මාතර උරුමය - 18
අප ස්‌වාමිදුවගේ දේවස්‌ථානය

මාතර එළියකන්දට සමීපව දක්‍ෂිණ සාගරයට මුහුණලා පිහිටි අප ස්‌වාමිදුවගේ දේවස්‌ථානය රෝමානු කතෝලික බැතිමතුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ පුද බිමකි.

1908 දී ඉදි කරන ලද මාතර අප ස්‌වාමිදුවගේ දෙව් මැදුරෙහි ඇති ආශ්චර්යවත් ප්‍රතිමාව දෙව්මවුන් බිලිඳු ෙ-සුතුමා සමඟ සිටින්නක්‌ වෙති. අවුරුදු සියයකටත් වඩා පැරණි එම දෙව්මව් ප්‍රතිමාව දැවයෙන් නිර්මාණය කරන ලද්දකි.

පෘතුගාලයේ ආභාසය සහිතවු එම ප්‍රතිමාව 17 වැනි සිවසට අයත් වූවක්‌ බවටද විශ්වාසයක්‌ පවතී. අඩි දෙකකට වඩා උස්‌ නොවූ මෙම දේව මෑණියන්ගේ ප්‍රතිමාව ප්‍රාතිහාර්ය ගුණයෙන් ද යුතු වන බවද බැතිමතුන් තුළ ඇත්තේ නොතිත් විZශ්වාසයකි.

දේව මාතාව රතු හා නිල් පැහැයෙන් යුත් සළුපිළියෙන් සැරසී සිටිති. රන් පැහැයෙන් යුතු වූ ආභාරණ රටාවකින් එම සළුපිළි අලංකාර කොට තිබේ. දකුණත යෂ්ඨියක්‌ දරා සිටිමින් වමතින් ෙ-සු බිළිඳුන් වඩාගෙන සිටිති. දෙව්මවුන්ගේ මුව මඬල සහ නිල්වන් දෙනයන ප්‍රසන්නය. ශාන්තය, එමෙන්ම රන්වන් පැහැති කේශ කල්‍යානයකින් යුතු වන එතුමිය රාජකීය ස්‌වරූපයක්‌ දන්නීය.
ෙ-සු බිළිඳාගෙන් රුව මෙහි ඉතා සියුම්ව නිර්මාණය කොට තිබේ. රන් පැහැති කාබායකින් සැරසී සිටින ෙ-සු බිළාඳානෝ හිසෙහි ඔටුන්නක්‌ ද දරා සිටිති. එමෙන්ම දෙව් මවුන්ගේ පාදස්‌ථ මණ්‌ඩලයෙහි දේව දූතයන් පස්‌ දෙනකු ද වැඩ සිටිති. එමෙන්ම පාද පාමුල සාගාර රැළි තුනකින්ද යුතුය.

ඇතමුන්ගේ අදහස ප්‍රතිමාවේ පාදස්‌ථ මණ්‌ඩලයෙහි දර්ශනය වන සාගර රැළි තුන මඟින් ප්‍රකාශ කෙරෙන්නේ එම ප්‍රතිමාව තෙවරක්‌ම සාගර රැළිවලින් ආරක්‍ෂා වුණු බවකි. පසුගිය සුනාමියෙන් ද මෙම ප්‍රතිමාව සාගර රැළපහරට හසුවී ගොස්‌ ආරක්‍ෂා විය.

පෘතුගී්‍රසි ජාතික මූර්ති ශිල්පියකු විසින් "ඈෂ්වුඩ්" නම් දැවයකින් මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇති බවටද විශ්වාසයක්‌ පවතී.

මෙම ප්‍රතිමාව පිළිබඳ ජනප්‍රවාදයක සඳහන්ව ඇත්තේ වැලිගම ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට මහ සාගරයේදී පෙට්‌ටියක පාවී පැමිණි මෙම ප්‍රතිමාව හමුවී ඇති බවකි. ඔවුන් විසින් මාතර දෙවස්‌ථානයට මෙම ප්‍රතිමාව බාරදී ඇති බව එම ජනප්‍රවාදය පවසයි.

එක්‌ කලක වූ ලංකාවේ පැතිරී ගිය කොළරාව රෝගී වසංගත පහව ගියේ මෙම දෙව් මාතා ප්‍රතිමාවට යාඥා කොට පෙරහැරකින් වැඩම කරවීමෙන් පසුව බවටද ජනතාව තුළ විශ්වාසයක්‌ ඇත. සෑම සැප්තැම්බර් මාසයක දීම පැවැත්වෙන දෙව් මාතා පෙරහැරේ ආරම්භය එය විය හැකි බවටද අදහසක්‌ පවතී.

දිවයිනේ සිව් කොනින්ම වාර්ෂිකව පැමිණෙන කතෝලික බැතිමත්හු සැප්තැම්බර් මාසයේ පෙරහැර මංගල්‍යයට සහභාගි වෙති. නුවානය සහ දිව්‍ය පූජාව, දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය දිව්‍ය යාගය, ආදී පූජා කටයුතු මෙම අප ස්‌වාමි දුවගේ දේවස්‌ථානයේදී වාර්ෂිකවම සිදු කෙරෙති. දේව මෑණියන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම එහි ආරමුණ වෙයි.

ඉතා අලංකාරවත් අප ස්‌වාමි දෙවස්‌ථානය හාස්‌කම්වලින් ද සමන්විත වූවකි. මාතර උරුමය විදහාපාන දේවස්‌ථානය ආගමික සහජීවනයේ ද කෙන්ද්‍රස්‌ථානයකි.

දෙනගම - ධම්මික රණවීර

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v