අභිචාර හා අධිවිශ්වාසය - 13
අංජනම් නිර්මාණය

රාවණා යුගය තෙක්‌ දිවයන අතීතයක්‌ ඇති අංජනම් ශාස්‌ත්‍රය, පේන කීමට පමණක්‌ නොව විවිධ කාර්යයන් සඳහා උපයෝගී කරගන්නා බව කලින් ලිපිවලින් විස්‌තර කරන ලදී. අංජනමක්‌ නිර්මාණය කර ගැනීමට දේශීය ඖෂධ පිළිබඳව, මන්ත්‍ර ශාස්‌ත්‍රය පිළිබඳව පමණක්‌ නොව නක්‌ෂත්‍රය පිළිබඳවත් යම් දැනුමක්‌ අවශ්‍යය. එනම් අෂ්ඨාංග ආයුර්වේදයේ එන භූත විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ ඇති අයෙකුට පමණි මෙවන් විශ්ව කර්ම නිර්මාණයක්‌ සිදුකළ හැක්‌කේ. එහෙත් ඇතැම් සරල අඳුන් ක්‍රම දක්‌නට ඇති අතර ඒවා ක්‌ෂණිකව නිර්මාණය කරගෙන අවශ්‍ය කාරණා ඉටු කර ගැනීමට පමණක්‌ උපයෝගී කරගනු ලැබේ. එහෙත් බලගතු අංජනමක්‌ නිර්මාණය කර ගැනීමට ඒ පිළිබඳව විශේෂ දැනුමක්‌ හා පළපුරුද්දක්‌ අවශ්‍ය වේ.

අංජනමක්‌ නිර්මාණය කර ගැනීමේදී අපහසුම කාර්යය වන්නේ අවශ්‍ය ඖෂධ වර්ග සොයා ගැනීම යි. එහිදී ඖෂධ පිළිබඳව දැනුම පමණක්‌ නොව ඒවා ලබාගන්නා පිළිවෙල හා ඒවා අඳුනට යොදා ගැනීමේදී භාවිත කරන විවිධ මන්ත්‍ර පිළිබඳවද දැනුමක්‌ අවශ්‍ය බව කලින් ඉදිරිපත් කළ ලිපිවල සඳහන් විය. මෙම අංජනම්වලට අවශ්‍ය වන ඇතැම් ඖෂධ වර්තමානයේ දී ලංකාවේදී සොයා ගැනීම පවා අපහසුය. එහෙත් එම ඖෂධ යොදා සාදාගන්නා ලද පාරම්පරික අඳුන් අදටත් ඇතැම් අංජනම්කරුවන් භාවිතයට ගනී.

අංජනම් වර්ගය අනුව ඒවායින් ලබාගත හැකි සේවාව හා සේවා කාලය තීරණය වේ. ඒ අනුව දේවතා අංජනම් හා දිව්‍ය අංජනම්වලින් දිනකට පැයකට දෙකකට වඩා අඳුන බලාගත නොහැකි බවයි පැවසෙන්නේ. එහෙත් ප්‍රේත අංජනම්වලින් දිවා රාත්‍රි මුළුල්ලේ අංජනම් බැලිය හැකිය. එබඳු ප්‍රේත අංජනමක්‌ නිර්මාණය කරගන්නා ආකාරය "අංජනම් එළි සංග්‍රහයේ" මෙසේ දැක්‌වුණි.

ප්‍රේත අංජනම සඳහා අවශ්‍ය වන්නේ නාගපාසානම්, ගලිස්‌, ගෝරෝචන, අමු කපුරු, සුදු පාසානම්, අංජන කැට, හිරියල්, රන්, වේලුන කහ ආදියයි. මේවා සමව ගෙන පස්‌තෙලින් අඹරා "ශ්‍රීරාම දිෂ්ටියෙන්" 108 වර මතුරා අඹරන ලද ගලෙහි එම බෙහෙත් ද්‍රව්‍ය තිබියදීම එය ලිප්ගල් තුනක්‌ මත බෙහෙත් යටට සිටින සේ හරවා තබයි. පසුව මිණි ඇට, හිරියල්, කහ, අංජන කැට, සුදු පාසානම්, කපුරු, ගලිස්‌, තුංබෝ අත්තන ඇට, පඹුරු මුල්, පල්මානික්‌කම් ආදී තවත් බෙහෙත් ද්‍රව්‍ය පස්‌තෙලින් අඹරා පන්දමක ඔතා එයින් පෙර ඇඹරූ බෙහෙත්වලට දුම් ඇල්ලීමෙන් අඳුනක්‌ නිර්මාණය වේ. පසුව එම බෙහෙත් සහිත ගල උඩට හරවා ගල යටට රුපියලේ කාසියක්‌ දමා "ශ්‍රීරාම දිෂ්ටියෙන්" මතුරමින් නැවත අඹරයි. මෙසේ අඹරන විට අංජනම් පෙනෙන කෙනෙකු එම බෙහෙත් දෙස බැලූ විට ගල යට ඇති රුපියලේ කාසිය පෙනෙයි නම් අඳුනේ පදම නිවැරැදිය. නැතිනම් එසේ පෙනෙන තුරු මතුරමින් ඇඹරිය යුතුය. මෙම අඳුන් හෙප්පුවක බහා අවශ්‍ය වේලාවන්ට භාවිතයට ගත හැකිය.

