පවුලේ ගැටලූ

"පවුල" නමැති මූලික ඒකකය නිර්මාණය වන්නේ "විවාහය" නමැති බැඳීමෙනි. මෙය "නීතිමය" බැඳීමක්‌ වුවද මිනිසුන් අතර දක්‌නට ලැබෙන ඉතාම සමීප, සංකීර්ණ හා අසීරු සබඳතාවය විවාහය තුළින් ඇතිවන අඹුසැමි සබඳතාවයයි. කෙසේ වෙතත් මෙම අසීරු හා සංකීර්ණ සබඳතාවය සාර්ථකවීම මත පවුල් ජීවිතයේ සාර්ථකත්වය ර පවතී. මෙම ලිපියේ අරමුණ වන්නේ අධ්‍යතන පවුල් සංස්‌ථාව පිළිබඳව මනෝ විද්‍යාත්මකව විග්‍රහයක්‌ කරමින් සාර්ථක පවුල් ජීවිතයක්‌ සඳහා අවශ්‍ය "පවුල් කුසලතා" පිළිබඳව සාකච්ඡා කිරීමයි.

වර්තමාන සමාජයේ ජීවත් වන බොහෝ දෙනා නොදන්න එහෙත් වඩාත් අවධානය යොමු කරන කාරණාවක්‌ නම් විවාහයයි. බොහෝ දෙනා නොදන්නවා යෑයි කීවේ විවාහය පිළිබඳ නිවැරදි වැටහීමක්‌ ඔවුන් තුළ නොමැති නිසයි. මෙම නොදන්නාකම හේතුවෙන් වර්තමාන සමාජය තුළ බොහෝ විවාහ ගැටලු ඇතිවී තිබේ. ඇතැම් විවාහ ගැටලු දික්‌ කසාදයෙන් කෙළවර වේ. ඇතැම් විට සියදිවි හානිකර ගැනීමෙන් කෙළවර වේ. එබැවින් විවාහ වීමට අපේක්‍ෂා කරන, විවාහ ජීවිතයට පත්ව සිටින සෑම දෙනා විසින්ම අවබෝධ කරගත යුතු මූලික කාරණාව නම් විවාහය යනු කුමක්‌ද යන්නයි.

මනෝ විද්‍යාත්මකව, විවාහය යනු දෙදෙනෙක්‌ අතර ඇතිවන කායික මානසික හා අධ්‍යාත්මික බැඳීමයි. ඒ අනුව මනෝවිද්‍යාඥයන් පවසන්නේ සාර්ථක විවාහ ජීවිතයක්‌ සඳහා අඹුසැමියන් දෙදෙනා අතර ඉතාමත් සමීප කායික, මානසික මෙන්ම අධ්‍යාත්මික සබඳතාවයක්‌ පැවතිය යුතු බවයි. අධි මනෝවිද්‍යාව (ඡ්ර් ඡිහජයදකදටහ) ට අනුව විවාහය යනු සංසාරික පුරුද්දකි. ඒ අනුව විවාහ වන්නේ සංසාරයේ පුරාවට එකට එකතු වන දෙදෙනෙකි. එහෙත් මෙම එකතු වීමට "ආදරය" (ස්‌නේහය) මෙන්ම වෛරය (තරහ) ද පදනම් වීමේ හැකියාව තිබේ. අධි මනෝ විද්‍යාඥයන් (ඡ්ර් ඡිහජයදකදටසිඑs) පෙන්වා දෙන පරිදි ස්‌නේහය පදනම් කරගෙන එකට එකතු වන යුවලක්‌ ඉතා සාර්ථකව තම විවාහ ජීවිතය ගත කරයි. නමුත් වෛරය වෙනුවෙන් එකට එකතුවන අය විවාහය ගැටුම් ජාලාවක්‌ බවට පත්කර ගනී. කෙසේ නමුත් වඩා වැදගත් වන්නේ මෙම සංසාරික ස්‌වභාවය හොඳින් අවබෝධ කර ගැනීම හා විවාහය තුළින් ඇතිවන ගනුදෙනුව සාර්ථකව නිම කිරීමයි. මේ සඳහා විවාහ ජීවිතය තුළදී ඇතිවන ගැටුම්කාරී ස්‌වභාවයක්‌ හමුවේ ඉවසීම, කැපකිරීම් කිරීම, සමාව දීම වැනි කුසලතා ප්‍රගුණ කර ගැනීම ඉතාම වැදගත් වේ. ඒ තුළින් පූර්ව ආත්ම සම්බන්ධතාවයක්‌ හේතුවෙන් විවාහය සිදු වුවද ඇතිවන අයහපත් බලපෑම් බොහෝ දුරට පාලනය කර ගත හැකි වේ. ඒ වගේම අප අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය වන්නේ විවාහය පුද්ගලයන් දෙදෙනකු කායික මෙන්ම මානසිකවද ඇද බැඳ තබන බවයි.

