දක්‍ෂයා ජය ගන්නවා

කුෂාන් සුබසිංහ

ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ මහගිරිදඹේ දෙවැනි ස්‌ථානය තහවුරු කර ගත්තා. ඒ නවසීලන්ත කණ්‌ඩායම මුළුමනින්ම පරාජය කරමින්. විටෝරි සටනක්‌ දුන්නත් ඒ සටන තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ප්‍රමාණවත් වුණේ නැහැ. අඩුම තරමේ ගෞරවාන්විත තරගාවලි පරාජයක්‌ උරුම කර ගන්නටවත්. ඔහුගේ සටන යම්තම් ප්‍රමාණවත් වූණේ ගෞරවාන්විත තරගයක පරාජයක්‌ සඳහා පමණයි. විටෝරිට ඒ සඳහා වාසනාව උදා වූයේ විනිසුරුවරයාගේ වැරැදි තීරණයකින්. ඒ වගේ දේවල් ක්‍රිකට්‌ පිටියට අලුත් දේවල් නොවේ. ඒත් විටෝරි සහ ඕරම් දෙදෙනා එකතුව තරගය කණපිට හරවන්න වුණත් ඉඩ කඩ තිබුණා. එහෙම වුණානං ඩැරල් හාපර් කළ වැරැද්දේ බරපතලකම ශ්‍රී ලංකාව ශේ්‍රණිගත කිරීම්වලින් පහළට වැටෙන්නට හේතුවක්‌ වෙනවා.

මොනවා වුණත් ටිකක්‌ පරක්‌කු වෙවි හරි ශ්‍රී ලංකාව ජය ගත්තා. සංගක්‌කාර නැවතත් විජයග්‍රාහි නායකයකු වුණා. මහේල තරගයේ වීරයා ලෙස සම්මාන ලබද්දී තිලාන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවා. ඔහු මේ වනවිට ටෙස්‌ට්‌ පිතිකරුවන් ශේ්‍රණිගත කිරීම්වල 12 වැනි ස්‌ථානයට පත් වෙලා. මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී ගියත් තිලාන්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට ශක්‌තිමත් අඩිතාලමක්‌ ලැබුණා. මහේල ඉනිම් දෙකේදීම ශතකය පෙනි පෙනී දැවී ගියා. ලකුණු 90 සීමාවට අවතීර්ණ වී ඉනිම් දෙකේදීම ශතකයක්‌ නොලබා දැවී ගිය පළමු ආසියාතික ක්‍රීඩකයා මහේල. එසේ දැවී ගිය ලොව 4 වැනි පිතිකරුවා ද මහේලයි. මහේල එම ඉනිම් දෙකේදීම එකම ආකාරයට දැවී යැම කණගාටුවට කරුණක්‌. මහේල ලකුණු 90 සීමාව තුළ දැවී ගිය 06 වැනි අවස්‌ථාව එය. ලොව වැඩිම ටෙස්‌ට්‌ ශතක ලාභියා වන සචින්ගේ වාර්තාවට යම් දිනෙකදී මහේල ගමන් කරන්නේ නම් මේ තත්ත්වය මහේලට අයහපත් ලෙස බලපාන්න පුළුවන්.

තම සුපුරුදු පිතිහරඹයෙන් වර්ණවත් වෙමින් සංගක්‌කාර ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියේ තමාට හිමි විය යුතු ස්‌ථානයට යළි පියමැන්නා. ගෞතම් ගාම්භීර් එහි දෙවැනි ස්‌ථානයේ පසුවන අතර මහේල ජයවර්ධන තෙවැනි ස්‌ථානයට උසස්‌ වීමක්‌ ලැබුවා.

මුරලිගේ සහායට පැමිණි රංගන යළිත් වරක්‌ තම රංගනයෙන් ප්‍රතිවාදීන් මංමුලා කළා. සංගක්‌කාර ඔහු පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කළා. තිලාන් තුෂාරගේ පන්දු යෑවීම පෙරට වඩා ශක්‌තිමත් වෙලා. මුරලි තම සුපුරුදු දක්‍ෂතාවල නොසිටියත් ප්‍රතිවාදීන්ට තර්ජනයක්‌ ගෙන දුන්නා. මේ සියලු බලවේගවල එකතුවෙන් ශ්‍රී ලංකාව ජය ගත්තා. පකිස්‌තානය මෙන්ම නවසීලන්තයත් පරාජය කරමින් නවසීලන්තයට එරෙහිව පැවැති 20-20 තරග මේ සටහන තබන මොහොත වන විටත් ආරම්භවී තිබුණේ නැහැ. එම තරගවල ප්‍රතිඵලය පකිස්‌තානය සමග පැවැති 20-20 තරගයට වඩා වෙනස්‌ වන්නට බොහෝ සෙයින් ඉඩකඩ තිබුණා. ඒ කණ්‌ඩායම් දෙක පිළිබඳව සංසන්දනය කර බලද්දී, ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාසියේ වාසියේ තීරණය එම තරග සඳහා යම් බලපෑමක්‌ කරන්නට ඇති. ඒත් දක්‍ෂයා ජය ගන්නවා. ඉදිරියේදී නවසීලන්තය සමග සටනට ඉන්දියාවද පැමිණ තිබීමෙන් තුන්කොන් එක්‌දින තරගාවලිය ඇරැඹෙනවා. කවුරුන් හමුවේ කොතැන ක්‍රීඩා කළත් දක්‍ෂයා ජය ගන්නවා. අව්ව, වැස්‌ස, හුළඟ, පින්න, දිවා -රෑ බේදයක්‌ නැහැ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v