තවත් වෙනස්‌ ආකාරයකට දලු

108 කින් අඳුනක්‌ සාදා ගන්නා ආකාරයක්‌ද ඇඳුරන් අතර දක්‌නට ලැබේ. මේ සඳහා නිශ්චිත බෙහෙත් වට්‌ටෝරුවක්‌ නැතිඅතර කිතලව බාරොන් වෙද මහතා ප්‍රකාශ කළ ආකාරයට මෙය ආවේශ වූ ළමයකු විසින් සොයාගෙන එන බෙහෙත් වට්‌ටෝරුවක්‌ බවයි. වයස අවුරුදු 15 ක පමණ ළමයකුට පිරුවට රෙදි අන්දවා ඔහුට දලු නෙළාගෙන දමා ගැනීමට රෙදි මල්ලක්‌ද එල්ලයි. පසුව අදාළ මන්ත්‍රයෙන් මතුරන විට ළමයා ආවේශයට පත්වෙයි. පසුව වෙනත් මන්ත්‍රයක්‌ මතුරන විට ළමයා ආවේශයෙන්ම කැලයට දුවයි. ඉර නැඟෙන වේලාවේ මෙය සිදුවන අතර ඉර බැස යැමට කලින් ළමයා පැමිණිය යුතුවද ඇත. මෙහි යම් අතපසු වීමක්‌ සිදු වුවහොත් ළමයාගේ ජීවිතය අනතුරට ලක්‌වනු ඇත.

මෙම ළමයා ආවේශයෙන් කැලය පීරා දළු වර්ග 108 ක්‌ නෙළාගෙන රෙදි බෑගයට දමාගෙන එයි. එසේ එන ළමයාට කහදිය මතුරා ඉසීමෙන් ප්‍රකෘතිමත් කළ හැකි අතර අදාළ දලුවලින් අඳුන අඹරා ගත යුතුය. එසේ ගෙනෙන දලු අතර ඇහැළ දලු, ඔලිඳ දලු, කුඹුක්‌ දලු, එරබදු දලු, නියඟලා දලු, මල්කෑර දලු, නා දලු, ලුණුවරා දලු ආදී දලු 108 කි. මේ දලු පවනේ වේලා කට්‌ටකුමංජල් කපුරු, ගෝරෝචන, අංජන, කුංකුචප්පු සමව කොටා දුම්මල තෙල්වලින් ගලක අඹරා හෙප්පුවක දමාගෙන මැතිරීම කරයි. ශාස්‌ත්‍රානුකූලව "ජීව වරම", "ශ්‍රී රාම දිෂ්ටිය", "හනුමා දිෂ්ටිය" ආදියෙන් ජාම දෙකක්‌ මතුරන විට රාත්‍රී ජාමයේ දී අඳුන් හෙප්පුවට එළියක්‌ වැටෙන සේ පෙනෙයි. අවටින් ශබ්ද ඇසෙයි. අමුතු සුවඳක්‌ පැතිරෙයි. මෙයින් දිෂ්ටි කිරීම අවසන් කළ යුතුයි. පසුව බිසිබිල්ලා මන්ත්‍රය, හනුමා සෙයියාදුව, හනුමා වෛරෝඩිය ආදී මන්ත්‍රවලින් මතුරා තමාට ගෙන්වා ගැනීමට අවශ්‍ය දෙවිවරුන්ට අදාළ මන්ත්‍ර කියා දෙවිවරු ගෙන්වා ගනී,