විවාහය ඉහත ආකාරයට විග්‍රහ කළ හැකි වුවද වර්තමානයේ බොහෝ දෙනා තුළ මෙම අවබෝධය නැත. විශේෂයෙන්ම තරුණ පරම්පරාව සතුව විවාහය පිළිබඳ දැනුම ඉතාමත් අඩු බව පෙනේ. අධ්‍යාපනික වශයෙන් කොපමණ ඉදිරියට ගියත් ඒ තුළින් පවුල් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය හඳුනා ගැනීමට අවකාශයක්‌ නොමැතිකම ඊට එක්‌ හේතුවකි. වැඩිහිටි පරම්පරාවද තමන් සතු සාම්ප්‍රදායික දැනුම තරුණ පරපුරට ලබා දෙන්නේ ඉතාමත් විරල වශයෙනි. අතීතයේ අපේ මුතුන් මිත්තන් විවාහයට පෙර තම දරුවන්ට විවාහයේ ඇති වැදගත්කම පිළිබඳව කරුණු කියා දුන්නා පමණක්‌ නොව ආදර්ශයෙන්ද සාර්ථක විවාහයක ස්‌වභාවය පිළිඹිඹු කළහ. එහෙත් සමාජය සංකීර්ණවත්ම නිර්මාණය වූ න්‍යෂ්ටික පවුල වැඩිහිටියන් හා දරුවන් අතර තිබූ බැඳීම බොහෝ දුරස්‌ථ කර තිබේ. මේ හේතුව මත අධ්‍යතන පවුල තුළ විවාහ ගැටලු පමණක්‌ නොව දූ දරුවන් අතර ද විවිධ ගැටලු උද්ගත වී තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේ "පවුල" තුළ දක්‌නට ලැබෙන ප්‍රධාන ගැටලුව "සන්නිවේදනය දුර්වල" වීමයි (ඛ්ජන දෙ ඤපපමබසජ්එසදබ)ග බොහෝ අඹු සැමියන්ට එකිනෙකාගේ දුක සැප පිළිබඳව විමසීමට පවා වේලාවක්‌ නොමැත. කාර්යබහුල ජීවිතය ඔවුන් යන්ත්‍ර බවට පත් කර ඇති අතර මහා තරගයක ඔවුන් නියළී සිටී. මේ හේතුව මත අඹුසැමියන් අතර තිබිය යුතු උණුසුම් චිත්තවේගික බැඳීම අඩාල වී තිබේ. මේ තත්ත්වය දරුවන් වෙතද ව්‍යාප්ත වී ඇති අතර දරුවන් හා දෙමාපියන් අතර පැවැතිය යුතු උණුසුම් බැඳීම පළුඳු වී තිබේ. වර්තමාන සමාජයේ දූ දරුවන් විසින් කරනු ලබන විවිධ අකටයුතු (මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්, අසභ්‍ය චිත්‍රපටවලට ඇබ්බැහිවීම්, විවිධ අපරාධ කල්ලි වලට සම්බන්ධ වීම්, ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම්) වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ පවුලේ "සන්නිවේදනය" අඩාල වීමයි.

