අපිට දැන් නිවාඩු

කුෂාන් සුබසිංහ

මේ ඉන්නේ ක්‍රිෂ් ගේල් සහ රම්නරේෂ් සර්වාන්. බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ හිටපු නායකයා සහ උප නායකයා. මේ දවස්‌වල මේ දෙන්නට නිවාඩුෘ මේ දෙන්නට විතරක්‌ නොවේ හිටපු බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමටම නිවාඩු. හේතුව තම ක්‍රීඩා කොන්ත්‍රාත් කාලය අලුත් නොකිරීම සහ තමන්ට ගෙවන මුදල් වැඩි කරන ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ පාලනාධිකාරයෙන් ඔවුන් කරන ලද ඉල්ලීම ඉටු නොවීම. මේ ප්‍රශ්නයේදී ක්‍රීඩකයෝත් පාලක පන්තියත් නොනැමී සිටි නිසා මේ ක්‍රීඩකයන්ට ගෙදර ඉන්න සිදු වුණා. බටහිර ඉන්දීය ක්‍රිකට්‌ පාලක අංශයට වෙනම කණ්‌ඩායමක්‌ නිර්මාණය කරන්න සිදුවුණා. ඒ කණ්‌ඩායම තමයි බංග්ලාදේශයේ පැවැති ක්‍රිකට්‌ සංචාරයටත් ගියේ. ටෙස්‌ට්‌ තරග දෙකම ඔවුන් පරාදයි. ඒත් ලබන සැප්තැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවේ පැවත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියටත් ඒ අලුත් කණ්‌ඩායමම යොදවන්න බටහිර ඉන්දීය ක්‍රිකට්‌ පාලකයන් තීරණය කරලා. මේ අර්බුදය හිටපු බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූවාට පසුව පටන් පැවත එන්නක්‌. ඒත් තවම නිමා වෙලා නැහැ. ඉදිරියට නිමා වෙන ලකුණුත් නැහැ. පසුගිය 31 වැනිදා මේ පින්තූරයට ක්‍රිස්‌ ගේල් සහ සර්වාන් හසු වුණේත් කුඩා දරුවන්ගේ පුහුණු කඳවුරකට සහභාගි වෙමින් සිටින අතර තුරදීයි.

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v