මෙබඳු අඳුන් ක්‍රම රාශියක්‌ රටපුරා විවිධ ප්‍රදේශවල දක්‌නට ඇත. මීට අමතරව බළල් දකුණැස්‌, හිවල් දකුණැස්‌. දිවියන්ගේ දකුණැස්‌, එක බැගින් ගෙන කුළුඳුල්ව වැදූ තරුණ ස්‌ත්‍රියකගේ කිරෙන් අඹරා අදාළ මන්ත්‍රවලින් ජාම තුනක්‌ මතුරා දකුණු ඇස්‌ පිහාටුවේ ගා පහන් දැල්ල බැලීමෙන් පෙනෙන නේත්‍ර අංජනම් ක්‍රමයක්‌ද වේ. එමෙන්ම නියපොත්තේ හෝ අල්ලේ ගා බලන අඳුන් ක්‍රමද මැණික්‌ ගලක්‌ ඔබ්බවන ලද රන් මුදුවෙන් බලන අඳුන් ක්‍රමද අතීතයේ ප්‍රභූවරු අතර දක්‌නට ලැබී ඇත. මෙය අතීත සූර්ය වන්දනාකරුවන් දිවැස්‌ ලැබීමක්‌ ලෙස සලකා ඇත. බුදුදහමේ දී සිත දියුණු කිරීමෙන් ලබන දිවැස්‌, සෘද්ධි ආදී අබ්භූත අච්චරිය ධම්මයන්ට එතරම් වටිනාකමක්‌ ලබාදී නොතිබුණේ මෙය බෞද්ධයාගේ පරම නිෂ්ඨාව නොවන බැවිනි. එහෙත් විවිධ මිථ්‍යා දෘෂ්ටික අදහස්‌ ඇත්තන් මෙම පරම නිෂ්ඨාවට මෙහා ඇති මෙවැනි පෙළහරවලට වැඩි සැලකිල්ලක්‌ දක්‌වන බව දැකගත හැකිය. ඉහත අංජනම් ක්‍රමවලට අනුව මෙබඳු පෙළහර හිත දියුණු කිරීමෙන් පමණක්‌ නොව මන්ත්‍ර ශාස්‌ත්‍ර ප්‍රගුණ කිරීමෙන් සිදු කළ හැකි බව ප්‍රත්‍යක්‌ෂ වනු ඇත.

තවද කිසිදු මන්ත්‍රයක්‌ භාවිත නොකර කාලහෝරා වැනි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයන්ට අනුව ඖෂධ මාලාවක්‌ පමණක්‌ භාවිත කර නිර්මාණය කරගත හැකි අඳුන්ද දක්‌නට ඇත. රත්මල්, රත් වද මල්, රත් තම්පලා මුල්, රත් නිවිතිය ඇට, රත් නෙළුම් රේණු, හෙන්ද්‍රික්‌කා මල්, රතු අරලිය මල්, මොණර පිල්, මොණරකුඩුම්බිය මුල්, රතු දළන් (මැණික්‌ වර්ගයකි), සදිලිංගම්. සිවංගුරු, මනෝසීල, රතු බුත්සරණ මුල්. රතු සියං මල්, දෙළුම් මල් ආදී ඖෂධ වර්ග පවනේ වේලාගෙන රන් තැඹිලි තෙලෙන් අඹරා ගනී. මේවා අඳුන් හෙප්පුවක දමා කුජ දින කුජ හෝරාවෙන් බැලූ කල පෙනීම ලැබේ. මේ අඳුන මගින්ද ඔබට මා ඉහත මතු කළ කාරණය ප්‍රත්‍යක්‌ෂ වනු ඇත. එහෙත් මේවා පෙරදිග බිහිවූ බෞද්ධ දර්ශනය වැනි ගැඹුරු දහමකට මෙහායින් පවතින අධි විශ්වාස මත නිර්මාණය වූ පෙරදිග ගුප්ත විද්‍යාවන්හි නෂ්ඨාවශේෂ බව අමතක නොකළ යුතුය. අඳුනකින් තොරතුරු කියනා පුද්ගලයා කෙසේ එම තොරතුරු කියනවාද යන කුතුහලය බොහෝ දෙනෙකුට ඇතිවිය හැක්‌කකි. එහි පෙනීම ලබන්නා මිස වෙන අයෙකුට එම අත්දැකීම විඳගත හැකිය. එහෙත් පොත්වල සඳහන් ආකාරයට පහන් දැල්ල දෙපලු කරගෙන හනුමන්තා පැමිණ තොරතුරු පවසන බවත්, විෂ්ණු අඳුනකදී නිල් එළියක්‌ පෙනෙන බවත්, කතරගම දෙවි පැමිණෙන අඳුනක රතු එළියක්‌ ඇතිවන බවත් කියෑවේ. අඳුන් බලන පුද්ගලයන් පවසන්නේද මීට සමාන අදහස්‌මය. තමන්ට හනුමන්තා දෙවියන් පෙනෙන බවත් ඔහුගේ මුහුණ වඳුරු මුවකට සමාන බවත් එහෙත් ඔහු මනුෂ්‍ය රූපකායකට හිමිකම් කියන බවත් අංජනම් එළි බලන කාන්තාවක්‌ පවසා සිටියාය. තවද ඔහු අත පන්දමකි. ඔහුගේ තොල් සෙලවෙන ආකාරය බලා ඔහු කියන දේ තමාට වටහාගත හැකි බවත් ඇය පැවසුවාය.

