බව මෙයින් පැහැදිලි කළහ.

නිවන දකිමින් තෘෂ්ණාව සහමුලින් රහත් මඟ නැණින් ප්‍රහාණය කළ කල්හි සත්ත්වයා නොපැවැත්මට යන බැවින් නිවනට පැමිණි බව කියනු මිස යායුතු තැනක්‌ වෙන ම නැති බව සැලකිය යුතුය. තෘෂ්ණාව ප්‍රහාණය නො කළ කල්හි උපදින්නට තැන් සසරෙහි ඇත. තෘෂ්ණාව ප්‍රහාණය කළ කල්හි උපදින්නට තැනක්‌ නොලැබෙන බව මේ අනුව දැක්‌වේ. කොතැන නමුත් ඉපදීමට ආශාව තිබිය යුතුම නිසා ආශාව අශේෂ විරාගි නිරෝධයෙන් නැති කළ කල්හි උපදින්නට කිසිම ශක්‌තියක්‌ නැත. සංසාරයෙහි දස අතම බැලුවත් ආශාව සහමුලින් නැති කළ කෙනෙකුන් යළි උපන් බව සොයා ගැනීමට නම් කිසිසේත් ම පුළුවන්කමක්‌ නැත. දුක්‌ නැති නොකොට දුක්‌ නැති වන්නේ නැත. දුක්‌ නැති කිරීමට නිවන් දකින්නට උත්සාහ කළ යුතුය. එහෙයින් දුක්‌ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවෙන් හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පැමිණිය යුතු තැන මේ නිවනයි. හැම දෙනාම නිවන් දැකීමට කැමති නම් මේ සියලු දුක්‌

රැස නිපදවන ආශාව නැති කිරීමට වැයම් කළ යුතුය.

දුක්‌ නිවන මඟ බුදුහු පැහැදිලිව පෙන්වා දුන්හ. එනම් සීල, සමාධි, ප්‍රඥd යන ත්‍රිශික්‍ෂාව හෙවත් අටි අටගි මඟයි. නිවැරැදි දැකීම (සම්මා දිට්‌ඨ§), නිවැරැදි කල්පනාව (සම්මා සංකප්ප), නිවැරැදි වචනය (සම්මා වාචා), නිවැරැදි කර්මාන්ත (සම්මා කම්මන්ත), නිවැරැදි ජීවිකාව (සම්මා ආජීව), නිවැරැදි ව්‍යායාමය (සම්මා වායාම), නිවැරැදි සිහිය (සම්මා සති) නිවැරැදි සමාධිය (සම්මා සමාධි) යනුයි.

1. සම්මා දිට්‌ඨ§ (නිවැරැදි දැකීම)

යමක්‌ නිවැරැදිව අවබෝධ කර ගැනීම මෙයින් අදහස්‌ කෙරේ. අනිත්‍ය දේ අනිත්‍ය ලෙසත්, අසුභ දෙය අසුභ ලෙසත් අසාර දෙය අසාර ලෙසත් තේරුම් ගැනීමයි. නිවැරැදි දැකීම යන්නට විරුද්ධ කරුණ නම් වැරදි ලෙස දැකීම හෙවත් මිත්‍යා දෘෂ්ටියයි. එය බරපතලම වරදක්‌ බව බුදු දහම අවධාරණය කරයි. මව් මැරීම. පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය හා බුදුරදුන් ශරීරයෙන් ලේ සෙලවීම යන ආනන්තර්ය පාප කර්ම අනතුරු අත්බවෙහි නොවරදවා ම විපාක දෙන්නේ ඒවා බරපතල අකුශල කර්ම බැවිනි. එහෙත් ඊටත් වඩා බරපතලම අකුශලයක්‌ ලෙස බුදු දහමෙහි ඉගැන්වෙන්නේ මිථ්‍යා දෘෂ්ටියයි. නිවන් මඟට පිලිපන් තැනැත්තාට බොහෝ උපකාර වන බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්‌ඨ§ය මුලින් ම දේශනා කළහ. අවිද්‍යාව නමැති ගනඳුර නසා කෙලෙස්‌ සතුරන් වනසා නිවනට පැමිණිය හැකි බැවින් සම්මා දිට්‌ඨ§යට ප්‍රඥ ප්‍රදීප හා ප්‍රඥ ශාස්‌ත්‍ර යෑයි කියනු ලැබේ.