මීට අමතරව පවුල තුළ ඇතිවී ඇති ගැටලුවලට අඹු සැමියන් අතර පවතින අනවබෝධය, පරම්පරාවේ ආරය, ආර්ථික අපහසුතා, ලිංගික ගැටලු මෙන්ම අධ්‍යාත්මික හේතුද බලපා තිබෙනු පෙනේ. විශේෂයෙන්ම අඹුසැමියන් අතර ඇතිවන බොහෝ ගැටුම් වලට ලිංගික ගැටලු හේතු වන බව මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. අඹුසැමියන් ලිංගිකමය වශයෙන් තෘප්තිමත් නොවන විට, නොගැලපෙන විට ඒ හා සමග විවිධ ගැටලු ඇති වේ. උදාහරණ වශයෙන් නිරන්තරයෙන් කංසාවෙන් පසුවීම, වෙනත් සබඳතා සඳහා යොමු වීම, සැක කිරීම, වෙනත් ප්‍රශ්නයක්‌ මාර්ගයෙන් පීඩනය පිට කිරීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. කෙසේ වෙතත් දෙදෙනා අතර ඇතිවන ලිංගිකමය ගැටලුවක්‌ වුවද "සාකච්ඡා" කිරීම තුළින් විස ගැනීමේ හැකියාව තිබේ. එහෙත් ගැටලුව වන්නේ ශ්‍රී ලාංකික අඹු සැමියන් බොහෝ විට මෙවැනි කරුණු විවෘතව සාකච්ඡා නොකිරීමයි.

පවුල තුළ ඉහත ආකාරයේ ගැටලු පවතින විට පවුලේ සමාදානය බිඳ වැටීම, පවුල තුළ ප්‍රවණ්‌ඩත්වය වර්ධනය වීම, දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම, රැකියාව ආශ්‍රිතව ගැටලු ඇතිවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මෙන්ම සියදිවි හානිකර ගැනීම වැනි තත්ත්වයක්‌ ඇතිවීමේ හැකියාව තිබේ. මෙවැනි ගැටලු ඇතිවූ විට ඒවා ඉතා ඉක්‌මනින් විස ගැනීම ඉතාමත් වැදගත් වේ. මක්‌ නිසාද පවුලේ කුමන සාමාජිකයෙක්‌ තුළ ගැටලුවක්‌ ඇති වුවද එය සමස්‌ත පවුල කෙරෙහිම බලපාන බැවිනි. මෙවැනි ගැටලු ඇතිවූ පවුල් මනෝ විද්‍යාව තුළ "රෝගී පවුල්" වශයෙන් නැතිනම් දුෂ්සමාහිත පවුල් වශයෙන් හඳුනාගනියි. වහා "රෝගයට" ප්‍රතිකාර නොලැබුනහොත් මුළු පවුලම විනාශ වීමේ හැකියාව තිබේ.

වර්තමානයේ පවුල් සංස්‌ථාව තුළ පැන නැගී ඇති බොහෝ ගැටලු සඳහා කාර්ය බහුලත්වය හේතුවන බව ඉහත පෙන්වා දී තිබේ. මෙම කාර්යබහුලත්වය තුළදී වුවද පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කාලයක්‌ වෙන් කිරීම ඉතාමත් වැදගත් වේ. ඒ අනුව සතියකට එක දිනයක්‌ හෝ සියලු දෙනා එකට එකතු වී, එක්‌ එක්‌ සාමාජිකයාගේ ගැටලු සාකච්ඡා කිරීම, ගැටුම් අවම කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් වේ. ඒ වගේම එකිනෙකාගේ නිදහසට ගරු කිරීම, පුද්ගලිකත්වය ආරක්‍ෂා කර ගැනීමට සහය වීමද ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම තරුණ දරුවන් පිළිබඳව අවධානයෙන් සිටීම, ඔවුන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගැනීමට සහාය වීම දෙමාපියන්ගේ යුතුකමකි.

තවද අඹු සැමියන් අතර අවබෝධය දියුණු කර ගැනීම, සෑම දිනකම අලුත් අඹුසැමියන් දෙදෙනකු ලෙස හමුවීම, කොන්දේසි විරහිත ආදරය හා ඉවසීම සාර්ථක පවුල් ජීවිතයකට අවකාශය සළසා දේ.

දර්ශිකා තේජානි බුලත්වත්ත

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v