තවද සොරකමක්‌ පිළිබඳව සොයා බැලීමට සිදුකළ වතුර වීදුරුවෙන් අඳුන් බැලීමකදී අදාළ නිවසේ කීප දෙනකුටම ඒ අඳුන පෙනුණි. එහිදී යම් පුද්ගලයකු පිළිබඳව අඳුනෙන් පෙන්වූ අතර ඒ කවුදැයි කියා අන් අය අසන විට එය දුටු කාන්තාව බියවී එය කීම සැඟවූවාය. පසුව එම සොරා සෙවීමට කනප්පුවක්‌ යෑවූ අතර එයින් සොරා ලෙස පෙන්වූ පුද්ගලයාම තමන් අඳුනෙන් දුටු බව එම කාන්තාව පවසා සිටියාය. එම අවස්‌ථාවේදී දුටු දර්ශනය නොකීවේ මන්දැයි ඇසූවිට ඇය පවසා සිටියේ උපැස්‌ යුවළක්‌ පැළඳගත් විශාල මනුෂ්‍යයෙකු බත්සම අතින් ගෙන පැමිණ ඒ පිළිබඳව නොකියන ලෙස ඇයට තර්ජනය කළ බවයි.

එසේ පැමිණියේ හනුමන්තා බවත් මෙසේ ඔහුට විවිධ වෙස්‌ ගත හැකි බවත්, ශාස්‌ත්‍රවේදී උපාධිධරයකු වන අස්‌සජී වෙද මහතා පැවසීය.

එමෙන්ම ඇතැම් අවස්‌ථාවලදී මෙම අඳුන් බැඳීමටද, ඇතැම් ගුරුකම් දන්නා මන්ත්‍රාචාර්යවරුන්ට හැකිය. එසේ අඳුන් බැඳීම යනු එම අඳුනට පැමිණෙන දේවතාවා වෙනුවට භයානක යක්‌ෂයන් ගෙන්වීමක්‌ය. එබඳු අවස්‌ථාවලදී අඳුන් බලන්නා බියට පත්වී නැවත අඳුන් බැලීමට අකැමැති වීමෙන් එම කටයුතු අඩාල වෙයි. අඳුන් පෙනෙන්නන් අතර බහුතර වශයෙන් අපට හමු වූයේ කාන්තාවන්ය. අතළොස්‌සක්‌ පමණ පිරිමින්ද අඳුන් බලන අවස්‌ථා ඇත. අඳුන් පෙනීමද යම් ආකාරයක සමාජ වරප්‍රසාදයක්‌ ලෙස බොහෝ ගැමියෝ සලකති.

මෙබඳු ගුප්ත විද්‍යාත්මක බොහෝ ශාස්‌ත්‍රයන් තවදුරටත් ලංකාවේ ශේෂව විවිධ ප්‍රදේශවල පවතිනු ඇත. මේවායින් ලොවට හෙළි කරන්නේ බටහිරට එහා ගිය පෙරදිග විද්‍යා ඥනයක්‌ අතීත පෙරදිගවාසීන් තුළ තිබූ බවයි. එහෙත් අප දැන් මීට හාත්පසින්ම වෙනස්‌ බටහිර විද්‍යාවට හුරුවී හමාරය. ඒ නිසා බොහෝ දෙනා මේවා හෙළා දකිති. එයම මේ උතුම් විද්‍යාවේ විනාශයට මඟ සරසයි. එහෙත් බටහිර උගතුන් මේ ශාස්‌ත්‍ර සහිත පුස්‌කොළ පොත් ඔවුන්ගේ රටවලට ගෙන ගොස්‌ පරීක්‌ෂණ පවත්වති. අප මේවා ආරක්‌ෂා නොකළහොත් නුදුරු දිනක ඔවුන් මේවා අපටම විකුණන්නේ ඔවුන්ගේ දෙයක්‌ ලෙස ආඩම්බරයෙනි.

බුද්ධික සමන් ගුණවර්ධන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v