බුදු දහමෙහි කරුණු දහයකින් යුක්‌ත සම්‍යක්‌ දෘෂ්ඨ§ය විස්‌තර වන්නේ මෙසේ ය. දුන් දෙයෙහි විපාක ඇත. පූජා පැවැත්වීමෙහි විපාක ඇත. ගුණවතුන්හට පුද පඬුරු දීමේ විපාක ඇත. කරන කියන සුසිරිත් දුසිරිත්වල විපාක ඇත. මෙලොවක්‌ ඇත. පරලොවක්‌ ඇත. මවට කරන හොඳ නොහොඳ දෙකෙහි විපාක ඇත. පියාට කරන හොඳ නො හොඳ දෙකෙහිම විපාක ඇත. මවුපියන් නො මැතිව ඕපපාතික වශයෙන් පහළ වන සත්ත්ව කොට්‌ඨාශයක්‌ ඇත. මෙලොව පරලොව දෙක සිය නුවණින් අවබෝධ කරගෙන ලොවට ප්‍රකාශ කරන මහණ බමුණන් ඇත යන මේ කරුණු දහය සම්‍යක්‌දෘෂ්ඨ§යේ ඇතුළත් කරුණුයි. මේ කරුණු බුදුසමයෙන් පිටත් වෙනත් ආගම්වල ද උගන්වන නිසා අන්‍යාගමිකයන්ගේ සිත්වල ද පහළ විය හැක. වෙනත් ආගම්වල උගන්වන සම්‍යක්‌දෘෂ්ඨ§ය ස්‌වර්ග සම්පත්ති ප්‍රතිලාභයට මිස නිවන ලබා ගැනීමට උපකාරී වන්නේ නැත. එම ආගම්වල නිවනක්‌ ගැන ඉගැන්වෙන්නේ නැත. බුදු දහම දිව්‍යලෝක බ්‍රහ්මලෝක හා නිර්වානය ගැන උගන්වන දහමක්‌ බැවින් බුදු දහමේ ඉගැන්වෙන මේ දස කරුණු ස්‌වර්ග මෝක්‍ෂ දෙකම ලබා දීමට උපයෝගී වේ. සසර දුකින් මිදී නිවනට පැමිණීමට කැමැති අය විසින් පළමුවෙන් බෞද්ධයකු වීමේ කරුණු පිහිට පිළිවෙත් පිරිය යුතුය.

සූත්‍ර පිටකයේ චතුරාර්ය සත්‍යය විස්‌තර වන සිය ගණනක්‌ සූත්‍රවලත්, අභිධර්ම පිටකයෙහිත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සම්මා දිට්‌ඨ§ය විස්‌තර කර තිබෙන්නේ මෙසේය. මෙම චතුරාර්ය සත්‍යයට අයත් සම්මා දිට්‌ඨ§යට බුදු දහමෙහි මිස වෙන එකම ආගමකවත් නැත. අබුද්ධොත්පාද කාලවල ලොව ඇත්තෙත් නෑ. විවිධ සම්‍යක්‌දෘෂ්ඨ§න් අතර චතුරාර්ය සත්‍ය සම්‍යක්‌දෘෂ්ඨ§ය ප්‍රධාන තැනක්‌ ගනී. මේ සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත යුතුය. රූප, වේදනා, සCඳ්C¹, සංඛාර, විCඳ්C¹ණ යන පංචස්‌කන්ධය පිළිබඳ දුකත්, එම දුක ඇතිවීම පිණිස උපයෝගී වන හේතුවත්, එම දුකින් නිදහස්‌ වීම සංඛ්‍යාත නිවනත්, එම නිවන ලබා ගැනීමේ මඟත් යන සිව්සත් දහම අවබෝධ කිරීමේදී ඇතිවන ඥනයයි වදාළ සම්මා දිට්‌ඨ§ය ලෝකෝත්තර මාර්ගයන්හි යෙදෙන ප්‍රඥ චෛතසිකය වශයෙන් සැලකේ. එයින් කරුණු හතරක්‌ සිදුකෙරේ. එනම් දුක පිරිසිඳ දැනීම, තෘෂ්ණා ප්‍රහාණය, නිවන පසක්‌ කිරීම, අරි අටඟි මඟ වැසීම නම් වූ භාවනාවය. දැල්වෙන පහනක තිරය දවා ලන්නාක්‌ මෙන් දුක පිරිසිඳ දැකීම ද පහන දැල්වීමෙන් අඳුර දුරු කරන්නාක්‌ මෙන් තෘෂ්ණාව දුරු කිරීම ද ආලෝකය ගෙන දීම මෙන් නිවැරැදි කල්පනාව ආදිය සහිත සෙසු මාර්ගාංග ධර්ම වැසීම ද, තෙල් දැවී යන්නාක්‌ මෙන් කෙලෙසුන් නසා නිරෝධ ඥානයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කර ගැනීම ද යන කරුණු වේ.

දුක්‌ඛ සත්‍යය සම්‍යක්‌ දෘෂ්ඨ§ය ඇති වූ කල්හි පංචස්‌කන්ධය දුක්‌ඛ රාශියක්‌ම මිස සත්ත්වයෙක්‌ ආත්මයක්‌ නොවන බව වැටහීමෙන් සක්‌කාය දිට්‌ඨ§ය දුරු වෙයි. සමුදය සත්‍යය සම්‍යක්‌ දෘෂ්ඨ§ය ඇති වූ කල තෘෂ්ණාව හේතු කොට ගෙන සත්ත්වයා මතු භවයෙහි උපදවන බව දැකීමෙන් සම්‍යක්‌ දෘෂ්ඨ§ය ඇති වූ කල්හි පංචස්‌කන්ධය දුක්‌ඛ රාශියක්‌ ම මිස සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ආත්මයක්‌ නොවන බව වැටහීමෙන් සක්‌කාය දිට්‌ඨ§ය දුරු වෙයි. සමුදය සත්‍යය සම්‍යක්‌ දෘෂ්ඨ§ය ඇති වූ කල තෘෂ්ණාව හේතු කොට ගෙන සත්වයා මතු භවයෙහි උපදවන බව දැකීමෙන් මරණින් මත්තෙහි ඉපදීමක්‌ නැත යන උච්ඡේද දෘෂ්ඨ§ය දුරු වී යයි. නිරෝධ සත්‍යය සම්‍යක්‌ දෘෂ්ඨ§ය ඇති වූ කල හේතු ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් ඵල ධර්මයන්ගේ නිරෝධය වන බව දැකීමෙන් ආත්මය නිත්‍ය යෑයි ගන්නා ශාස්‌වක දෘෂ්ඨ§ය නැති වේ. මාර්ග සත්‍ය සම්‍යක්‌ දෘෂ්ඨ§ය ඇති වූ කල ප්‍රතිපත්තිය හේතු කොට ගෙන නිවනට පැමිණෙන බව අවබෝධ වීමෙන් සත්ත්වයන්ගේ ඒ ඒ ජාතිවල ඉපදීම හා විශුද්ධියට පැමිණීම ඉබේම සිදුවේ ය යන අහේතුක දෘෂ්ඨ§ය දුරුවේ. මෙසේ සම්මා දිට්‌ඨ§ය නිසා මිත්‍යා මත වාද සියල්ලම වැනසී යයි.

සප්ත විශුද්ධි අතර "දිට්‌ඨ§ විසුද්ධි" ලෙස දැක්‌වෙන්නේ මේ සම්මා දිට්‌ඨ§යයි.

2. සම්මා සංකප්ප (නිවැරැදි කල්පනාව)

ඉදිරිපත්වන අරමුණු අනුව හැඟීම් පහළ වේ. හැඟීම්වලට වහල් නොවී ඒවා පාලනය කර ගැනීම කෙනෙකුගේ දක්‍ෂතාවකි. අවබෝධය සකස්‌ කරගත් පුද්ගලයාට හැඟීම් පාලනය කර ගත හැකි වේ. සිතෙහි ඇතිවන කල්පනා අතර තමාට හා ලෝකයාට අහිත පිණිස අවැඩ පිණිස අනර්ථය පිණිස හේතුවන කල්පනා මිත්‍යා කල්පනා වේ. යහපත පිණිස පවතින කල්පනා සම්මා සංකප්ප නමි. එනම් නිවැරැදි යහපත් කල්පනා යි. එනම් නෙක්‌ඛම්ම කල්පනාය. අව්‍යාපාද කල්පනාය. අවිහිංසා කල්පනාය. සත්ත්වයන් පංචකාමයෙහි ඇලී ගැලී බැඳී සිටින හෙයින් පංචකාමයෙන් මිදී ඉවත්ව යැමත්, පැවිදි වීමත්, ගිහිගෙයින් නික්‌ම යැමත් නෙක්‌ඛම්මයයි. සියලු දෙනාම ධනාශාවෙන් යුක්‌ත වන අතර, අවසානයේ සිදුවන්නේ අතෘප්තිකර ආශාවෙන් මිය යැමටයි. මේ කාම සංකප්පයයි. මෙයින් සසර දිග්ගැසෙනු මිස කෙටි වීමක්‌ සිදු නොවේ. සසර ගමන දීර්ඝ කරන්නේ කාම සංකප්පයට මැදි වීමෙනි. නිවැරැදි අවබෝධයක්‌ ඇති තැනැත්තා ලෝකයේ පවතින නියම තත්ත්වය වටහා ගැනීම නිසා පසිඳුරන් පිනවීමේ ආශාවෙන් ඉවත් වේ. සිය දිවි පෙවෙත පවත්වා ගෙන යැමට පමණක්‌ යමක්‌ උපයා සපයාගෙන අධිකාශාවෙන් තොරව ජීවත් වේ. ගිහියෙකු වශයෙන් තම යුතුකම් කොටස ඉටුකොට දැහැමෙන් සෙමෙන් යුතුව අනුනට කරදරයක්‌ හිරිහැරයක්‌ විපතක්‌ සිදු නොකොට ජීවත් වේ. පොහොය දවසට පෙහෙවස්‌ රැකීම පැවිදි වී ධුතංග ආරක්‍ෂා කිරීම හා භාවනාවේ යෙදීම ආදියෙන් ලෞකික සිතෙහි නෙක්‌ඛම්ම සංකප්පය උපදවා ගත හැකි වේ.

අව්‍යාපාද සංකප්පය යනුවෙන් අදහස්‌ කරන්නේ මෛත්‍රී සහගත සිතිවිල ඇතිකර ගැනීමයි. ව්‍යාපාද යනු තරහවයි. ක්‍රෝධ කිරීම. වෛර කිරීම, විරුද්ධකම් කිරීම ආදියයි. තම සිතෙහි වෛරයක්‌ ඇති වන්නට ඉඩ නොදී ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් සිතෙහි ඇතිකර ගැනීම අව්‍යාපාද සංකප්පයයි. ලෝකයෙහි වෙසෙන විවිධ ජාතීන් අතර ගැටීම් කලකෝලාහල, යුද්ධ ආදිය ඇතිවන්නේ කාමරාගය නිසා බවත් ඔවුනොවුන් අතර වාද විවාද ඇතිවන්නේ දිට්‌ඨ§රාගය නිසා බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මේ දෙකම ව්‍යාපාදය හා සම්බන්ධය. ව්‍යාපාදය නැති කළ හැකි වන්නේ මෛත්‍රිය වැඩීමෙනි. ක්‍රෝධ කිරීමේ ආදීනව සැලකීමෙන් හා සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිතිවිලි පැතිරවීමෙන් අව්‍යාපාද සංකල්පනා දියුණු කර ගත හැකි වේ.

අවිහිංසා සංකල්පනා යනු අන් අයට හිංසා පීඩා නොකිරීමේ කල්පනාවන් ය. හිංසාකාරී හැඟීම් ඇතිවන්නේ සත්වයන් කෙරෙහි කරුණාවක්‌ නැති කමින් තමන් අනුන්ගේ පීඩා ලැබීමට, අනුන් විසින් වධ කරනු ලැබීමට අකැමැති වේ නම් අනික්‌ සත්ත්වයන් ද දුක්‌ විඳීමට පීඩා විඳීමට හිංසා කරනු ලැබීමට අකැමැතිය. සත්ත්වයන් කෙරෙහි දයානුකම්පාව සත්පුරුෂයන් කෙරෙහි පවත්නා ශ්‍රේෂ්ඨ උතුම් ගුණාංගයකි.

ඉහතින් විස්‌තර කරන ලද නෙක්‌ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන සංකල්ප තුන ලෞකික අවස්‌ථාවේ ධර්ම තුනක්‌ වශයෙන් උපදින නමුත් ලෝකෝත්තර අවස්‌ථාවේ එකම ධර්මයක්‌ උපදී

මතු සම්බන්ධයි.
මහාචාර්ය වෑගම පියරතන හිමි

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v